රනිල් අපි අවධියෙන්


රනිල් වික්‍රමසිංහ මහත්තයා ආයෙත් පාර්ලිමේන්තුවේ ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරනවා දැක්කා. කවුරුවත් ඒ බොරුවට ඒ වෙලාවේ උත්තර දෙනවා නම් දැක්කෙ නැහැ.

මොකද්ද රනිල් මහත්තයා කියන්නේ.

පලමු ගොනාට අන්දන්න කතාව

2018 ඔක්තෝබර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 7900 ක් තිබ්බා. ඒක බිලියනයකින් අඩුවෙලා දින 51 දී

මොකද්ද ඇත්ත

2014 දෙසැම්බර් වල විදේශ සංචිත ඩොලර් මිලියන 8300 ක් තිබ්බා. ඒ 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට එනවිට තිබුන ඩොලර් මිලියන 2,300 ය වසර 9 ක් තුල ඩොලර් මිලියන 6000 කින් වැඩි වීමක් .

වසර 9න් 4 1/2 ම් මේ රටේ යුද්ධයක් තිබුනා. එසේ තිබිලාත් වසරකට ඩොලර් මිලියන 667 කින් සංචිත වැඩිවෙලා

මේ අවම වේගයෙන් ගියත් රනිල් බලයට නාව නම් අද වන විට විදේශ සංචිත ඩොලර් මිලියන 10,968 ක් විය යුතුයි.

ඉතින් කාටවත් මතක් උනේ නැද්ද අහන්න කොහොමද තිබුන ඩොලර් මිලියන 8,300 ත් 7,900 ට බස්සා ගත්තේ .

10,968 -7900 = 3068

බිලියන 3000 කට වඩා පිටිපස්සෙන් වැඩ බැරි රනිල් මහත්තයා.

දෙවන ගොනාට අන්දන්න කතාව

මේ අවුරුද්දේ ඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් ගෙවන්න ඕනේ. මේ ඒ කාලෙ ගත් ණය

මොකද්ද විපක්ෂය මතක් කල යුතුව තිබුනේ

2015 මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉදිරිපත් කල මාධ්‍ය නිවේදනය අනුව 2019 ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 4400 යි

ඒ මුදල ඩොලර් මිලියන 1500 කින් වැඩිකරගෙන තියෙන්නේ මේ අවුරුදු 4 දි නෙමෙයිද ?

අපි අවධියෙන්. ඒ නිසා බොරු කියන්න එපා.

Advertisements

One thought on “රනිල් අපි අවධියෙන්

  1. zercorn පවසයි:

    විදේශ සංචිත එහෙම අවම වේගයකින් ගියත් මෙච්චර වැඩි වෙන්න කියන්න ඒක ගහක් වගේ දළු දාන දෙයක් නෙවෙයි. අනෙක් අතට ලංකාවේ 2015 ට කලින් රාජ්‍ය ණය ගත්ත විදිහේ ප්‍රශ්න ගැන විගණකාධිපති 2018 පෙබරවාරිවල වගේ ප්‍රශ්න කරනවා. මොකද රජය රජයේ බැංකු හරහා දාලා ණය ගත්තම ඒක රජයේ සෘජු ණය ලෙස පෙන්වන්නේ නෑ. එනිසා 2015 මුදල් ඇමතිගේ ප්‍රකාශය හා දැන් වෙනස දැන් ගත්ත ණය විදිහට කියන එක ප්‍රායෝගික නෑ.
    ඔක්තෝම්බර් වල සංචිත අඩු වීම ගැන කතා කරන්න ආවත් ඒක මඟ අරින ඔයාට පේන්නේ නෑ ඒක් අඩු වුනේ එකක් විදේශීය ආයෝජකයින් රටේ අවිශ්වාසය නිසා මුදල් ඉවත් කර ගැනීම නිසා හා රටේ සංචිත කඩා වැටෙන රුපියල ශක්තිමත් කරන්න ගිහින් ඇණ ගත්ත නිසා කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )