PET Scan යන්ත්‍රය, සිරා සහ ජහමනයා


කදීජා පදනම පටන් අරන් පෙට් ස්කෑන් එක ගන්න වැඩේ පටන් ගත්තෙ තමන්ගේ පුතාට පිලිකාවක් හැදුන නිසා ඔහුව බේරගන්න මහන්සී උන මුස්ලිම් තාත්තා කෙනෙක්.

ආණ්ඩුවට කෝටි 20ක් සල්ලි නෑ පෙට් ස්කෑන් එකක් ගන්න කියලා අඩාවැලපෙද්දි රටේ මහජනතාව එකතුවෙලා ඒ කෝටි 20 එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් එක ගන්න කියලා. දෙරණ, මහේල සහ තවත් අය එකතු උනා මේ වැඩේ රටට කියන්න.

එහෙම සල්ලි නෑ කියලා කියපු ආණ්ඩුව කෝටි 350ක් දීලා ආණ්ඩුවේ ඉන්න මැති ඇමති මීහරක් ටිකට ප්‍රාඩෝ ඉන්ටකූලර් බෙන්ස් අරන් දුන්නා. කෝටි 350ට පෙට් ස්කෑන් 17ක් අරන් දෙන්න තිබ්බා.

දැන් මහජනතාව දුක් මහන්සි වෙලා අර සල්ලි එකතු කරලා ගත්ත පෙට් ස්කෑන් එක හරියට සිරයි හාමුයි ලැට් කටායි එකතු වෙලා අරන් දුන්නා වගේ ඕපන් කරන්නේ. මුන් අඩුමගානේ කදීජා පදනම පටන්‍ අරන් මේ වැඩේට මුල් උන අර තාත්තාට වත් ඒ ගව්රවය දුන්නා නම් කමක් නෑ.

අර තාත්තා මුල් වෙලා පටන් ගත්තාට මේ පෙට් ස්කෑන් එක ගන්න වැඩේ තමන්ගේ පුතා බේරගන්න. ඒ තාත්තට බැරි උනා පුතා ජීවත් කරවන්න ඒත් එතුමාගේ අප්‍රතිහත වීර්යයෙන් මේ පෙට් ස්කෑන් එක ගන්න සල්ලි එකතු කරලා ඒක රෝහලට ලබාදුන්නා. රටේ පාලකයෝ මෙහෙම ලකුණු දාගන්න කරන පාහර වැඩ වලට මුන්ට ගහන්නේ වැහි නැති හෙන.

බලාගෙන සිරෝ හාමු එක්කයි ලැට් කටා එක්කයි ඉන්නේ අප්‍රෙල් මාසේ. කොහෙන් හෙනයක් ගහලා කෙලවෙයිද දන්නේ නෑ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w