පුද්ගලීකරණය කල යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවද.? දුම්රිය මගීන්ද..??


ඔබේ වටිනා කාලයෙන් විනාඩියක් වැය කරලා මෙය කියවන්න.

ඔබට මතක ඇති පසුගියදා ගරු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අබලන් මැදිරි 200ක් පුනුරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පලමු මැදිරි 10 ජනතා අයිතියට පත් කලා. ඉතින් මේ එක් මැදිරියකට මිලියන 15කට ආසන්න මුදලක් වැය කර මෙසේ සුවපහසු ආසන, ඉහල සනීපාරක්ෂක පහසුකම් සහිතව සැකසූ මේ මැදිරි හා හා පුරා කියලා සෙංකඩගල මැණිකේ හා මහනුවර – මාතර දුම්රියට යෙදවූයේ එම මගීන්ගේ ගමන් පහසුව උදෙසායි.

නමුත් පහත ඡායාරූප හොදින් බලන්න.

මේ පිටරටක නොවේ. අපේ රටේ පසුගියදා නවීකරණය කල මැදිරි යොදා ගමන් වාර 4ක් පමණක් අවසානයේදී එසේ අළුතින්ම සැකසූ මැදිරිවල කොටස් දුම්රිය මගීන්ම කඩා දමා ඇති ආකාරය. දුම්රියට ආදරේ කරන අප වන් අයට නම් ඉතාමත් පිලිකුලක් ඇතිවුනා මේ ඡායාරූප දුටුවාම. මගියෙක් ලෙසට ඔබ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ ගමනේ සුවපහසුවයි. පැරණි දුම්රිය වෙනුවට නව දුම්රියයි.

නමුත් පසුගිය කාලය පුරාවට මුහුනු පොතෙන් එක් එක් සමූහ තුල දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කර රට සාදන්නට කොතරම් දෙනා හඩ නැගුවාද..?? සමහර සමූහ තුල ඒ වෙනුවෙන්ම අදහස් විමසීම උදෙසා Pools පවා සාදා තිබෙනු අප දුටුවා. පිං පඩි කරුවන් කියා ලේබල් කර අවලාද නගන මගී ඔබ මෙලෙසින් ඔබම ගමන් ගන්නා ඔබේ දුම්රිය මෙසේ විනාස කරයි නම්,

“ඇමරිකාවෙන්, කැනඩාවෙන් නොව වෙනත් ග්‍රහලෝකයකින් සුවපහසු දුම්රිය ආනයනය කලද සිදුවන්නේ මෙයමය”.

– ගමන් වාර 4ක් පමනක් ගොස් මෙසේ නම් තව මාසයකින් මේ මැදිරි වලට කුමකින් කුමක් වෙයිද..??
– දුම්රිය පුද්ගලීකරණය කිරීමට හඩ නැගූ හඩ මෙයටත් නැගේවිද..??

අවසන අපට අයැදීමට සිදුව ඇත්තේ මෙසේ කරන අයවලුන්ට වැහි නැති හෙන පමනී.

සංවාදය ඔබට විවෘතයි.

Share කරලා ඔබේ යහළුවන්වත් දැනුවත් කරන්න. වටීවි.

© ඡායාරූප හිමිකම හා සටහන – Sri Lanka Railway Journal

ප්‍රතිචාරයක් ලබාදෙන්න