බිව්වත් නොබිව්වත් වැළදෙන සිරෝසිස්‌


asammathaya

බිව්වත් නොබිව්වත් වැළදෙන සිරෝසිස්‌ – ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 30 කටත් සිරෝසිස්‌

සිරෝසිස්‌ (Cirrhosis) රෝගය යෑයි පැවසූ විට එකවරම සිහියට නැඟෙන්නේ මත්පැන්ය. ඊට හේතු වී ඇත්තේ සිරෝසිස්‌ රෝගය ඇති වීමට සියයට 95 ක්‌ම (95%) බලපාන්නේ මත්පැන් වීමය. ඉතිරි සියයට 5 (5%) ආහාරපාන බලපායි.

සිරෝසිස්‌ රෝගය ඇති වන හැටි

සිරෝසිස්‌ රෝගය ඇති වන්නේ අක්‌මාවේ අධික ලෙස මේදය තැන්පත් වීමෙනි. එසේ අධික ලෙස මේදය තැන්පත් වීමෙන් ඉතා පහසුවෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. එසේ ආසාදනය වූ අක්‌මාව රෝගී වීමෙන් නිසි ක්‍රියාකාරීත්වය සිදු නොවේ.

රෝගය හඳුනා ගන්නා හැටි

සිරෝසිස්‌ රෝගයේදී මුල් අවස්‌ථාවේ රෝග ලක්‌ෂණ මතු නොවේ. අක්‌මාව ආසාදනයට ලක්‌ වී හානියට පත් වන විට රෝග ලක්‌ෂණ මතු වේ. එවිට උදරය ඉදිරියට නෙරා ඒම, ඇස්‌ කහ පැහැවීම, ශරීරය කෙට්‌ටු වීම වැනි රෝග ලක්‌ෂණ මතු වේ.

මෙම අවස්‌ථාවේදී නිසි ප්‍රතිකාර සඳහා යොමු වූ විට සිරෝසිස්‌ රෝගය පාලනය කර ගත හැකිය.

නිසි ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වීමෙන් අක්‌මාවේ පිළිකා හට ගැනීම, විෂ බීජ ආසාදනය වීම නිසා තුවාල හට ගැනීම ආදිය සිදු වේ.

මෙලෙස රෝගය උත්සන්න වූ විට ලේ වමනය යැම ආදිය ඇති වේ.

මත්පැන් පානය නිසා ඇති වන සිරෝසිස්‌

මත්පැන් පානය කරන පුද්ගලයන්ට සිරෝසිස්‌ රෝගය මතු වීම වයස අවුරුදු 35 – 40 පමණ වන විටදී සිදු වේ.

එවිට හෘදයාබාධ, අධි රුධිර පීඩනය වැනි අතුරු රෝගද මතුවේ.

මත්පැන් නොබී මතු වන සිරෝසිස්‌

අධික ලෙස තෙල් ආහාර දිනපතා ගන්නා පුද්ගලයන්ට සිරෝසිස්‌ මතු වීමේ අවදානමක්‌ පවතී. තෙල් සහිත ආහාර ගෙන නිසි ව්‍යායාම නොකර සිටීමෙන් අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත් වේ. (Fatty Liver)

මෙලෙස අධික ලෙස අක්‌මාවේ තෙල් තැන්පත් වීමෙන් අක්‌මාව ආසාදනයට ලක්‌ වේ. (Non Alcoholic Steatohe Patitis)

මේ සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සිරෝසිස්‌ රෝගය ඇති වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 30% පමණ පිරිසක්‌ සිරෝසිස්‌ රෝගයට ගොදුරුව සිටිති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අධික ලෙස මේද සහිත ආහාර පාන ගැනීම සහ නිසි ව්‍යායාම නොකිරීමය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )