ලංකාවේ උන් Google වල SEX සොයා 1 වීම පුදුම නැත.


ලංකාවේ උන් Google වල SEX සොයා 1 වීම පුදුම නැත. එය අපේ ජානවල එන දෙයක් නිසා ආඩම්බර වියයුතු කාරණයකි.

සාහිත්‍යයට අනුව මුලින්ම Animal-Human SEX ලොවට හදුන්ව දුන්නේ ලාංකික අපේම අයය. ඒ සිංහබාහු සහ සිංහසීවලිගේ පියා සහ මෑණියන් විසිනි.

මුලින්ම Brother-Sister SEX ලොවට හදුන්වා දුන්නේත් ලාංකික අපේ අයය. ඒ මව පියා අඩිපාරේ ගිය සිංහබාහු සහ සිංහසීවලීද ? නැතිනම් කුවේණියගේ දුව සහ පුතාද යන වග ගැන යම් විවාදයක් ඇත.

SEX කරන්නට ගොස් කෙල්ලෙක් නිසා ලෝකයේ මුලින්ම වලියක් දාගෙන මිනීමරුවෙක් වුනේ මාතර මල්ලිගේ නෑයෙක් වූ රාමා විසිනි. ඒ ලොව පලමු වරට විවාහක ගැහැණියක් උස්සා ලංකාවට ගෙන ආ රාවණා එක්ක ගියවලිය අවසානයේය.

රටවල් දෙකක් අතර මුලින්ම යුද්ධයක් ඇතිවුනේත් SEX කරන්නට රාවණා සීතා උස්සගෙන ආ නිසායි.

කාමසූත්‍රය නැමති ලොව මුල්ම SEX පොත ඉන්දියාවේ රචනා කර ඇත්තේ රාවණා විසින් සීතා පැහැරගෙන ආ පසු ඇය රැගෙන යන්නට ඔත්තු බලන්නට ආ හනුමන්තාගේ දෑස් වලින් අපේ රටේ දුටු එකගේ කෑම, බින්න බැසීම, අන්තප්පුර වල සිදුවූවායැයි කියන ගිනිවිච්චුම්බර දැකීමෙනි. හනුමන්තා අපේ රටටම ගිනිතිබ්බේ ඒ ඉරිසියාවට බව රාම පවා දන්නා රහසකි.

ලොව මුල්ම අසැබි චිත්‍රය ඇද ඇත්තේ ඉන්දියාවේ අජන්තා ගුහාවේ නොව ලංකාවේ සීගිරිය පර්වතයේය.

ඉතින් අපි SEX ලොවට හදුන්වා දීමේ පුරෝගාමීන් හැටියට ආඩම්බර වියයුතු මුත් ලංකාවේ වර්තමානයේ SEX ගැන තත්ත්වය අතිශයින් දුක් වියයුතුය.

නිල් චිත්‍රපට කර්මාන්තය ඇමරිකාවේ නොව ලංකාවේ තිබිය යුත්තකි. කෝටි ගණනක් විදෙස් විනිමය ලංකාවට ගෙනආහැකි මාර්ගයකි. එහෙනම් අපේ නංගිලා මල්ලිලගේ වැඩ කිඩ අනුව ඇමරිකාවට හුලන්‍ ය. තායිලන්තයේ මෙන් ගණිකා වුර්තිය නීතිගත කලානම් විදෙස් සංචාරකයන් කොච්චර දේශපාලන අර්බූද තිබ්බත් අපේ කෙල්ලන් කොල්ලන් හොයා ලංකාවට එනු ඇත. එහෙනම් අපිට නිවාඩුවකට යන්නට හෝටලයක් තියා මූදූ වෙරලක්, කැලෑවක්, දිය ඇල්ලක් ඉතිරි නොවන තරමට සංචාරකයන් ලංකාවට එනු ඇත.

නමුත් අපේ අවාසනාවකට ඒවා නීතියෙන් තහනම් කොට ඇත. පාසල් වල ප්‍රජණනය ගැන පාඩම් කියලා දෙන්නට ගුරුවරුන් කැමති නැත. මම නම් කියන්නේ කෙලින්ම ප්‍රැක්ටිකල් එක්කම ඒ පාඩම් අපේ අනාගතපරපුරට කියලා දියයුතුය. මොකද අපේ 2500ක ඉතිහසය සහ සාහිත්‍යය ඔවුන් දැන සිටිය යුතුමය.

රෝහණ කේ අමරකෝන්

One thought on “ලංකාවේ උන් Google වල SEX සොයා 1 වීම පුදුම නැත.

  1. madhuranga පවසයි:

    අවුරුදු 18 ඉක්ම වූ කෙනෙක් sex යන වචනය අන්තර්ජාලයේ සෙවීම වරදක් නොවේ. එය වරදක් ලෙස දකිනවා නම් ස්වයං වින්දනය ද වරදක් විය යුතුය. අනෙක් කරුණ නම් “sex යන වදන වැඩිපුර සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය” කී විට එහි තේරුම කුමක්ද? ලොව වැඩිපුරම ලිංගික අසහනයෙන් පෙලෙන මිනිස්සු වාසය කරන්නේ ශ්‍රී ලංකාවේ බවද? කිසිසේත් ම නැහැ.

    අසැබි දර්ශන නැරඹීමට භාවිත කරන එකම වචනය sex යන්න පමණක් නොවේ. erotica,porn,xxx ආදී වචනත් ඒ සඳහා බවිත කරනවා. ඇමෙරිකාව ආදී බටහිර රටවල් බොහෝවිට sex යන වචනයට වඩා වෙනත් වචන අසැබි දර්ශන නැරඹීමට භාවිත කරනවා.sex යන වචනය භාවිත කිරීමෙදි අපි ඉදිරියෙනි. නමුත් අසැබි දර්ශන නැරඹීමේදී වෙනත් රටවල් ඉදිරියෙන් සිටිනවා.

    animal human sex හෝ Brother-Sister SEX ගැන අපේ ඉතිහාසයේ සදහන් වෙන බව සත්‍යකි. නමුත් ඒ මීට වසර 2500 කටත් පෙර මිනිසා ශිෂ්ටත්වයේ බහ තෝරන අවධියකය. animal human sex මඟින් දරුවන් බිහිවීමද ෆැන්ටසියක් බව විද්‍යාව ගැන අල්ප දැනුමක් ඇත්තවුන් පවා දනිති.

    “රටවල් දෙකක් අතර මුලින්ම යුද්ධයක් ඇතිවුනේත් SEX කරන්නට රාවණා සීතා උස්සගෙන ආ නිසායි.”
    රාවණා විසින් සීතාව පැහැර ගත්තේ කාමය නිසා බව රාමායණයේ පවා සදහන් නොවේ. සීතාව පැහැර ගත් නමුත් රාවණා ඇයට කරදරයක් නොකළ බව ප්‍රකට කරුණකි.

    සාහිත්‍ය සාහිත්‍ය ලෙස දැකීමත්, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසීමත් වැදගත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )