හාල් මාෆියාව


දවස ගාණෙ,හාල් බලන්න
තොග කඩ ගානෙ යනවා,ගිහින් ෆොටෝ ෂූට් කරනවා…එනවා.
මිල එහෙම්මයි.

මෝල් හිමියො, 80/- ට-85/-ට දෙන්න පුළුවන් හාල් කිලෝ එකක මිළ කෘතිමව 106-120කට ඉස්සුවා, මෝඩ ආණ්ඩුව රු.98/-ක පාලන මිලක් දැම්ම.

තොග වෙළෙන්දො හාල් වලින් ගාණක් තියාගෙන සිල්ලර වෙළෙන්දොන්ට විකුණනවා මිසක එයාලට හාල් වල මිළ පාලනය කරන්ඩ බෑ දැන්.ඒක කරන්නෙ ලංකාවෙ ව්‍යාපාරිකයො කීප දෙනෙක්.
ඒ අය තමයි,

සිරිපාල ගම්ලත් (නිපුන සහල්)
ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්)
L.J.මිත්‍රපාල (නිව් රත්න සහල්)
ලක්ෂ්මන් වසන්ත පෙරේරා ( ලක් සහල්)

මීට අමතරව ,’මේනක සහල්’ සිරිපාල ගම්ලත්ගෙ සහෝදරයගෙ,’හිරු සහල්’ සිරිපාල ගම්ලත්ගෙ මස්සිනාගෙ.

ඔක්කොම ඉන්නෙ 06 දෙනයි..ඔය 06 දෙනා තමයි ලංකාවෙ විකුණන හාල් වලින් 90% ක් විතර විකුණන්නෙ.

ඉතින් ගෝඨාබයට හාල් මිල අඩුකරන්නෝන නම් ඔය 06 දෙනා එක්ක සාකච්චාවක් කරන්න විතරයි තියෙන්නෙ.

ඒ ගොල්ලො වී ගන්තෙ රු.35/- ට අඩුවෙන්,වී කිලෝ එක හමාරක් යනවා හාල් කිලෝ එකක් හදන්න, ඒ කියන්නෙ රු.53/- .
හාල් ගැන දන්න අය කියන්නෙ ඔක්කොම වියදම් ගියාම රු.65/- කින් සහල් නිශ්පාදනය කරන්න පුළුවන් කියලා.

තොග කඩ කරන අය කියන්නෙ ඒ අයට හාල් (සම්බා) එන්නෙ කිලෝ එක 94/- ට කියලා.

ගෝඨාබයගෙ ගොං ආණ්ඩුව සියලුම වර්ගවල ‘සුදු කැකුළු’ සහ ‘තම්බපු සහල්’ වලට ගැසට් කරපු පාලන මිළ රු.98/- යි.

මෝල් කරයො 06දෙනා ප්‍රීතියෙන් පිනායන්න ඇති ආණ්ඩුවෙන් කරපු දේට,සමහර විට උන්ගෙම උවමනාවට මේ පඹ ජනාධිපති නැමෙන්නත් ඇති.

එන්න කලින් කිව්වෙ වැඩකරන කෙලින් මිනිහ කියලා.
ඇවිත් රඟපාන්නෙ තොග කඩ ගානෙ ගිහින් සංදර්ශන පෙන්නන මෝල් කාරයො 06 දෙනාට බය පඹයගෙ චරිතෙ.

සිරිසේන හොදයි මීට වඩා.
ඒ මිනිහා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන හරි මෝල් කාරයොන්ට නටන්න නොදී තියාගත්තා.

මේ යකා මෝල් කරයො හුරතල් කරන ගමන් තොග කඩ ගාණෙ බොරුවට බඩගානවා

©යමිල් තිංසර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )