ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා කලින් හදුනා ගනිමු


මේ පරීක්ෂණ කිරීමේ වැදගත් කම පිළිබදව දන්න කියන හැමෝම දැනුවත් කිරීම වගකීමක් කියා හිතුණා. අපේ සමීප හිතවතෙකුගේ සොහොයුරියක් පිළීකා රෝගයට ගොදුරු වී මෑතකදි මිය ගියා. වෛද්‍යවරුන් කියා සිටියේ, ඒ රෝගී තත්ත්වයන් කලින් හදුනාගත්තා නම් ඇගේ ජීවිතය පහසුවෙන් බේරා ගත හැකිව තිබූ බවයි. අපේ රටේ මෙන්ම ලෝකයේත්, කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝග දෙකක් තමයි ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා. මේවා කලින් හදුනාගත්තොත් අවශ්‍ය සැත්කම් සහ ප්‍රතිකාර වලින් සුව කළ හැකි රෝග. වැදගත් වන්නේ ඒවා හදුනාගැනිම සදහා කළ යුතු පරීක්ෂණ ගැන කාන්තාවන් දැනුවත් වීමයි. ඒවා හැකි ඉක්මනින් කර ගැනීමයි. එවිට අපට වටිනා ජීවිත, රාශියක් බේරා ගත හැකියි.

මේ post එක දාන්නේ ඒ තොරතුරු බෙදාගැනීම සදහායි. පිරිමි මිතුරන්, වයස අවුරුදු 35 ට වැඩි තමන්ගේ බිරිද, මව, සොහොයුරිය, මිතුරියන්, පෙම්වතියන් මේ පරීක්ෂණ කරවා ගැනීම සදහා උනන්දු කරන්න.

කොළඹින් පිට පළාත්වල මේ පරීක්ෂණ කරවා ගැනිම සදහා ඇති සායන සහ රෝහල් පිළිබදව තොරතුරු දන්නා අය ඒවා share කරන්න. මේක ලොකු සද් කාර්යයක් වේවි.

ආදරණීය මවුවරුනි, සොයුරියනි, මිතුරියනි,

කාන්තාවන්ට වැළදෙන ගැබ් ගෙළ සහ පියයුරු පිළිකා කලින් හදුනාගැනීම සදහා කරන පරීක්ෂණ කල් නොදමා අදම කරවාගන්න!!!!

මේ තැන්වලින් මේ පරීක්ෂණ පහසුවෙන් සහ අඩු මුදලට කර ගත හැකියි.

පවුල් සැලසුම් සංවිධානය (Family Planning Association- FPA), 37/27,බුලර්ස් පටුමග, කොළඹ 07 දුරකතන- 0112555455

පැප් පරීක්ෂණය රුපියල් 1250/- මේ ස්ථානයෙන් සතියේ ඕනෑම දවසක උදේ 9 සිට සවස 3 දක්වා මේ පරීක්ෂණය කරවා ගත හැකියි.

බ්‍රහස්පතින්දා දිනවල පියයුරු ස්කෑන් පරීක්ෂණය සිදු කර ගත හැකියි. ස්කෑන් පරීක්ෂණය සදහා යන අය බ්‍රහස්පතින්දා දිනවල උදේ 8. 30 න් පසු ඉහත දුරකතන අංකයට කතා කර කලින් වෙලාවක් වෙන් කර ගත යුතුයි.

මේ සදහා වැය වන මුදල රුපියල් 1500.
ඉතා මිත්‍රශීලි සුහද වෛද්‍යවරියන් සහ හෙදියන් සිටින මේ සායනය පිරිසිදු, ප්‍රසන්න ස්ථානයක්.

නාරාහේන්පිට පිහිටා ඇති පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික මධ්‍යස්ථානයෙන්ද පැප් පරීක්ෂණය සහ පියයුරු පරීක්ෂාව නොමිලේ කරවා ගත හැකියි.

ලිපිනය- 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට දුරකතන – 0113159227 සතියේ දිනවල සදුදා සිට බ්‍රහස්ගතින්දා දක්වා උදේ 9 සිට දහවල් 1 දක්වා මේ සායනය විවෘතව පවති.

මේ පරීක්ෂණ කරගැනීම සදහා ඇති අනෙක් තැන් සහ අදාළ වෙනත් තොරතුරු දන්නා මිතුරන් ඒවා පොදු සමාජයේ දැන ගැනීම උදෙසා share කරන්න.

Advertisements

One thought on “ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා කලින් හදුනා ගනිමු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w