කොරෝනා ටෝකන්ද? එන්නත් කාඩ්ද? පාට ස්ටිකර්ද? සංචරණ සීමාද?


ලංකාවේ හැම මනුස්සයටම කොවිඩ් එන්නත් කාඩ් එකක් දීලා එන්නත ගස්සන එක තමා හරි ක්‍රමය. එතකොට ඒ කාඩ් එක ග්‍රාමසේවක හරහා ග්‍රාමසේවා වසමේ සියළුම දෙනාට ලබා දුන්නා නම් ඒක තමයි වෙන්න ඕනි හරි ක්‍රමය. එතකොට ග්‍රාමසේවා වසමෙන් වසම හරියට එන්නත්කරනය වෙනවා.

මේ ටෝකන් දෙන මගුලේ එන්නත් කාඩ් එකේ වගේ කිසිම විස්තරයක් නෑ. ඒ ටෝකන් අරන් එන එකා යාපනේද මඩ කලපුවෙද ගාල්ලෙද නැත්නම් ඒ ගමේද කියලා හොයාගන්න බෑ. එතකොට ග්‍රාමසේවා වසමේ ඉන්න මිනිස්සු ගානට එන්නත් නිකුත් කරාම ටෝකන් තියන ඕනි එකෙක්ට ඇවිත් ගහගෙන යන්න පුළුවන්. එතකොට අර ග්‍රාමසේවා වසමේ ඔක්කොටම එන්නත් කරලා ගොඩ දාන්න තිබ්බ එක නේද මේ දේශපාලුවෝ ටෝකන් දීලා කෙලවන්නේ කියලා මේ ටෝකන් කතාව සාධාරණයි කියන අයට තේරෙන්නේ නෑ.

නීතියෙන් ඒක නවත්වන්න කියලා ටෝකන් දීලා පිස්සු නටපු නගරාධිපති රිමන්ඩ් කලේ දවස් 14 කට.

අනික කොළඹ උන් ගාල්ලේ ගිහින් වැක්සීන් ගහනවා නම් ඒක ආණ්ඩුවේ බලපෑමක් මත වෙන්නම ඕනි. ඒක හේතුව පහල තියෙන ප්‍රශ්න වලට උත්තර ආණ්ඩුවට නැති එක.

  1. මෙච්චර සංචරණ සීමා දාලා තියෙද්දි එලියට එන්න පුළුවන් අත්‍යාවශ්‍ය සේවා අයට විතරනම් එයාලා එලියට ආවේ කොහොමද?

2.අර මානුශීය හේතු ස්ටිකර් එක ඇලෙව්වා නම් ඒකෙන් යන්න අවසර දුන්නේ මොනාටද?

  1. පළාත් අතර සංචරණය තහනම් නම් කොළඹින් ඇතුළුවී ගාල්ලෙන් පිට වෙන්න හයිවේදි පොලිසියෙන් ඉඩ දුන්නේ ඇයි?
  2. ගාල්ලේ එන්නත් කරනය කරන්නේ ගාල්ලේ ග්‍රාමසේවා වසම්වල අයට නම් එන්නත් කරන්න කලින් මේ එන්නේ කව්ද කියලා බලන්නේ නැද්ද?
  3. ආය ගාල්ලේ ඉදලා කොළඹ එද්දි පළාත් අතර සංචරණය තහනම් නම් එයාලා ආපහු ආවේ කොහොමද?

ඕවා ඉතින් ලොකු ලොක්කන් ගේ බලපෑම් නිසා වෙන දේවල් කියන එක අමුතුවෙන් කියන්න දෙයක්ද?

ඒනිසා දැන් ඔය වැරදි ඔක්කොටම ඉඩ දුන්න අයට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව වැරදි නෑ ජනතාව තමයි වැරදි කියන එක සමාජ ගත කරන එක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )