බිග් මැච් පෙරඩ් ඕනමද?


බං බිග් මැච් වලට පෙරඩ් ගිහින් වියදම් කරන සල්ලි දැක්කාම මට නිකන් හිතුනේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන ඉහලටම ගිය උන් ඔය පෙරඩ් වල කාලෙ කන්න එන්නේ නෑ උන් එන්නේ කෙලින්ම මැච් එක බලන්න.

පෙරඩ් වලට ලොකු පොශ් වාහන ඇත්තටම අයිති උන් එන්නෙ ආදිශිෂ්‍ය සංගමේ උන්ගේ වදේට. අනිත් වාහන ඔක්කොම රෙන්ට් එකට අරන් එන්නේ.

දැන් අලුත්ම කෙරුවාව අර තොරන් බං පෙරඩ් එකට අරන් එන එක. ඔයයන පෙරඩ් එකට කොච්චර සල්ලියක් නාස්ති කරලා බලා පොරොත්තු වෙන්නේ ඉස්කෝලේ නම බබලවන එක කියලා හිතාගෙන හිටියාට ඔය කෙටිකාලීන ප්‍රසිද්ධියට අපරාදේ වෙන මහන්සිය සහ රටේ මිනිස්සුන්ට කරන පාඩුව කාලය සහ ශ්‍රමය අතින්.

ඔය ඉස්කෝල වලට කොච්චර එනවද ආර්ථිකව දුප්පත් ලමයි. අන්න උන්ට ඔය වියදම් කරන සල්ලි වලින් උදව් කලානම් උන් ඉහලට ඉගෙන ගෙන ඉස්කෝලෙ නම තවත් බබලවයි ලොකු කාලයක්.

ඒක මේ දවසක් පාරේ බාල් නැටුවා කියලා. කොල්ලෝ පොන්නයෝ වගේ ඇදගෙන පෝස්ටර් උස්සන් පාරේ යන කෙල්ලොන්ටයි ගෑනුන්ටයි කුණුහරුප කියාගෙන කෙල්ලන්ගේ ඉස්කෝලවලට පැනල අලාභ හානි කරලා පාරෙ යන මිනිස්සුන්ගේ කාලය කාලා දාලා කරන විනාසෙට වඩා කොච්චර උතුම්ද?

ඔය පෙරඩ් කරන මගේ ඉස්කෝලේ ඇතුළු හැම පෙරඩ් යන ඉස්කෝලයකටම කියන්නේ. පෙරඩ් යන්න කලින් ඉස්කෝලේ අඩුපාඩු ටික හදාගෙන පුළුවන් නම් අවුරුද්දකට සැරයක් ඉස්කෝලෙ ලමයින්ගේ දෙමව්පියන් ආදිශිෂ්‍ය සංගමය එකතු වෙලා ලමයින්ගේ කලා හැකියාවන්, නව නිපැයුම් පෙන්නන්න හොද ප්‍රදර්ශනයක් සංවිධානය කරලා අනිත් මිනිස්සුන්ට රටට ඔයාගේ ඉස්කෝලේ ලමයින්ගේ දක්ෂතා පෙන්නන්න ඉඩක් දෙන්න.ලාබ ප්‍රසිද්ධියට වඩා ගොඩාක් වටිනව ඒක.

රෝහණ කේ අමරකෝන්

Advertisements

ඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩමක්


ඇෆ්ගන් කණ්ඩායම ලංකාවටත් බංගලියන්ටත් වඩා සුපිරි බව ඔප්පු කර ඇත.

ඒ උන්ගේ කැපවීම සහ උනන්දු මත ජය සෙවීම මිස අපේ උන් මෙන් කැපීපෙනෙන්න දැගලීමක් උන්ට නැත. උන්ට නැති වෙන්නට දෙයක් නැත. ඒ නිසා උන් සොයන්නේ සියලු දෙනා එක්ව ගොඩ එන්නට මගක් පමණි.

මේ යන විදියට 2019 එක්දින ලෝක කුසලානයේ අවසන් 4ටත්
2019 පලමු ටෙස් ජයග්‍රහණ මුල් තරග 10 තුල ලබන්නටත්
2023 එක්දින ලෝක කුසලානය දිනන්නටත්
2030 දී රශීඩ් කාන් මුරලිගේ කඩුලු 534 එක්දින ලෝක වාර්තාව බිද හෙලන්නටත් බැරි කමක් නැත.

එකදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියක් නැති රටක, ලොව සුපතල පුහුණු කරුවන් සහ පුහුණු උපකරණ නොමැති රටක, ලොව සුපතල ක්‍රිකට් තරු නොමැති රටක හැකියාව, කැපවීම සහ උනන්දුව මත කෙතරම් දේවල් කල හැකිදැයි ඇෆ්ගනිස්තානය ලොවටම පෙන්වා ඇත.

ලංකාවේ සියලු සැප පහසුකම් විදින අපේ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් කුමක් කරන්නේදැයි දැන් අපිට ප්‍රශ්නයක් වී ඇත.

දයාසිරි vs මාලිංග


දයාසිරි අහනවලු මාලිංග කව්ද කියල,මම ඇමති ..ඕකව කව්ද ගනන් ගන්නේ කියල…..දයාසිරියා දන්නෙ නැතුව ඇති,

වෙස්ට් ඉන්දීස් වල බොබ් මාලිගෙන් පස්සෙ ජනප්‍රියම මනුස්සය මාලිංග කියල…

ඉන්දියාවේ මුම්බායි වල මිනිස්සු මාලිංගට දෙයියෙක්ට වගේ සලකනව කියල…

ඕනම රටක තියෙන ප්‍රිමියර් ලීග් එහෙකට කෝටි ගනන් ගෙවල මාලිව ගන්ඩ ඕන තරන් මිනිස්සු බලන් ඉන්නව කියල..

රිටයර් වුනත් ඕනම රටක බෝලින් කෝච් කෙනෙක් විදිහට ලේසියෙම්ම මාලිට යන්ඩ පුලුහන් කියල….

.

දයාසිරි කියන්නෙ කව්ද….

කාලෙකට ඉස්සර යූ ඇන්පි එකේ ලියුන් එහාට මෙහාට අදින්ඩ ආපු ලොන්තයෙක්, කෝටි 5ක කොමිස් එකක් අරන් පක්සෙ මාරු කරා, සිරිසේනට හිටන් හුටන් කියල මඩ ගහ ගහ ඉදල, මහින්ද පැරදුනාට පස්සෙ සිරිසේන ළඟ බලු කුක්කෙක් වගේ දගලලා දගලලා පින් ඇමතිකමක් ගත්තා…වාචාල කට හින්දා රටම ඉස්සරහා ඕන තරන් බලුවෙලා තියෙනවා…මහින්දගේ ආණ්ඩුවේ ඉද්දී හම්බන්තොට වරායේ ගලක් නෑ කියල දහ අතේ දිවුර දිවුර කෑගැහුවා…දැන් සිරිසේන ගාවට ඇවිල්ල කියනව “අම්මේ ඕකෙ පත ගලක්නෙ තිබ්බෙ ” කියල….දෙරණට ගිහිල්ල හරීන් ප්‍රනාන්දුත් එක්ක සක්කිලියෙක් වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එහෙක ගහ ගත්තා…දැන් ලොන්තයා අපිට අවුරුදු 18 කින් වල්ඩ් කප් එකක් ගෙනාපු රටක් වටින මනුස්සයව ටීම් එකෙන් කපන්ඩ හදනව…..

දයාසිරිය කියන්නෙ ලංකාවෙ ඇමතියෙක් වුනාට වෙන රටකට ගිහාම බල්ලෙක් තරන් වත් ගනන් ගන් නැති ලොන්තයෙක්..මාලිට ඕනම රටකට ගිහිල්ල මෙහෙට වඩා සිය ගුණයක් හොදට ඉන්ඩ පුලුවන්…ඒත් රටට තියෙන ආදරේටයි එයා ඔච්චර දේවල් වෙලත් තාම ඉවසගෙන ඉන්නෙ….අපිත් මේව බලන් හිටියොත් දයාසිරියල,සුමතිපාලලා වගේ එවුන් ක්‍රිකට් විනාස කරලා දානවා,ඉස්සරහට පොඩි එකෙකුටවත් මැච් එකක්වත් බලන්ඩ නැතිවෙයි…වෙස්ට් ඉන්දීස් වලත් වුනේ ඕකනෙ.
උපුටා ගැනීම- අයි ඈම් මාධව

දයාබර සචින් වෙතට…


asammathayaමීට වසර 24 කට පෙට 1989 නොවැම්බර් 14 දිනකින් ඇරබුනු ඔබේ ක්‍රිකට් දිවිය 2013 නොවැම්බර් 14න්  ඇරබුන ඔබගේ 200 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අවසන් වනු ඇති. එක්දින, ටෙස්ට් සහ 20 -20 තරග සෑම එකකින්ම පාහේ ඔබ දැක්වූ දක්ෂතාවයන් නිසාම ඔබසතුව නොබිදුනු ලෝකවාර්තා ‍රැසක්ම පවතී. අද පවත්වන ඔබේ 200 වැනි ටෙස්ට් තරගය අවසන් වන විට ඔබට තවත් ලගාවියහැකි එක් ලෝක වාර්තාවක් ඇත එනම් ටෙස්ට් ලකුණු 16,000 ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා වීමටයි. ඒ සදහා තවත් ඔබට ගත්යුත්තේ ලකුණු 153ක් පමනයි. එම ලෝක වාර්තාවත් සමගින් ඔබට සමුගන්නට ලැබේවායි පතමි.

ක්‍රිකට් පිටියේ සුන්දර නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පිටියෙන් පිටත වැදගත් මහත්මයෙක් ලෙස ඔබ අන් සියලු ක්‍රීඩකයින්ට ආදර්ශමත් චරිතයක් විය. ඔබට සුබ පැතුම්.

ශ්‍රී ලංකා ක්‍රිකට්, මැතිව්ස්, චන්දිමාල් සහ සනත්


1551-1-sri-lanka-cricket1-300x300අම්මේ තඩි ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙලා හුස්මක් ගන්නවත් ලැබුනේ නැහැ තවත් තඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ලැබුනා. වැඩේ පටන් ගන්න කලින් පෝස්ට් එකක් දාන්න හිතුවා. මොකද ගොඩ දවසකින් ලියන්නත් බැරිඋනානේ.. වැලන්ටයින් දවසේ උන රස කතා ගොඩාක් තියනවා කියන්න, ඒක ඊලග සැරේ ලියන්නම්.

එතකොට අද කියන්න යන්නේ මොකක්ද?

ඔයාල ඉතින් ක්‍රිකට් ගැන හොදට දන්නවානේ, ආය අමුතුවෙන් අපේ කොල්ලොන්ගෙ දක්ශතා ගැන කතා කරන්න ඕනිනැහැ, මේ දවස් වල අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් හරි හරියට වැඩ පෙන්නනවනෙ ඉන්දියාවෙ ගිහින්. ඒනිසා දැන් නිකන් ක්‍රිකට් ගැන උන්මාදයක් ඇතිවෙලා තියෙන්නේ හරියට 96 උනා වගේ. ඔය හැම අටමගලකටම වග කියන්න ඕනි ආයතනයක තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.

ඕකේ සභාපතිවරු, ලේකම්වරු සහ අනික් අය වෙන්න අම්බානකට කට්ටිය පොරකනවා. මොකද සල්ලි හොයන්න පුළුවන්නේ.. නමුත් ක්‍රීඩාව රදා පවතින්නේ සුපිරිදකශතා  දක්වන ක්‍රීඩකයෝ නිසා. ඉතින් එයාලා ‍තෝරන අය තමයි තේරීම් කමි‍ටුව. ඕකට පත්වෙන අය තමයි හැම තරගයක්ම දිනන පරදින විදිහට ක්‍රීඩකයින්ට වඩා බැනුම් අහන්නේ. ඉතින් ඕකට පත්වෙන අයත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා නේ. මෙදාපාර ආපු ලොක්කා තමයි අපේ (හිටපු) සුපිරි පිතිකරු, නිවේදක, පාර්ලිමේන්තු  මන්ත්‍රී සනත් ජයසූරිය මහතා. එයා ආපු ගමන් ඕං කණ්ඩායම වෙනස් කරලාලු. අනිත් එව්වා ගැන කතා කරන්න කලින් ලොකු ලොකු එව්වා ගැන බලමුකෝ..

Angelo+Mathews+2011+ICC+World+Cup+Sri+Lanka+lUdk6dJwuoHlමෙයා තමයි අද ඉදලා ඉස්තීරෙටම ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල නායකයා. පහුගියවතාවේ ඕස්ට්‍රිලියන් කාරයන්ට 20-20 තරග2 දිනන්න දරදිය ඇද්දේ මෙයානේ. ඉතින් ඒකෙන් එයාව ටිකකට නිදහස්කරලා  ඊටවඩා බරපතලම දෙකක් එයාට බාරදීලා. යන විදිහටනම් ඉස්සරහට අවුලක් වෙන එකක් නැහැ.මොකද කාලයක්ම නායකයෝ කිහිපයක් යටතේම පුරුදු පුහුණු වුනානේ.

asammathayaමෙයා තමයි අද ඉදලා ඉස්තීරෙටම 20 – 20  ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ප්‍රවේගකාරි පිතිකරුවෙක් දක්ෂ කඩුළු රකින්නෙක් උනාට කණ්ඩායමේ අවස්තාවක් හිමිඋනා අඩුයි. නමුත් 20-20ට කියාපු ක්‍රීඩකයෙක්.

ClickHandler11කොහොමින් කොහොමින් හරි ඉස්සරහට එන තරගාවලි දිනවලා ලංකාව ආපහු ලෝකේ උඩම තැන තියන්න මේදෙන්නට වාසනාව සහ සහයෝගය ලැබේවා. 4 සැරයක් ලෝක කුසලාන අවසාන තරග පැරදුනාට අපි ඉතා දක්ෂ කණ්ඩායමක් කියලා හැමෝම දන්නවා. 2014 දි 20-20 කප් එක ගන්නයි. 2015 දි 50-50 කප් එක ගන්නයි දැන් ඉදලම මහන්සිඋනාම හරි.