නිකසළ ලංකා – ජාතික කසළ පිරිසිදු කිරීමේ දිනය ගැන


මම පහුගිය අවුරුද්දට 6 වෙනි වතාවටත් දෙසැම්බර් 15 අවාරේ සිරීපාදේ ගිහින් කසළ පිරිසිදු කිරීම කරලා ආවට පස්සේ කල්පනා කලා එක දවසකදි මෙහෙම පොඩියට සුද්ද කලා කියලා කුණු අස් කරන 50-60 ත් එක්ක බුකියේ 1000ක් විතර දැනුවත් උනාට කිසිම තේරුමක් නෑ මොකද මුළු රටක ජනතාවක් එක්ක බැලුවාම 1000ක් දැනුවත් උනා කියන එක රටේ කසළ ප්‍රශ්ණයට දැනෙන්නේ වත් නෑ.

අපි අවුරුද්දක් ඇතුලත සිරිපාදෙන් විතරක් ටොන් 3ක් කසළ සුද්ද කලා. වෙරළ පිරිසිදු කිරිම් 14 කින් ටොන් 15ක් කසළ පිරිසිදු කලා. ඒ වැඩ වලට 1000ක් විතර සම්බන්ධ උනා. බුකියෙන් තවත් 10000ක් විතර දැනුවත් වෙන්න ඇති.

ඒත් 10000ක් දැනුවත් කරනවට වඩා අපිට ලංකාවේ කසළ ප්‍රශ්ණය ගැන රටම එකපාර දැනුවත් කරන විදිහක් නැද්ද කියලා කල්පනා කරද්දි තමයි කල්පනා උනේ රටේම මිනිස්සු එකතු වෙන දවසක කසළ පිරිසිදු කිරීමක් කරන්න පුළුවන් නම් මුළු ලංකාව පුරාම දාස් ගානක මිනිස්සු පිරිසක් මේ වැඩේට සම්බන්ධ වෙද්දි තවත් ලක්ෂ ගාණක් මේ වැඩේ දිහා බලලා හැදෙයි දැනුවත් වීම හරහා කියලා.

එහෙනම් කවද්ද හොදම දවස කියලා හිතද්දි තමයි මතක් උනේ නිදහස් දවස රටේ හැමෝම එකතුවෙන දවසක් වගේම රටටම නිවාඩු දවසක් නිසා රටේ මිනිස්සුන්ගේ ජාතික හැගීම රටම සුද්ද කරන හොද වැඩකට යොමු කරන්න මේක හොදම අවස්ථාව කියලා.

පස්සේ මම මේ අදහස දෙසැම්බර් 15 සිරිපාදේ වැඩේ එක්ක සම්බන්ධ උන පැතුම් අයියාට (Pathum Kerner) කිව්වේ. එයා එක පයින්ම කැමති උනා. එයා තමයි කිව්වේ රුවන් අයියාගෙන් (Pathiranage Ruwan) අහලා බලමු එයත් මේ වැඩේට කැමතිද කියලා. රුවන් අයියා කිව්වේ එකම දෙයයි “මල්ලි රට වෙනස් කරන වැඩක් මේක අපි කරමු”

එදායින් පටන් ගත්ත වැඩේට අපි පොඩි නීති ටිකක් දාගත්තා
1. කිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධ නොකරගන්න
2. කිසිම මාධ්‍ය ආයතනයක අනුග්‍රහකත්වයක් නොගන්න
3. අපි මූලික වෙච්ච ආයතන වෙන වෙනම නම් වලින් නැතුව ” නිකසල ලංකා – Garbage Free Lanka” කියන නමින් මේ වැඩේ කරන්න
4. අපිට සහය වෙන ඕනිම ආයතනයකට එයාලගේ නම මුල් කොට අපේ නම “නිකසල ලංකා” එයාලට කැමතිනම් විතරක් දාගන්න දෙන්න

දෙසැම්බර් 17 අපි අපේ නිකසළ ලංකා පේජ් එක හදලා පටන් ගත්ත වැඩේට තාම ලයික් 350ක් වත් නෑ. අපි ලයික් බලාගෙන ඒක හැදුවෙත් නෑ. නමුත් පෙබරවාරි 4 වෙද්දු අපිට රටේ තැන් 670ක් එකතු කරගන්න අපේ යාලුවෝ උදව් කලා. ජනවාරි 29 ඉදලා පෙබරවාරි 10 වෙනකන් රට පුරාම අපේ වැඩේ යනවා.

අපිට උදව්වට රාජ්‍ය ආයතන , පලාත් පාලන ආයතන වගේම පුද්ගලික ආයතන සහය දුන්නා. හැබැයි අපි ඔවුන්ට කිව්වේ අපිට මුදල්වත් වෙන කිසිම දෙයක් එපා. ඔයාලා කසළ පිරිසිදු කරන දවසට ස්වෙච්චාවෙන් එන පිරිසට කසළ එකතු කරන්න පහසු වෙන්න බෑග් එකක්, අත් ආවරණයක් මූලිකව දෙන්න. ඊටත් වඩා උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ අයට බොන්න වතුර ටිකක් කෑම ටිකක් දෙන්න කියලා විතරයි.

අපි ජනවාරි මුල ඉදලා රටේ අස්සක් මුල්ලක් නෑර අපිට සහය දෙන්න ඉදිරිපත් උන කණ්ඩායම් එක්ක අදාල පලාත් පාලන ආයතන සහ කසළ ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනවලට ලියුම් ලියලා එයාලගේ උපරීම සහය ගන්න කටයුතු කලා.

