සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත


අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..

කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ටෙ‍්‍රිනින් එකක් කවර් කරන්න ඔ්න..ඔ්කට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඔ්කේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..

සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..😂

අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

මට ඒ දවස්වල ඔ්ව දැකල හිකෙන් පුනා…🤣

Janaka Hewage

3 thoughts on “සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත

  1. Asa පවසයි:

    කකුල් මස් කපලා ගන්න මුලින් කිරලා ගාන කියනවා පස්සේ කෑලි කපලා දෙන කොට ග‍්‍රෑම් 150 – 200කට වඩා විතර අඩුවෙනවා. ඒ කියන්නේ කෑල්ලක් දෙකක් විතර හංග ගන්නවා කියන එකයි. එක්කෝ සේවකයින් ගෙවල්වල අරන් යනවා. නැත්නම් ආයතනය විසින්ම හොර කරනවා.

  2. රංග පවසයි:

    ‘.ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා ..’

    මුදල් හදල් තියෙන අය ගැන පුදුම ඇරියස් එකකින් වගේ නේද ඉන්නේ? පව්. අර මීට කලින් තිලක් සේනසිංහ කියලා කෙනෙකුත් මේ වගේ දෙයක් ලියලා නාගත්තේ. පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකෝ. අනික් මිනිස්සු කාර් එකේ එනවද, සෙන්ට් ගහනවද, ඉංග්‍රීසි කතා කරනවද, දෙමල කතා කරනවද කියන එක තව කෙනෙක්ට මොකද?

    • මේ සහෝදරයා මටත් කාර් තියනවා ඇති තරම් සල්ලි තියනවා. මට කිසිම ඇරියස් එකක් නෑ සල්ලි තියන මිනිස්සු එක්ක.

      මම නෙවෙයි මේ පෝස්ට් එක ලියපු කෙනා අදහස් කරලා තියෙන්නේ සල්ලි තියෙන නිසා හැමදේම ලේසියෙන් කරගන්න හදන පොශ් අයට වෙන දේවල් ගැන.

      අනික පෝස්ට් එක තියෙන්නේ සුපර්මාර්කට් වලින් කරන වංචාවක් ගැන.

      ඒ නිසා හද පෙන්නුවාම අත බලන කෙනෙක් වෙන්න එපා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )