දැන්වත් රටම Lockdown කරමුද? නැත්නම් තවත් ඇමරිකාවක් වෙමුද?


රටේ ජනතාව ඉන්නේ බොහෝම බැරෑරුම් සහ අනතුරුදායක අවස්ථාවක. දැන් දවසකට කොරෝනා රෝගීන් හම්බ වෙන්නේ 50-60 ගානේ.

හම්බවෙන කොරෝනා රෝගීන් අඩුවෙන්ම හම්බ වෙන්නේ නිරෝදායනය කදවුරු වලින්, වැඩිපුරම හම්බ වෙන්නේ නාවික හමුදා නිලධාරීන්. ඔවුන්ගෙන් පිරිසක් නිවාඩුවට ගෙදර ගිහින් නැවත ගෙන්වා ගත්ත අය. ඔවුන්ගේ නිවාසවල ගම්වල අය ස්වයං නිරෝදායනය කරන්න සිද්ධ වෙලා.

ගොඩක් අය හංගනවා තමන් කොරෝනා සැක සතිත පුද්ගලයන් එක්ක සම්බන්ධතා පැවෑත්වූවා කියලා කියන්න. ඒ නිසා කොරෝනා රෝගය හැදිලා කියලා නොදන්න යම් පිරිසක් තවමත් ඉන්නවා සමාජයේ. ඒ නිසා තමයි නාරාහේන්පිට සහ තවත් පැති වලින් කොරෝනා රෝගීන් හම්බ වෙන්නේ මේ ඇදිනීතිය අස්සෙ ගමන් බිමන් යන්න බැරිවෙලා ඉද්දිත්.

35,000ක් ඇදිරි නීතිය කඩලා හිරේ ගිය රටේ ජාතික හැදුනුම්පත් අංකය අනුව එලියට යන්න අවසර දුන්නාම ඒක පිලිපදී කියලා හිතන්න අමාරුයි.

දැන් කොරෝනා රෝගය වැලදුන අයට රෝග ලක්ෂණ පහල වෙන්නත් දවස් 4-5ක් යනවා සමහර අයට එහෙම රෝග ලක්ෂණ පේන්නෙත් නෑ. ඉතින් දැන් ඇදිනීතිය දාලා ආය දවස් 4-5කින් ඉවත් කලාම ඔවුන් එලියට ඇවිත් ආය බෝ කරනවා තව පිරිසකට.

ඒ නිසා අඩුම තරමින් සති තුනක් රට lockdown කරලා මේ අනතුර අවම කර ගත්තේ නැත්නම් අපේ රටත් තවත් ඉතාලියක් ඇමරිකාවක් වෙන එක නතර කරන්න අමාරුයි. මොකද රටේ 35% ඉන්නේ කොරෝනා වලිට ඉක්මනින් බිලි වෙන්න පුලුවන් වැඩිහිටි ජනගහනය නිසා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )