තිරසාර සංවර්ධනද? විනාශකාරී සංවර්ධනද? පරිසරය සමග අපි කොතනද?


රටක සංවර්ධනය කියන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕනි. ඒ හරහා තමයි රටේ මිනිස්සුන්ට රැකියා අවස්ථා වැඩිවෙලා විරැකියාව තුරන් වෙලා අතේ මිටේ වැඩිපුර මුදල් ගැවසිලා මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගේන්න හැකියාව ලැබෙන්නේ.

ඒක රජයකට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි රජයට පුළුවන් ඒ සංවර්ධනය ලගා කරගන්න අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවාවන් හදලා රටේ රාජ්‍ය සජ පුද්ගලික අංශයේ ආයතන වලට ඉතිරි ටික කරගෙන යන්න ඉඩ හදලා දෙන්න පුළුවන්.

අන්න එතනදි රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩ පිළිවෙලවල් පරිසර පද්ධති විනාශ නොකර පරිසරයට අවම හානියක් වෙන විදිහට තිරසාර සංවර්ධන වැඩපිළිවෙලවල් වලට යොමුවිය යුතුයි.

එහෙම නොවුනොත් වෙන්නේ සංවර්ධනය නිසා සිදුවන පරිසර හානිය තුලින් සංවර්ධනය තුලින් බලාපොරොත්තු වෙන ආර්ථික ලාභයට වඩා කිහිප ගුණයක ආර්ථික හානියක් අසමතුලිත පරිසරය නිසා ඇතිවන පලවිපාක වලින් ඇතිවෙන එක.

යම් සංවර්ධන ව්‍යාපෘතියක් කරද්දි පරිසරයට වෙන හානිය තක්සේරු කරන්න රජයේ එක එක ආයතන රාශියක් තියෙද්දිත් ලංකාවේ සිදුවන සමහර සංවර්ධන ව්‍යාපෘති ඒ කිසි දෙයක් කනකට නොගෙන දිගටම පරිසරය විනාශ කරමින් සිටිනු දැකීම ඉතා ඛේදනීය තත්වයක් බව නොකිව යුතුය.

එසේම ඔවුන් මේ විනාශ කරන්නේ අපේ පරිසරය නොව අපගේ අනාගත පරපුරේ පරිසරය බව අමතක නොකළ යුතුය.

One thought on “තිරසාර සංවර්ධනද? විනාශකාරී සංවර්ධනද? පරිසරය සමග අපි කොතනද?

  1. සංවර්ධනය කිවම ගොඩනැගිලි හදන එක හෝ පාරවල් හදන එකම ගන්න බැ නේද? ඔබ කතා කරන්නේ භෞතික සංවර්ධනය ගැන කියලා පැහැදිලි. ලංකාව වගේ රටවල් පරිසරය ගැන නොහිතන එක ලොකු තම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )