ලංකාවෙ අසංස්කෘතියේ පැතිකඩක්


බුලත් කෙල ගැසීම තහනම්

මෙහි මූත්‍රා කරන්ඩ එපා

කුණුත් එක්ක ගෑණිත් ගෙනත් දාපිය

මල් කඩන්න එපා

වැවට පොලිතින් දාන්න එපා

වැසිකිලියට ගොස් වතුර ගසන්න

සනීපාරක්ෂක තුවා කොමඩ් තුලට නොදමන්න
වැනි රුවන් වැකි වලින් පෙන්වන්නේ ලංකාවෙ අසංස්කෘතියේ පැතිකඩක්.
අශීලාචාර උන් හැම තැනම ඉන්නව කියන එකේ පිලිබිඹුවක්.
පොදු දේපල පාවිච්චි කිරීමේ ඩිසිප්ලීන් ගැන මෙලෝ මගුලක් නොදන්න උන් පිරී ඇති බවට සාක්කියක්.
සමාජ සාක්ෂරතාවක් තියා සමාජයක් කියල මගුලක් මේ රටේ නෑ.
අපේ රටේ උන් හරියට ගෝනියක් ඇතුලෙ දාල තියෙන පොල් ගෙඩි වගේ.
එලියට පැන්න ගමන් සී සී කඩ.
එහෙව් පොල් ගෙඩි අතරෙවත් හැසිරෙන්න නොදන්න උන් පිරිච්ච රටක් බව අපිට ඇනල මතක් කර දෙන්නෙ මෙවැනි පුවරු , දැන්වීම්.

පන්ති බේදයකින් තොරව උද්දච්ච  ගෑණු සහ පිරිමි සරීර මේවයෙ ඇවිදින්නෙ සොම්බීන් වගේ.
අන්න එහෙම රටක දේශපාලකයන්ට වැඩිය තක්කඩි ඔය ඊනියා ජනතාව.
නෙළුම් පොකුණට ගියත්, හිල්ටන් ග්‍රෑන්ඩ් බෝල් රූම් එකේ මගුලක ගියත්, ටවුමෙ පොදු වැසිකිලියට ගියත්, පිටකොටුවෙ බස්ටෑන්ඩ් එකට ගියත්, ඉස්කෝලෙකට ගියත් තත්ත්වෙ ඕකයි.
චික්.
ලැජ්ජ වෙයල්ලා. තොපි පරම්පරා හතකට හැදෙන් නෑ.
උපුටාගැනීම : Suran Chanaka

Advertisements

ඩෙංගු බෝ වෙන හැටි  සහ එය ප්‍රායෝගිකව ඩෙංගු මර්දනයට යොදා ගන්න හැටි.


1. වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා.

2. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා ) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා
3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා..
4. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා. මේ විදියට වයිරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා.
5. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වයිරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia )
6. (ඉතා වැදගත් ) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී..
7. නැවත වරක් අවධාරණය කරනවා… උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා.
8. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ.. අඩුම උනොත් දෙවෙනි දවසෙ…එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ. **** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ *****

**** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ *****
9. ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ..
10. කාට හරි උණ ගැනුනොත් , (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක ) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. පුලුවන් කමක් තියනවා නම් NS1 antigen test එක උණ සෑදී පලවෙනි පැය 24 තුල කරගන්න. එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා පැය විසිහතරම නෙට් එකක අතුලෙ ඉන්න ඕනෙ.
11. ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදා ගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එකකට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි තුන්වෙනි දවස් වල full blood count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද කියලා දැන ගන්න කම් නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂන මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ.
12. දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම දවස් තුනක් නෙට් එකේ ඉන්න ඕනෙ. ඔබට වලැඳුනේ ඩෙංගුනම් ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම් ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ.
13. මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක ඉස්කෝලෙ යන එක වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ…. මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරන්තික ලෙඩක්…
14 මාස තුනක් මේ වැඩේ කලොත් අපිට ඩෙංගු රෝගය මේ තියන ප්‍රමාණෙන් භාගයකට අඩු කරන්න පුලුවන්. (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි.)

15. රෝග ලක්ශණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්-
මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා.. නමුත් ඒ den1 කියන වයිරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වයිරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂන මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝගලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා.. ඒ විතරක් නෙමේ ඩෙංගු  රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් මේ යන වසංගතය ට හේතුව den2 කියන වයිරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ශණ මතු වෙනවා.
අනිත් කාරණය මදුරුවෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viemia කියන තත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වයිරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viremia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්සණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමෙ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය “උණ ” තත්වය.. මේ අයව වෙන්කරලා මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ..
16. (අවධාරණය කරමින් ) මේ වනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේ දිගටම කරගෙන යන්න
© වෛද්‍ය හසින්ත උදලාගම

​අපරාදේ කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනත් නොමිලේ ඉගෙන ගන්න පාසල් ඇතිකලේ.


අපරාදේ කන්නංගර මහත්මයා නිදහස් අධ්‍යාපන පනත ගෙනත් නොමිලේ ඉගෙන ගන්න පාසල් ඇතිකලේ.
අද නිදහස් අධ්‍යාපනය සුරකින්න කියලා කෑගහන කැම්පස් ලමයින්ට බනින කීදෙනෙක්   මාසෙට 10000ක් විතර අය කරලා උගන්නන පාසල් ක්‍රමයක සල්ලි ගෙවල ඉගෙන ගන්න අද තිබ්බානම් සල්ලි ගෙවලා ඉගෙන ගනීද?
මුන්ට පුදුම උවමනාවක් නේ තියෙන්නේ සල්ලි වියදම් කරන්න. උබලට සල්ලි තියනවා නම් ලමයි ප්‍රයිවට් ඉස්කෝලේ යවලා, ප්‍රයිවට් ඉස්පිටිතාලෙකින් බෙහෙත් අරන් ප්‍රයිවට් එකේම ඉදපල්ලා.
අපිට එහෙම ගෙවල ඉගෙන ගන්න සල්ලි තිබ්බේ නැති නිසා නිදහස් අධ්‍යාපන තුලින් ඉගෙන ගත්තා. ඒ නිසා ප්‍රයිවට් ඉස්පිටිතාලෙකින් බෙහෙත් ගන්න පුලුවන් රස්සාවක් කරන්න ලැබුනා.
ඒත් අපි නිදහස් අධ්‍යාපනය සුරකින්න කියන්නේ අපිට අපේ ලමයි ප්‍රයිවට් කැම්පස් දාන්න සල්ලි නැති කමකට නෙවෙයි. අපි මෙතනට ආවා වගේම දුප්පත් පවුල්වල දක්ශ ලමයින්ට අපි ආපු තැනට එන්න පාරක් තියෙන්න ඕනි නිසා.
ප්‍රයිවට් කැම්පස් ලංකාවේ තියෙන්න ඕනි. මොකද හැමෝටම ආණ්ඩුවේ කැම්පස් යන්න බැරිනිසා. ඒ ප්‍රයිවට් කැම්පස් වල ඉහල උපාධි සාදාරන මුදලකට දුන්නාට කමක් නෑ.
හැබැයි හොර උපාධි අසාධාරණ ගානකට විකුනන එකට මම විරුද්දයි

​දෙමෝදර පාලම හැදුවේ අප්පුහාමි බාස්ද?


සුප්‍රකට දෙමෝදර ආරුක්කු නවයේ පාලම පිළිබදව කලින් කලට ලිපි ලංකාවේ පුවත්පත් වල පලවෙයි. ඒවා බහුතරයක ඇත්තේ සත්‍ය ඉහවහාගිය අතිශෝක්තිය දනවන එකම කතාවකි. ඊයේ (21/05/2017) ඉරිදා මව්බිම පුවත්පතේ ‘තුරු’ අතිරේකයේ “යකැදුරෙක් හදපු දෙමෝදර පාලම” යනුවෙන් ලිපියක් පලවී තිබිණී.  ලංකාවේ පාඨකයන් ගොනාට අන්දවා විමසා බැලීමකින් තොරව රට කෙප්ප අතහරින්නට අපේ ඇතැම් මාධ්‍ය සමත්ය.
මීට අවුරුදු කීපයකට පෙර දෙමෝදර පාලම නිර්මාණය කිරීමේ ඉතිහාසය පිළිබදව ඉරිදා ලක්බිම පුවත්පතට ලිපියක් ලියූ අතර මේ එම ලිපියයි.(මෙම ලිපිය පුවත්පතෙහි පලවීමෙන් පසුව ලිපිය ගැන බැණ වැදී  ලිපි කිහිපයක් ලැබුණු බව එහි කතෘ මණ්ඩලයේ කෙනෙක් මා හා පැවසීය)
වර්ෂ 1864 දී කොළඹින් ඇරඹී අදියර කිහිපයක් යටතේ මහනුවර දක්වාත් එතැන් සිට තවත් අදියර ගණනාවක් යටතේ බදුල්ල දක්වාත් මේ දුම්රිය මාර්ගය ඉදිවූ අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඉදිකිරීම නිම කර විවෘත කරන ලද්දේ 1924 අප්‍රේල් මස 05 වනදාය. මේ අනුව උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට බදුල්ල තෙක් සමස්ත මාර්ගයේ ඉදිකිරීම් සඳහා වසර 60 ක් පමණ ගත වී තිබේ. ඉංග්‍රීසි යුගයේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී ඔවුන් විසින් සිදුකරන ලද සුවිශේෂී මෙන්ම විශ්මිත නිර්මාණයන් රැසක් උඩරට දුම්රිය මාර්ගයේ අදටත් දැකගත හැකිය. ඉන් එක් සුප්‍රකට නිර්මාණයක් වන්නේ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දෙමෝදර ආරුක්කු පාලමයි. දුම්රිය මාර්ගයේ කවාකාර වංගුවක මේ පාලම ඉදිකර ඇත්තේ ආරුක්කු නවයකින් යුක්ත වන සේය. සිංහලයෙන් ආරුක්කු නවයේ පාලම ලෙසද ඉංගිරිසියෙන් “නයින් ආර්ච්”ලෙසද හඳුන්වනු ලබයි. ඉතිහාසගත වාර්තාවන්ට අනුව මෙම පාලම ඉදිකරනු ලැබ ඇත්තේ

පළමුවන ලෝක යුද්ධය සමයේය.

උඩරට දුම්රිය මාර්ගයේසුවිශේෂී නිර්මාණයක් වන මේ පාලම ඉදිකරනු ලැබූ ආකාරය පිළිබඳව ජනප්‍රවාදයන් කිහිපයකි. ඇතම් විට ගුප්ත ජනක මෙන්ම ඇදහිය නොහැකි සිද්ධීන් රාශියකගෙන් සමන්විත මේ ජනප්‍රවාද ඇතුළත් ආරුක්කු නවයේ පාලම පිළිබඳ ඉතිහාස කතන්දර කලින් කලට අපේ රටේ ප්‍රධාන පුවත්පත්වල පළවෙනු දැකිය හැකිය. දෙමෝදර පාලම පිළිබඳව බොහෝ මාධ්‍ය හරහා පාඨක විඥානය තුළට විටින් විට කිඳා බස්සවා ඇති එම කතන්දර බොහෝමයක ඇත්තේ සත්‍යයට වඩා අතිශෝක්තියකි.

එවැනි එක් කතාන්දරයක සංක්ෂිප්තය මෙසේය සුදු ජාතික ඉංජිනේරුවන් පිරිසක් විසින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා ඉදිකරගෙන යනවිට ඇල්ල ප්‍රදේශයේ එක්තරා ස්ථානයක දී ඔවුහු නොසිතූ නොවිරූ ගැටලුවකට මුහුණ පෑහ. එනම් මාර්ගය ඉදිරියට ඉදිකළ යුතු එක්තරා ස්ථානයක තිබි ඇති භූ විෂමතා තත්ත්වයක් මත එතැනින් එහාට දුම්රිය මාර්ගය ඉදිකිරීමට වැඩබිම් සහ මාර්ග අංශ භාරව එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවන් අ‍පොහොසත් වීමයි.

මෙහි බරපතළකම කොතෙක්ද යත් මාර්ගය එතැනින් එහාට ඉදිකර ගැනීමට නොහැකි වීම නිසා එහි වැඩ භාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවරයාගේ රැකියාව පවා අහිමි වී යන තත්ත්වයක අවදානමකට ඔහු පත් වී තිබේ. මේ ඉංජිනේරුවරයා සහ ඔහුගේ ගෝලබාලයින් පිරිස මුහුණ පා සිටි අසරණ සහ බැරෑරුම් තත්ත්වය දුටු එම ප්‍රදේශයේම ගැමියෙකු තම නිර්මාණ ශීලීත්වය උපයෝගී කරගනිමින් මෙම ගැටලුව විසඳීමේ අභියෝගය තනිවම බාර ගෙන තිබේ. තමන් විසින්ම තෝරාගත් ශක්තිමත් මිනිසුන් පිරිසකගේ සහායෙන් එම ප්‍රදේශයෙන්ම සපයා ගන්නා ලද විශාල කළුගල් කුට්ටි පමණක් උපයෝගී කරගනිමින් ආරුක්කු නවයකින් යුතු දැවැන්ත පාලමක් මෙම ස්ථානයේ ඔහු නිර්මාණය කරන ලද්දේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුත්තේ යෙදී සිටි ඉංජිනේරුවන් පවා මවිත කරවමිනි. අනතුරුව ඔහු තමා නිමැවූ පාලම යටට වී එය මතින් දුම්රිය ධාවනය කරවනතෙක් පාලම යට නිදාගෙන සිටින්නේ තමාගේ නිර්මාණයේ විශ්වසනීයත්වය ජීවිතය පරදුවට තබා වුවද ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නිසාය. ජනප්‍රවාදයේ මේ සුවිශේෂී චරිතය හැඳින්වෙන්නේ “අප්පුහාමි බාස්” ලෙසටය.

මේ කතා සාරාංශයට ලුණු ඇඹුල් සහ තුන පහ ස්වල්පයක් එක්කරගත හැකි නම් පාඨකයාගේ රෝමෝද්ගමනය කරවමින් ජාතිකත්වය හිස මුදුනටම ඔසවා තැබිමට සමත් මා හැඟි පුවත් පත් ලිපියකට කදිම නිමිත්තකි. දෙමෝදර පාලම ගැන විටින් විට අපේම රටේ පළවූ පුවත්පත් ඇසුරින් කියවන ලදුව මා මෙහි ඉදිරිපත් කළ සංක්ෂිප්ත කතාන්දරය හෝ එසේත් නැත්නම් මීට පෙර ඔබ කවරෙකුවෙතින් හෝ අසා ඇති ජනප්‍රවාද හෝ කතාන්දර මදකට අමතකර මතු දක්වන කරුණු ස්වල්පය පිළිබඳව විවෘත මනසින් තර්කානුකූලව නැවත සිතා බලන්නැයි ඉල්ලා සිටිමි.

ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීම ඇරඹුන මුල් යුගයේ සිටම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඒ ඒ මාර්ග ඉදිකිරීමේ කාර්යයට පෙර ශක්‍යතා අධ්‍යයනයන් සහ වියදම් ඇස්තමේන්තු ආදිය පිළියෙළ කරනු ලැබිය. මේවා දුම්රිය මාර්ගවලට පමණක් නොව ඒ යුගයේ ඉදිකරන ලද සෑම දේකටම අදාළ විය. අනතුරුව ඒවා යටත් විජිතය භාර ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ සඳහා වැය කිරීමට යෝජිත විය හියදම් සහ ඒවා නැවත උපයාගත හැකි ආකාරයත් ඒ සඳහා ගතවන කාලයත් ගැන ඇතිවන එකඟතාවයන් හෝ විරෝධතාවයන් මත සැලසුම සංශෝධනය කිරීම, අතහැර දැමීම හෝ විකල්ප සැලසුම් වෙත යොමුවීම සිදුකර තිබේ.

ලංකාව යටත් විජිත යුගයේ සිදුකළ කවර දුම්රිය මාර්ගයක් ඉදිකිරීමක දී වුවද මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලද අතර, එහිදී රජයට දැරිය හැකි වියදම් සීමාව තුළ හිඳිමින් සහ දුම්රිය මාර්ගය ඉදිකළ පසුව එයින් අත්පත් කරගත හැකි ආර්ථික ප්‍රතිලාභ ආදිය පිළිබඳව මනා විශ්‍ලේෂණයක යෙදෙමින් නව මාර්ග ඉදිකිරීමේ කාර්යය යටත් විජිත පාලන සමයේ ආණ්ඩුව අතගසා ඇත.

එවන් තත්ත්වයක් තුළ දෙමෝදර පාලම සම්බන්ධව තිබෙන ජනප්‍රවාද අපට කියන්නේ ඇල්ල සිට ඉදිරියට දුම්රිය මාර්ගය ඉදිකළ ඉංජිනේරුවන් කිසිදු සැලසුමකින් තොරව කැලයක් තුළ ඉබාගාතේ වල්මත්ව ඇවිදින සේවකයන් පිරිසක් මෙන් දුම්රිය මාර්ගයක් ඉදිකරගෙන ගොස් එක්තරා තැනකදී ගැඹුරු නිම්නයක් හමුවූ විට අන්දමන්ද වී ඔලුව කසමින් කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත් වූබවද?

ලංකාවේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතු සඳහා මුල්ම පස් පිඩැල්ල කැපුවේ 1858 වසරේදීය. 1867 වන විට කොළඹ සිට මහනුවර දක්වා අති

දුෂ්කර ගිරි දුර්ග පසු කරමින් දුම්රිය මාර්ගය ඉදිකරන ලද අතර 1918 වසර වන විට උඩරට දුම්රිය මාර්ගය ඇල්ල දක්වාම ඉදිකොට අවසන් කරන ලදී. කොළඹ සිට ඇල්ල දක්වා සැතපුම් 168 ක දුර ඉදිකිරීමට ගත වූ කාලය අඩ සියවසකටත් වඩා වැඩිය. දුම්රිය මාර්ගයේ එම කොටස තුළ කණින ලද බිම් ගෙවල් ගණන 39 කි. ඉදිකරන ලද පාලම් සහ බෝක්කු ප්‍රමාණය සිය ගණනක් ඉක්මවයි. සියවස් භාගයක කාලයක් තිස්සේ මෙකී කාර්යයට සම්බන්ධ වූ දුම්රිය මාර්ග ඉංජිනේරුවන් රැසක් සහ වඩු කාර්මිකයන් පෙදරේරුවන් සහ මාර්ග කම්කරුවන් දහස් ගණනක් විසින් සැතපුම් 168 ක පමණ දුරක් භූ විෂමතා කලාප ගණනාවක් හරහා කඳු හෙල් , ගිරි දුර්ග රැසක් පසුකොට මාර්ගය ඉදිකිරීමේ දී පෙන්වන ලද නිර්මාණශීලී දක්ෂතා සහ ඔවුන් උකහා ගත් මෙන්ම ප්‍රගුණ කරන ලද ශිල්පීය දැනුම යන සියල්ල දෙමෝදර පාලම ආසන්නයට දුම්රිය මාර්ගය සාදාගෙන එන විට එක් වරම ඔවුන්ට අමතක වී ගියේද?

කිසිදු පූර්ව සැලසුමකින් හෝ වියදම් ඇස්තමේන්තු කිරීමකින් තොරව ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකරගෙන යාමටත් ඒ සඳහා යටත් විජිත ආණ්ඩුවේ මුදල් යෙදවීමටත් එකල සිටි ආණ්ඩුකාරවරයා ඇතුළු පාලක පැලැන්තිය තීරණය කළේද?

මේ කරුණු කිහිපය පිළි බඳව සියුම්ව සිතා බැලුවහොත් දෙමෝදර පාලමේ ඉදිකිරීම් සම්බන්ධ ජනප්‍රවාද කිසිදු පදනමක් නැති ප්‍රවාදයන්ම පමණක් බව පෙනී යනු ඇත. දෙමෝදර පාලම පිළිබඳව ජනප්‍රවාදයේ ඇති කතාව අර්ධ සත්‍යයකි. එහි ඇති අතිශෝක්තිය ඉවත ලූ විට ඇත්ත කතාව මෙසේය.

දෙමෝදර ආරක්කු නවයකින් යුත් පාලමෙහි ඉංජිනේරුමය සැලැස්ම (එහි කොටසක් ඡායාරූපයේ දැක්වේ) එවකට ලංකා දුම්රිය සේවයේ ඉදිකිරීම් භාර ඉංජිනේරුවරයා වූ “හැරල්ඩ් මාර්වූඩ්” මහතා විසින් නිර්මාණය කර තිබේ. පාලමෙහි ඉදිකිරීම් ඇරඹූ සමයේ දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයට පමණක් සිදුවිය. පාලම සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය එහි සිට සැතපුම් දෙකක් පමණ දුරට රැගෙන යා යුතු වූ අතර ඒ සඳහා එකල එම ප්‍රදේශයේ තිබුණ එකම ප්‍රවාහන මාධ්‍යය වූයේ බර කරත්ත පමණකි.

පළමු ලෝක යුද්ධය හේතුවෙන් පාලමට අවශ්‍ය යකඩ එංගලන්තයෙන් ගෙන්වා ගැනීමේ යම් දුෂ්කර තාවයක්ද ඇතිවී තිබුණි. නමුත් ඊටත් වඩා බරපතළම ගැටලුව වී ඇත්තේ එවන් යකඩ පාලමකට අවශ්‍ය යකඩ කොටස් කෙසේ හෝ සපයාගෙන ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන්ම ප්‍රවාහනය කරගැනීමේ හැකියාව තිබුණත් එතැනින් එහාට පාලම ඉදිකරන තැන දක්වා ඒවා ගෙනයාමට ක්‍රමයක් නැති වීමයි. එකල දෙමෝදර ප්‍රදේශයේ තිබූ එකම ප්‍රවාහනය මාධ්‍ය වූයේ බරකරත්තයන්ය. ටොන් ගණනාවක් බර අඩි සිය ගණනක් දිගින් යුත් පාලමකට අවශ්‍ය යකඩ කොටස් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට පාලම ඉදිකරන තැන දක්වා බර කරත්ත වලින් ඒවා රැගෙන යාම කිසිදා කළ නොහැකි දෙයක් බැවින් අවසානයේ පාලම කළුගල් කුට්ටි සහ කොන්ක්‍රීට් පමණක් යොදාගෙන ඉදිකිරීමට දුම්රිය මාර්ගය ඉදිකිරීම් භාරව කටයුතු කළ ඉංජිනේරුවරුන් විසින් තීරණය කර තිබේ.

හැරල්ඩ් මාර්වුඩ් මහතා ආරුක්කු නවයකින් යුතු වන සේ දෙමෝදර පාලමෙහි ඉංජිනේරුමය සැලැස්ම නිර්මාණය කරන්නේ ඒ අනුවය. ඇල්ල සිට ඉදිරියට දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන අතරවාරයේ කොන්ක්‍රීට් සහ කළුගල් කුට්ටි උපයෝගී කරගනිමින් ආරුක්කු නවයකින් යුත් මේ කවාකාර පාලම ඉදිකිරීමේ කටයුතු පෙර ගිවිසගත් කාලයක් තුළ නිමා කිරීමට එම ප්‍රදේශයේම කොන්ත්‍රාත්කරුවෙක් වෙත පවරාදී තිබේ.

ඔහු විසින් කුලී පදනම මත බඳවාගත් ශ්‍රමිකයින් විසින් පාලම ඉදිකර ඇත. පාලමේ ඉදිකිරීම් සහ එහි ප්‍රමිතිය සමස්ත ඉදිකිරීම් කටයුතු භාරව සිටි මාර්වුඩ් මහතා විසින් විටින් විට අධීක්ෂණය කර තිබේ. දෙමෝදර පාලම සම්බන්ධ සත්‍ය කතාව ඉතා කෙටියෙන් එසේය.

ඒ අනුව දෙමෝදර පාලම සම්බන්ධ ජනප්‍රවාදයන්හි අතිශෝක්තියෙන් වර්ණනා කරන පාලමේ නිර්මාතෘ වරයා යැයි කියනු ලබන “අප්පුහාමි බාස්” දෙමෝදර පාලමේ කොන්ත්‍රාත් කටයුතු භාරගත් පුද්ගලයා හෝ එහි ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප්‍රධානියා (හෙඩ් බාස්) විය නොහැකිද?

සටහන-

නලීන් අබේසිංහ