උඹට තියේද ඒ අත්දැකීම..?


ඇස් දෙකම යුද්ධයෙන් අහිමිවෙච්ච ලොක්කෙ අයියට රෑට උගේ ගෑනි එහා කාමරේ කෙදිරිගානව වෙන එකෙක් තුරුලේ, ලොක්කෙ අයියා මෙහා කාමරේ නෑහුන ගානට ඉකිබිඳිනවා

උඹට තියේද ඒ අත්දැකීම..?

ලස්සනට මගුල්කාල ලස්සන කෙල්ලෙක් කැන්දන් ආපු අජිත් අයියට අද කන් දෙක ඇහෙන්නෙ නෑ කකුල් දෙකත් නෑ, ලගපාත කොල්ලෝ කියපි අරකට දැන් අනින්න පුලුවන් අරූට පණ නෑ කියලා

උඹට තියේද ඒ අත්දැකීම..?

උබේ නංගි/අක්කා යාලුවෙලා ඉන්නේ ආමි එකේ සාමාන්‍ය සෙබලෙක් එක්ක කියුවම, උබට ජුවල් ගියේ ඌ වීරයෙක් නෙවෙයි 8 පාස් එකෙක් නිසාද ?

උඹට තියේද ඒ අත්දැකීම..?

අම්මේ හෙට ඉස්කෝලෙට අම්මටයි තාත්තටයි දෙන්නටම එන්න කියනවා කියද්දී ඒ කනවැන්දුම් අම්මගෙ ඇස්වල අසරණකම දැකල තියනවාද?

උඹට තියේද ඒ අත්දැකීම..?

පවුලේ එකම දරුවා හමුදාවට බැදිලා උගේ මරණේ සීල් කරපු පෙට්ටියේ ඇවිත් සාලේ තියෙද්දි වේලිච්ච ඇස්වලින් පපුවෙ තියෙන විලාප වේදනාව එලියට ගන්න බැරුව ඉන්න අම්මල දැකල තියෙනවාද

උඹට තියේද ඒ අත්දැකීම..?

අපිත් එක්ක ක්‍රිකට් ගහපු රංජි අයියා රෝද පුටුවෙන් ඇවිත් “මල්ලී මම ඒ දවස්වල බෝල් කරන විදියට දාපන් එතකොට මූ අවුට් කරන්න පුලුවන් ” කියන කොට අයියේ මගේ කකුල් දෙක අරන් මූව අවුට් කරල දීපන් කියන්න හිතෙනවාද ?

උඹට තියේද ඒ අත්දැකීම..?

උබලගෙ අපේ බය නැතිවෙන්න යුද්ධ කරපු උන් අද උන්ගේ ජීවිතතුල බයෙන් බිරාන්ත වී මරණය අයදිමින් ඉන්නවා…

උඹට තියේද ඒ අත්දැකීම..?

මගේ ජාතිය මගේ ආගම කැක්කුමෙන් ගැම්මෙන් කියන උඹට ඕනි මේ වගේ තවත් කොල්ලෝ ටිකක් රටට දායාද කරන්නද ?

ඒවාගේ අත්දැකීම් වලට උඹත් ආසයි ද ?

රට වෙනුවෙන් එක ගහක් ඉන්දල නැති, ලේ බිංදුවක් දං දීල නැති, කාඩ්බෝඩ් වීරයන්ට බුකිය පිලුන් ගහන්න හොඳ මෙට්ටයක්

උන්ට උඩ දේවල් අදාලම නෑ මචං

දකින දේ හිතලා හොයලා බලලා තීරණ ගන්න බුද්ධිමත් වෙන්න

– බුකියෙන් –

Advertisements

One thought on “උඹට තියේද ඒ අත්දැකීම..?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )