රැල්ලට ගස් හිටවන්න කලින් පොඩ්ඩක් පරිසරය ගැන හිතලා බලමු


මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ප්‍රතිරෝපණය, විශේශයෙන් විල්පත්තුවේ ප්‍රතිරෝපණය ගැන Udaya Dewamulle සර්ගේ ඉල්ලීම මත සිදු කරන මේ ක්ශේස්ත්‍රයේ විද්වතුන්ගේ අදහස් එකතු කිරීමක්.

පලමු කාරණය, ලංකාව සහ ඉන්දියාවේ දකුණු ප්‍රදේශය ආසියාවේ bio hotspot එකක්. ඒ කියන්නේ ජීවී විවිධත්වය, ආවේණික ජීවී විශේශ අදික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඒ විවිධත්වයට හානි සිදුවන ප්‍රදේශයක්. ඒ හේතුව නිසා අපිට කරන්නන් වාලේ කිසිම වෙනස්කමක් පරිසර පද්දතියකට සිදුකර නොහැකි…

ලංකාව ප්‍රදානව කලාප තුනකට බෙදෙනවා, තෙත්, වියලි සහ අතරමැදි කියලා. ඒ ඒ කලාප වල ලක්ශන වෙනස්, ශාක විශේශ, ආවේණික විශේශ වෙනස්. අවුරුදු මිලියන ගනනක් තිස්සේ ස්වභාවික වරණයට ලක්වෙමින් තමා අද තත්වයට පත්වෙලා තියෙන්නේ. වන විනාශය කියන්නෙ මිනිස් බලපෑමක් වගේම නැවත වනාන්තර සිටුවීමත් එවැනිම ක්‍රියාවලියක්.

දෙවනුව, පොදුවේ විද්‍යාත්මක පසුබිම බලන විට, පරිසරය පද්ධතියක් සංවේදි, ඒ නිසා හායනයට ළක්ද් වූ පරිසර පද්ධතියක් පුනුරුත්තාපනය කරනකොට විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන එක වඩාත් වැදගත්. වනහරනයක් වූ තැනක ගස් සිට වූ පමණින් වනාන්තරයක් වෙන්නෙ නෑ. වසර තුන් හාරසියකින් පසු සංකීර්ණ ස්ථීර වනාන්තරයක් බවට පත් වෙන්න කාලයක් යනවා. ඒ නිසා මූලික අවස්ථාවේදි නිසි අධ්‍යයනකින් පසුව ප්‍රතිරෝපණය කරලා ශාක ස්ථාවර වන තුරු වසර ගණනාවක් අවධානය යොමු කරන්න ඕන.

ප්‍රතිරෝපණ ප්‍රදේශයේ පරිසරයේ භෟතික ලක්ෂණ,ජීවී විශේශ, පසේ ස්වභාවය, පසේ රසායානික ලක්ෂණ වගේ දේවල්, දේශගුණික ලක්ෂණ අධ්‍යනයේදී වර්ෂාපතන රටාවන්ගෙ ක්‍රියාකාරිත්වය පිළිබදව නිසි අධ්‍යනයක් කරන්න වෙනාවා. ඊළගට එන්න පුලුවන් අන්තර් මෝසමක් පමණක් ඉළක්ක කරමින් ප්‍රති රෝපණය කිරීම සුදුසු නෑ.

අනෙක් කාරණය රක්ෂිත ප්‍රදේශයට පවතින දුර ආසන්න බව වගේ සාධක සළකා බැලීම වැදගත්. ඒ අනුව ඒ පරිසර පද්ධතියේ සංවේදී බව හදුනා ගනිමීන්, පවතින ජීව ප්‍රජාවට හානී නොවන ආකාරයෙන්, පවතින ශාක විශේෂ වලට සමන්තරව, නිරෝගී ශාක තෝරා ගනිමින් වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතු අතර එය දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස වගකීමකින් හා වගවීමකින් යුතුව නිසි අධීක්ෂණයකින් සිදු කළ යුතුයි.

විල්පත්තුව සහ කුඹුක් ගත්තොත්,
කුඹුක් කියන්නේ ජල මූලාශ, ගංගා වැව් අමුණු ආශ්‍රිතව වැවෙන විශේශයක්. විල්පත්තුව පරිසර පද්දතියට වගේම කදුකර වනාන්තර ගත්තත් කුඹුක් කියන්නේ නොගැලපෙන ශාක විශේශක්. විල්පත්තුව විල්ලුවක් නිසා එහි වැඩි වශයෙන් තියෙන්නේ තෘණ වර්ග. විශාල වශයෙන් ශාක නැහැ. ඒ පරිසරික දේශගුණික සාදක වලට අනුවයි ඒ ඒ පරිසර පද්දතියක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ පරිසර පද්දතියකට නොගැලපෙන ශාක විශේශයක් හදුන්වා දෙනවා කියන්නේ එක්තරා ආකාරයකට ඒ පරිසර පද්දතියේ ජීවී විවිධත්වයට හානි කිරීමක්. කදුකර ජල පෝශක වනාන්තරයක හෝ බෆර් සෝන් එකක කුඹුක් සිටුවීම කිසිසේත් නොකල යුත්තක්. කුඹුක් ජල මූලාශ ආශ්‍රිතව හොදින් වර්දනය වන නිසා එය අනෙකුත් කදුකර ශාක සහ ආවේනික ශාක සමග තරග කර ආක්‍රමණික තත්වයක් දක්වා වර්දනය වීමේ හැකියාවක් තියෙන්වා. එවිට ඒ සම්පූර්ණ පද්දතියේම විනාශයට, ජීවීන් නශ්ට වීමට දේශගුණික විපර්‍යාස වලට ඒක හේතු වෙන්න පුලුවන්.

