වාරකන් නිසා කැස්බෑවන් මිය ගියා කිව්වේ කව්ද?


කැස්බෑවුන් හා අනෙක් සිටාසියා විශේෂ රැසක් අද වෙද්දි මියගිහින් අවසන්. ආසන්නතම අගයන් වලින් ගත්තොත් අද වෙද්දි කැස්බෑ මරණ 100 ක් පමණ හා සිටාසියා (තල්මස්, ඩොල්ෆින්) මරණ 50 ක් පමණ වෙලා අවසන්. ඔබට මතක ඇති අපි වගේ ඇච්චො බැච්චො ටිකක් එකතු වෙලා කිව්වා මේ මරණ වලින් 10% ක් පමණ තමා වෙරලට ගොඩ ගහන්නෙ අනිත්වා මුහුදු තුල සැගවී යනවා කියල. අසමාන මිය යාම නැත්තං මේ විදිහෙ Mass Mortality Events කවදාවත් ලංකාවෙ වෙලා නැති වෙද්දි මේකට නැවේ සම්බන්ධයක් ඇති බවත් ඒ ගැන පර්යේෂණ විදිමත් කරන්න කියල ඉල්ලුවෙ ඉස්සරහට වෙන හානිය හෝ අවම කරගන්න මිස ලංකාව තියෙන තත්වෙන් තවත් පහලට දාලා සතුටු වෙන්න නෙවෙයි. එහෙත් ආචාර්යවරු, වරියන්, විද්‍යාඥයින්, මහාචාර්යවරුන් වගේම වාරකන් ඇමතිලා පවා සෘජුව හෝ වක්‍රව කිව්වෙ මේක නැවෙන් වූ සිදුවීමක් නිසා සිදුවන මරණ නොවන බව. වාරකන් හෙවත් Off Season එකට මේවා සාමාන්‍ය බවත්, කලබල වීමට අවශ්‍ය නැති බවත්, කියන තරම් යකා කලු නැති බවත්..

ඉතිං මිත්‍රවරුනි, අද වෙද්දි වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය විසින් පිලිඅරගෙන තියෙනවා මේ මරණ වෙන්නෙ නැවෙන් වූ රසායන පිටවීමක් නිසා බවට. ඒ වගේම තමන් ඉගෙනගත් රටට ණය නැති මිනිස්සු කිහිපදෙනෙක් දිවා රෑ වෙහෙසුනා මේ ගැන සත්‍ය පවසන්න. අද වෙද්දි කිසිම පට්ටමක් නැති මිනිස්සු කිහිපදෙනෙක් කියපු ⁣දේ ඇත්ත වෙලා අවසන්. ඒ වගේම UN එකෙන් කියල තියෙනවා මේ නැවෙන් ලංකාවට විතරක් නෙවෙයි මුළු පෘථිවියටම බලපෑම් ඇති උන බවට. අදට නැව ගිනි අරගෙන මාසයකටත් වැඩී.ගිනි ගත්තෙ මැයි 20 වෙනිදා.

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. තමන් කොපමණ විශිෂ්ඨ පර්යේෂකයෙක්, කතිකාචාර්යවරයෙක් වේවා, මොන ආචාර්ය, මහාචාර්ය පට්ටම ඔබ ගත්තත් වැඩක් නැහැ ඔබ ආත්ම වංචනිකයෙක් නම්. අද වෙද්දි එහෙම ආත්ම වංචාවෙන් ජීවත් උන මිනිස්සු කවුද කියල එලි වෙලා අවසන්. සත්‍ය වශයෙන්ම එහෙම මිනිස්සු තමන්ගෙ මව් රටට බරක්…

සෙතිල් මුහන්දිරම්

One thought on “වාරකන් නිසා කැස්බෑවන් මිය ගියා කිව්වේ කව්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )