නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියාවේ ’නෙල්සන් මැන්ඩෙලා’- ’අගමැති අබී’ අපට කියන කතාව


ඉතියෝපියානු අගමැති අබී අහ්මද් (Abiy Ahmed) විසින් 2019 නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීම පුවත් මවා තිබේ. ඔහු ඒ සා විශාල ගෞරවයකට පාත්‍ර වීමට තරම් ඔහු කළ මෙහෙවර කුමක්දැයි ලෝකය දැන් අසයි. මේ ඒ ගැන කෙටි සටහනකි.

අබී අහ්මද්, සිය රට වන ඉතියෝපියාව, අසල්වැසි එරිත්‍රියාව සමග පැටලී තිබූ යුද්ධය සදහටම නවතා දැමුවේය. ආයුධ බලයෙන් නොවේ. සාමයේ බලයෙනි.

ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දරුණුතම යුධ සටන් පැවතුණේ 1998-2000 දෙවසර තුළ ය. එය දේශසීමා යුද්ධයකි. මිනිස්සු දස දහස් ගණනක් එයින් මිය ගියහ. ලක්ෂ ගණනක් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූහ.

මේ කාලයේදී මේ රටවල් දෙකම අති දුප්පත් ය. යුද්ධය විසින් දෙරටේම ආර්ථිකය තවදුරටත් අඩපණ කර දැමිණි. එය සංවර්ධනයට විලංගු දැමුවේය. දෙරටේම සිටියෝ දේශප්‍රේමිත්වයෙන් ඔද වැඩී ගිය යුධ කාමියෝ ය. ඔවුන්ට යුද්ධය ජය ගැනීමකින් තොර සාමයක් ගැන සිතන්නට හැකි වුණේ නැත.

වසර 2000 දී යුද්ධය නාමික වශයෙන් අවසන් වුවද ‘යුධ මුක්ත කලාප‘ හුදෙක් නමට පමණක් විය. ඒවායේ දකින දකින තැන සිටියෝ සොල්දාදුවෝ ය. කොල පාට පැල්ලම් ඇති නිල ඇඳුම්ධාරියෝ ය.

වසර 18කට පසු තත්වය වෙනස් විය. 2018 අප්‍රේල් මාසයේ අබී අහ්මද් ඉතියෝපියාවේ නව අගමැති බවට පත්විය.

ඔහු එරිත්‍රියානු නායකයන් සමග සිනාමුසු මුහුණින් සහ ප්‍රසන්න කමින් යුතුව කතා බස් කළේය. යුද්ධයෙන් කිසිවෙක් නොදිනන බව පැවසුවේය. ඔහුගේ මාවත වූයේ සාමයේ මාවතයි. ඔහු නිත්‍ය ලෙසම එරිත්‍රියාවට සාමයේ දෑත දිගු කළේය.

දශක ගණනක යුද්ධය නිම විය. ඉතියෝපියාවෙන් අලුත් මැන්ඩෙලා කෙනෙක් බිහිවෙමින් සිටියේය.

‘ජාතිය‘ නොව ‘රට‘ සුවපත් කළ නායකයා
ඔහු ඉපදී සිටියේ මුස්ලිම් පියෙකු සහ ක්‍රිස්තියානි මවකට දාව ය.

ඔහු පැවතගෙන ආවේ ඉතියෝපියාවේ වාර්ගික ජන කණ්ඩායමක් වන ඔරොමෝවරුන්ගෙනි. ඔරෝමෝෙවරයෙක් ඉතියෝපියාව පාලනය කරන්නේ ඉතිහාසයේ පළමු වතාවට ය. එසේ තිබියදීත් ඔහුට රට තුළ වර්ගවාදය හෝ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය වුණේ නැත. ඔහුගේ ජාතිය ඉස්මතු කරමින් ඔහුගේ බලයෙන් අයුතු වාසි ගන්නට තැත් කළ ඊනියා දේශප්‍රේමියෝ මේ නැගෙනහිර අප්‍රිකානු දේශය තුළ අති බහුලව සිටියහ. රට පුරා ඔහුට විරුද්ධව උද්ඝෝෂණ හටගත් සමයක් ද තිබුණේය. නමුත් අබී ඒවා පරාජය කළේය.

ඔහුගේ ඉලක්කය වුණේ ‘ජාතිය සුවපත්කිරීම‘ නොව ‘රට සුවපත් කිරීම‘ යි.

ඔහු දේශපාලන සිරකරුවන් දස දහස් සංඛ්‍යාවක් සිරගෙවල්වලින් මුදා හැරියේය. නිදහසේ සතුට ඔවුන්ට ද හිමි බව ඒත්තු ගැන්වූයේය. පළි ගැනීමෙන් වැළකී සිටින ලෙසට සිය ආරක්ෂක අංශවලට හැම විටම උපදෙස් දුන්නේය.

අවසානයේ විසම්මුතිකවාදීන් ද මාධ්‍යවේදීන්ද යුග ගණන් රඳවා වධ දුන් අපකීර්තිමත් අඩිස් අබාබා බන්ධනාගාරය අබී වසා දැමුවේය.

ඒ අතරම, යුද්ධය අවසන් කිරීමේ ජය පැන් බොන්නට රටේ මහජන මුදල් කාබාසීනියා කිරීමෙන් ඔහු වැළකී සිටියේය. ඔහු නිත්‍ය ලෙසම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. සිදු කෙරෙමින් තිබුණු සංවර්ධන වැඩකටයුතු සඳහා එකිනෙකාට ඇඟිල්ල දිගු කරනු වෙනුවට ඒ සංවර්ධන කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නට විය.

මේ අතරේ වසර 41කට පසු ඉතියෝපියානු ගුවන් යානාවක් සෝමාලියාවේ මොඩිෂු ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය. රතු මුහුද ආශ්‍රිතව පිහිටා ඇති ගල්ෆ් අරාබි රටවල්ද, අප්‍රිකානු තුඩුවේ සාමාජිකයන් ද කොන්දේසි විරහිතව ඉතියෝපියාව දෙස විමසිලිමත් වූහ.

කාන්තාවන්ට සම තැන

ඒ අතරේම, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය (Gender Equality) ගැන මහ ඉහළින් කතා කරන බටහිර රටවල් පවා පුදුමයෙන් නිරුත්තර කරන දෙයක් ද ඔහු කළේය.

මුලින්ම ඔහු ඉතියෝපියානු කැබිනට් මණ්ඩලය 20 දෙනෙකුට සීමා කළේය. ඉන්පසු එයින් 50%ක නියෝජනයක් කාන්තාවන් වෙත ලබා දුන්නේය! අප්‍රිකානුවන්ට කාපිරියන් කියන්නට ඉතා කැමති ලෝකයේ ශිෂ්ට යැයි කියන රටවලට පවා මෙවැනි දෙයක් ගැන තවම සිතාගන්නටවත් නොහැක!

ඉතියෝපියානු පාර්ලිමේන්තුවේ ප්‍රථම වතාවට කාන්තාවක වූ සහේල්-වර්ක් සෙව්දේ පාර්ලිමේන්තු සභාපතිනිය බවට පත්වූවාය. රටේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරිය බවට සීසා අෂෙනාෆි පත් කළේය. අගමැති අබී සිටින තාක් කල් ඇයට පාර්ලිමේන්තුව ඉදිරියේ ගර්හාවට ලක්ව දෝෂාභියෝගයකින් ගෙදර යන්නට සිදු නොවනු ඇත!

ඔහු, රාජ්‍යය තවදුරටත් ප්‍රජාතන්ත්‍රීකරණය කළේය.

අවසානයේ නොබෙල් කමිටුව මේ අති මහත් ගෞරවය ඔහුට පුද දෙමින් කීවේ කුමක්ද? ‘‘සාමය අත්පත් කර ගැනීම, අන්තර්ජාතික සහයෝගිතාවය ලබාගැනීම සහ අසල්වැසි එරිත්‍රියාව සමග පැවති දේශසීමා අරගලය විසඳාගැනීමට කළ තීරණාත්මක මුලපිරීම හේතුවෙන්‘ මේ ගෞරවය පුද දෙන බවයි.

විමසිල්ලෙන් සිටින්න. ආසියාවට මෙන්ම අප්‍රිකාවට ද පොදු මජර දේශපාලන කුමන්ත්‍රණ විසින් මේ මිනිසා විනාශ නොවුණහොත්, ඉදිරි අවුරුදු 5 තුළ ඉතියෝපියාව අප්‍රිකාවේ සමෘද්ධිමත්ම දේශය බවට පත්වනු ඇත. එවිට ලාංකිකයන් වන අපට, ‘ඉතියෝපියාව වගේ‘ යන උපමාව යොදන්නට ඉතියෝපියාව නොවන වෙනත් රටක් සොයාගන්නට සිදුවනවා ඇත. ඇතැම් විට ඒ වෙනත් රට, අබී වැනි ජන නායකයන් බිහි වන්නට පිනක් නැති ඉන්දු සයුරේ කඳුළු බිංදුවමද විය හැකිය.

– ක්‍රිෂාන්ති රාජපක්ෂ

ත්‍රිවිධ හමුදා රණවිරු සටන දැන් නිම විය යුතුයි


අද මුදල් අමාත්‍යංශය විසින් සියළුම ආභාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන් හට වයස 55 වනතුරු ඔවුන්ට ලැබෙන වැටුප ජීවිතාන්තය දක්වා ලැබෙන ලෙස අදාල චක්‍රලේඛ නිකුත්කර ඇත. එනම් අභාධිත රණවිරුවන් සහ ඔවුන්ට සහය වූ ජනතාව සටන දිනා ඇත.

එසේ නම් දැන් සටන නිම විය යුතුයි.

විශ්‍රාම වැටුප වශයෙන් නැවත්ත් මුදල් ඉල්ලීම සාධාරණ නොවේ. ඒ මන්ද යත් වැටුපත් සමග විශ්‍රාම වැටුපත් දෙකම ඉල්ලීම වැටුප් දෙකක් ලැබීමකි. එය අසාධාරණ ඉල්ලිමකි.

මන්ද යත් අනෙක් රජයේ රැකියාවල නිර සේවකයින් සමහරකට විශ්‍රාම වැටුප නොලැබෙන අතර තවත් සමහරෙකුට ලැබෙන්නේ සේවා කාලය මත විශ්‍රාම වැටුපෙන් යම් කොටසක් පමණි.

යුද්ධය නිසා ආභාධිත වූ මෙම රණවිරුවන් හට 100% වැටුප ජීවිතාන්තය දක්වා ලැබීම ප්‍රමාණවත්වේ. ඒ ඔවුන්ට අනෙක් කිසිදු රජයේ රැකියා විශ්‍රාමිකයෙකුට වඩා සැලකීමක් ලබාදී ඇති නිසාවෙනි.

භික්ෂුව, දේශපාලනය හා චිතකය (රාජ්‍ය අනුග්‍රහය vs රාජ්‍ය උදහස)


පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ බොහෝ ස්වාමීන්වහන්සේලා අපවත්වෙන්න ඇති. ඒ අතරෙ සිදුවීම් තුනක් තියෙනවා වැදගත්. ඒ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය, දෙවැන්න රුවන්වැලි මහ සෑය අභියස අවුරුදු 21ක් භාවනා කළ ඉංගිරියේ විජිතවංශ හිමියන්ගේ ආදාහනය, සහ ඊයේ සිදුකළ ගුරුකන්දේ හාමුදුරුවන්ගේ ආදාහනය.
මේ ආදාහන තුන එක පෙලට තියල බැලුවොත් ලංකා සම්බුද්ධ ශාසනය අද පත්ව ඇති තත්වය ගැන මනා විවරණයක් ගෙන දෙනව. ඒක මම මෙහෙම කියන්නම්,

1. මාදුළුවාවේ සෝභිත හිමියන් තරුණ වියේ සිට දේශපාලනය වෙනුවෙන් කැපවූ හිමිනමක් බව හැමදෙනෙක්ම දන්න කරුණක්. ජයවර්ධන ආණ්ඩුවේ සිට සිරිසේන ආණ්ඩුව දක්වා ආණ්ඩු පෙරලියේදී පෙරටුගාමීව ක්‍රියා කළ හිමිනමක් උන්වහන්සේ. ඒ නිසාම උන්වහන්සේට මවුන්ට් එලිසබත්හි දී අපවත් වෙන්නත්, රාජ්‍ය අනුගහයෙන් ආදාහනය සිදු කරන්නත්, වරම් ලැබුනා. ඒ මතුනොව එදින ජාතික ශෝක දිනයක් කරන්නත් රජය උන්වහන්සේට කෘතවේදී වුනා.

2. දෙවැන්න, මුදල් භාවිතයනේ පවා දුරස්ව අධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා කර්ය කළ ඔබ අප බොහො දෙනෙක් රුවන් වැලී සෑ මලුවේදී දැක පුරුදු ඉංගිරියේ විජිතවංශ හිමියන්ගේ ආදාහනය. උනවහන්සේගේ අදාහනය වෙනුවෙන් සැදැහැත්තන් විසින් ගොඩනැගුව චිතකය බලධාරීන් කඩා බිද දමන්නේ උන්වහන්සේට දේශපාලනමය බලයක් ගොඩනගානෙ නොතිබූ නිසා මිස පුරාවිද්‍යා භූමියක ගිනි දැල්විය නොහැකි නිසා නෙවේ. උන්වහන්සේ දැන උන්න එක ප්‍රාදේශීය දේශපාලකයෙක් වත් සිටියා නම් එය අල්ප සාවද්‍ය වරදක් වන්නට බොහො ඉඩ තිබිණි. විග්නේශ්වරන් මහතා පසුගිය දිනක පුරාවිද්‍යා බිමක ලිප් 150 බන්දවා මහා පූජාවක් කළ බව අප දැක්කෙමු.

3. තුන්වැන්න ගුරුකන්ද පන්සලේ හාමුදුරුවනගේ ආදාහන පූජාවයි. උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ චිතකය බදින්නට උසාවියෙන් තහනම් නියෝගයක් ගන්නට දේශපාලනය ප්‍රභල විය. ඒ දේශපාලන බලය ප්‍රතිවිරුද්ධව ක්‍රීයාත්මක වන අයුරුය හෙවත් රාජ්‍ය උදහසය.
මේ මෑතකාලීන සිදුවීම් පෙළ දෙස ඉතා සාවදානව බලා සිටිද්දී තරුණ භික්ෂුවට වක්‍රව කියන්නේ “නිදහස් චතුරශ්‍රය හරහා අවසන් ගමන් යන්නට නොව නිදහසේ චිතකයට ගිනි ටික දල්වාගන්න වත් ඕන නම් දේශපාලනය කරන්න” කියා නොවේද?

රතන හාමුදුරුවලාට ගංගාරාමේ සහ අභයාරාමේ හාමුදුරුවලාට නම් මවුන්ට් එලිසබත් ගොස් ගෝල්ෆේස් චිතකයක රේමන්ඩ් රන්සිවිගෙයකින් අවසන් ගමන් යන්නට සුදුසුකම් ඇතිමුත් දුප්පත් දායකයන් අමාරැවෙන් ගොඩනැගුව සෑයක අවසන් ගමන් යන්නට සිල්වත් ගමේ පන්සෙලේ හාමුදුරුවන්ටත් ඉඩක් නැතිවේද ?

සටහන් මොරවක හාමුදුරුවන්ගෙන්.

පොදු විකල්පයකින් ඉදිරිපත් වන රටට හිතැති ජනාධිපති අපේෂකයෙක් අපේ රටට අවශ්‍යද?


ඔව් සැබවින්ම එවන් කෙනෙක් රටට මේ අවස්ථාවේ හිතා තදින් අවශ්‍යවන කාලයක් අප ගත කරමින් සිටී.

ප්‍රායෝගික තත්වය නම් ඒ අවශ්‍යතාවය රටේ නාගරික ජනතාවට වැඩි වශයෙනුත් ග්‍රාමීය ජනතාවට අඩු වශයෙනුත් දැනී ඇතිබවයි. රටේ බහුතරයක් ජනතාව තාමත් මහින්ද නැතිනම් රනිල් දාන කෙනාට අපි චන්දය දෙන මට්ටමට පත්ව ඇත. අන්න ඒ නිසා තමයි අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණට තාමත් චන්ද ලක්ෂ 10කට එහා ගන්නට බැරි තත්වයක් ඇතිව තිබෙන්නේ.

පොදු විකල්පය වෙනුවෙන් ඉදිරිපත් වන තැනැත්තා කවුරු උනත් ප්‍රධාන කදවුරු දෙකම ඔහුට හෝ ඇයට නැගිටින්නට දෙන්නේ නැත. එය ඒ කදවුරු දෙකටම අභියෝගයක් වන බව ඔවුන් දන්නා නිසාවෙනි.

එසේ නම් ඒ පොදු විකල්පය කාලයක් තිස්සේ ජන මනස වෙනස් කිරීම ක්‍රමිකව කරමින් ඔහුගේ හෝ ඇය වටා ජනතාව එක්කරගැනීම කළ යුතුව ඇත.

එසේ ගත්කල මෙවර ජනාධිපතිවරණයට එන පොදු විකල්පයේ අපේෂකයා තුන්වන තැන හෝ හතරවන තැනට පත්වීම නොවැලැක්විය හැක.

පොදු විකල්පයේ ජනගතවීම නිවැරදිව සිදුවුවහොත් 2030 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාව ඇත. ඒ ඉම් රාන් ඛාන් පාකිස්ථානයේ ජනාධිපති වූ ආකාරයෙනි.

මෙහිදි 2030 ලෙස මම අදහස් කලේ මීලගට ජනාධිපතිවන පුද්ගලයා කෙලෙසහෝ මුල් වසර 5 තුල රටට වැඩක් කර දෙවන වර පත්වීමට ජනබලය තාමා වෙත තබා ගනු ඇත.

එසේම මෙවර ජනාධිපතිවරණය සජිත් සහ ගෝථා අතර ප්‍රභල සටනක් විය හැක. ඒ ජනතාවට එපා වූ රනිල්ට එරෙහිව යන දෙවන පෙල නායක සජිත් වටා ජනතාව එක් රැස්වී ඇති බැවිනි. එහිදි ජනතාවට සජිත් යනු ආණ්ඩුවේ ඇමති කෙනෙක් බව අමතක වී ඔහුත් විපක්ෂයෙන් ආණ්ඩුවට එරෙහිව යන කෙනෙක් මට්ටමට ජනතාව සිතන්නට හුරුවී ඇත.

අනෙක් අතට ගෝථා ප්‍රභල අපේක්ෂකයෙක් වී ඇත්තේ ඔහුගේ දක්ෂතාවයට වඩා ආණ්ඩුව කෙරෙහි ජනතාව ඇතිවී තිබෙන අප්‍රසාදය නිසාවෙනි. ඒ නිසා ඔහුගේ දූෂණ වංචා මෙන්ම ඔහුගේ රාජපක්ෂවරුන් අති සිදුවූ මහාපරිමාන වංචා මිනිසුන් අමතක කර ඇත. අනෙක් අතට ඔහු කාගේ හෝ හොද තිර පිටපතකට ක්‍රියා කරන බව පෙනේ. එය කාගේත් ආකර්ෂණයට පත්ව ඇති බවක් පෙනේ.

පොදු විකල්පයෙන් මෙවර එන අපේක්ෂකයාට ජනාධිපතිවරණය දිනන්නට බැරි උනත් අඩුම තරමේ 3 වන තැනට පත් වන්නට මාස 2ක් තුල මහා වික්‍රමයක් කරන්නට සිදුව ඇත.

මෙය එක එකාට කඩේ යාමක් නොව තිබෙනා තත්වය පැහැදිලි කිරීමක් පමණි. පාට කණ්නාඩි දමාගෙන බැලීමෙන් හිත් රිදීම් ඇතිවිය හැක.

කොරියානුවන් දියුණු උන හැටි


ලොව භයානකම ජනපති පුටුව දකුනු කොරියාවේ ජනපතිපුටුව ලේසයි ලෝකයම හදුන්වන්නේ

එය දැලිපිහියෙන් කිරි කන්නාක්මෙනි මේවන විට ජනපතිවරයෙක් සියදිවි නසාගෙන තවකෙක් ජිවිතානිතයට සිපිරි ගෙට ගොස් මැතක සිටි ජනපති ෆාක් ජනපති වසර 20 කට සිපිරි ගෙට යෑමයි .මොවුන් සියලුදෙනා ජනපති පුටුවේ සිටියදීම මේ දඩුවම් වලට වීමයි පුදුම සහගත.

ඔව්න් කල වැරදි මෙසේය ජිවිතාන්තය දක්වා1 සිපිරිගෙට ගිය ජනපති අයුතුලෙස මුදල් ඉපඉම.2සියදිවි නසාගත් ජනපති ගේ පුත්රයා කෝටියක මුදල් වංචාවකට අසුවීමත් සමග ජනගති ලැජිජාවට පත්ව කන්දකටගෝස් පැන දිවි නසාගත්තේය 3.ෆාක් ජනපතිනිය එරට රජ පරම්පරාවෙන් ආ කාන්තාවකි ඇය කල වරද ඇගේ මිතුරියකට පෟද්ගලික වියාපරික කාරනා සදහා රජයේ අනුග්‍රහය ලබාගැනීමයි .

හරි පුදුමයි නෙද අපෙනම් මරනාදාර සමීතියකවත් එකෙක් ඉතුරුවෙන්නෑ හොරකන් නොකරපු .

දකුනුකොරියාව හදපු හැටි මෙසෙය කොරියානු යුද්දෙන් පසු එහිපත්වූ පාලකයා එතා දරදඩු තීරන ගත් පුද්ගලයෙක් විය මුල්ම අදිවේගී මාර්ගය එහි හදනවිට වෙනත් දෙශපාලනයක් ගෙන ගිය සහෝදරයා උද්ගොශනයක් ගෙනගියේ ගොවිබිම් මෙයට යට වෙනවැයි කියමිනි එයට නොසැලුනු ඔහු සහෝදරයා ඇතුලු 7 අදිවේගය පටන්ගන්නාතැනම එල්ලා වෙඩිතබා මරා දමා අදිවේගය පටන් ගත්තේ අදටත් ලෝකේ හොදම අදිවෙගී තාක්ශනයේ මුල්ස්තාන අතර ට ගෙන එමිනුයි එමවකවානුවේ කොරියාව යනු මුඩුක්කු කිසිම හික්මීමක් හැදියාවක් නැති ජාතියකි අපි දැන්සිටින ආකාරයටම ඔව්න් සිට ඇත එමදරදඩුපාලකයා බැටන් පොලු රැගත් සිවිල් නිලදාරින් සෑම පොදුතැනකම වෙස්වලාගෙන යෙදෙව්වෙය බස් කෝච්චි ටිකට් මැශින් දැමීමත් සමග හොරෙන් යන්න ගත්තේය හැම එකාම අර හැගිලා ඉන්න නිලදාරීන් පැන බැට්න් පොලු පහර දුන්නේ මදි නොකියන්නය පාරෙ ටොෆිකොලයක් කෙලටිකක් ගැසුවත් ඒටිකමය

පාලකයා වෙනම නීති පද්දතියක් දකුනු කොරියාවට ගෙන ආවේය ඉන් ටිකක් මෙසේය ගමේ සිරිපාල කෙසෙල් කැනක් කැපුවොත් මාසයක් හිරේනම් දේශපාලකයෙක් රජයේ නිලදාරියෙක් කලොත් අව්රුද්දක් හිරේ යන නීති පද්දතියකි අදටත් තීන්නේ එදා මිනිසුන් එල්ලා මරා පහරදී මානව හිමිකම් කැඩු කොරියාය අද මානව හිමිකම් කොමසාරිස් බංකිංමු බිහිකන්න තරම් මානව හිමිකම් රටවල් අතර මුල්ම තැන දක්වා ඇවිත් ඇත අද කොරියානුවෙක් යනු ස්වං හික්මීමක් සංවරයක් තිබෙන ජනතාවක් බිහිකලේය .එදාදුප්පත් කොරියාවට සිරිමාවො කන්න නිකන් හාල්යවපු කොරියාවට අපි මුට්ට කරගහන්න යවන තත්වයට අපිව පත්කල නායකන්ට තෑක්ස්…

උපුටා ගැනීමකි.

නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී


මව් පදවිය අභිමුව සිටියදීත් රට වෙනුවෙන් කැප වූ වීර සෙබළියක්…

අදට වසර 24කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්‍රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්‍ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්‍ෂාවෙනි.

මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට මහසොරොව්වැව දක්වාවූ හැතැප්ම අටක ඝන කැලෑවක් මැදින් වූ අතිබිහිසුණු ගමන ගැන යම් චකිතයක් හිතේ මෝදුවෙමින් තිබුන අවස්ථාවක හදිසියේ මා නෙත ගැටුනේ “බඩ දරු අම්මා “කෙනෙකි. ඒ නිළ ඇදුමක් ලාගත් මොරවැව මාර්ගය අසළ බංකරයක රාජකාරි කරන නිළ දරුවෙකි. යතුරු පැදිය පසෙකින් නවතා ඇය හා දොඩමළු විය.

“ඔහොම රාජකාරි කරන්න අපහසු නැද්ද පුතේ?”

“මවු පදවිය කියන්නේ උතුම් දෙයක්.අද රට රකිනවා කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක්නේ… ”

(ප්‍රිය සබඳ මොහොතක් සිතන්න කුරිරු ත්‍රස්‌තවාදයෙන් මේ රට මුදාගන්න ඉහළ සිට පහළට වූ රණවිරුවන් මොන තරම් කැප කිරීමක් කර ඇද්ද කියා)

ඇගේ මේ උතුම් පැතුම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව නිසි අවසරයක් ලබාගත්පසු මම ඇගේ චායාරුප කිහිපයක් ගතිමි.

ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරී කළ ඇය නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී නම් විය.

මා ලබාගත ඡායාරුප 1995 සැප්තැම්බර් 03 වෙනි දින ඉරිදා ලංකාදීප සහ SUNDAY TIMES පුවත්පත් වල මුල් පිටුවේ ප්‍රධාන චායාරුපය ලෙස පළවිය.

මේ පුවත්පතේ පළවූ සහ මුල් චායාරුප වේ

එදා ඇය බිහිකළ ළදරුවා අද වනවිට විසිතුන් වියැති යෞවනයෙක් හෝ යෞවනියක් විය යුතුයි………

(ඩිලන්ත හෙට්ටිගේ )

මාධ්‍ය වගකීම සහ මහජන අයිතිය


මාධ්‍යට මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ. නමුත් සියලු තොරතුරු නැත්තම් යම් මාතෘකාවක ‘කළු සහ සුදු’ කියන දෙකම මිනිස්සුන්ට කියන්න.ඒක මාධ්‍යකරුවන්ගේ වගකීමක්.

තීරණ ගන්න එක මිනිස්සුන්ට කරන්න දෙන්න.
ඒක මිනිස්සුන්ගේ අයිතියක්.
……………………………

කියවන පුද්ගලයා බුද්ධිමත් කියල කියන කතාව සම්පූර්ණ බොරුවක් යම් අවස්තාවලදී. කේශ්ත්‍රර දැනුමක් නැතුව, ඔහේ පත්තරේට headline එකක් දාගන්න ලියන පුද්ගලයෙක් ලියන එක හරි, programme එක hit කරගන්න වැරදි මතයක් short clip කරලා market කරන ඒවා කියවන බලන, ඒ අනුව සමස්ථ කතාවම සාරාංශ කරගන්න මිනිස්සු, කොහොමද බුද්ධිමත් වෙන්නේ මිනිස්සු?

කියවන සහ බලන දේ පිළිබඳව තර්ක කරන, තවත් මූලාශ්‍ර බලල මේක ඇත්තද, නැත්තද කියලා හොයන පුද්ගලයයි බුද්ධිමත්.

මාධ්‍ය ඔබට නොදැනෙන්න ඔබේ තීරණ වලට සෑහෙන බලපෑමක් කරන තත්වෙට ඇවිත් තියෙනවා. මොකද මිනිස්සු අහනවා, බලනවා හැබැයි ප්‍රශ්න කරන්නේ නෑ.

ගන්න සබන් එකේ, toothpaste ඉඳලා ඔබේ දේශපාලන මතය වෙනකන්ම ‘ මේක තමයි හොදයි මේක නරකයි’ කියන දේ මිනිස්සුන්ගේ ඔලුවල තැන්පත් කරන්න පුළුවන් තත්වෙට මාධ්‍ය ශක්තිමත් වෙලා. මේක මහජනයාගේ ස්වාධීන තීරණ ගැනීමට බාධාවක්. මේක ඇත්තටම කිවිවොත් දේශපාලකයින්ට කඩේ යන අයගේ තත්වයටත් වඩා බරපතලයි.

media මිනිස්සු ගේ ඔලුව හදනවා, මතයන් හදනවා, එක් එක් පුද්ගලයින්ට චරිත සහතික දෙනවා, තව කෙනෙක්ට මඩ ගහනවා, ඔබට නොදැනෙන්නම ඔබ එයාලා කියන හැම එකම අවිවාදයෙන් පිළිගන්න තැනට ගේනවා.

නොදන්න දෙයක් දැක්කොත්, ඇහුනොත් හිතන්න පතන්න බැරි මිනිස්සු වගේ බහුතරයත් එක්ක කෑගහන්නේ නැතුව, බුද්ධිමත් මිනිස්සු වගේ හොයලා බලලා ඉගෙන ගෙන කතා කරන්න. ජිවිත කාලේම හොඳ අධ්‍යාපනයක් ලබලා දුක් විදලා සත්තු හොයාගෙන (මොකද හූනා ළඟට එන්නෙ නෑනේ, ‘මම දුර්ලභ සතෙක් කියලා’) නම් කරද්දී මොලේ නැති විදිහට කරයිද? මේක උදාහරණයක් විතරයි.

මේ රටේ මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය මිනිස්සුන්ගේ සිතීමේ සහ තර්කන ශක්තිය හීන කරලා තියෙන්නේ. ඒක මේ සිද්ධියෙදී විතරක් නෙමෙයි දේශපාලන මාතෘකා, ආර්ථීකය ගැන වේවා පත්තරේ තිබුනොත් හරි නැත්තම් පැය ගානක් TV එකේ කවුරුහරි කෑගහුවොත් අපේ මිනිස්සුන්ට එක තමා හරි.

උදාහරනයක් කිව්වොත්- පාරේ යන මනුස්සයෙක්ගෙන් ඇහුවොත් ආර්ථිකේ කොහොමද කියලා. කියයි ‘ආ ඒක කඩන් වැටිලානේ’. එතකොට රුපියල’? ‘එකත් බාල්දු වෙලා වෙලා දැන් නම් ටිකක් හොදයි නේද?’.

නිකමට අහන්නකෝ ආර්‍ථිකේ කඩන් වැටිලා කියන්නේ මොකක්ද? මොකද දැන් වෙලා තියෙන්නේ ඉතින් කියලා?
මිනිස්සු දන්නේ නෑ. හැබැයි හොයලා ඉගෙන ගන්නෙත් නෑ.

මිනිසුන්ට කාලය නැති නිසා හෝ වේවා නැත්තම් වෙන ඉගෙන ගන්න විදිහක් නැති නිසානේ අපි මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය භාවිත කරන්නේ. ඒ නිසා මීට වඩා මාධ්‍ය වගකීමෙන් වගේම සදාචාරාත්මකව හැසිරෙන්න ඕන. මාධ්‍යට මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ. නමුත් සියලු තොරතුරු නැත්තම් යම් මාතෘකාවක ‘කළු සහ සුදු’ කියන දෙකම මිනිස්සුන්ට කියන්න.ඒක මාධ්‍යකරුවන්ගේ වගකීමක්.
තීරණ ගන්න එක මිනිස්සුන්ට කරන්න දෙන්න.
ඒක මිනිස්සුන්ගේ අයිතියක්.

© Suu Weerathunga
————————————————————————–

#FreelankanMedia #FreelankanFolitics