අපි කරන වැඩේ ගැන දැනගෙන රූපවාහිනි, ගුවන් විදුලි, පත්තර, සමාජ ජාල පිටු අපිට කතා කරලා අපේ “ජාතික කසළ පිරිසිදු කිරීමේ දිනය” ගැන රටටම කිව්වා. ඇත්තටම කිව්වොත් එයාලා අපි හොයාගෙන ආව අපිට සහය දෙන්න.

අපිට ලොකුම හයියක් උන හෙලකුරු (Helakuru) ඇප් එක ගැනත් කතා නොකරම බෑ. මොකද ඒක භාෂා (Bhasha)ලංකා සමාගමට අයිති එයාලගේ වානිජ මෘදුකාංගයක්. ඒකේ මොඩියුල් එකක් අපිටම වෙන් කරල දෙන්න තරම් ධනික අයියා (Dhanika Perera) නිහතමානි උනා. සනෝජ් (Sanoj Siriwardana) එයාගේ ටීම් එකත් එක්ක මුලු බරම කරට අරන් අපේ වැඩේට ඕනි විදිහට ඇප් එක හැදුවා. අන්න එහෙමයි ලංකාවේ මුල් වරට අපේම ඇප් එකකින් රටටම හෙලකුරු ඇප් එක භාවිතා කරන අයට තමන්ගේ ලගම තියන කසළ පිරිසිදු කිරීමේ ස්ථානය ගැන දැනුවත් කලේ. ඊට අමතරව ඔවුන් අපිට අපේ ” National Garbage Clean Up Day – ජාතික කසල පිරිසිදු කිරීමේ දිනය ” ලෝගෝ එකත් හදලා දුන්නා බෑනර් එකත් හදලා දුන්නා.

අපේ වැඩේ ගැන කිව්වාම රටේ ප්‍රසිද්ධ නළුවන්, ගායකයින්, ක්‍රීඩකයින් එයාලගේ සහය අපිට දෙන්න ඉදිරිපත් උනා. එයාලා අපි වෙනුවන් රටට කතා කලා. ඒ දිරිගැන්වීම් සියල්ල හමුවේ මහ පවුරක් වගේ අපේ රටේ පරිසර හිතකාමී මිනිස්සු එකට එකතු උනා.

අපි දැක්කා ගාල්ලේ කොහොමද නගරය සුද්දකලේ කියලා. අපි හිතුවා නුවර වැඩෙත් එහෙමම උනොත් අපිට මේ රටම එකතු කරන වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන් කියලා. ගාල්ලෙයි නුවරයි ඒ පිරිසිදු කිරීම් දෙක කරන්න දායක වෙන්න අපිට බැරි උනාට ඒ වැඩේ සංවිධානය කරපු ආයතන වලට ගොඩාක් ස්තූති වෙන්න ඕනි එහෙම දෙයක් කරලා රටේ මිනිස්සුන්ගේ ඇස් පෑදුවාට. අපි ඒ දේ කියන්නේ අපේ හදවතින්ම.

පෙබරවාරි 4 වෙද්දි රට පුරාම අපි සංවිධානය කරපු 670 වට අමතරව තවත් 100ක් විතර වැඩසටහන් විවිධ ආයතන එකතුවෙලා සංවිධාන කරලා තිබ්බා. අපි හැමෝම එකතු උනේ එකම අරමුණකට කියලා නිහතමානි සතුටක් දැනුනා අපිට.

හොදම දේ තමයි දෙසැම්බර් 17 ඉදලා පෙබරවාරි 4 වෙනකන් පැතුම් අයියත් මමත් රුවන් අයියත් එකට මුණ ගැහෙන්න ලැබුනේ නෑ. අපි තුන්දෙනා මුල්ම වතාවට හම්බ උනේ පෙබරවාරි 4 හවස ගෝල්ෆේස් එකේ කසළ පිරිසිදු කිරීමත් ඉවර වෙලා. අපි තුන්දෙනා එකිනෙකා වැලදගෙන සුබ පතාගත්තා රටවල් දෙකක ඉදලා මූනට මුන නොගැහි රටක් ලස්සන කරන්න වෙච්ච මහන්සියේ ප්‍රතිඵල දැකලා.

දැන් පෙබරවාරි 4 රටම සුද්ද කරපු “ජාතික කසළ පිරිසිදු කිරීමේ දිනය” කියන ළමයාගේ උප්පැන්නේට නම දෙන්න පියවරු ගොඩයි.

කමක් නෑ. ඒ එයාලගේ ආසාව. ඒත් ඒ ආසාව විතරක් ඉෂ්ඨ කරගන්නේ නැතුව දැන් මගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක රිපෝට් කරන එකත් එයාලා කරන්න පටන් අරන්.

ෆේස් බුක් එක නැති උනාට මගෙන් රටට වෙන්න ඕනි සේවය කරන්න මට තව ඕනි තරම් විධි තියනවා. ඒ නිසා ලාබ සතුටක් අරගන්න පුළුවන් නම් මාව බුකියන් අයින් කරලා දාලා ඒ අයට ඒ සතුට ගන්න මම දෙනවා.

හැබැයි මම ආය එන්නේ තවත් ලංකාව හොල්ලන වැඩකින්. ලංකාවට මාව එපානම් මම වෙන දුප්පත් රටකට ගිහින් ඒ රට හරි හදනවා.

මට ගුරුහරුකම් දීපු මට වැටෙන්න නොදී අල්ලන් හිටපු පැතුම් අයියාටත් රුවන් අයියාටත් බොහෝම ස්තූතියි.

රෝහණ කේ අමරකෝන්
නිකසල ලංකා – Garbage Free Lanka

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )