​අපරාදේ කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනත් නොමිලේ ඉගෙන ගන්න පාසල් ඇතිකලේ.


අපරාදේ කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනත් නොමිලේ ඉගෙන ගන්න පාසල් ඇතිකලේ.
අද නිදහස් අධ්‍යාපනය සුරකින්න කියලා කෑගහන කැම්පස් ලමයින්ට බනින කීදෙනෙක්   මාසෙට 10000ක් විතර අය කරලා උගන්නන පාසල් ක්‍රමයක සල්ලි ගෙවල ඉගෙන ගන්න අද තිබ්බානම් සල්ලි ගෙවලා ඉගෙන ගනීද?
මුන්ට පුදුම උවමනාවක් නේ තියෙන්නේ සල්ලි වියදම් කරන්න. උබලට සල්ලි තියනවා නම් ලමයි ප්‍රයිවට් ඉස්කෝලේ යවලා, ප්‍රයිවට් ඉස්පිටිතාලෙකින් බෙහෙත් අරන් ප්‍රයිවට් එකේම ඉදපල්ලා.
අපිට එහෙම ගෙවල ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නැති නිසා නිදහස් අධ්‍යාපන තුලින් ඉගෙන ගත්තා. ඒ නිසා ප්‍රයිවට් ඉස්පිටිතාලෙකින් බෙහෙත් ගන්න පුලුවන් රස්සාවක් කරන්න ලැබුනා.
ඒත් අපි නිදහස් අධ්‍යාපනය සුරකින්න කියන්නේ අපිට අපේ ලමයි ප්‍රයිවට් කැම්පස් දාන්න සල්ලි නැති කමකට නෙවෙයි. අපි මෙතනට ආවා වගේම දුප්පත් පවුල්වල දක්ශ ලමයින්ට අපි ආපු තැනට එන්න පාරක් තියෙන්න ඕනි නිසා.
ප්‍රයිවට් කැම්පස් ලංකාවේ තියෙන්න ඕනි. මොකද හැමෝටම ආණ්ඩුවේ කැම්පස් යන්න බැරිනිසා. ඒ ප්‍රයිවට් කැම්පස් වල ඉහල උපාධි සාදාරන මුදලකට දුන්නාට කමක් නෑ.
හැබැයි හොර උපාධි අසාධාරණ ගානකට විකුනන එකට මම විරුද්දයි

Advertisements

2 thoughts on “​අපරාදේ කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනත් නොමිලේ ඉගෙන ගන්න පාසල් ඇතිකලේ.


  1. https://polldaddy.com/js/rating/rating.jsඅපේ අනාගත දරුවන් වෙනුවෙන් අපේ යාලුවන් කැපවෙන තරම දැක්කාම මගේ තනි ඇහැට කදුලු එනවා..ගුටිකනවා ස්ටයික් කරනවා..මේ ඔක්කෝම අපෙ මේ අනාගත ඉපදිලත් නැති දරුවන් වෙනුවෙන් නෙව.. අයියෝ.. පවු නේද එක අතකින්..

  2. Dammika පවසයි:


    https://polldaddy.com/js/rating/rating.jsඅද වන විට ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට වඩා පහළින් වෙනත් කණ්ඩායම් නැති අතර ඔවුන් අතර තරඟයද දශක හතරකට පෙර පැවතියට වඩා බොහෝ වැඩි වී තිබේ. ඒ කාලයේ, ලොකු වෙළදපොළ වටිනාකමක් තිබුණු සමාන්තර වෘත්තියක් වූ නීති වෘත්තියට පිවිසෙන්නට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට අද රැකියාවක් ලබා ගැනීම අසීරු කාර්යයක් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින සාපේක්ෂව අකාර්යක්ෂම වෘත්තිකයින්ගේ ලාභ ආන්තික තවදුරටත් එසේම පවත්වා ගත හැක්කේ වෙළදපොළ තරඟය කෙසේ හෝ අවම කර ගැනීමෙන් පමණි. ඒ සඳහා, වෘත්තියට අලුතෙන් පිවිසෙන ප්‍රමාණය සීමා කර ගත යුතුය.
    තත්ත්වය එසේනම් රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර වැඩි පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. සරලවම කියනවානම්, මෙය සිදු නොවන්නක් බව ඔවුහු දනිති. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විශාල ලෙස පුළුල් වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.
    අනෙක් අතරට සයිටම් යනු අයිස් කන්දක ශිඛරයයි. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නට සූදානම් පිරිස් තවත් ලංකාවේ ඕනෑ තරම් සිටිති. සයිටම් සාර්ථක වීම යනු, මේ ඉල්ලීම සපුරාලනු පිණිස තව තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් බිහිවීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම ඉහළ ගොස් වෛද්‍ය වෘත්තියේ සුපිරි ලාභ ආන්තික නැති වීමයි. එහෙත්, තරඟය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයින් යොදන විශාල මූල්‍යමය හා මූල්‍යමය නොවන අවදානම් වෙනුවෙන්ද, ඔවුන් ගන්නා අවදානම් වෙනුවෙන්ද ලැබෙන ලාභ ආන්තික ඔවුන්ට අහිමි වීමට ඉඩක් නැත. සුපිරි ලාභ අහිමි වුවද, මෙසේ ඉතිරිවන ලාභ ආන්තික වෛද්‍යවරුන්ට තවදුරටත් සමාජ ධුරාවලිය තුළ තමන්ට හිමි තැන පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත. තරඟය හේතුවෙන් ඇමරිකාවේ සමාජ ධුරාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථානය තර්ජනයට ලක්වී නොමැත.
    ලංකාවේ සිටින වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට කැමති හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවයක් ඇති සියල්ලන්ටම රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ හරහා ඒ අවස්ථාව නොලැබෙන බැවින් ලංකාව තුළ වෛද්‍යවරුන් බිහිවන්නේ සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ වෛද්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය සේවා සැපයුමක් නැත. මේ හේතුවෙන් වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට නියම මිලට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන අතර, වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන් විසින් ගන්නා අවදානමට හා සිදු කරන ආයෝජනයට සරිලන නියම ලාභයට වඩා වැඩි සුපිරි ලාභයක් ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.
    සයිටම් නිසා ඉහත තත්ත්වය ක්ෂණිකව විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් ඇති වී නැත. එය තවමත් රටේ විශාල පිරිසකට තෝරාගත හැකි විකල්පයක්ද නොවේ. එහෙත්, රජයේ වෛද්‍ය පීඨයක් හරහා සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නැති විශාල පිරිසකට එය සිය ඉලක්කය කරා ලඟා විය හැකි විකල්ප මාර්ගයකි.
    සයිටම් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඒ ආකෘතියේ වෛද්‍ය විද්‍යාල තවත් බිහි වන්නට ඉඩ තිබේ. තරඟය වැඩි වීමත්, රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයන් අඩු වීමත් නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු මිල තව දුරටත් පහත වැටෙන්නට ඉඩ ඇති අතර නිසි නියාමනයක් ක්‍රියාත්මක වේනම් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටෙන්නටද හේතුවක් නැත. එහි වාසිය අවසාන වශයෙන් ලංකාවේ වෛද්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ට හිමි වනු ඇත. එහෙත්, වෛද්‍ය වෘත්තිකයින්ගේ සුපිරි ලාභ වලට එයින් පහරක් වැදේ.
    වෛද්‍ය වෘත්තිකයෝ මෝඩයෝ නොවෙති. ඔවුන්ට ඉහත තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබේ. වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධය මරාගෙන මැරෙන තත්ත්වයට උග්‍ර වී තිබෙන්නේ ඔවුන් විසින් අනාගතයේදී මහ ගසක් වී පැල බෝ කරන්නට නියමිත සයිට්ම් වෘක්ෂය පොරොවකින් තබා බැකෝ යන්ත්‍රයකින්වත් ඉවත් කළ නොහැකි ලෙස පැලපදියම් වන්නට පෙර නියපොත්තෙන් කඩා දැමීමට ගන්නා උත්සාහය තුළදීය.
    තනි පුද්ගලයින් වශයෙන් හා කණ්ඩායමක් වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතුවන කරුණක් වෙනුවෙන් පෙනී සිටින්නට හා ඒ වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය වෘත්තිකයින්ට අයිතියක් තිබේ. එහෙත්, රජයක් විසින් එවැනි ඉල්ලීමකට ඉඩ දිය යුත්තේ එයින් වෙනත් පුද්ගලයින්ගේ හා කණ්ඩායම් වල යහපතට බාධාවක් වන්නේදැයි සලකා බැලීමෙන් පසුවය.
    සයිටම් යනු මූලික වශයෙන් ස්වේච්ඡාවෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන එහි පරිපාලකයින් අතර සිදුවන නිදහස් ගනුදෙනුවකි. තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදු නොවන තාක් කල්, රජය එවැනි නිදහස් ගනුදෙනුවකට බාධා නොකළ යුතුවා පමණක් නොව, එවැනි නිදහස් ගනුදෙනුවකට කිසියම් බාධාවක් හෝ බාධාවන් ඉවත් කර දීම රජයක මූලික වගකීමක්ද වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )