Embark සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්න


එම්බාර්ක් ටීශර්ට් බල්ලන් ගැන පමණක් නොවී 
කුකුළන් ගැනත් තිබුණානන් හොඳය. 

ඌරන් ගැනත් තිබුණානන් හොඳය. 

හරකුන් ගැනත් තිබුණානන් හොඳය.

මාලුන් මෙන්ම කරෝල වෙන හාල්මැස්සන් ගැන පවා තිබුණානන් හොඳය. 
නමුත් ඒ මොකුත් නැත. 
තිබුණානන් හොඳය. 
නමුත් නැත. 
ඒ බල්ලන් අලියන් මාකට් කළ හැකි මුත් මරන්න 

ගෙනියන කුකුළා, හරකා, ඌරා බේරාගෙන ගෙදර ගෙනියෑම ට්‍රෙන්ඩ්ගත කර කීයක් හරි හොයාගත නොහැකි නිසාවෙන් විය යුතුය. 
අපිට දෙමාපියන් කියාදී ඇත්තේ දළදා වහන්සේ වඩම්මන හස්ති රාජයා මිනිස් ආත්මයකටත් වඩා පින් කළ අයෙක් කියාය. 

එහෙවු භක්තියකින් අපි ඒ ඇත් රජුට සලකන්නෙමු. 

දළදා වැඩ හිඳිනා පින්බිමේම පසෙක ඇති අවසානයට ඒ පින ලැබූ ඇත් රජිඳුගේ ජීවමාන අනුරුවට දොහොත් මුදුන් දී වඳිනා අය ඔටාරාගේ ඇස් ගැටී නැතුවා විය යුතුය. 
මම යළිත් කියමි. 
සමාවන්න.
දළදා වහන්සේ කැන්ටර් මත වඩම්මන්නට බැරිය. 
බටහිරකරණය වීමට ඕනෑ තරම් විදි ඇත. 

එයට සංස්කෘතිය විකුණන් කෑ යුතු නැත. 
මම මේ අකුරු ලියන්නේ එහෙවු සංස්කෘතියක් නැති රටක සිටය. 

මුන් නැති සංස්කෘතියක් හදාගන්නට දත කද්දී අපේ උන් බලන්නේ නොමිළේ ලැබුනු සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්නට ය.
එම්බාර්ක් ගැන මට විරෝධයක් නැත. 

මොකෙක් හෝ අසරණ සතෙක්ගේ ජීවිතය හොඳ වෙනවානම් මමත් ඒ ගැන බොහෝ සතුටු වෙමි. 
කුකුළන්, ඌරන්, හරකුන්, හාල්මැස්සන් අමතක සමාජෙක දළදා වඩම්මන ඇත් රජාණන් දෙස මවාගත් මහා සත්ත්ව කරුණාවකින් බැලීම පමණක් නුසුදුසුයැයි සිතමි. 
ආදරණීය ඔටාරා, 

ඔබ හෝ ඔබේ ව්‍යාපාරය ගැන පෞද්ගලික තරහක් මට නැත. 

නමුත් ඔබේ සත්ත්ව කරුණාව බල්ලන්ට හෝ අලියන්ට පමණක් සීමා වීම මට ප්‍රශ්නයකි.
ලක්ශ ගණන් මස් කඩයෙන් අවසන් වන ජීවිතවලට අභය දී ඔබේ ගමන අරඹමු. 
මෙතෙක් කල් දළදා වහන්සේ මහත් තේජසින් වැඩමවූ රාජාම ඒ පින්මහිමය තව කලක් එකතු කරගනු ඇත. 
අපි ඒ ගැන 

කුකුළන්, ඌරන්, හරකුන්, මත්ස්‍යයින් යනාදී සමූල ඝාතනය වන සතුනුත් ‘එම්බාර්ක්’ වූ දාට කතා කරමු. 
එතෙක්, සම්ප්‍රදාය වෙනස් කරන්නට ගොස් හිර නොවෙමු. 
ජය! ❤️ 

 

-දෙමින්ත ජයසිංහ. – 

#අකාලේඛන

Advertisements

One thought on “Embark සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්න

  1. cyril palitha පවසයි:

    https://polldaddy.com/js/rating/rating.jsඅපිට දෙමාපියන් කියාදී ඇත්තේ දළදා වහන්සේ වඩම්මන හස්ති රාජයා මිනිස් ආත්මයකටත් වඩා පින් කළ අයෙක් කියාය. එහෙව් දෙමාපියන්ම තියඹරා ගෙඩි අස්සට හක්කපටස් දමති..එහෙව් දෙමාපියන්ම අඟල් බාගේ ඊයම් බරු කපා හස්තිරාජයන්ටම කැපවුන වෙඩි කොටති ඔටාරා ගැන මට විශේෂ ඇල්මක්වත් විරුද්ධත්වයක්වත් නැත…අපේ දෙමාපියන් අපට සන්ස්කෘතිය කියාදෙන අපූරුව නුවර පෙරහැරෙන් ඉක්බිතිව උදෑසන දළඳා වීදියට ගොස් බලාගන්නාලෙස ඉල්ලමි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )