ඉතිහාසයෙන් කටු ගෑ දැමු මිනිසෙක්


එදා 1967 වර්ෂය ශ්‍රි ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් එක් කරන ලද දිනයකි..

අප ඉතිහාසය තුළ කලාවේ, චිත්‍ර කලාවේ තිබූ විශිෂ්ඨ බවට කළු පැල්ලමක් එක් කරන ලද වර්ෂයකි. අප ප්‍රෞඪ ඉතිහාසය ලෝකයට මනාව පෙන්වූ කලා සිතුවමක් ලෙස සීගිරි බිති සිතුවම් පෙන්වා දිය හැකිය..

නමුත් 1967 වර්ෂයේ ඔක්තොම්බර් 15 වෙනිදා ඒ ඉතිහාසය වෙනස් වන්නට විය.. කිසියම් පුද්ගලයෙකු විසින් සිගීරි බිතිසිතුවම් විනාශ කර ඒවාට තාර අලේප කර තිබුනි.. නමුත් එය කවුරුන් විසින් කුමන හේතුවක් මත කළාද යන්න අදටත් අභිරහසකි..

සිගිරිය ඒ වන විටත් යුනේස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබුනි.. සිතුවම් වලට සිදු වී තිබු විනාසය අතිමහත්ය.. අපේ රටේ පුරාවිද්‍යා අංශයේ නොමැකෙන මතකය වූ සෙනරත් පරණවිතාන මහතා ඒ වන විටත් එම ස්ථානය ට ළගා වී සිදු විනාශය පිළිබදව සොයා බලා කටයුතු කරන්නට විය.. මෙය වහා පිළිසකර කළ යුතු විය, නමුත් එයට අවශ්‍ය දැනුම හා තාක්ෂණික ශිල්පය ඇති කිසිවෙක් ලංකාව තුළ එකල නොසිටියේ ය..

පරණවිතාන මහතාට කළ හැකිව තිබුනේ විදෙස් රටක සහය පැතීම පමණි.. ඒ අනුව එකළ සිතුවම් පිළිබදව සිටි විශිෂ්ඨ ආචාර්යවරයෙකු වූ ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට කැද විය.. ඔහු නොපමාව ශ්‍රී ලංකාවට පැමිණියේ මේ බිතිසිතුවම් පිළිබදව ලෝව පුරා ඇති කීර්තිය නිසාවෙනි. ඔහු තම රාජකාරි කටයුතු ආරම්භ කරුවේ ය..

එකල මේ සිදු වීම භාරව සිටියේ ආචාර්ය. ඒ.සි ගොඩකුඹුර මහතායි. ආචාර්ය ලූසියානෝ ගේ සහය සදහා රාජා ද සිල්වා මහතා සහ ඔහුගේ තාක්ෂණික ශිල්පින් පිරිසද ආවේය. 1967 නොවැම්බර් 04දින තම සේවය උපරිමයෙන් ඉටු කල ලූසියානෝ මරාන්සි මහතා තම රාජකාරිය අවසන් කොට ඉතිරි වැඩ කටයුතු රාජා ද ඩයස් මහතාට භාර දී දිවයිනෙන් පිටත් වී ගියේ ය..

මා මාතෘකාවේ සදහන් කල ඉතිහාසයෙන් කටු ගෑ දැමූ පුද්ගලයා ලූසියානෝ මරන්සි මහතා ය.. අද අපට ඔහුව මතක නැත, සිගිරි බිති සිතුවම් දෙස බලා සතුටු වන අප ඒ සිතුවම් අද ඒ තත්ත්වයට ගෙන එමට කැප වුනු පුද්ගලයන් පිළිබදව කතා කරන්නේ නැත.. මන්ද අප ඉතිහාසය සෑම විටම පෙන්වන්නේ ශුද්ධ වූ බවක් නිසාය.. අප ඉතිහාසයේ කළු පැල්ලම් අතු ගා දමාය.. ඒවාගෙන් අපට ඉගෙනීමට දෙයක් නැති කර අවසන්ය..

ආවාර්ය ලූසියානෝ මරන්සිගේ දායකත්වය අප ඉතිහාසයෙන් අතු ගා දමා අප එය කළ බවට ලෝකයාට පෙන්වීමට ගත් උත්සහයන් ද ඇති බව පැවැසිය යුතුය.. ඔහුගේ ආගමනයෙන් පසු සිගිරියේ සැගවී තිබූ තවත් සිතුවම් සොයා ගැනීමට හැකි වි තිබේ.. අද ඔවුන්ගේ කැපවීම මත 5 සියවස දක්වා ඇදී යන මේ සිතුවම් අප තවමත් රස විදින්නෙමු..

ලිපිය : ඩිලීප සංජය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )