බිග් මැච් පෙරඩ් ඕනමද?


බං බිග් මැච් වලට පෙරඩ් ගිහින් වියදම් කරන සල්ලි දැක්කාම මට නිකන් හිතුනේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන ඉහලටම ගිය උන් ඔය පෙරඩ් වල කාලෙ කන්න එන්නේ නෑ උන් එන්නේ කෙලින්ම මැච් එක බලන්න.

පෙරඩ් වලට ලොකු පොශ් වාහන ඇත්තටම අයිති උන් එන්නෙ ආදිශිෂ්‍ය සංගමේ උන්ගේ වදේට. අනිත් වාහන ඔක්කොම රෙන්ට් එකට අරන් එන්නේ.

දැන් අලුත්ම කෙරුවාව අර තොරන් බං පෙරඩ් එකට අරන් එන එක. ඔයයන පෙරඩ් එකට කොච්චර සල්ලියක් නාස්ති කරලා බලා පොරොත්තු වෙන්නේ ඉස්කෝලේ නම බබලවන එක කියලා හිතාගෙන හිටියාට ඔය කෙටිකාලීන ප්‍රසිද්ධියට අපරාදේ වෙන මහන්සිය සහ රටේ මිනිස්සුන්ට කරන පාඩුව කාලය සහ ශ්‍රමය අතින්.

ඔය ඉස්කෝල වලට කොච්චර එනවද ආර්ථිකව දුප්පත් ලමයි. අන්න උන්ට ඔය වියදම් කරන සල්ලි වලින් උදව් කලානම් උන් ඉහලට ඉගෙන ගෙන ඉස්කෝලෙ නම තවත් බබලවයි ලොකු කාලයක්.

ඒක මේ දවසක් පාරේ බාල් නැටුවා කියලා. කොල්ලෝ පොන්නයෝ වගේ ඇදගෙන පෝස්ටර් උස්සන් පාරේ යන කෙල්ලොන්ටයි ගෑනුන්ටයි කුණුහරුප කියාගෙන කෙල්ලන්ගේ ඉස්කෝලවලට පැනල අලාභ හානි කරලා පාරෙ යන මිනිස්සුන්ගේ කාලය කාලා දාලා කරන විනාසෙට වඩා කොච්චර උතුම්ද?

ඔය පෙරඩ් කරන මගේ ඉස්කෝලේ ඇතුළු හැම පෙරඩ් යන ඉස්කෝලයකටම කියන්නේ. පෙරඩ් යන්න කලින් ඉස්කෝලේ අඩුපාඩු ටික හදාගෙන පුළුවන් නම් අවුරුද්දකට සැරයක් ඉස්කෝලෙ ලමයින්ගේ දෙමව්පියන් ආදිශිෂ්‍ය සංගමය එකතු වෙලා ලමයින්ගේ කලා හැකියාවන්, නව නිපැයුම් පෙන්නන්න හොද ප්‍රදර්ශනයක් සංවිධානය කරලා අනිත් මිනිස්සුන්ට රටට ඔයාගේ ඉස්කෝලේ ලමයින්ගේ දක්ෂතා පෙන්නන්න ඉඩක් දෙන්න.ලාබ ප්‍රසිද්ධියට වඩා ගොඩාක් වටිනව ඒක.

රෝහණ කේ අමරකෝන්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )