බොරු ගොතන පොලෝසිය


කාදිනල්තුමා දෙපිටකාට්ටු ශ්‍රීලංකා පොලීසියේ රෙදි ගැලවීම ගැන අපි ස්තූතිවන්ත වියයුතුය.

පල්ලියේ බෝම්බ තැබූ පුද්ගලය වෙනුවට පල්ලියේම අතුගාන අහිංසක මනුස්සයෙක් එයට පටලැවීමට උත්සාහ කිරීම ඉතා බරපතල කාරනාවක් බව අපි තේරුම් ගත යුතුය.

බෝම්බ තැබූ පුද්ගලයාත් පෙනුමෙන් අහිංසක අතර ඔහු තනිව මෙය කලා විය නොහැක. ඔහුත් යම් බලවත් පාර්ශ්වයකින් මුදල් ලබාදීමක් හෝ තර්ජනය කිරීමක් මත මේ ක්‍රියාව සිදුකල බව පෙනේ.

නැවත්තත් ජාතික ආරක්ෂාව ඉදිරියට දමා යම් පාර්ශ්වයක් තමන්ගේ ජනප්‍රියත්වය සහ බලය ස්ථාවර කරගැනීමේ වැඩපිළිවෙළක නියලෙන බව පෙනේ.

පොලීසියට පල්ලියෙන් උදේ සිට cctv බලන්න කියද්දීත් හවස cctv දර්ශන පමණක් බලා පල්ලියේම සේවය කරන අහිංසක මනුස්සයෙක් එයට පටලා ඔහුට දඩුවම් ලබාදීමට පෙලඹීම මත පොලිසියේ විශ්වාසනීය භාවය පිළිබඳව බරපතල ගැටළු මතුවේ.

මේ ආකාරයට අතීතයේ කොපමණ නිවැරැදි පිරිසක් වැරදි කරුවන් කොට දඩුවම් ලබාදීමට පොලිසිය ක්‍රියාකර ඇත්දැයි නැවත සොයා බැලිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )