ටැබ් දෙන්නට පෙර


අකිල ඔයා ටැබ් දෙන්න කලින් මෙන්න මේ බරපතල වැරදි ටික හදලා හරියට පොත් ටික දුන්නා නම් මේපාර ගෙදර යන්න වෙන්නේ නෑමෙම වසරේ 3 ශ්‍රේණියේ ඉංග්‍රීසි වැඩ පොත ලිවීම් පොත හා පෙළ පොත යන පොත් තුනම දෝෂ සහිත වීම නිසා රුපියල් පනස් ලක්ෂ හැත්තෑ දෙදහසක් වටිනා පොත් විසිහත්දහස් දෙසිය හැත්තෑපහක් භාවිතයෙන් තොරව ඉවත්කිරීමට සිදු වී ඇත.එමෙන්ම මෙම වසරේ දී කොළඹ ප්‍රදේශයේ පාසල් එකොළහකට ප්‍රමාණය ඉක්මවා පෙළ පොත් 10545ක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර නිකුත් කරනු ලැබ තිබේ.මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි. එම වාර්තාවට අනුව මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි තුන්සිය පනහක් පමණ වටිනා පොත් වර්ග 419ක පිටපත් කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ඇමැති මණ්ඩලය ප්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව රාජ්‍ය ආයතන දෙකකින් හා පෞද්ගලික මුද්‍රණකරුවන් විසිහත් දෙනෙකුගෙන් මුද්‍රණය කර ඇත.පෙළ පොත්වල දීප්තිය වෙනස් වන්නේ නම් මුද්‍රණකරුගෙන් දඩ අය කිරීම වාර්ෂිකව සිදු කෙරෙන නමුත් 2018 වසරේ මුද්‍රිත පෙළපොත් සම්බන්ධයෙන් එවැනි කිසිදු පරීක්ෂණයක් දෙපාර්තමේන්තුව සිදු කර නැතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=1b778cb1&imageview=1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )