අලි ඇත්තු ෆේස්බුක් ආවොත් කොහොම තියේද


“නුවර පෙරහැරේ යන ඇතෙක්ව කසාද බදින්ඩත් පින තියෙන්ඩ ඕනෙ… නුවර පෙරහැරේ ඇත්තු ගැම්මට ශෙයා කරමු…”

“හෙන්ඩුවට බයත් නෑ… වාහනවලට ණයත් නෑ… මං යන්නෙ පයින්…”

“කෝ පුතේ දායකයො…?”
“දායකයො ඉන්නෙ කරඩුව ගෙනියනකම් විතරයි අම්මෙ…”

“දළදා පෙරහැරේ යන ඇත්තුන්ට වැටෙන ලයික් කඨින පෙරහැරේ යන අපිට වැටෙන්නෑ බ්‍රෝ…”

“හෙන්ඩුවෙන් ඇනපු උන්ව නාඩියට මතකයි… පෙරහැර ඉවර වෙනකම් මීටරෙන් ඉන්නෙ…”

“මාව පතාගෙන ආපු ඇතින්න මේ වෙලාවෙ පෙරහැරක යනවා ඇති… ගිනි පෑගෙයි පරිස්සමින් මැණික…”

“අපේ ‘ගැමුණු’ට ඊයෙ හෙන්ඩුවෙන් ඇනලා ටිකක් අමාරුයි… ඉක්මන්ට හොඳවෙන්ඩ කියලා ශෙයාර් කරන්ඩ… ගෙට් වෙල් සූන් බ්‍රෝ…”

“අපේ මහත්තයා මේ දම්වැල පෙරෙදා ගෙනාවෙ යාළුවනෙ… එයානම් මාව ගැටගහන්ඩ කැමති උනේම නෑ… මං තමයි බලේට ගැටගහගත්තෙ…”

“මටත් තියෙනවා හීනයක්, කවදා හරි කරඬුව ගෙනියන්ඩ…”

“කව්ද යකෝ කුණුවෙච්චි අන්නාසි ගෙඩියක් දීපු එකා… තොපිට හෙණ ගහනවා හෙණ…”

“නංගි අපි දම්වැල් දාන්නෙ ලස්සනට මිසක් දාංගලේ වැඩි නිසා නෙමේ…”

“ඔයත් එකපාරක් හරි හෙණ්ඩු පාරක් කාලා තියෙනවනම් ශෙයා කරන්ඩ… ඒකෙ ආතල් එක දන්නෙ කාපු උන් විතරයි…”

“ඔයත් කකුල් හතරටම දම්වැල් දාගෙන හිටපු කෙනෙක්ද… ඔය කැලෑවෙ ඉන්න වල් අලි ඒකෙ ආතල් එක දන්නෑ…”

“අර පෙරහැරේ යන උන් හිතන් ඉන්නෙ උන් හෙන පොරවල් කියලා… අනේ යකෝ අර කුකුලො හාල්මැස්සො තොපිට වඩා කොච්චර වටිනවද…”

– ඉස්සුවකි-

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )