ළමයි මහණ කිරීම


ළමයින් කිසිම දෙයක අතකොලුවක් නොවිය යුතුය. ආගමට සේම වෙළදදැන්වීම් ප්‍රචාරයට ද ළමයින් යොදා වැනිම යෝග්‍ය නොවේ. ළමයින් මුලික වශයෙන් ජීවත් විය යුත්තේ පවුල් පරිසරයකය. බුදුන්වහන්සේ ඉගැන්වීම අනුව දෙමාපියන් ළමයින්ගේ පූර්වාචාර්‍යවරු ලෙස හදුන්වනු ලැබේ. එසේම ළමයින්ට පාපී ක්‍රියාවලින් වැලැක්වීමත්,යහපතෙහි යෙදවීමත් දේමාපියන්ගේ වගකීමකි. මව්පිය සෙනෙහස නිසිපරි දී නොලැබීම පසුකාලීනව පෞර්ෂය ආබාධ ඇති කරනු ලැබයි. නිදසුනක් ලෙස ජාතක පාලියේ එන මහා පලෝහන ජාතකයේ කුමාරයා මව් සෙනෙහසින් තොරව වර්ධනය වී ලිංගික ඊර්ෂ්‍යාව ක්‍රියාකරන්නට පටන් ගනියි.

බුදුන්වහන්සේ චුල්ල පන්ථක තෙරුන්ට දක්වන ලද ආදරය සෙනෙහස මෙසේය. “භාග්‍යවතුන් වහන්සේ එතැනට පැමිණියේය. මගේ හිස පිරිමැදේය. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසු විය.” ථේරගාථාවල සදහන් වේ. උන්වහන්සේ කුමාර කාෂ්‍යප තෙරුන්ට ද පිතෘ සෙනෙහස පළ කර ඇත. යම් මිහිරි පළතුරක් ඇත්නම් මෙය කුමාර කාෂ්‍යට දෙන්න යැයි යැවීම බුදුන්වහන්සේගේ සිරිතකි. ආරක්ෂා නොමැතිව සිටි සෝපාකට පිළිසරණ වන විට ඔහුගේ වයස හතකි. අනාරක්ෂිත ළමයින් දෙදෙනෙකු මහණ කිරීමට බුදුන්වහන්සේ පසළොස් අවුරුදු වයස් නොවූ දරුවන් පැවිදි නොකළ යුතුබවට පණවා තිබූ නිතිය වෙනස් කොට කපුටෙකු පලවා හැරීමේ සමත් නම් පැවිදි කරන ආනන්ද හිමිට අවසර දී ඇත. මෙම ළමුන් දෙදෙනා දෙමාපියන් වසංගත රෝගයකින් මරණයට පත් වී ඇත. භික්ෂු සමාජයේ ගුරු ශිෂ්‍ය සබඳතාව පිය පුතු සබදතාවට සමාන කර ඇත.එසේම
බුදුදහම කලලයේ සිටම ළමයෙකු වර්ධනය වන ආකාරය හා කළ යුතු යුතු කම් රාශියක් දක්වා ඇත.

ළමයෙකු ශාරීරික වර්ධනයට අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ මෙන්ම මානසික වර්ධනය සදහා ද ලබා දිය යුතු දේ ඇත.

1. වැඩිහිටි ආදර සම්බන්ධතාව 
2. තමා ආරක්ෂා සහිතය යන හැගීම වර්ධනය වීම
3. කළහකාරී පරිසරවලින් වෙන් කර තැබීම
4. සුරතල් කිරීම සිනහවෙන් කතා කිරීම
5. බාහිර සමාජය ටිකෙන් ටික හදුනා ගැනිමට සැලැස්විම
4. සෙල්ලම් කිරීමට අවස්ථාව සැලසීම

ඉහත සදහන් සියලු අයිතිවාසිකම් ළමයිනට හිමි විය යුතු අයිතිවාසිකම් ලෙස බුදුදහම පිළිගන්නා බවට සාධක ත්‍රිපිටක තුළ සොයා ගත හැකිය.
ළමයිගේ අයිතිවාසිකම් ලෙස සැලකිය හැකි මෙම කරුණු ළමයින්ට ලබා දිය යුතුය.

(පුත්තා වත්ථු මනුස්සානං) මනුෂ්‍යන්ට වස්තුව වන්නේ දරුවන්‍ ය. එසේ නම් දරුවන් රැකගත යුතු වස්තුවක්මය. දරුවන්ට ආරක්ෂා සහිතම තැන තම පවුල ය. දෙමාපියෝ පූර්ව ආචාර්යවරුය. මවගෙන් පියාගෙන් ලැබෙන ආදරය රැකවරණය වෙන කිසිවෙකුගෙන් ලැබිය නොහැකිය.

ලෝකයේ දිලිදුකම,නුගත්කම නිසා දරුවන් අතරමං කර දැමීම,විකිණීම, මෙහෙකාර සේවයට ගැනීම, සමාජ අක්‍රමිකතාවලට යොදා ගැනීම, අතවරයන්ට ගොදුරු වීම, පොදු අධ්‍යාපනය අහිමි වීම, යුග ජීවිතය තුළ දරුවන්ට නිසි රැකවරණය නොලැබිම, මන්ද පෝෂණය වැනි උපදාව රැසකට ළමයා මුහුණ දෙමින් සිටියි. ආගමික නාමයෙන් ළමයින් හිංසනයට පත් විම ගැටලුවකි.

මෙකි කිසිදු හිසංනයකට පාත්‍ර නොවී පැවතීමටත්, සුරක්ෂිතව ළමයා සුරැකීම වගකිම් සහගත වැඩිහිටියාගේ මෙන්ම ආගමික නායකයන්ගේ ද යුතුකමයි. ආගම සංස්කෘතිය රැකීමට ළමයා භාවිතා කරනවා වෙනුවට ළමයා සුරක්ෂිත කිරීමට ආගමෙහි ආධ්‍යාත්මික සංකල්ප උපයෝගී කර ගත හැකිය. බුදුන්වහන්සේ මහණ කිරීම වයස පහළවේ සීමාමට සීමා කර තිබී, විශේෂ හේතුවක් නිසා කපුටන් එලවන ළමයින් දක්වා සීමාව පහත හෙලා ඇත. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව වයස 18 දක්වා ළමයෙකු බව පිළිගනු ලබයි. ඒ අනුව වයස දහ අටෙන් පසුව තම කැමැත්ත පරිදී මහණ වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසනු හැකි නම් සසුනේ චිර පැවැත්මට එය හේතුවක් වනු ඇත. එනම් සැබෑ ලෙසටම අවශ්‍යතාව සහිත වැඩිහිටි තරුණයන් සසුනට පිවිසෙනු ඇත. රාජ්‍ය පාලන නිතීවලට අනුකූල විය යුතුබව විනය පිටකයේ තිබෙන නිසා එම ප්‍රතිපාදන සහිතව මෙම සීමා පැමිණ වීම කළ හැකිනම් බුදුදහම තුළ ඇති මානුෂවාදී සවභාවය ලොව පුරා තව තවත් පැතිරෙනු ඇත.

විශේෂ අවශ්‍යතා මත ස්වකීය කැමැත්තෙන් ළමයෙකු සසුන්ගත විමට කැමැති නම් එම සසුන් ගත වන ස්ථානයේ ළමයෙකුට අවශ්‍ය කරන ආදරය සෙනෙහස සුරක්ෂිතභාවය ඇති තැනක් බව හදුනාගෙන වගකීම් සහගතව කළ හැකි ස්ථාන වලට විශේෂ අවසරයක් ලබා දිය හැකිය. එබදු ස්ථාන නිබදවම පරික්ෂවට ලක් කළ හැකිය. මෙලෙස විදිමත් කිරීම තුළින් පහසුකම් නොමැතිව පවත්වා ගෙන යන පුහුණු මධ්‍යස්ථානවල සිටින සාමණේර හාමුදුරුවරු විදිමත් ආයතනවලට යොමු කළ හැකිය. ආයතන පවත්වා ගැනීම සදහා ළමයි නොව ළමයි උදෙසා ආයතන බිහි විය යුතුය. මන්ද ලංකාවේ හා ලෝක පූජීත විද්වතුන් පන්සල් ඇසුරි බිහි වී ඇත. එසේ බිහිවන්නන් පසුපස ශික්ෂණයෙන් යුතු භික්ෂූන් බිහි කිරීම සදහා වූ සුවිශාල පසු බිමක් තිබී ඇත. ලංකාවේ බොහෝ දෙවල්වල්ට ප්‍රමිතියක් නොමැති සේම බොහෝ පුහුණු ආයතනවල ද ප්‍රමිතීන් නොමැත.

කිසිදු ප්‍රමිතියකින් තොරව වෙනත් අවශ්‍යතාවන් මුල් කර ගෙන ළමුන් සසුන් ගත කිරීම වැලැක්විය යුතුය. මෙය භික්ෂුවන්ගේම වරදක් නොවේ. පන්සලේ හාමුදුරුවරු අඩු නම් දායකයන්ම පැමිණ කවුරු හරි ඈත පළාතක ළමයෙක් මහණ කර ගත්ත නම් හොද බව කියයි. නමුත් ඔහුගේ හෝ ඇයගේ ළමයා ඒ සදහා දන් දීමට සූදානම් නැත. දුප්පත්කම අසරණකම මතින් තමාගේ පන්සලේ පාලු මැකීමට දායකයෝ මෙම යෝජනා කරයි. දාන පාංශුකූල පිරිත් පිංකම්වලට භික්ෂූන් මදි වන විට ද යමක් කමක් ඇති දායකයන්ට දුප්පත් ළමයින්ට පිහිට වීමට මහණ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරයි. කවුරු හෝ ළමයෙක් මහණ කරන ලෙස භික්ෂූන් පොළබවයි. තමාගේ ළමයා ගෙදරින් පිට දවසක් වත් තැබීමට අකැමැති මිනිස්සු සසුන රැක ගැනීමට හා තම ආගමික කටයුතු ටික කර ගැනීම සදහා ළමයි මහණ කිරීම සාධාරණීකරය කරයි. මෙබදු අවස්ථාවල භික්ෂූන් ද අසරණ වී එම යෝජනාවලට කැමති වෙයි.

එසේම අසරණ ළමයින්ට පිහිට වීම සදහා වෙනම බෞද්ධ ආයතන පිහිටුවා එම ළමයින්‍ට පිහිට විය හැකිය. ආගමික නායකයන්ගේ හා සමාජයේ සමාජ වගකීම මත ළමා අයිතිවාසිකම් සුරැකෙන පරිදි කට යුතු කරන නව වැඩ පිළිවෙලකට යායුතු කාලය බෞද්ධ සමාජයට පැමිණ ඇත.

ප්‍රමාණයෙන් කුඩා වුවද, ඒ නිසාම අවදානයට ලක් නොවූව ද ලෝකයේ හෙට දවස ගොඩ නැගෙන්නේ ළමා පරපුරෙනි. මිනිසාට හෙට ගොඩ නැගෙන ලෝකය සුවදායක එකක් වන්නේ කයින් හා මනසින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් බිහි වීමෙන් පමණය. ඊට ඇති සියලු බාධක නැති කිරිම වැඩිහිටි අපි සැමගේ වගකීමකි.

ලිපිය උපුටාගැනීම යටලමත්තේ කුසලානන්ද හිමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )