චිත්‍ර රැල්ල කොයිබටද


චිත්‍ර නිසා හෙන වලියක් බුකිය පුරාම.

ඔව් වලියක් යන එක සාධාරණයි. මොකද සමහර දේවල් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගොන්නු වගේ කරන්න ගියාම කරන්න යනදේ යහපත් උනත් කරන තැන මත අමු ගොන් වෙන නිසා.

මේ තාප්පවල චිත්‍ර අදින ප්‍රොජෙක්ට් එක හරි කොනෙන් වගේම වැරදි කොනකින් අල්ල ගත්ත දෙපිරිසක් ඉන්නවා.

ඔය චිත්‍ර අදින එකෙක් වත් දන්නවාද ඔය චිත්‍ර අදින්න මූලික හේතුව මොකක්ද කියලා?

නෑ. එකෙක් වත් දන්නේනෑ. රට පුරාම අදින නිසා ලස්සන නිසා අදිනවා මිසක් එකෙක්වත් දන්නේ නෑ ඇයි ඔය වැඩේ පටන් ගත්තේ කියලා.

අතීතයේ නම් පන්සල් වල කෝවිල් වල රාජ මාලිගා වල තමයි චිත්‍ර ඇන්දේ ඒ ඒ තැන්වලදි ශ්‍රද්ධාව, ශක්තිමත් බව සහ තේජස පෙන්වන්න. එහෙම කියලා තැන තැන ඒකාලේ ඇන්දේ නෑ. ඒ තැනට ගැලපෙන දේ තමා ඇන්දේ. ඒවා මේ දැන් වෙන වැඩේ එක්ක පටලා ගන්න එපා. එහෙම උනොත් ජය ශ්‍රී මහා බෝධිය සහ අශ්ථ ඵල බෝධි එක්ක කාක බෝධි සමාන කලා වගේ. දෙකම බෝධි තමයි ඒත් අපි කාක බෝධියට වදින්නේ නෑ.

දැන් මේ තාප්ප වල චිත්‍ර අදින්න පටන් ගත්ත හේතුව නොදන්න අය ගොඩක් ඉන්න නිසා ඒ හේතුවත් දැන ගන්න.

ඉස්සර තාප්පවල එක එක කොම්පැනි වලින් ඇදපු චිත්‍ර ඇරුණාම වෙන චිත්‍ර ඇදලා තිබ්බේ රෝහල් වල, පාසල් වල, පන්සල් වල වගේ තැන්වල. ඒ ඒ තැනට එන අයගේ දැනුවත් වීම පිණිස ගොඩක් ආදර්ශමත් දේවල්.

ඒත් මේ පෝස්ටර් කෙරුවාව නිසා තාප්ප කනු බෝක්කු ජරා වෙලා කැත වෙච්ච නිසා ඒවා නවත්තන්න ක්‍රමයක් විදිහට තමයි මේ චිත්‍ර වැඩේ කරලියට ආවේ.

දැන් අපේ උන් පෝස්ටර් තියන තාප්ප පැත්තක දාලා හොදට තියෙන තාප්ප වල පාට ගාගෙන ගාගෙන යනවා. කමක් නෑ ඒවාගේ උනත් අලවන්න බෑනේ පෝස්ටර් මීට පස්සේ. අනික ලස්සන වෙන එක ගැන කිසිම වරදක් කියන්නත් බෑ.

ඒවගේම අපේ අයට රාවණා, යුධ ජයග්‍රහණය, පෙරහැර ඇරුණාම වෙන දෙයක් ගැන හිතන්නේ නෑ. පොඩ්ඩක් නිර්මාශීලි වෙලා තමන්ගේ ගම, පලාත ප්‍රසිද්ධ දෙයක් ගැන, ජාතික වීරයෝ, ලොව දිනු අපේ මිනිස්සු ගැන අදින්නේ නෑ.

කමක් නෑ. මීට පස්සේ වත් දෙයක් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කරනදේ හරියට කරමු. නැත්නම් කරනදේත් අපරාදේ නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )