ආසයි නම් ‍රැඩිකල් වෙයන් ඔය තරමට නිවට නොවියන්!


” එකම රටක දෙපැත්ත බෙදිල අවුරුදු 30 ගානක් කරපු යුද්ධයක් ගැන ලැජ්ජ වෙනවා මිස ආඩම්බරෙන් සමරන්න තියෙන්නෙ මොකක්ද? ”

” යුද්ධයක අභිමානයක් හෝ වීරත්වයක් නැති බව ඔබේ දරුවන්ට කියා දෙන්න.”

“අභිමානය ඇත්තේ යුද්ධයක් වළකන ක්‍රියාවේය.වීරත්වය ඇත්තේ එම ක්‍රියාව ක්‍රියාවට නැගීමේය. ”

මේ කතා දකින කොට අහන කොට කට කහනව වගේ…මේවත් හරියට හීනෙන් ඇහැරිලා පත්තරේ බලල හිටන් කවි කියන්නා වාගේ ලස්සන වචන ටිකක්. අවිහිංසාවාදය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, තව තියෙනව උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම, ස්වාධීන කොමිසම් සභා ඇයි එත්කොට සංහිදියාව කොහොමද ඒක..

මේ කාලෙ නිගන්ඨනාථ පුත්තල මහත්මා ගාන්ධිල වගේ හැසිරෙන ළදරු වළිප්පු කාරයන්ටයි වැඩිකල් නොගොස් ‍රැඩිකල් වෙච්ච අලුත් පරපුරේ එවුන්ටයි ත්‍රස්ථවාදීන්ගෙ පවුල් “මහාවීර පවුල්” ඒ ත්‍රස්ථවාදීන්ගෙන් උන්ගෙ පන බේරල දුන්න උන් “අට පාස් ආමිකාරයො”. යුද්ධයේ අවසානය දරා ගත නොහැකිව හිගන්නගෙ තුවාලෙ තව දුරටත් පෑරිය නොහැකි බව දැන දැන ඒ හින්දම බඩ වියත අහිමි වෙච්ච පක්ස බදන් ඒ රණවිරුව සමරන්න බැරි තරම් කුහක වෙච්ච් උන්ටයි මේ කියන්නෙ,

දෙවෙනි ලෝක යුද්ධෙ ඉවර වෙලා අවුරුදු 73 ක් වෙනව රුසියාව මැයි 8 Victorius Day එක තියනව.ප්‍රංශෙ Armistice Day එක තියනව. උඹලට සංහිදියාව කියල දෙන ඇමෙරිකාව ලබන Memorial Day එක තියනව..

උඹලට අවුරුදු 9 ක් ගිහින් මේක ලැජ්ජාවක්ලු..යුද්ධෙදි මැරුණු ත්‍රස්ථවාදියොත් මිනිස්සු තමයි උන්ගෙ අම්මලගෙ කදුලුත් කදුලු තමයි.හැබයි උන් මැරුනෙ රට බෙදාගන්න බැරුව ගොඩක් අම්මලගෙ කදුලු හළල.. උදේ පාන්දර TV එක ඉස්සරහට වෙලා news වලින් අද කීයක් මැරිළද කියල විතරක් ගනන් කරපු මිනිස්සුන්ට යුද්ධෙ කියන්නෙ මතකයක් විතරක් උනාට අතක් පයක් අහිමි වෙලා සදාකල්ම ආබාධිත වෙච්ච උපදින්න ඉන්න එකා වෙනුවෙන් රටක් ඉතුරු කරන්න ජීවිත පූජ කරපු මිනිස්සුන්ට , බෝම්බෙකට අහු වෙලා නිරපරාදෙ ජීවිත අහිමි වෙච්ච පවුල් වල මිනිස්සුන්ට ඒ රණවිරුව සදාකල්ම මතකයේ තියෙයි..

අනිත් එක 29 වෙනිදට ඇමෙරිකාවෙ කවුරුහරි එකෙක් බින් ලාඩන් ගෙ රූපයක් අල්ල ගෙන ඉටිපන්දමක් පත්තු කරන් එනවද කියලත් බලාපල්ල..උන්ටත් අම්ම අප්පල ඉන්නවනෙ..”

උත්තරේ නැහැ.උන් එහෙම එන්න දෙන්නෙ නැහැ. ඒකයි ඇමෙරිකානුවන්ගෙයි මෙහෙ ඉන්න පඟර නැට්ටන්ගෙයි සංහිදියාවෙ වෙනස”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )