පින්නවල අලි පෙරහැරේ නටවමුද?


පන්සල් වල ඉම්න අලි ගැන පුදුම ආදරයක් තියන අය ඒ අලි කැලේ නිදහසේ හිටියානම් මොකද කියලා අහනවා. එහෙනම් සත්තු වත්තේ ඉන්න අලි ගැන කෝ කැක්කුමක්, උන් පෙරහැරේ නොගියට කූඩූ කරලා, ගැටගහලා අන්තිමට අලි නැටුම් නටවලානේ නවතින්නේ

එහෙම අලි ගැන අනුකම්පා අය තමයි ගෙදර බල්ලෝ කූඩූ කරලා දම්වැල් වලින් ගැටගහලා උන්ගේ නිදහස නැතිකරලා දාන්නේ මුලින්ම. උන්ගැන නැතු අනුකම්පාවක් අලි ගැන විතරක්.

අනික පින්නවල ගෙනියමුලූ පෙරහැරක යවන්න ඕනි කාලෙක විතරක්. පින්නවල ඉන්නේ පෙරහැරක යන්න පුරුදු කරපු අලි නෙවෙයි. උන් ඉන්නේ උන්ගේ නිදහසේ මිනිස්සු කරන කියන දෙයක් ගනන් ගන්නේ නැතිව උන්ගේ පාඩුවේ.

පෙරහැරක බෙර ශබ්ද, නැටුම් කරුවන්, පන්දම්, එලි, මිනිස්සු එක්ක පින්නවල ඉන්න අලියෙක් පෙරහැරක ගෙනියනවා කියන්නේ කැලේ ඉන්න වල් අලියෙක් ගෙනියනවා වගේ තමයි. මොකද උන්ට ඒ පරිසරය පුරුදු නැතිනිසා.

පන්සල්වල හෝ අලි හාම්පුතාලා පෙරහැරක ගෙනියන්න අලි වෙනම පුරුදු කරන්නේ උන්ට ඒ පරිසරයට ගැඩගැගෙන්න ලොකූ කාලයක් යන නිසා පොඩි කාලේ ඉදලම. ඒනිසා පින්නවල අලි පෙරහැරක යවන්න හදනවා කියන්නේ අමුම අමු ගොන් කතාවක්.

අලි පන්සලක හදනවා කියන්නේ අපි ගෙවල්වල බල්ලෝ පූසෝ ඇති කරනවා වගේම තමයි. උන් ඒ පරිසරයට හුරු කරනවා. ඒත් අලින් අවශ්‍යතාව අනුව විතරක් පන්සල් වලට දුන්නාම ඇති කියන එකයි මගේ මතය.

අලි ඉන්න ඕනි කැලේ තමයි. උන් පරිස්සමි කරන්න ඕනි තමයි. හැබැයි වැඩිපුරම මැරෙන්නේ පන්සල් වල ඉන්න අලි නෙවෙයි. කැලෑ වල ඉන්න වල් අලි, එක්කෝ වෙඩි කාලා මැරෙනවා නැත්නම් පොලිතීන් කාලා මැරෙනවා. අන්න ඒ දෙක නවත්තලා කැලේ ඉන්න අලි ආරක්ෂා කලානම් ගොඩාක් වටින වැඩක්. මොකද මිනිස් වාසයේ ඉන්න අලි බහුතරයක් හොදින් බලාගන්නවා.

දැන් රෙද්ද උස්සන් එවි සමහර අය දම්වැල් දාලා, හෙන්ඩුවෙන් ඇනලා, ගහලා අලින්ට වද දෙනවා කියලා. අලින්ට දම්වැල් දාන්නේ උන්ගෙන් අනිත් ආයට වෙන හානිය අවම කරන්න. මොකද නිකන් හැප්පුනත් අලියා කියන්නේ ටොන් ගානක් බර සතෙක්. අපි ගෙවල් වල ඇති කරන බල්ලො උනත් ගැට ගහලා තියන්නේ ගෙදරට එන අයගේ ආරක්ෂාව නේ. ගහන එක නම් මම දන්න විදිහට උන් මෙල්ල කරන්න වෙන විදිහක් නෑ. මොකද අපි ගෙවල් බල්ලො උනත් කියන දේ අහන්නේ නැතිනම් ගහලා හදනවානේ.

පෙරහැරක අලි ගෙනියන එකට පුදුම අමාරුවක්නේ තියෙන්නේ මෙයාලට. ඒඋනාට කැලේ වෙඩිකාලා මැරෙන අලි ගැන කිසිම ගානක් නෑලූ

Advertisements

One thought on “පින්නවල අලි පෙරහැරේ නටවමුද?

  1. pra jay පවසයි:

    අලිත් බල්ලො පූසො හරක් වගේ හීලෑ වෙන සත්තු. විශේෂයින්ම හීලෑ මව් සතුන්ට උපදින අලි පැටව්.
    ප්‍රශ්නෙ මේ කයි. අපේ ගෙදර බල්ලො මගෙ ඇඟට පනිනවා, හැප්පෙනවා, සෙල්ලමට හූරනවා හපනවා. අලි ඒවගේ සෙල්ලම් කලාම තත්වෙ වෙනස්.

    තව එකක් තියනවා, පිටරට සත්තුවත්තවල අලින් පුහුණු හා පාලනය කරන්නේ මෙහෙ තරම් දරුණු හෙන්ඩු වලින් නෙමෙයි. ඒත් දම්වැල් දැමීමත් අඩුයි. හීලෑ කිරීමේ නවීන ක්‍රම තියනවා මං හිතන්නෙ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w