මහා බාධක කොරල්පරය මියයාම අපට බලපාන හැටි


කොරල් පරය මැරිච්ච් එක සමහර මෝඩ මිනිස්සුන්ට නම් නොතේරුණාට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන අනිත් මොලේ තියන අයට දැන ගන්න තේරුම් ගන්න සරලව කියලා දෙන්නම්.

කොරල් පර කියන්නේ කුඩා ජීවීන් මිලියන ගණනක එකතුවක්.

එයාලාට ඉන්න පුළුවන් ඉර එලිය වැටෙන ගැබුරකින් සහ මුහුදු ශාක වැවෙන්න පුළුවන් පරිසරයක. මොකද කොරල් වර්ධනය වෙන්න ඔක්සිජන් යම් තරමක් ඕනි.

කොරල් උෂ්ණත්වයට සංවේදී. උෂ්ණත්වය අඩු උනාමත් වැඩි උනාමත් එයාලාගේ ජීවීන් මැරෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලිය මුහුදු උණුසුම ඉහල ගිහින් තියන මිසා තමයි කොරල් වලට ඒ උණුසුම දරාගත නොහැකිව මැරිලා තියෙන්නේ.

කොරල් මැරුණා කියන්නේ මුහුදු ශාකත් මැරිලා කියන එක.

ඒ කියන්නේ එ පරිසරය තුල මාලුන්ට ජීවත් වෙන්න බෑ කෑම නැති නිසා. ඒ කියන්නේ මුහුදු ජීවීන්ගේ ජීවන චක්‍රයට බලපාන නිසා මුහුදු ජීවීන් ගහනය අඩු වෙනවා කියන්නේ පරිසරය සමතුලිතතාවයට ලොකු බලපෑමක් වෙනවා.

මුහුදු ජලයේ උෂ්ණත්වය වැඩි වීම කියන්නේ ඇන්ටාක්ටිකාව තුල වගේම ආක්ටික් වලට යන උණුසුම් දිය වැල් වැඩි වෙනවා.

ඒ කියන්නේ ඒ අයිස් දියවෙලා මුහුදට එක් වෙනවා.

ඒ කියන්නේ මුහුදු මට්ටම ඉහල යනවා.

ඒ කියන්නේ පහත් බිම් යට වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉන්න තැන් නැතිවෙනවා මුහුදු බඩ ප්‍රදේශ වල ඉන්න අයට.

කොරල් මැරෙන එක පොඩි දෙයක් වගේ පෙනුනාට පිටිපස්සේ තියෙන කතාව හරි භයානකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )