කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ


​රංජන් ගේ අවලාද නිසා ඔබත් වෛද්‍ය පාදෙණිය මහතාට දොස් නගන්නේනම් වරක් මෙය කියවන්න

මුලින්ම දැනගමු කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ කියලා.වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියන්නේ ලංකාවේ සිටින දහයකටත් අඩුවූ ළමා ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යවරුන් (Pediatric Neurosurgeon)ගෙන් කෙනෙක්.ලෝකය තුළ ඉල්ලුම වැඩිම වෛද්‍ය කොට්ඨාසයෙන් කෙනෙක්. විදේශ රටක සේවයට ගියහොත් මිලියන් 7 -12 (ලක්‍ෂ 70-120 yearly) අතර වැටුපක් ලැබිය හැකි කෙනෙක්.මෙවැනි අයෙක් පුද්ගලික ලාභ  මෙවැනි අරගල කරනවායැයි කවරෙකු හෝ කියන්නේ නම් එය අන්ත විහිලුවකි.ඔහු මේ අරගලය කරන්නේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමටය, ප්‍රමිතියක් නැති වෛද්‍ය විද්‍යාල වලින් බිහිවෙන ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන් ගෙන් මතු පරපුර බේරා ගැනීමට.ඔහුට ලංකාව තුළ පුද්ගලික චැනල් සේවයේ යෙදෙනවාට වඩා දහස් ගුණයක් විදේශ රටකට ගොස් උපයා ගත හැකිය. ඒත් ඔවුන් එසේ නොකර ලංකාවේ රැඳී ඉන්නේ රටෙ නිදහස් අධ්‍යාපනයෙන් උගෙන රට හැර යා නොහැකි නිසාය.එවැනි වටිනා මිනිසුන්ට ,කිසි වටිනාකමක් රටට නැති රංජන්ලා වැනි මිනිසුන් සමග එක්වී ඔබත් රට එපා කරන්නේ නම් ඔබත් අපරාධකාරයෙකි.මතක තබාගත යුතු යමක් ඇත ,අද වර්ජනයේ කැදවුම්කාර ප්‍රධානතම පාර්ශවයේ සභාපති වුවත් ඔහු ප්‍රතිපත්ති මත පිහිටුවා අද දවස පුරා රිජ්වේ ආර්‍යා රෝහලේ සේවයේ නියුතු වූ බව.දේශපාලන නපුංසකයන් ගේ ලණූ කා රටට වටිනා මිනිසුන් අහිමි නොකරන්න.මතු පරපුර ඔබට සාප කරාවි
(සැ:යු – මෙහි කිසිම ආකාරයකි දේශපාලනය ගැබ්වී නොමැත)
…….උපයංග ශ්‍රී වික්‍රමසිංහ ……….

Advertisements

8 thoughts on “කවුද වෛද්‍ය පාදෙණිය කියන්නෙ

  1. Kandyan පවසයි:

    ඔය කියන තරම් ඉල්ලුමක් තිබුනත් වෛද්‍ය රැකියාවලට ලොකු තරඟයක් තියෙනවා. සාමාන්‍යයෙන් UK වල Consultant කෙනෙක්ගේ වැටුප £76,761.00-£103,490.00 . නමුත් ඒ තත්වෙට එන්න සෑහෙන කාලයක් ගතකරන්න ඕන.

    දැනට අවුරුදු 5 කට ඉස්සර මගේ නංගී කෙනෙක් මගේ දරුවා අරගෙන ගියා පාදෙනිය ලඟට නුවර රෝහලට මගේ දරුවා ගැන වෛද්‍ය උපදේශයක් ලබාගන්ට. ඒ ගිය වෙලාවේ ඔහු කියපු දේවල් වලින් හිතාගන්න පුළුවන් මේ පුද්ගලයා කොයි විධියේ කෙනෙක්ද කියලා. ඒ තරමට උද්දච්ච විධියට, වෛද්‍යවරයෙක්ට නොගැලපෙන විධියට කතාකරලා තියෙනවා.

    • ජයසේකර පවසයි:

      බටහිර රටවල ලංකාවේ වෛද්‍ය උපාධියට ලොකු පිළිගැනීමක් නැහැ. මොකද මගේ අක්කා සහ ඇයගේ ස්වාමියා දෙදෙනාම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබාගත් අය. මේ දෙදෙනාම එංගලන්තයේත් වැඩිදුර අධ්‍යාපනය ලැබූ විශේෂඥය වෛද්‍යවරු. පසු කාලීනව මේ දෙදෙනාම එංගලන්තයේ ගියා පදිංචියට. හැබයි අක්කාට විතරයි එහෙ රැකියාව හම්බුනේ. අයියා ලංකාවේ ඉද්දි වෛද්‍ය ක්ෂේත්‍රය විශේෂඥය ප්‍රධානියෙක්. හැබැයි එහෙ රස්සාවක් හොයාගන්න බැරිව ආයේ අවා ලංකාවට.