විල්පත්තු විල්ලුවක් නිසා වැඩි හරියක් තියෙන්නේ තෘණ භූමි. ඒ තෘණ භුමි තමයි අලි ඇතුළු විශාල සත්ව ප්‍රජාවකගේ අහාර සපයන්නේ. ඒවායේ විශාල ගස් වැවූනොත් ඉර එලිය බිමට පතිත වෙන එක අඩු වෙලා තෘණ වැවෙන එක අඩු වෙනවා. එහෙම උනොත් තෘණ බුදින සත්තුන්ගේ (primary consumers) ගහණය විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. primary consmers ලා අඩු උනාම ඊට ඉහලින් trophic level එකේ ඉන්න සත්තුන්ට අහාර හිඟ වෙනවා.
එහෙම උනොත් හාවා, මුවා ගේ සිට අලියා කොටියා දක්වා සත්තුන්ට බලපෑමක් වෙනවා.

කුඹුක් ගස් 2000 ක් නිසා අහිමි වෙන තෘණ භුමි ප්‍රමාණය කොච්චරද? සහ ඒ තෘණ භුමි වලින් සපයන අහාර ප්‍රමාණය කොච්චරද? ඒ නිසා බලපෑමට ලක්වෙන සත්තු වර්ග සහ ප්‍රමාණය කොච්චර ද කියන දේවල් සලකලා බලන්න ඕන.

අනික, විල්පත්තුව ඇතුළත ගස් 2000ක් හිටේව්වට ඒවා එකක්වත් වැවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.
සාමාන්‍යයෙන් කැලයක් තුළ තියෙන කුඹුක් ගසකින් ඇට ලක්ෂයක් විතර වැටෙනවා.එහෙත් පැළ වෙන්නේ එකක් දෙකක්.එක තමයි ස්වභාවික ක්‍රමවේද ය.එයට විවිධ දේ බලපානවා. විල්ලුවක් ජලජ පරිසර පද්ධතියක්. සරලවම කියනවා නම් එහි වැඩිපුර ඉන්නේ ජලජ හා අර්ධ ජලාබුද ජිවීන්. ජලජ පක්ෂින්. ඇතැම්විට එම ජලජ පක්ෂින් සිය ගණනක් එහි ලැඟුම් ගන්නවා. ඔවුන් විල්ලුවලට එන්නේ විශේෂ තත්ත්ව නිසා. ඒනිසා මෙවැනි අත්හදා බැලීම් මෙවැනි කලාපවල කිරීම අවශ්‍ය නැහැ.

විල්ලුවලත් ගස් තිබෙන ස්ථානවලත් දරා ගත හැකි ගස් ධාරිතාවක් තියෙනවා.ඒනිසා එය අපට අවශ්‍ය ලෙස වෙනස් කරන්න බැහැ.මෙහිදි වෙන්නේ මේ කුඹුක් ගස් 2000න් ඉතාම වැඩි ප්‍රතිශතයක් මිය යාම.පසුවිපරම් කිරීම අපහසු නිසා මේ තත්ත්වය තවත් ප්‍රබල වෙනවා.එක තමයි වනයේ නිතිය.
අනිත් කාරණය විනාශ නොවුණු වනයක් ඇතුළත ඇයි ගස් සිටුවන්නේ.විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුළතම තියෙනවා ප්‍රදේශ කිහිපයක්,මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වු.එහෙත් එම ප්‍රදේශවලත් මුල් අවස්ථාවේ තිබුනේ පතන් වනාන්තර.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ස්වභාවික පරිසර පද්ධතියක් නිසා ඒකේ ස්වභාවික චක්‍රයට අත පොවන එක හොඳ වැඩක් නෙමෙයි. පුලුවන්නම් ඔය ගස් හිටවන වැඩේ රිෂාඩ් බදුර්දීන් විසින් කපල දාපු විලත්තයිකුලම්, විල්පත්තුවේ ප්‍රේරක කලාපයේ හා අරැවක්කාලු ප්‍රදේශයේ ගස් සිටු විය හැකි සිටුවිය යුතු ස්ථාන ගණනාවක්ම තියෙනවා. ඒ නිසා එවැනි තැනක් බැලිය හැකි නම් වඩා වැදගත්….

ඒ ගැන දැනුවත් සංවිදාන හෝ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා යමක් කරන්න උත්සාහ ගන්න. මොකද යමක් නොකරනවාට වඩා කරන එක හොද නිසා. නමුත් අවබෝධයක් සහිතව එය කලයුතුමයි නොඑසේනම් වෙන්නේ අවැඩක්. #අපි_කල_යුතු_හොදම_දේ_හරි_විදියට_කරමු.

(මුලාශ්‍ර :- සුරකිමු ශ්‍රි ලංකා සංවිදානය.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )