නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී


මව් පදවිය අභිමුව සිටියදීත් රට වෙනුවෙන් කැප වූ වීර සෙබළියක්…

අදට වසර 24කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්‍රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්‍ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්‍ෂාවෙනි.

මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට මහසොරොව්වැව දක්වාවූ හැතැප්ම අටක ඝන කැලෑවක් මැදින් වූ අතිබිහිසුණු ගමන ගැන යම් චකිතයක් හිතේ මෝදුවෙමින් තිබුන අවස්ථාවක හදිසියේ මා නෙත ගැටුනේ “බඩ දරු අම්මා “කෙනෙකි. ඒ නිළ ඇදුමක් ලාගත් මොරවැව මාර්ගය අසළ බංකරයක රාජකාරි කරන නිළ දරුවෙකි. යතුරු පැදිය පසෙකින් නවතා ඇය හා දොඩමළු විය.

“ඔහොම රාජකාරි කරන්න අපහසු නැද්ද පුතේ?”

“මවු පදවිය කියන්නේ උතුම් දෙයක්.අද රට රකිනවා කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක්නේ… ”

(ප්‍රිය සබඳ මොහොතක් සිතන්න කුරිරු ත්‍රස්‌තවාදයෙන් මේ රට මුදාගන්න ඉහළ සිට පහළට වූ රණවිරුවන් මොන තරම් කැප කිරීමක් කර ඇද්ද කියා)

ඇගේ මේ උතුම් පැතුම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව නිසි අවසරයක් ලබාගත්පසු මම ඇගේ චායාරුප කිහිපයක් ගතිමි.

ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරී කළ ඇය නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී නම් විය.

මා ලබාගත ඡායාරුප 1995 සැප්තැම්බර් 03 වෙනි දින ඉරිදා ලංකාදීප සහ SUNDAY TIMES පුවත්පත් වල මුල් පිටුවේ ප්‍රධාන චායාරුපය ලෙස පළවිය.

මේ පුවත්පතේ පළවූ සහ මුල් චායාරුප වේ

එදා ඇය බිහිකළ ළදරුවා අද වනවිට විසිතුන් වියැති යෞවනයෙක් හෝ යෞවනියක් විය යුතුයි………

(ඩිලන්ත හෙට්ටිගේ )

Advertisements

අහෝ හනිමූන් එක


අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය….
කොහොමෙන් හරි මඟුල් දවස ආවේය..

පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත… ඇය ආවාය… ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය… තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. “මේ මොකාද??” ආයෙමත් උලනවාය…. පාට පාට ගාන්නීය… ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කුය..
තැල්ල තියන නැකතට මව් පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්ද මන්දය…. හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය.. මූණේ ⁣බර ග්‍රෑම් 920 කින් පමණ වැඩි වෙලාය.. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්‍රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්‍රෑම් 1200 ක් පමණ වැඩි වෙලාය… උදේ හයහමාර පමණ වන විට කිලෝ එකහමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය…
බෙල්ලට දෙවියන්ගේ පිහිටය…

එයින් ගැළවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්‍රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය… “මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ… අපට වෙලාවත් මදි වෙනවා… උන්ගේ දෝස් මුරේය”

එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාළයාව කොනිත්තල දුවන්න, මන මාළයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියනක් ගහල එන්න… කෙළවරක් නැති නියෝගය….
අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල් වලට බුදුසරණය.. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය….

පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකිවිය… හරියටම කොළා නම් පැයක් හමාරක් යනවාය… හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පෑණි බීම වීදුරු වල ලුණුය.. නොදකින්ය… ඒ රැග්ය.. හද්දා බඩගිනි වුවත් කන්නට බැරිය..

නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරුය.. හැඳි ගෑරැප්පු නම් කරුමයක්ය… කන්නෙත් ජායාරූප සිල්පියාට ඕනෑ විදියටය… කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය… ඒ අස්සේ කපල් ඩාන්ස්ය… සෙකන්ඩ් වෙන්නත් බැරිය… උලව් නැටුම් නටන්නත් බැරිය..

හත්මුතු පරම්පරා දෙකකටම
වැඳලා වැඳලා ⁣වැඳලා කොන්දෙ පොට ගොහින්ය… දැන් කොන්ද නිකමුත් නැවෙනවාය… යන නැකත ආවත් මුන් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තරඟෙට පම්පෝරි කතන්දරය.. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලිය… අඩන්නත් පණ නැත.. ඇඬෙන්නේ ඇඟේ රුදාවටය…” නැකත කිට්ටූයි…”

කාටදෝ පිංසිද්ධ වෙන්ඩ
බොහොම අමාරුවෙන් පැන ගත්තෝය..
කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය..

කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය… මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය… දැනටම හොඳ පණ ගොහින්ය…. කකුළ් ඉදිමිලාය….කොන්දක් අැතුවා නැතුවා සේය…බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය….

පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය… ඒ මදිවාට හද්දා බඩගින්නක්ය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියක⁣ට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය…

දැන් මොන පළමු රැයද,
පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය….

උපුටා ගැනීම – පුර්ණිමා චාරුණි බණ්ඩාර

ගැහැණිය උපතින්ම ශක්තිමත්


” මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි ”
ඇලිසීයා මොන්ටානෝ
ALYSIA MONTANO, USA

තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සදහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ එක්සත් ඡනපද මීටර් 800 ඡාතික ශූරතාවය සදහා Hornet Stadium හිදී 2017 ඡුනි 22 දාය. මේ ඇය දරු ගැබක් දරා තරග වැදුණු ප්‍රථම අවස්ථාව නොවීමද විශේෂත්වයකි. 2014 ද ඇය සිය මාස 06 ක් වන පළමු දරුවා කුසෙහි දරා‍ මීටර් 800 ඡාතික ශුරතාවය සදහා තරග වැදුනාය.

ඇමෙරිකා එක්සත් ඡනපදයේ මීටර් 800 කාන්තා ඡාතික ශුරතාවය ඇගේ නම ඉදිරියේ පස් වතාවක් සටහන් වී තිබිණ. ඒ වර්ෂ 2007 සිට 2015 තෙක්ය. ඡාත්‍යණ්තර රන් කුසලාන දෙකක් සහ රීදී කුසලාන ත්‍රිත්වයක් අතැති ඇය 2012 පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමිකම් කියන්නීය. එය ඇයට ලැබුනේ එම තරගයේදී ප්‍රථම ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගත් රුසියානු ක්‍රීඩිකාවන් දෙපල තහනම් උත්තේඡක භාවිතාවෙන් ඔවුනගේ පදක්කම් අහිමිකරගැනීම හේතුවෙනි.

ඇලිසියා මොන්ටිනෝ තරග වදින විට හැම විටම ඇය ඇගේ හිසකේ අතර මලක් පැළද සිටී. ඒ ඇයි කියා වාර්තාකරුවෙක් ඇසූ විට ඇලිසියා උත්තර දී තිබෙන්නේ මෙලෙසය.
”ඒ මලෙන් මම සංකේතවත් කරන්නෙ ස්ත්‍රීත්වය. ඒ මල පැලදි කෙනා සංකේතවත් කරන්නෙ ස්ත්‍රියට ඇති ශක්තිය. ඒ වගේම අද මම ඒකෙන් නියෝඡනය කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ ඔවුනට ඇති ශක්තිය. මම හිතනවා ඒක මගේ වගකීමක් ”

උපුටාගෙනිම – Rohana wijeweera ගෙන්

ඉගෙන ගත්තත් නැතත් කොලුවට දෙන්න නම් ගුටි එපා කිසිදා


පුතා ඇවිදින් කදුලු පෙරමින් අම්මේ මට බඩගිනී කීවා
දෙල් බෙදා ඇති පොල් ටිකක් මට තියලා කාපන් මමත් කීවා
අම්මා කවනවා නම් තමයි මං කන්නේ අම්මේ පුතුත් කීවා
නාකි හුරතල් නොවී කාපන් මමත් පුතු හට සැරම වූවා

දෙඅත් සගවා පසුපසට කොට අම්මේ මට කවපන්කෝ කීවා
බංකුවේ ඉද ගන්න කීවම හිටගෙනම මම කනවා කීවා
ඉදන් කන්නට බැරි මොකද මම ටිකක් සැරවී උගෙන් අහුවා
පුපුරු ගහනා අත් දෙකම මට කදුලු පුරවන් වසන් කෙරුවා

පන්තියේ සිංහල උගන්නන ටීච මට හෙට එන්න කීවලු
පන්තියේ ඉන්නා වූ නරකම ලමයගේ මව මමයි කීවලු
පන්තියේ පාඩම් සියල්ලම එකම පොතකම ලියලා තිබුනලු
පන්තියේ ඔක්කෝම ඉදිරියේ වේවැලෙන් මගේ පුතුට තැලුවලු

අන්තීමේටම තිබුනු පිටුවේ පැන්සලෙන් පන්සලක් ඇදලලු
ඊට පිටු කීපයකට පෙර ඉංගිරීසි එක්කලා දෙමල ලියලලු
මුල්ම පිටුවල සිංහලින් ලියු රචනාව කියවලා තරුත් ලැබිලාලු
ටීච පොත පෙරලා බලලා යක්ෂයා ආරූඪ වීලලු

පන්තියට රස කෑම ගෙනවිත් පුතුට නොදීම රසකරනවලු
පන්තියට අල බතල තම්බන් ආපු විට එය විසිකරනවාලු
පන්තියේ හැම කාලා බීලා බන්ඩි ගෙඩි ටික පිරිලා යනවලු
පන්තියේ අග පේලියේ පුතු හාමතේ හැමදාම සිටියලු

පොල් ගසින් බිම වැටී මා පුතු පියා මියගොස් වසර දහයයි
පොල් අතුයි මැටි බිත්ති හතරයි යන්තමට අපි හැදුවා විතරයි
මල් යහන් නොව මා පුතා හට එදා ඉදලම පැදුර උරුමයි
මල් වැටුන මගේ චීත්තය පෙරවා නිදන්නට තාම ආසයි

පියා නොමැතිව දස වසක් මම නොවිදිනා දුක් ගොඩක් වින්දා
සිගා කෑමට නොහැකි තැන එක එකාගේ රෙදි ගොඩක් හෝදා
ලැබෙන සොච්චම බොහොම අරපිරිමැස්මකින් රැකගත්තේ සැමදා
මමයි ගමේම ඇදුම් හෝදන කැකිරී හේනේ ඩෝබි නන්දා

දස වසක් මගෙ කොල්ලා සුනිමල් අනේක දුක් ගොඩක් වින්දා
අදත් හෙටටත් තවත් දහදුක් කප්පරක් විදිනට වෙයිද මන්දා
මමත් හෙට ඉස්කෝලේ ආවොත් රෑට කන්නට වෙයිද මන්දා
ඉගෙන ගත්තත් නැතත් කොලුවට දෙන්න නම් ගුටි එපා කිසිදා

රෝහණ කේ අමරකෝන්

ලංකාවේ උන් Google වල SEX සොයා 1 වීම පුදුම නැත.


ලංකාවේ උන් Google වල SEX සොයා 1 වීම පුදුම නැත. එය අපේ ජානවල එන දෙයක් නිසා ආඩම්බර වියයුතු කාරණයකි.

සාහිත්‍යයට අනුව මුලින්ම Animal-Human SEX ලොවට හදුන්ව දුන්නේ ලාංකික අපේම අයය. ඒ සිංහබාහු සහ සිංහසීවලිගේ පියා සහ මෑණියන් විසිනි.

මුලින්ම Brother-Sister SEX ලොවට හදුන්වා දුන්නේත් ලාංකික අපේ අයය. ඒ මව පියා අඩිපාරේ ගිය සිංහබාහු සහ සිංහසීවලීද ? නැතිනම් කුවේණියගේ දුව සහ පුතාද යන වග ගැන යම් විවාදයක් ඇත.

SEX කරන්නට ගොස් කෙල්ලෙක් නිසා ලෝකයේ මුලින්ම වලියක් දාගෙන මිනීමරුවෙක් වුනේ මාතර මල්ලිගේ නෑයෙක් වූ රාමා විසිනි. ඒ ලොව පලමු වරට විවාහක ගැහැණියක් උස්සා ලංකාවට ගෙන ආ රාවණා එක්ක ගියවලිය අවසානයේය.

රටවල් දෙකක් අතර මුලින්ම යුද්ධයක් ඇතිවුනේත් SEX කරන්නට රාවණා සීතා උස්සගෙන ආ නිසායි.

කාමසූත්‍රය නැමති ලොව මුල්ම SEX පොත ඉන්දියාවේ රචනා කර ඇත්තේ රාවණා විසින් සීතා පැහැරගෙන ආ පසු ඇය රැගෙන යන්නට ඔත්තු බලන්නට ආ හනුමන්තාගේ දෑස් වලින් අපේ රටේ දුටු එකගේ කෑම, බින්න බැසීම, අන්තප්පුර වල සිදුවූවායැයි කියන ගිනිවිච්චුම්බර දැකීමෙනි. හනුමන්තා අපේ රටටම ගිනිතිබ්බේ ඒ ඉරිසියාවට බව රාම පවා දන්නා රහසකි.

ලොව මුල්ම අසැබි චිත්‍රය ඇද ඇත්තේ ඉන්දියාවේ අජන්තා ගුහාවේ නොව ලංකාවේ සීගිරිය පර්වතයේය.

ඉතින් අපි SEX ලොවට හදුන්වා දීමේ පුරෝගාමීන් හැටියට ආඩම්බර වියයුතු මුත් ලංකාවේ වර්තමානයේ SEX ගැන තත්ත්වය අතිශයින් දුක් වියයුතුය.

නිල් චිත්‍රපට කර්මාන්තය ඇමරිකාවේ නොව ලංකාවේ තිබිය යුත්තකි. කෝටි ගණනක් විදෙස් විනිමය ලංකාවට ගෙනආහැකි මාර්ගයකි. එහෙනම් අපේ නංගිලා මල්ලිලගේ වැඩ කිඩ අනුව ඇමරිකාවට හුලන්‍ ය. තායිලන්තයේ මෙන් ගණිකා වුර්තිය නීතිගත කලානම් විදෙස් සංචාරකයන් කොච්චර දේශපාලන අර්බූද තිබ්බත් අපේ කෙල්ලන් කොල්ලන් හොයා ලංකාවට එනු ඇත. එහෙනම් අපිට නිවාඩුවකට යන්නට හෝටලයක් තියා මූදූ වෙරලක්, කැලෑවක්, දිය ඇල්ලක් ඉතිරි නොවන තරමට සංචාරකයන් ලංකාවට එනු ඇත.

නමුත් අපේ අවාසනාවකට ඒවා නීතියෙන් තහනම් කොට ඇත. පාසල් වල ප්‍රජණනය ගැන පාඩම් කියලා දෙන්නට ගුරුවරුන් කැමති නැත. මම නම් කියන්නේ කෙලින්ම ප්‍රැක්ටිකල් එක්කම ඒ පාඩම් අපේ අනාගතපරපුරට කියලා දියයුතුය. මොකද අපේ 2500ක ඉතිහසය සහ සාහිත්‍යය ඔවුන් දැන සිටිය යුතුමය.

රෝහණ කේ අමරකෝන්

සුදු පිරුවටයෙන් තමා තමාව වසාගත්තත් තම හදවත තමාට වසාගැනීමට නොහැක


අම්මේ ඔයා මට කිව්වේ ලස්සන තැනක් බලන්න යනව කියලා.මම ගොඩක් සතුටු උනා අම්මිගේ අතේ එල්ලිලා හුරතල් වෙවී ඒ ලස්සන තැන් බලන්න යන්න.👩‍👦👩‍👦👩‍👦❤️❤️

අම්මි ගෙදර ඉද්දිත් ෆෝන් එකේම ඉන්න නිසා මට අම්මි නැතුව පාලුවක් හිතට දැනිලය් තිබුනේ.

…………අපි ඒ ලස්සන තැන් බලන්න ගියා.මම අම්මගේ අත හය්යෙන් අල්ලගත්තේ මග අඇරෙය් කියලා නෙමේ අම්මට මම ආදරෙය් අම්මගේ ආදරෙත් මට ඕනේ කියලය්.

ඒත්…………
ටික දුරක් යද්දි අම්මි අදුරන මාම කෙනෙක් ආවා.අම්මිගේ මුහුන එලිය වෙලා .ඒ මාම මොන මොනාදෝ කීවා අම්මි ඒ මාමගේ ඇගිල්ලකින් අල්ලන් හිනාවෙවී කතා කරමින් ගියා.අම්මටවත් ඒ මාමටවත් මාව මතක් උනේ නෑ.මගේ අතින් අල්ලන් හිටි අඇගිලි හිමින් හිමින් අතැරවූනා. මම ආයෙත් තනි උනා. මට පාලුය් . මට අඇඩුනා ඒත් අම්මට මාගැන සිහියක් තිබුනේ නෑ.මම අම්ම පස්සෙන් ගියා.

මට ලස්සන තැන් බැලුනේ නෑ.මම බැලුවෙත් නෑ බැලුවට ඒ ලස්සන තැන් මට ලස්සනත් නෑ.අම්මගේ ආදරේ නැතිව.අම්මගේ අඇගිල්ලේ උනුසුම නැතිව මට ඒව පෙනුනේ නෑ.
මම ගොඩක් කල්පනා කරා කවුද ඒ මාමා.හරියට අපේ නිරෝශ් අය් යගේ වයසමය්. (අම්ම පුතා කියලා කතා කරන අම්මගේ නංගිගේ පුතා) අඇය් අම්ම එයාට මට වඩා ආදරේ.අපේ තාත්තට වඩා ආදරෙ.අපේ තාත්තා ගොඩක් හොදය්. අම්මට කොච්චර ආදරේද?

අම්ම මට මෙතන ඉන්න කිව්ව. මම වාඩිවෙලා ගොඩක් වෙලා.මට බඩගිනි. අම්මට ගොඩක් සැරයක් කතා කරා.ඒත් අඇහුන්න්නේ නෑ වගේ ඒ මාමි එක්ක මොන මොනාදෝ කියවනවා. අම්මේ මම ආයෙත් කතා කරද්දි අම්ම මට සැර කරා.මට අඇඩුනා

මට තාත්තා මතක් උනා.
මම සැරෙන් සැරේට ඒ පැත්ත බැලුවා.ඒ අම්ම ඉන්නවද බලන්න. අම්ම කුඩේ ඉහලන් මාමට තුරුලු වෙලා හිටියා.
මට හිතුනා ඒ මාමව පිටුපස්සෙන් ගිහින් තල්ලු කරලා දාන්න. හරි නරක මාම කෙනෙක්.

මම කොහොමද අම්මි නරකය් කියන්නෙ.මම ආදරෙය් අම්මිට.
අනේ අපේ තාත්ති දන්නවනම් .
ප්ව් අපේ තාත්ති.

අම්මේ අපි යම් අම්මේ… අනේ අම්මේ..
මට ඔයා ඕනේ අම්මේ..
අම්මෙ මට පාලුය් අම්මේ..
අම්මේ එන්නකෝ….
අම්මේ

මම ලොකු උනාම නම්ම්ම්ම් ඔය මාමි වගේ නරක කෙනෙක් වෙන්නේ නෑ…..

අපේ අම්ම නරකය් ….
ඔව් අපේ අම්ම නරකම නරකය්.
අම්මනේ තාත්තව දාලා මේ මාම එක්ක ලගින් ඉන්නෙ..
අම්මනේ අම්මට වඩා ගොඩක් බාලා මාම කෙනෙක් ලගින් ඉන්නේ..
එතකොට තාත්තත් වැරදි එයා අම්ම ගැන හොයන්න එපැය්..
ෆෝන් එකත් වැරදි…. ඔව් ෆෝන් එක නැති කාලේ අම්ම අපි එක්ක හිටියා..

මම ලොකු උනාම ෆෝන් එක අරන් පොලේ ගහනවා..
ඔව් මම අම්මට කියනවා අම්ම එදා එහෙම හිටියේ කියලා..

(තම ස්වාමියාට දරුවන්ට රහසින්වත් බොරු නොකරන්න. වයසට ගියාම ඔවුන් ඔබට දොස් කියාවී) නටන්න තියෙන තියෙන හැම පාලියක්ම නටල දරුවන්ගෙන් ආදරේ බලාපොරොත්තු නොවන්න. තරුන කාලේ නොරකින පන්සිල් අටසිල් වයසට ගියාම පමනක් නොරකින්න. කාමය රසවත් උවත් එහි ඇත්තේ මුළාවක් පමනි. ලද දෙයින් සතුටුවන්න. සීමාව දැනගන්න. අයාලේ නොයන්න.

කාමය සංසිදුවාගන්නට පිරිමියා ආදරය මහාමේරු පර්වතයක් තරම් විශාලව පෙන්වය්.එහෙත් කාමය නිවාගත් කල අබ අඇටයක් තරමට කුඩාවෙමින් යය්.
ජීවිතය රග මඩලක් වුවත් එහි පමන ඉක්මවා රැගීමෙන් සමාජය පිළිකුල් කරය්.
කොතරම් සුදුකරලා සුදු පිරුවටයෙන් තමා තමාව වසාගත්තත් තම හදවත තමාට වසාගැනීමට නොහැක. පසුතැවෙමින් පසුතැවෙමින් විටෙක ලැජ්ජාවට පත් වෙමින් තම හිත එක්කම සටන් කරන්න සිදුවෙන්නෙ තමාටමය.

By: සුනේත්‍රා කරුණාතිලක

රයන් වයිට්


වසර 28 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැරපියා නික්මුණේය.

1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමකින් යුතු විය. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.

එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත් ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 19 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.

වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.

HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම ” උඹ සමකාමියෙක් බව අපි දන්නවා” යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.

1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානාපොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් දැකීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත්නොහැර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.

ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙන්න මට
දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
නිල් තණ පලස මත ,
තුරුගොමු ශිඛර මැද
පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
අහස් ගං මාවත් තැනුණු
ම නිවස්නය වෙතට

ආදරණීය රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

-උපුටාගැනීම සහන් කසීර වික්‍රමසිංහ –