කතරගම දඩ මසට විකිනෙන බලු මස්


asammathaya

කතරගම කියන්නේ ලoකාවේ බොදු, හින්දු බැතිමතුන්ට විතරක් නෙවෙයි ඉන්දියාවේ බැතිමතුන්ගේ පවා ඉමහත් භක්තියට ආදරයට පත්වෙච්ච පුදබිමක්. ගොඩක් බැතිමතුන් කතරගම දෙවියන්ට තමන්ගේ පැතුම් කියලා බාර වෙන අතරේ කිරිවෙහෙරට ගිහින් බුදුන් වැදලා එන්නත් සිල් සමාදන් වන්නත් අමතක කරන්නේ නෑ. කතරගම දෙවියන්ගෙ අඩවිය නිසා පුද පූජා වලට යද්දි ගොඩක් අය මස්මාoශ වගේම මත්පැනින් තොරවෙලා තමයි යන්නේ.

නමුත් කතරගම පුද පූජාවන් ඉවර උනාම කරපු පින් දෙපිටින් යන්න කතරගම එන බැතිමතුන් බලාපොරොත්තු වෙන ඊලග දේ තමයි දඩමස් ටිකක් රස බලලා යන එක. යාල කැලේ ලගතියන එකත් ඒකට ලොකූ බලපෑමක් වෙලා තියනවා.

කොච්චර පින් දහම් කරගන්න පේ වෙලා ආවත් අදාල පුද පූජා වලට පස්සෙ කට පරිස්සම් කරගන්න බැරිකම නම් අපේ අයට දඩමස් හොයන් කන පෙරේත කමක් ගානට ඇවිත්. මේ දඩමස් ඉල්ලුම නිසා දැන් කතරගම ලොකූ දඩමස් මාර්කට් එකක් හැදිලා තියනවා. අපි සාමාන්‍යයෙන් කන කුකුල් මස්, හරක් මස්, ඌරු මස් වලට අමතරව ගොඩක් අය කතරගම ආවම හොයන්නේ රටේ නීතියෙන් මරන්න තහනම් කරපු සතුන්ගේ මස් වර්ග. ඒකට මුවමස්, ගෝනමස්, වලස් මස්, තලගොයි මස්, වදුරු මස් ආදී එකී මෙකී නොකී මස් ජාති හොයනව අපෙ මිනිස්සු.

නමුත් ඉස්සර වගේ දැන් යාල කැලෙන් සත්තු මරන්න ලේසි නැති නිසා ගොඩක් දඩයක්කාරයෝ කරන්නේ තමන්ගේ බඩවියත රැක ගන්න වෙනත් ආකාර වලින් මේ ඉල්ලුම සම්පාදනය කරන එක.

මුව මස් ගෝන මස් වෙනුවට මීහරක් මස් විකුනන එකත්, එලුමස් වෙනුවට බලුමස් විකුනන එකත්, හා මස් වෙනුවට පූසන්ගේ මස් විකුනන එකත් දැන් ජයටම කෙරෙනවා කතරගම පැත්තේ. විශේෂයෙන් කතරගම පෙරහැර කාලෙට මේ ඉල්ලුම හොදටම වැඩී. ඒ නිසාම කතරගම අවට කැලෑවල හොර රහසේම දහස් ගනන් බල්ලෝ, පූසෝ, මී හරක් මරණවා මේ ඉල්ලුම සම්පාදනය කරන්න.

මම මේ නිකමට වගේ අහන්නේ, පිනක් දහමක් කරගන්න ආවමවත් ඒ වැඩේ කරගෙන යනකන් මේ මස් මාලු මත්පැන් වලින් තොරවෙලා යන්න උත්සාහ කරන්න බැරි ඇයි අපේ මිනිස්සුන්ට? දෙවියන්ට පලතුරු වට්ටිය දීලා සල්ලි කපුවට දුන්නම ඒ වැඩේ දෙවියෝ කරලා දෙයි කියලා හිතනවානම් මේ සත්තු මරන් කන වැඩේ නිසා දෙවියෝ කවදාවත් ඒක කරලා දෙන එකක් නෑ.

අනිත් දේ තමයි මේ වැඩේ නවත්තන්න ප්‍රාදේශිය සභාවට සහ අදාල නිසි ආයතනවලට කිසිම උවමනාවක් නැතිකම. ඒවගේ ආයතනවල ලොකු ඇත්තන්ට කුට්ටිය ලැබෙනවා ඇති හොදට.

ලoකාව පුරාම හරක් මරනවාට විරුද්ධව කතා කරන හාමුදුරුවෝ සහ අනික් පිරිස කතරගම පුදබිමෙත් හරක් විතරක් නෙවෙයි මී ගවයන් පවා මරණවා කියලා දැන දැනත් හරක් මරණ එක ගැන විතරක් විරුද්ධ වෙනවා. ඇයි මී හරක් කියන්නෙත් හරක් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති.

ඒ වගේම පාරේ ඉන්න දඩාවතේ යන බල්ලන්ට කන්න ටිකක් දුන්නාම ඒ බල්ලෝ සුරැකෙනවා කියලා හිතන් ඉන්න බලු සුරැකුම් සxවිධානවල අයට මේ බල්ලෝ මස් වලට මරණ එක පේන්නේ නැත්තේ මොකද දන්නේ නෑ. මේ කොලබ බල්ලො නෙවෙයි හද්දා පිටිසර බල්ලෝ නිසා වෙන්න ඇති.

කමක් නෑ, දැන් වෙන් වෙන්ව හරි එකතු වෙලා හරි මේ සත්තු මරණ එක වලක් වන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනි. හරක් මරන්න විරුද්ධ අය හරක් මරන එක වගේම බල්ලො මරන්න විරුද්ධ අය බල්ලෝ මරන එකට විරුද්ධ වෙන්න කොලබ විතරක් නෙවෙයි කතරගමත් ලoකාව පුරාවටමත්. ඒ වගේම සත්තු මරන එකට විරුද්ධ අයත් මම වෙජිටේරියන් අයත් දෙගොල්ලම එකතු වෙලා සත්තු හැම එකාම මරණ එක නවත්තන්න ක්‍රමයක් හදමු. මොකද සත්තු මැරුවේ නෑ කියලා වෙජිටේරියන් කියලා පැත්තකට වෙලා ඉදලා බෑ.

අනික අපිට මස් මාලු නොකා ජීවත් වෙන්නම බැරිද? අපි තාම ගල් යුගයේ නෙවෙයි නේ ජීවත් වෙන්නේ තුන්වේලටම මස් කන්න තරම්. අපි මහන්සි වෙලා මස් මාලු නොකා ජීවත් වෙන්න උත්සාහ කරමු. අපි වෙනුවෙන් මැරෙන්නේ තවත් සතෙක්ගේ ජීවිතයක් කියන එක මතක තියාගන්න උත්සාහ කරමු.

මූලිකම දේ තමයි කොච්චර සත්තු මරන්න එප කිව්වත් වැඩක් නෑ මිනිස්සු මස් කන එක නතර කරන්නේ නැත්නම් ඒ වෙනුවෙන් සත්තු මරන්න ඕනිතරම් බලගෙන ඉන්නවා. ඒ නිසා අපිට කරන්න පුලුවන් හොදම දේ මස් මාoශයෙන් තොරව ආහාර රටාවක් අපේ පවුලෙන් පටන් ගන්න, හෙමීට අනිත් අයට පුරුදු කරන්න. එතකොට මස් මාලු වලට තියෙන ඉල්ලුම ඉබේම අඩුවෙයි.

කතරගම විතරක් නෙවෙයි ලoකාවේ අනිත් නගරවලත් විශේෂයෙන් කොලබත් බලු මස් විකිනෙනවා ඔබටත් මටත් නොදැන. ඔබ බලු මස් කන්න අප්පිරියා වන්නාසේම අනිත් මස් කන්නත් අප්පිරියා වෙන්න. ඒ තුලින් මස් මාoශයෙන් තොර ආහාර රටාවක් අපි පුරුදුකරගමු.

 

 

Advertisements

One thought on “කතරගම දඩ මසට විකිනෙන බලු මස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )