ලංකාවට ලෝක විනාසය නොවෙන්නට හේතුව ඔබ දන්නවාද?


සකල සිරින් පිරි සිරි ලංකාව දැන් ලෝකේ වෙන කිසිම රටකට වඩා දියුණුයි නොවැ.. අඩුවක් පාඩුවක් තියනවා කියලා කාටවත් කියන්න බැහැ (ඒතරමටම අඩුපාඩු හැම තැනම). ජනතාව ඉතාම ඉහල ජීවන මට්ටමක ඉන්නේ (දැන් ගොඩාක් පලාත් වලට ගංවතුර නිසා), ජනතාවගේ සතුට වෙනුවෙන් කාර් රේස් තරග වගේම ඒවා ගේ යන්න රේස් කාර්, ලිමෝසීන්, ලැම්බෝර්ගිනි වගේ ඉතාම පොදුජනයාගේ වාහන රාශියක් ලංකාව සතුව තියනවා. ඒ නිසා දැන් කටක් ඇරලා අපිට ලෝකෙට අභිමානයෙන් අපේ රට ගැන කියන්න පුළුවන් ආදර්ශයට ගන්න කියලා… අනික ලෝකේ අඩුම ඉන්ධන මිල තියෙන්නෙත් අපේ රටේ (මයේ කල්පනාවේ හැටියට අරාබියේ සුල්තාන්ලත් දැන් තෙල් ගන්නේ අපෙන්, මොකද උන්ට තෙල් හදන්න යනවියදම අපෙන් තෙල් ගන්න යන වියදමට වඩා වැඩිනිසා, ඒ ගැන හිතලමද මන්දා අයෙත් 10කින් වැඩිකරේ ගාන).

අනික දැන් පිටරට සුද්දියෝ මෙහෙට එනවා ඒරටවල් වලට වඩා මෙහේ ගණිකා සේවනයට ලැදියාවක් දක්වන පිරිස වැඩිනිසා ඒරට වලට වඩා ඉහල වැ‍ටුපක් මෙහෙන් හොයාගන්න පුළුවන් නිසා, ඉස්සර අපේ අක්කලා , නංගිලා අරාබියේ ගියේ වැඩකාර කමට දැන් එහෙම අපේ අය එහේ යන්නේ නැති උනාට ඒ රටවල් වල අය මෙහේ ‍රැකියාවලට එවන්න ඒරටවල් වල තානාපති කාර්යාල දැන් අපේ රජය එක්ක හරි හරියට සාකච්චාවල්, ඒකනේ ගණිකවන් නීතිගත කරන්න කියන්නේ හැම තැනින්ම,මොකද ඒ රටවල් වලට අපේ රටෙන් විදේශ විනිමය විශාල වශයෙන් උපයගන්න පුළුවන් නිසා. (කීයක් දීලාහරි අපේ අයියලත් මොනවා මොනවා හරි කොරගන්නමනේ හදන්නේ)

අනික ලංකාවේ කෘෂිකර්මාන්තය ලබපු සීඝ්‍ර දියුණුව නිසා ආපදා කාලෙකදිත් අපිට ඇතිතරම් ආහාර සංචිත තියනවා ජනතාවට බෙදලා දෙන්න, අතිරික්තයක් තිබුනොත් ඒවා ලොකු ලොකු නිලතල වල ඉන්න අය ගෙදර අරන් තියාගන්නවා ආපහු උවමනාවක් උනොත් බෙදලා දෙන්න ජනතාවට (අර සුනාමි කාලේ උනා වගේ). ඒ විතරක්ද මේ ජරමර ඔක්කෝම තියාගෙනත් ආහාර අපනයනය කරන්න තරම් ආහාර වලින් අහේනියක් නැහැ නොවැ. (අවුලකට තියෙන්නෙ මහමූලන සාටකේට දාපු කුරහන් විතරක් ලංකාවට තාම ආනයනය කරන එක, ඒ හැර අනිත් ඔක්කොම මෙහෙ තියනවා, අනිවා තියෙන්නම ඕනි, මමනේ කියන්නේ ඉතින්.)

මේ ලගදි අපේ දෙවන චන්ද්‍රිකාව අපේ පෝඩිමුලනගේ මූලිකත්වයෙන්, අපි දැන් ලෝකේ චන්ද්‍රිකාවක් කක්ෂගත කරපු 45වෙනි රට කියලා මහ උජාරුවට කිවාට 1994දිත් අපි ඔයිට වඩා ලොකු චන්ද්‍රිකාවක්  කක්ෂගතකරා ඒක 2003 වෙනකන් වැඩකරලා විනාශවෙලාම ගියා. ඒකාලේ ඉන්දියාවවත් එහෙම එකක් කරලා තිබුනේ නැහැ. ඒත් පොඩිමූලනගේ මෙව්වා එක නිසා දැන් අපේ රට කිසිම අහේනියක් නැතුව අන්තර්ජාලය එහෙම ගන්න පුළුවන් ලු..(හැබැයි රජෝ චීනා හරිම කට්ටයා, ඌ… නිකමට නෙවෙයි ඕක උඩ අරින්න අපිට උදව් කලේ ඕං..)

ඉතින් ඔන්න ඔහොම ලංකාවක් අපිට තියනව එකේ ඔය උන්නැහේලට නොතේරුන එකම හරුපේ මම තේරුම් කරන්නම්, ඇයි මූ මේ පෝස්ට් එකට අහවල් එකක්ඩ් දාලා තියෙන්නේ කියලානේ මේ  බලන්නේ.

එහෙනම් මේකයි ඕං, මේ ලංකාවේ අය හිතාගෙන හිටියට අපි ඇමෙරිකාවටත් වඩා දියුණුයි කියලා, ඇත්ත තත්වේ තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව ලංකාව තාමත් ලෝකේ දියුණු රටවල් වලට සාපේක්ෂව අවුරුදු 20ක් පසුපසින් ඉන්නේ, ඒ කියන්නේ අපි තාම ඉන්නේ 1992 හලෝ, ඉතින් කොහෙද අපිට ලෝක විනාසයක් දැන්මම වෙන්නේ. තව කල් තියන්වා හොදටෝම ඒකට ලැහැස්තිවෙන්න.

ගැලරිය

චින්තන සභාපතිතුමෝ අදවත් ගෙදර ඉදන් මැච් එක බලනවද? මේපාරත් පරදින්න බෑ ඕං


This slideshow requires JavaScript.

” The Mendis Show In T20 World Cup 2012 with 5 World Records ” අම්බානකටම අසම්මතයි හොදේ…..


තරගය       : T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2012 පළමු තරගය

කණ්ඩායමි : ශ්‍රීලංකාව සහ සිම්බාබ්වේ
දිනය         : 18/09/2012 (සවස 7.00 සිට 11.30 දක්වා)
ස්ථානය    : සූරියවැව මහින්ද රාජපකෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

තරගය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් සිම්බාබ්වේ කණ්ඩායමේ අභිමානය 60,000 පමන ප්‍රේක්ශක පිරිසක් ඉදිරිපිටදී මෙන්ම මිලියන ගණනක රූපවාහිනී ප්‍රේක්ශක පිරිසක් ඉදිරි පිටදී කෙලෙසා දමන ලදී..

This slideshow requires JavaScript.

නියමයි මෙන්ඩා කියලා වෙනදා කිව්වාට අද කියන්න වෙන්නේ නියමයි මෙන්ඩෝ කියලා. ඇයි ඉතින් මෙන්ඩා ලා 2නෙක් නේ මෙතන වැඩ පෙන්නලා තියෙන්නේ. ලකුණු සටහන බැලුවත් අම්බානකට අසම්මතයි. ලෝක වාර්තාවක් තියපු අජන්ත මෙන්ඩිස්ගේ වාර්තාවත් ඊට වඩා අසම්මතයි. තරගයම නිකන් මෙන්ඩිස්ලා දෙන්නා විතරක් සෙල්ලම් කරාලා වගේ. ඒ උනාට කණ්ඩායමේ සියළු දෙනාගේම කැපවීම අගය කරන්න පුළුවන් මහ ඉහලින්ම.

මේ තරගේ තියන අසම්මත කාරනාටික මම මුලින් කියලා ඉන්න, වෙන රටක එකෙක් බැලුවොත් කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉන්නෙ 9 යි 11ක් ඉන්න ඕනි උනාට. අකිල ධනන්ජය හිටියනම් 8ට අඩු වෙනවා ඒ ගානත්.

ඇයි එහෙම කියන්නේ මූට පිස්සු කියලා නේද බලන්නේ.. එහෙනම් පහල ටිකත් බලන්නකෝ, ඩිල්ශාන්ලා 2යි, මෙන්ඩිස්ලා 2යි, පෙරේරලා 2යි. මරු නේද?

1.ඩිල්ශාන් (මුණවීර)
2.ඩිල්ශාන් (තිලකරත්න)
3.මහේල
4.සංගක්කාර
5.මෙන්ඩිස්
6.පෙරේරා (තිසර)
7.තිරිමාන්න
8.මැතිව්ස්
9.කුලසේකර
10.මාලිංග
11.මෙන්ඩිස් (අජන්ත)
12.පෙරේරා (අකිල)

අනික මෙන්ඩා කරේ එසේ මෙසේ වැඩකුත් නෙවෙයිනේ. මොන මෙන්ඩාද කියලා අහන්නේ නිකන් දන්නේ නෑ වගේ. මම කිව්වේ අජන්ත මෙන්ඩිස් ගැන, T20 තරගයක පන්දු යවන්නෙකුට යවන්න පුළුවන් උපරීම වලංගු පන්දු ගණන 24. ඔය 24න් තමයි දාන සෙල්ලම් ඔක්කොම දාන්න ඕනි. ඉතින් ඔය 24න් 6කට විකට් ගන්නවා කියන්නේ 1/4 ක් නේ. ඉතින් කොච්චර අමාරුද කියලා හිතලා බලන්න. ඇත්තටම ඉතා දුර්ලභ කටයුත්තක් අජන්ත කරලා තියෙන්නේ, අනික එක පාරක් නෙවෙයි 2පාරක්ම. ඒකත් නිකම්ම කිනක් නෙවෙයි ලෝකවාර්තාවක් අළුත් කිරීමක්.

අජන්ත මෙන්ඩිස් ඊයේ අළුත් ලෝකවාර්තා 4ක්ම තිබ්බා, නමුත් අපි දන්නේ 1ක් විතරනේ, එහෙනම් අනිත් එවත් දැනගන්නකෝ…
1. T20 තරගයක හොදම පන්දු යැවීම (පන්දුවාර 4 ලකුනු 8 ට කඩුළු 6)
2. T20 තරගවල කඩුළු 6ක් දෙවරක් ලබාගත් එකම පන්දුයවන්නා(කඩුළු 6ක් ලබාගත් වෙන කිසිදු පන්දුයවන්නෙක්  නොමැත)
3. T20 තරගවල පන්දුයවන්නෙක් ලබාගත් කඩුළු වලින් පන්දුව කෙලින්ම කඩුල්ලේ දැවටී ලබාගත් කඩුළු ගණන 4

4. පන්දුවාර 4 තුල යැවූ වැඩිම නිලකුනු පන්දු ගණන 20 (24) ඒ කියන්නේ පන්දු වලින් 83.3 % ක්ම ලකුණු ගන්න නොදුන් පන්දු

5. ටෙස්ට්, එක්දින සහ T20 තරග යන ආකාර 3න්ම ඉනිමකදි කඩුළු 6 බැගින් දවාගත් එකම පන්දු යවන්නා

මීට අමතරව 20 තරගවල හොදම පන්දුයැවීම් 25න් 3කටම දායකවූ එකම ශ්‍රීලංකා පන්දු යවන්නා ලෙසත් ඔහු දැක්වෙනවා.

මේ ඔක්කෝම හරි, නොදන්නා දෙයක් තිබුනොත් දැන ගන්නයි මම මේවා කිව්වේ, ශැන් පලමු තරගය ඉවරයි. ඊලගට ප්‍රභල දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමගින් තරග වදින්න තියෙන්නේ. ඒකත් හොදට කරයි කියලා විශ්වාසයක් තියනවා. නමුත් මතක තියාගන්න අජන්ත මෙන්ඩිස් පළමු තරගයෙන්ම ලෝක වාර්තා තියලා වික්‍රමයක් කරපුනිසා ඉදිරි තරගවලදි ප්‍රතිවාදීන් ඔහුට ගොඩාක් පරිස්සමින් ක්‍රීඩා කරයි. ඒනිසා අඩු ලකුණු ගණනකට ඒ කියන්නේ ලකුණු20ට අඩුවෙන් ඔහුගේ පන්දුවාර4 තියාගන්න පුළුවන් වේවි. කඩුළු ගැන දැන් ඔහුගෙන් බලා පොරොත්තු වෙන්න ඕනි නැහැ. මේනිසා අනිත් පන්දු යවන්නො භාවිතාකරලා අනෙක් අන්තයෙන් කඩුළු දඩයම් කරන්න  සැලැස්මක් යෙදුවොත් හොදයි. හැබැයි ඉන්දියාව, පාකිස්තානයට අජන්තව හංගලා අකිලව දානවා නම් තවත් හොදයි.

මගේ අනාවැකි කිහිපයක් ඔන්න අදත් මම කිව්වා අජන්ත මෙන්ඩිස් ගැන. තරග යන විදිහ බලලා ඉස්සරහට තවත් කියන්නම්. මගේ පෙර පෝස්ට් කියවලා ඒගැන දැනගන්න ගමන් පොඩි ප්‍රශ්නයක් අහලා ඇති පහල ඒකටත් උත්තර දීලම යන්නකෝ..

2012 T20 ලෝක කුසලානයට පෙර මොනා ලියන්නද කියලා මම මේ කල්පනා කරේ……


හ්ම්ම්…. අද මොනා ලියන්නද කියලා මම මේ කල්පනා කරේ, ගොඩාක් බ්ලොග් වල ලෝක කුසාලානය ගැන ලියලා තියනවා. ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගන ගැන, තරග රටාවේ අවිනිශ්චිතබව ගැන, ක්‍රීඩකයෝ ගැන, එකී මෙකී නොකී හැම දෙයක් ගැනම ලියලා තියනවා. අන්තිමට මට ලියන්න මගුලක් මේ බ්ලොග් ලියන එව්වෝ ඉතිරි කරලාම නෑනේ. ඒකෙන්ම පේනවානේ කට්ටිය කොච්චර ලෝක කුසලානයගැන උනන්දුද කියලා වගේම තමන්ගේ බ්ලොග්1ත් ඒගැන ලියන්න කොච්චර උනන්දුද කියලා , කමක් නෑ කමක් නෑ එව්වා හොද වැඩ.

asammathayaasammathaya

 

ඒත් මම වගේ ටක්කෙටම හරියන ක්‍රිකට් ඇනලයිස් පාරක් දාන්න කට්ටියට බෑ…. ආය ලොකු කමට කියනවා නෙවෙයි , ඕනිනම් මගේ කලින් ලිපියේ ඇති ඊට කලින් අවුරුද්දේ 2011 ලෝක කුසලානයට මම කියපු අනාවැකි, ගිහින් කියවලා බලන්න බොරුද කියලා. අනික ක්‍රිකට් ක්‍රීඩාකරන ක්‍රීඩකයෙක් හැටියට තරග රටාවන් ගැන, තණතිලි ගැන, වගේම ක්‍රීඩා තරග රටාවට අනුව ක්‍රීඩකයෝ සංයුතිය කොහොම වෙන්න ඕනිද කියලා දන්න නිසා මේ වැඩේ කරන්න ලේසිවෙයි කියලා හිතනවා.

asammathaya

ඊට කලින් අපේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට සුබපතන්න කැමතියි ඔහු විසින් පසුගිය වසරේදි එක්දින, ටෙස්ට් සහ T20 තරග වලදී දැක්වූ දක්ශතා මත වලදී  වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා, වසරේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා සහ ලෝක ක්‍රිකට් ලෝලීන් අතර (LG Peoples Award )ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනන්න ලැබීම ගැන. වසරේ එක්දින ක්‍රීඩකයා කියන සම්මානය නූලෙන් විරාත් කෝලිට් ගියේ, ඒ සංගට වඩා ලකුණු අඩුවෙන් ගත්තත් එක ශතකයක් සංගට වඩා වැඩිපුර අරගෙන හිටපු නිසා. නමුත් සංගා තවත් විශිෂ්ඨ  පිතිකරුවෙක් වෙන සර් ඩොන් බ්‍රඩ්මන්ට ගේ වාර්තාවක් සමකරා, ඒ තමයි ක්‍රිකට් සම්මාන උළෙලකදි එකවර සම්මාන3ක් ලබාගැනීම තුලින්. ඒ ඔහුත් විශිෂ්ඨ ක්‍රීඩකයෙක් නිසා, දැනට ඔහු හදුන්වනු ලබන්නේ ලොව බිහිවූ විශිෂ්ඨතම කඩුළුරකින්නෙක් සහ පිතිකරුවා හැටියට (Wicket Keeper Batsman).

ඔහුගේ ක්‍රිකට් දත්ත සටහන බලලාම ඉන්නකෝ….

asammathaya

ඔන්න මම මේපාර ලෝක කුසලානයටත් අනාවැකි කිහිපයක් කියන්නයි යන්නේ, ඊට කලින් මේපාර තරගාවලියට එන කණ්ඩායම් මොනාද කියලා බලමු, පස්සෙ බැරියෑ ඉතිරි එව්වා කියන්න.

asammathaya

කණ්ඩායම් 12ක් සහභාගිවෙන මෙවර තරගාවලියේ එම කණ්ඩායම් කාණ්ඩ4කට වෙන්කොට තිබෙනවා. ඒකත් බලන්නකෝ….

asammathaya

මූලික වටයේ තරග සටහන සහ ඉදිරි තරග කාල සටහනත් බලලම ඉන්නකෝ..

asammathaya

මේ අනුව බලාගෙන ගියාම කාණ්ඩවල තිබෙන කණ්ඩායම් අතුරින් B & D කාණ්ඩවල ඇරුනාහම A & C කාණ්ඩවල එක් දුර්වල කණ්ඩායමක් තියන නිසා අනිවාර්යයෙන්ම ඒ කාණ්ඩ වල ඉන්න අනික් කණ්ඩායම් 2 සුපිරි 8 වටයට නිසැකයෙන්ම සුදුසුකම් ලබනවා. විශේෂයෙන් A කාණ්ඩයේ T20 ලෝකකුසලානයේ හිටපු ශුරයින් දෙපිරිසක් වන ඉන්දියාව (2006) සහ එංගලන්තය (2010) සිටින අතර ඔවුන් හොද රිද්මයක සිටින නිසා ඔවුන් ජය ලබාවි. ඒ වගේම C කාණ්ඩයෙන් හිටපු T20 අනුශුර ශ්‍රී ලංකාව හා ප්‍රභල දකුණු අප්‍රිකාව නිතරගෙන්ම ජය ලබාවි.

නමුත් B කාණ්ඩය තරමක් හොද තරගකාරීත්වයක් දක්නට ලැබේවියැයි මට හිතනවා. මොකද මේ දිනවල ඕස්ට්‍රේලියාව තරමක් තරගවලි පසුබාලා ඉන්නේ වල T20 ranking 9 ඉන්නේ අයර්ලන්තය 10, නමුත් ඉතා ප්‍රභල ලෙස නැවත නැගීහිටින්න ඔවුන්ටත් පුළුවන්. නමුත් නායකත්වය අළුත් වගේම අත්දැකීම අඩු ක්‍රීඩක පිරිසක් ඉන්න නිසා ඔවුන්ට අයර්ලන්තය සමගින් ලොකු තරගකාරීත්වයක් දකින්නට පුළුවන්, නමුත් අයර්ලන්තය ඔවුන් ඉදිරියට ඒවි කියලා හිතනවා ඕස්ට්‍රේලියාව එලියට ඇදලා දාලා. හරියට කලින් ලෝක 2007 කුසලානයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඉන්දියාවට උනාවගේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් මෙය පොදුයි, නමුත් ඔවුන් සමබර කණ්ඩායමන් ඉදිරිපත් කර ඇතිනිසා එතරම් ගැටළුවක් නොවේවි.

D කාණ්ඩයේ තමයි තරගකාරීත්වය වැඩිම  කාණ්ඩය වන්නේ. හිටපු T20 ලෝකශුර පාකිස්තානය (2008) වගේම හොද රිද්මයක ඉන්න බංග්ලාදේශ කණ්ඩායමත් , නවසීලන්ත කණ්ඩායමත් අතර ඉතා තියුණු සටනක් තියේවි. මේ කණ්ඩායම් තුනම එකවගේ උනාට පාකිස්තානයට වැඩිවාසි තියෙනවා මොකද උප මහද්වීපයේ තණ්තීරු ඔවුන්ට පුරුදු නිසා. බංග්ලාදේශයත් ඒහා සමානම අත්දැකීම තිබුනත්  නවසීලන්තයට නැහැ. අනික බංග්ලාදේශය ranking 4 ඉන්න නිසා ඔවුන් ඉදිරියට ඒවි කියලා හිතනවා නවසීලන්තය එලියට ඇදලා දාලා.

ඒ අනුව මගේ අනුමානය පහත කණ්ඩායම් සුපිරි 8 වටයට සුදුසුකම් ලබාවි කියලා. ඊට පස්සේ එවා තව දවසකින කියන්නම්.

asammathayaasammathayaasammathayaasammathaya

asammathayaasammathayaasammathayaasammathaya

මගේ කලින් පොස්ට්1 ඔයා කැමති රට වෙනුවෙන් කමැත්ත පල කරලා බලන්න ඇත්තටම ඒ රට ජයග්‍රහණය කරයිද කියලා.

Who will win 2012 T20 World Cup?


ඔන්න දැම්මා ආයෙත් ප්‍රශ්නයක්? උත්තරයක් දීල  බලන්න හරියාවිද කියලා.

” කලින් සැරේ ලෝක කුසලානයෙදි වගේ මේපාරත් තරගාවලියට පෙර ඇනලයිස් පාරක් දාන්නේ නැත්ද? “  කියලා බරගානක් දැන් මගෙන් ඇහුවා.

ඇයි ඉතින් කට්ටියට මතකනේ මම ගියපාර ලෝක කුසලානය ගැන අනාවැකි කියලා 1ක් ඇරෙන්න අනිත් ඔක්කෝම හරිගිය හැටි. මටත් අර ෆුට්බෝල අනාවැකි කියපු පෝල් බූවල්ලට වගේ මරණ තර්ජන තිබුනා ඒදවස්වල පිටරටවල් වලින්. ඒනිසා අනාවැකී කීම ටික කාලෙකට නැවැත්තුවා. මෙහෙත් මාව හොයාගෙන බරගානක් ආව කියලා අපේ මල්ලි කිව්වා. වෙන මොකටවත් නෙවෙයි මම ණය වෙච්ච ඒවා ඉල්ලගන්න.

ඒකෙන් මේකෙන් වැඩක් නැහැ. ඉස්සල්ලා ඔයාලා මේකට උත්තර දීලා ඉන්නකෝ, මම හෙට අනිද්දාම මගේ අනාවැකි කිහිපයක් කියන්නම්. හැබැයි පු‍තෝ මේපාර තියෙන්නේ 20 හරිය. සක්කරයටවත් බෑ ඕං හරියට අනාවැකි කියන්න. මගේ අනාවැකි හරිගියොත් මම ගොඩ, කෝකටත් මම කියන ඒවා හරියන්න කියලා මම වෙනුවෙන් ඔයාලවත් දන්න කියන හැම දෙවියෙක්ටම බාර වෙන්න. ඒකට හේතුව මගේ අනාවැකි දිහා බලලාම තේරුම් ගන්නකෝ….

මෙන්න ගියපාර කියපු අනාවැකි ගැන මම දාපු පෝස්ට්, ගිහින් බලන්නකෝ…

ශ්‍රී ලoකාව 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගයට සුදුසුකම් ලබයි

2011 ලෝක කුසලානය කාටද?

ක්‍රිකට් නායකත්වයෙන් ඩිල්ශාන් පන්නයි………..

අයර්ලන්තයටත් පරදින්නට යන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම..


ක්‍රිකට් ලෝක කුසලාන තුනක් දිනූ  බලගතු යැයි කියාගන්නා  ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගවල 10 වැනි තැනට පල්ලම් බසී.

This slideshow requires JavaScript.

අපිත් ඉන්නේ ලංකාවට එනකන් විස්සයි විස්ස ලෝක කුසලානයෙදි ඔය ලිස්ට්1න් තවත් පහලට යන්න වැඩක් සෙට් කරන්න.