      මෙහෙ අයට වඩා රුසියාව වගේ රටවල වෛද්‍ය උපාධිය ලැබූ අයට හොද ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ ඔය දොස්තර පාදෙණියගේ සමහර ගෝලයෝ කියනවා වගේ ඒ අයට ඔය බටහිර රටවල තැනක් නැහැ. අනික එහෙම ගියත් ලංකාවේ වගේ සෙල්ලම් දාන්න බැහැ. එහෙ නීති තදයි. කොටින්ම කිව්වොත් දොස්තර කෙනෙක්ට උනත් බෙහෙත් වර්ග මිලට ගන්න බැහැ. ඒවාට වෙනම ඔෂධවේදීන් ඉන්නවා. මේ වගේ සෙල්ලම් ඒ දාන්න ගියොත් දොස්තර පදෙනියට වෙන්නේ වෛද්‍ය බලපත කැන්සල් කරගෙන පල්ලම් බහින්න.

  2. මහින්දගේ කාලේ සයිටම් වහන්න කියලා දොස්තරලා ස්ට්‍රයික් කල බවක් නම් මතක නෑ.එහමනම් ඔය කරන්න හදනවාය කියන අඛන්ඩ වැඩ වර්ජනය සයිටම් එක පටන්ගත්ත දවස්වලම කලා නම් මහින්ද ලව්වා ඕක වස්සවන්න තිබුනනේ. සල්ලි තියන අයට විතරක් දොස්තර වෙන්න තියන ඉඩ නවත්තන්න සහ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්න නම් හදන්නේ.මෙන්න මේක කරන්න .පිටරට ඉගෙන ගෙන වෛද්‍ය උපාධියලබාගෙන එන කිසිම කෙනෙක් ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන එක නවත්වන්න. එතකොට හරිනේ.
    ඔය ලංකාවේ දොස්තරලා ගියත් යන්නේ බටහිර රටවලටනේ.ඒ ගියහම එහේ තියන විභාග කරලා පාස්වෙලා ඉන්න ඕනෑ ප්‍රැක්ටිස් කරන්න.ඉතින් ඔය මිලියන් ගනන් වල පඩි දෙනව කිව්වට විභාග පාස් වෙන්න ලේසි නෑ

  3. සුගතේ පවසයි:

    පාවාදෙනිය හිතං ඉන්නේ මරා අයෙ බලයට ගෙනල්ලා සෞඛ්‍ය ඇමති වෙන්න. අනික ඔය කියනා තරං ඉල්ලමක් ලංකාව වගේ තුන් වෙනි ලෝකේ වෛද්‍ය උපාධිය සහිත වෛද්‍යවරුන්ට බටහිර රටවල නැහැ. හොයලා බලලා දාන්න මෙව්වා ගැන, නිකං පච දාන්නේ නැතුව.

    පවාදෙනියා දැන් බලු වෙලා ඉවරයි. ඌ මොනවගේ පාහරයෙක්ද කියලා මුළු රටම දැක්කා. ගොමා එකේ අන්තවාදී සුළුතර කුහකයෝ ටිකක් නිසා මුළු වෛද්‍ය වෘත්තීය නිගාවට පත් වෙලා තියෙන්නේ. ඒ කාලකන්නියා නිසා වෛද්‍ය පීඨ වල ඉගෙන ගන්නා ළමයි මාස හතරක් තිස්සේ ගෙදර. ඒ අයට ඉගෙන ගන්නත් නැහැ.

    සයිටම් ආයතනයේ ඉගෙනගන්න දරුවන්ට රජයේ රෝහල් වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යෙන් පෙනීසිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළයුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණ සයිටම් ආයතනය සාමුහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළයුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයෙකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්වියයුතුයි කියන තීරණය ගත්තා.

    මේ කාලකන්නි පාවදෙනිය බල්ලට ඕනි බොරු අවුලක් ඇති කරන්න. ඌට හෙන ගහන්න ඕනි.

    • මහින්ද ඉද්දිත් පාදෙනිය මේ සටන කලා.

      පාදෙනියට ඇමතිකම් ගන්න ඕනි නම් ඒ කලෙනෙ පුක දෙන්න තිබ්බේ.

      මෙතන සටන තියෙන්නේ අවම සුදුසුකම් ගැන නෙවෙයි බන්. උපාධියක් උනාම ඒකේ කොලිටිය ගැන. අන්න ඒක හදන්නේ නැතිව වෙන මොන ලබ්බ කරත් වැඩක් නෑ

    • අනික සයිටම් විරෝධය පටන් ගත්තේ 2010 කාලෙ ඉදලා. නැතුව මේ ආණ්ඩුව ආවම නෙවෙයි. ඒනිසා මේකට දේශපාලන ගවගන්නේ උබලා වගේ අය.

      අනික මේ ආණ්ඩුව උනත් විපක්ෂයේ ඉද්දි සයිටම් හොද නෑ කියලා පාරට බැස්සා. මොකද දන්නේ නෑ දැන් ඒක හොද උනේ.

      • සුගතේ පවසයි:

        මගේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. පුතාල දෙන්නෙක් සහ දියණියක්. පුතාල දෙන්නම පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ඉගෙන ගත් වෛද්‍යවරු. බාලම දියණියත් හතරවන වසර කොළඹ වෛද්‍ය පිඨයේ ඉගෙන ගන්නේ. ඒ ළමයා දැන් මාස 4 ක් තිස්සේ ගෙදර. ලංකාවේ වෛද්‍ය පීඨ සියල්ලේම ළමුන් දැන් මාස ගණනාවක් ගෙදර. පුතා ඉන්ටර්න් ඉන්නේ. එයාගේ ඉන්ටර් ඉවර උනත් යන්න විදියක් නැහැ ෆයිනල් එක්සෑම් තියල අලුතින් ඉන්ටර්න් ළමයි එනකං.

        මේ ඔක්කොටම වගකියන්න කියන්න ඕනි ගොමා කියන කාලකන්නි මිනීමරු වෘත්තීය සමිතියේ ඉන්නා පාවදෙනිය, සොයිසා වගේ දෙතුන් දෙනෙක්. බහුතර වෛද්‍යවරු දැන් මේකට කැමති නැහැ. මගේ පුතාලත් පලු යන්න පනිනවා.

        සයිටම් එක පටන් ගත් ආකාරය ගැන ගැටළු තියෙනවා. ඒත් ඒක දැන් නියාමනය කරගෙන යන්නේ. යාපනය වගේ වෛද්‍ය පීඨ වලට වඩා නං සිය වාරයක් සයිටම් හොදයි.

        අනික දැන් අපේ ළමයිට හරියට ඉගෙන ගන්නවත් දෙනවද මේ කාලකන්නි අන්තරේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලය කියන අපතයෝ ටික? මගේ දුව මේ පිකට් වලට ගියේ නැහැ කියලා තර්ජනය කරලා තිබ්බා. අනික් ලමයිටත් එහෙමයි. ඒ ළමයිට දැන් තිත්ත වෙලා තියෙන්නේ මේක. මේ ඔක්කොම කරන්නේ පාවදෙනියගේ දේශපාලන උවමනාව මත. කොහොමත තව දුර යන්න කලින් ගොමා එක දෙකඩ වෙනවා ඒකාන්තයෙන්ම. දුව මට කිව්වා අප්පච්චි මාව වෙන රටකට යවන්න, වෛද්‍ය උපාධියේ ඉතිරි ටික කරගන්න කියලා. එච්චරකට ඒ ළමයිට එපා වෙලා දැන් මේක.


        මෙය​ කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි. බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික​ සිසුන් අන්තරය තමන් ගේ ගැලවුම්කරුවා බව කියති

        …..අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අයව අන්තරේ පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි ඉගන ගන්න දෙන්නේ නෑ, ලයිබ්රරි යන්න දෙන්නේ නෑ. මේ අයව පාරවල් වල අට්ටාල වල රඳවා තබා ගැනීම නිසා ඔවුන්ට පරිගණක හැකියා නැහැ , ඔවුන් කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන අයට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු දේශීය උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.

        ..

        මේ යන විදියට රජයේ වෛද්‍ය පීඨ වලට වඩා සයිටම් එකේ උපාධිය ඉහල යයි කොහොමත්. මොකද අපේ ළමයිට ඉගෙන ගන්න දෙනවද? ළමයිව පාරවල් ගානේ රස්තියාදු කරන එකනි කරන්නේ පාවදෙනිය කාලකන්නියා ඇතුළු නඩය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )