බෞද්ධ පිළිවෙත ☸


1. ප්‍රඥාවන්තයෙකු මෙන් ම කාරුණික කෙනෙකු වෙන්න. නමුත් නිවටයෙකු ධීනයෙකු නොවන්න.

2. පන්සිල් රකින්න, විනය ගරුක වන්න. නිවැරදි අයෙකු වන්න. නමුත් බිය නොවන්න.

3. උත්සහවන්තයෙකු, ආත්ම ශක්තියෙන් හෙබි කාර්‍යශූර පුද්ගලයෙලු වන්න. නමුත් අලස, කම්මැළි, කුසීත අයෙකු නොවන්න.

4. වැඩ කරන්න. සියල්ල සැලසුම් සහගතව කරන්න, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නමුත් වැඩ නොකර නිකමෙකු නොවන්න.

5. අනුන්ට හිංසා පීඩා නොකරන්න අනුන්ගේ අයිතීන් උදුරා නොගන්න. නමුත් ස්වකීය අයිතිය හෝ අභිමානය පාවා නොදෙන්න.

6. තිබෙන දේ ගැන අවංකව ආඩම්බර වන්න. එය සොරා ගැනීමට ඉඩ නොදෙන්න. නැති දේ ලබා ගැනීමට සාධාරණ අයුරින් සටන් කරන්න.

7. ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. නුවණින් මෙනෙහි කොට දහස් වර සිතා බලා පිළිගන්න.

8. අවංක මිතුරෙකු වන්න. මිතුරු වෙසින් එන සතුරන් හඳුනා ගෙන පලවා හරින්න.

9. අනාගතය අද සිටම සැලසුම් කර අභියෝග හඳුනාගන්න. සන්නද්ධ වෙන්න දැනුමෙන්, ආකල්පවලින් හා කුසලතාවන්ගෙන්. නමුත් අනාගතය තීරණය කිරීමට අන්‍යන්ට බාර නොදෙන්න.

10. ඉන්ද්‍රියන් සංවර කරගන්න. හැඟීම් වලට යට වී මුළා වූවෙකු නොවන්න.

11. අසරණ අයෙකුට යමක් දෙන්න, උදව් කරන්න. කීර්තිය හෝ ප්‍රශංසාව අපේක්ෂා නොකරන්න.

12. බෞද්ධයෙකු සේ සිතන්න. බෞද්ධයෙකු සේ හැසිරෙන්න. බෞද්ධ සිරිත් විරිත්, බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන්න. බෞද්ධයෙකු බව නොබිය ව නොපැකිළ ප්‍රකාශ කරන්න. බෞද්ධ ප්‍රතිපත්ති මඟින් පෙන්වන්න බෞද්ධයෙකු බව. බෞද්ධ වීම ගැන ආඩම්බර වන්න.

තෙරුවන් සරණයි!

~ උපුටා ගැනීම ~
ධර්ම ප්‍රදීප – ප්‍රායෝගික ජීවිතයට බුදු දහම
(රාජකීය පණ්ඩිත දර්ශනපති උඩුහාවර ආනන්ද ස්වාමීන්වහන්සේ)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )