Embark සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්න


එම්බාර්ක් ටීශර්ට් බල්ලන් ගැන පමණක් නොවී
කුකුළන් ගැනත් තිබුණානන් හොඳය.

ඌරන් ගැනත් තිබුණානන් හොඳය.

හරකුන් ගැනත් තිබුණානන් හොඳය.

මාලුන් මෙන්ම කරෝල වෙන හාල්මැස්සන් ගැන පවා තිබුණානන් හොඳය.
නමුත් ඒ මොකුත් නැත.
තිබුණානන් හොඳය.
නමුත් නැත.
ඒ බල්ලන් අලියන් මාකට් කළ හැකි මුත් මරන්න

ගෙනියන කුකුළා, හරකා, ඌරා බේරාගෙන ගෙදර ගෙනියෑම ට්‍රෙන්ඩ්ගත කර කීයක් හරි හොයාගත නොහැකි නිසාවෙන් විය යුතුය.
අපිට දෙමාපියන් කියාදී ඇත්තේ දළදා වහන්සේ වඩම්මන හස්ති රාජයා මිනිස් ආත්මයකටත් වඩා පින් කළ අයෙක් කියාය.

එහෙවු භක්තියකින් අපි ඒ ඇත් රජුට සලකන්නෙමු.

දළදා වැඩ හිඳිනා පින්බිමේම පසෙක ඇති අවසානයට ඒ පින ලැබූ ඇත් රජිඳුගේ ජීවමාන අනුරුවට දොහොත් මුදුන් දී වඳිනා අය ඔටාරාගේ ඇස් ගැටී නැතුවා විය යුතුය.
මම යළිත් කියමි.
සමාවන්න.
දළදා වහන්සේ කැන්ටර් මත වඩම්මන්නට බැරිය.
බටහිරකරණය වීමට ඕනෑ තරම් විදි ඇත.

එයට සංස්කෘතිය විකුණන් කෑ යුතු නැත.
මම මේ අකුරු ලියන්නේ එහෙවු සංස්කෘතියක් නැති රටක සිටය.

මුන් නැති සංස්කෘතියක් හදාගන්නට දත කද්දී අපේ උන් බලන්නේ නොමිළේ ලැබුනු සංස්කෘතිය විකුණා රැඩිකල් වෙන්නට ය.
එම්බාර්ක් ගැන මට විරෝධයක් නැත.

මොකෙක් හෝ අසරණ සතෙක්ගේ ජීවිතය හොඳ වෙනවානම් මමත් ඒ ගැන බොහෝ සතුටු වෙමි.
කුකුළන්, ඌරන්, හරකුන්, හාල්මැස්සන් අමතක සමාජෙක දළදා වඩම්මන ඇත් රජාණන් දෙස මවාගත් මහා සත්ත්ව කරුණාවකින් බැලීම පමණක් නුසුදුසුයැයි සිතමි.
ආදරණීය ඔටාරා,

ඔබ හෝ ඔබේ ව්‍යාපාරය ගැන පෞද්ගලික තරහක් මට නැත.

නමුත් ඔබේ සත්ත්ව කරුණාව බල්ලන්ට හෝ අලියන්ට පමණක් සීමා වීම මට ප්‍රශ්නයකි.
ලක්ශ ගණන් මස් කඩයෙන් අවසන් වන ජීවිතවලට අභය දී ඔබේ ගමන අරඹමු.
මෙතෙක් කල් දළදා වහන්සේ මහත් තේජසින් වැඩමවූ රාජාම ඒ පින්මහිමය තව කලක් එකතු කරගනු ඇත.
අපි ඒ ගැන

කුකුළන්, ඌරන්, හරකුන්, මත්ස්‍යයින් යනාදී සමූල ඝාතනය වන සතුනුත් ‘එම්බාර්ක්’ වූ දාට කතා කරමු.
එතෙක්, සම්ප්‍රදාය වෙනස් කරන්නට ගොස් හිර නොවෙමු.
ජය! ❤️

 

-දෙමින්ත ජයසිංහ. –

#අකාලේඛන

Advertisements

හිගන අලි සහ වැනසෙන අපේ වන සතුන්


ඊයේ ජූලි 22 2017, මම අම්මයි අප්පච්චි එක්ක කතරගම ගියේ කතරගම පෙරහැරට කලින් අලුත් සහල් මoගල්යට අපේ ගෙදරිනුත් අලුත් හාල් පූජා කරලා, මීට සති දෙකකට කලින් අපේ අතරින් වියෝවූ අපේ අත්තම්මාට පින් පමුණුවන්න කිරිවෙහෙරට පුදපූජාවන් කරලා එන්න.

ඒ යන අතර මගදි වෙනදා වගේම බුත්තල කතරගම පාරෙදි යාල කැලේ මැද දි හමුවන අලි හිගන්නා 35 කිලොමීටර් කනුව අසලදි හමු උනා. දැන් වසර 5-6 ක ඉදලා මෙතන මේ තරුණ අලියා රැකගෙන ඉන්නවා පාරේ යන වාහන වලින් දෙන කෑම කන්න. ඒ, පහසුවෙන්ම ඌට ඕනි කෑම මහන්සියකින් තොරව හොයාගන්න පුලුවන් නිසා. මොකද වන අලියක්ට දිනකට ඕනි කෑම හොයාගන්න ඌට කිලෝමීටර් ගානක් ඇවිදින්න ඕනි.

මේ කෑම හිගාකන වැඩේ අපේ මිනිස් හිගන්නො කරනවා වගේම තමයි අලිත් කරන්නේ, අපේ මිනිස්සු පින් සලකලා හරි අනුකම්පාවට හරි හිගන්නොන්ට උපකාර කරනවා, නමුත් උන් ඒක බිස්නස් එකකට කරනවා. අලියත් මහන්සියකින් තොරව කෑම ලැබෙන නිසා පාර අයිනට වෙලා හොඩේ පානවා කෑම ඉල්ලලා.

මම ඒත් කල්පනා කලා මෙහෙම කෑම දෙන එකන් අලියා ලෙඩ වෙන එක දැන දැනත් වනජීවී එක මේ අලියාව මෙතනින් ඉවත් කරන්න උත්සාහ නොකරන්නේ ඇයි කියලා.

මොකද පලවෙනි කාරනේ මිනිස්සු දෙන පලතුරු, බිස්කට් වල තියන සීනි නිසා මේ අලියට දියවැඩියාව ඉතා පහසුවෙන් හැදෙන්න පුලුවන්.මොකද අලි නිතරම කන්නේ ගස්වල කොල සහ තනකොල. ඒවගේ සරල නමුත් පෝෂනීය කෑම වේලක් තුලින් ලැබෙන විටමින් සහ අනික් පෝෂන ගුණ මේ මිනිස්සු දෙන කෑම නිසා නොලැබී යනවා. මොකද අලියට බඩ පිරුනාට පස්සෙ ආය තනකොල කන්න උවමනාවක් නෑනේ. ඒ වගේම තනකොල වලින් ලැබෙන සෙලියුලෝස් අඩු නිසා අහාර දිරවීම අඩුවෙනවා කාලයත් එක්කම.

දෙවෙනි කරණය තමයි අලියා කෑම පහසුවෙන් ලැබෙන නිසා දවස පුරාම එකම තැනක ඉන්න එක. අපි හැමෝම දන්නවා කම්මැලි කමට එක තැනකට වෙල මොකුත් නොකර හිටියාම මොකද වෙන්නේ කියලා. ශරීරයට වි‍යායාම නොලැබෙන නිසා අලින්ට උනත් හන්දිපත් රෝග, අධික රුධිර පීඩනය සහ වෙනත් රෝග පහසුවෙන් හැදෙන්න පුලුවන්.

තුන්වෙනි කාරණය තමයි, මිනිස්සු කෑම දෙන්නේ පොලිතීන් එක්ක සමහර වෙලාවට. අලියට අපිට වගේ පොලිතීන අයින් කරලා කන්න අමාරුයි. එයාලා පොලිතීන් එක්ක තමයි දෙන ආහාර ගන්නේ. ඉතින් අලි බෙටිවල තියන පොලිතීන් ගොඩ දැක්කම හිතෙනව මිනිස්සු මෙච්චරම ගොන්ද සත්තුන්ට පොලිතීන එක්ක කෑම දෙන්නේ කියලා. බෙට්ටත් එක්ක එලියට එන්නේ කන පොලිතීන් වලින් පොඩ්ඩයි. ගොඩක් පොලිතීන් අහාර මාර්ගයේ හිරවෙනවා. ඔයාලට මතක ඇති පොලොන්නරුවේ අලියෙක් මැරුනා ආහාරමාර්ගයේ පොලිතීන් හිරවෙල දාවස් ගානක් දුක් විදල.

මේ පොලිතීන් එක්ක කෑම දෙන එක නිසා අලි මැරෙනවා කියන එක මම මුලින්ම කිව්වේ 2011 දී උඩවලවේ අලින්ට කෑම දෙන එකක් දැකලා. වනජීවී එකෙන් ඊට පස්සෙ තිබෙන අලි වැටට අමතරව තවත් අලි වැටක් ඉදිකලා වල් අලින්ට සහ මිනිස්සු අතර තියන සම්බන්ධය අවම කරන්න. ඒක සාර්ථක උනා, අලින්ට කෑම දෙන්න අපහසුව නිසා මිනිස්සු කෑම දෙන එක අවම කලා. අලින්ට කෑම ලැබෙන එක අඩු උන නිසා උන් ආයෙත් පාරවල් අයිනේ හිගාකන එක නැවැත්තුවා.

මේ තියෙන්නේ මම ඒ ලියපු බ්ලොග් පෝස්ට් එක. ඒකත් කියවලා බලන්නකෝ, මීට අවුරුදු 6කට කලින් ලියපු එකක්.

අලියෙකු මරණ පව්කාර මිනිසෙකු දුටිමි..

මම හොයලා බැලුවා වනජීවී එකේ ඉන්න මගේ මිත්‍ර ඉහල නිලධාරි මහතෙක් ගෙන්. ඔවුන් විවිධ උත්සාහයක් දරලා තියනවා මේ අලියා යාල කැලයේ වෙනත් තැනකට යවන්න. ඒත් මේ අලිය නැවතත් මේ තැනට එක එක නතර කරන්න බැරි වෙලා තියනවා. ඒවගේම යාල කැලය මැදින් බුත්තල කතරගම මාර්ගය තියන නිසා උඩවලවේදි වගේ අලි වැටවල් ගහන්න බෑ පාර දෙපැත්තේම. මොකද අලි පාර හරහා කැලය තුල එහා මෙහා මාරුවෙන්න ඕනි නිසා. ඊට පස්සේ දැන් කරලා තියෙන්නේ පාර දෙපැත්තේ දිගටම “වන සතුන්ට කෑම දේමන් වලකින්න” කියල මේ අලියගේ රූප දාලා බෝඩ් දලා තියන එක.

හොදම වැඩේ කියන්නේ මේ අලියා තනියම නෙවෙයි දැන් හිගාකන්නේ. එයගේ පෙම්වතිය ඊට කිලෝමීරට 20ක් ඈතින් 53-55 කිලෝමීටර් කණුව අතර හිගාකන්න පුරුදු කරලා තමයි එයාගේ වැඩේ කරන්නේ.

මේ බ්ලොග් පොස්ට් එක කියව්න ඔයාලට කරන්න පුලුවන් ලොකූ උදව්වක් තියනවා. ඔයලා යාල හෝ කතරගම යනවානම් මේ පාරේ ඉන්න අලි දෙන්නාට කෑම දෙන්න එපා. ඒවගේම අනිත් අයවත් දැනුවත් කරන්න මෙහෙම කෑම දෙන්න ගියාම ඒ අය කරන විනාශය.

මේක යාල ඉන්න අලි හිගන්නො දෙන්නාට විතරක් නෙවෙයි. කැලෑවල් වල ඉන්න කිසිම සතෙක් ට කෑම දෙන්න එපා. ඒක යාල සහ අනිත් කැලෑවල් වල ඉන්න අලි, හෝර්ටන් වල ඉන්න ගෝන්නු වගේ හැම සතෙක්ටම පොදුයි. ඔයලත් මේ සතුන් අනාගත පරපුරට රැකදෙන්න එකතුවෙන්න.

අඩේ බල්ලෝ මරලලූ නේද


“අඩේ බල්ලෝ මරලලූ නේද? මාර කේස් එක. මොකක්ද අප්පා මේක නවත්තන්න කරන්න පුලුවන්. කියහල්ලකෝ මොකක් හරි ක්‍රමයක් මේක නවත්තන්න.”
මීට දුකට පත් සමස්ථ ලංකා බලු සංගමය
“රෙද්ද…
තොපිට බල්ලෝ විතරද ලොකු..
ඇයි තොපෙ ඇස් පොට්ට වෙලාද, කන් බීරි වෙලාද හිටියේ මෙච්චර කල් හරක්, කුකුල්ලු, එලුවෝ, ඌරෝ මරද්දි. ”
අසාධාරණයට පත් සමස්ථ ලංකා ඒකාබද්ධ මසට මැරෙන්නන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය
“එහෙම අසාධාරණයක් අපිටත් වෙනවා
ඇයි වැව් මාලු, මූදු මාලූ, හාල්මැස්සෝ, කරවල වලට මත්ස්‍යයන් මරද්දි ඒක තොපිට පේන්නේ නැද්ද?”
මීට කරදිය සහ මිරිදිය මත්ස්‍ය එකමුතුව
මරන හැම සතාම ඉල්ලන්නේ ජීවිතේ බන්, බල්ලො මරන එක වැරදිනම් වද සැත්කම් කරන එක කරපල්ලා ගහනය පාලනය කරන්න.
ඒ වගේම තොපි මස් මාලු කන එකත් නවත්තපල්ලා. ඒකත් සත්තු මැරීමට අනුබලදීමක්.
ඇයි තොපිට බල්ලො පූසෝ විතරද ලොකු. ගෙදර හදන නිසා වෙන්න ඇති.
ඇයි බන් උබලා ගෙවල්වල ඉන්න මීයෝ කැරපොත්තෝ මරන්නේ උනුත් පව් බන්. කන්න බොන්න දීලා ඇතිකරපියව්. ඇයි ඩෙංගු මදුරුවෝ. උන් මරලා තොපි පව් පුරවගන්නවා එහෙම නෙවෙයි
මරනවානම් ඔක්කොම මරපල්ලා, වද සැත්කම් කරනවානම් ඒකත් සමානාත්මතාවයෙන් කරපල්ලා. ඇති කරනවානම් ඒකත් සමානාත්මතාවයෙන් කරපල්ලා.
එක එක සතාට වෙනස් කම් කරන්න එපා.

ඩෙංගු බෝ වෙන හැටි  සහ එය ප්‍රායෝගිකව ඩෙංගු මර්දනයට යොදා ගන්න හැටි.


1. වයිරසය සහිත ඩෙංගු රෝගියෙක්ගෙන් මදුරුවෙක් ලේ උරා බොනවා.

2. වයිරස් එක මදුරුවාගේ ඇඟ ඇතුලේ වර්ධනය වෙනවා.. (බෝ වෙනවා ) මේ වැඩේට දවස් 8-10ක කාලයක් යනවා
3. ඒ මදුරුවා නිරෝගී කෙනෙක්ට විදිනවා.. වයිරසය ඒ වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුලු වෙනවා..
4. ඒ කෙනාගේ ඇඟ ඇතුලේ හෙමීට භෙමීට වර්ධනය වෙනවා. මේ විදියට වයිරස් එක වර්ධනය වෙලා රෝගියාට රෝග ලක්ෂණ මතුවෙන්න (ප්‍රධානවම උණ) දෂ්ට කල දවසේ ඉඳලා දවස් 4-13ක කාලයක් යනවා.
5. උණ ගැනිලා දවස් 5ක් විතර යනකම් වයිරස් එක රුධිරයේ උපරිම අවස්ථාවෙ ඉන්නෙ. (Viraemia )
6. (ඉතා වැදගත් ) තවත් කෙනෙක්ට වයිරස් එක බෝ කරන්න හැකියාව තියෙන්නෙ මෙන්න මේ උණ ගැනී මුල් දවස් පහේ දී..
7. නැවත වරක් අවධාරණය කරනවා… උණ ගැනී මුල් දවස් 5 තුල මදුරුවෙක් කෑවොත් රෝගය වෙන කෙනෙක්ට බෝවෙන්න ලොකු හැකියාවක් තියනවා.
8. රෝගියෙක් රෝහල් ගතවෙන්නෙ සාමාන්‍යයෙන් උණ ගැනිලා තුන්වෙනි දවසෙ.. අඩුම උනොත් දෙවෙනි දවසෙ…එතකන් එයා එලියෙ සමාජයේ ඉන්නෙ. **** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ *****

**** එයා මදුරුවන්ට නිරාවරණය වෙලා ඉන්නෙ *****
9. ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණය වෙන්නෙ එකවරම ගැනෙන තද උණ..
10. කාට හරි උණ ගැනුනොත් , (විශේෂයෙන් ඩෙංගු බහුල ප්‍රදේශයක ) එයා ඒ සැනින් ගෙදර ගිහින් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ. පුලුවන් කමක් තියනවා නම් NS1 antigen test එක උණ සෑදී පලවෙනි පැය 24 තුල කරගන්න. එහෙම කරලා පොසිටිව් උනොත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙලා ඇඩ්මිට් වෙන්න අවශ්‍ය නැත්නම් ගෙදරටම වෙලා පැය විසිහතරම නෙට් එකක අතුලෙ ඉන්න ඕනෙ.
11. ඒ ටෙස්ට් එක නෙගටිව් උනා කියලා ඩෙංගු නැතැයි කියා හිත හදා ගන්න බෑ. එහෙම අයත් ගෙදරටම වෙලා පැය විසි හතරම නෙට් එකකට වෙලා ඉන්න ඕනෙ. දෙවෙනි තුන්වෙනි දවස් වල full blood count ටෙස්ට් එක කරගෙන වෛද්‍යවරයෙක් හමු වෙලා ඩෙංගුද, තමන් ඇඩ්මිට් වෙන්න ඕනෙද කියලා දැන ගන්න කම් නෙට් එකට වෙලා ඉන්න ඕනෙ. ඒ අතර කලන්තය, ලේ යාම, වනය, පාචනය, බඩේ කැක්කුම වගේ ලක්ෂන මතු උනොත් ඉක්මනින් රෝහල් ගතවෙන්න ඕනෙ.
12. දැන් යන වසංගතය අනුව තුන්වෙනි දවස වෙනකොට හැදිලා තියෙන්නෙ ඩෙංගුද වෙන උණද කියලා හොයා ගන්න පුලුවන්. එතකන් අඩුම දවස් තුනක් නෙට් එකේ ඉන්න ඕනෙ. ඔබට වලැඳුනේ ඩෙංගුනම් ඒක ඇඩ්මිට් නොවී ගෙදරදීම සමනය කරගන්න පුලුවන් උනා නම් ඔබ අනිවාර්යයෙන් දවස් පහක්වත් නෙට් එකක් ඇතුලෙ ඉන්න ඕනෙ.
13. මේක හිතන තරම් අමාරු නෑ. රස්සාවට යන එක ඉස්කෝලෙ යන එක වගේ ඒවා මේ වෙලාවෙ හිතන්න එපා. ඔබට පැපොල, කම්මුල්ගාය වගේ දෙයියන්ගෙ ලෙඩ විදියට අපේ රටේ සලකන ලෙඩක් හැදුනොත් ඔබ ගෙදරින් එලියට යනවද? නෑනෙ…. මේකත් ඒ වගේ දෙයියන්ගෙ ලෙඩක් විදියට තමයි දැන් සලකන්නෙ. ඊට වඩා මාරන්තික ලෙඩක්…
14 මාස තුනක් මේ වැඩේ කලොත් අපිට ඩෙංගු රෝගය මේ තියන ප්‍රමාණෙන් භාගයකට අඩු කරන්න පුලුවන්. (සංඛ්‍යාලේඛන එක්ක ඔප්පු කල හැකියි.)

15. රෝග ලක්ශණ නොපෙන්වන ඩෙංගු ආසාදිතයින්-
මුලින් මතය තිබුනෙ 90% ක් ඩෙංගු ආසාදිතයින්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ කියලා.. නමුත් ඒ den1 කියන වයිරස් ප්‍රභේදය නිසා ඇතිවන ආසාදනය ගැනයි එහෙම කිව්වෙ. ලංකාවට මෙච්චර කල් තිබුනෙ den1 කියන වයිරස් ප්‍රභේදයයි. ඒක ගොඩක් අයට හැදිලා ලක්ෂන මතු නොවී තියෙන්න ඇති. නමුත් දෙවෙනි පාරට වෙන ප්‍රභේදයක් හැදුනොත් ඇඟේ reaction එක වැඩි නිසා රෝගලක්ෂණ පෙන්වන ප්‍රමාණය වැඩියි. අඩුම තරමේ එක දවසක උණක් හෝ එනවා.. ඒ විතරක් නෙමේ ඩෙංගු  රක්තපාත තත්ත්වයට උනත් යන චාන්ස් එක වැඩියි. ඉතින් දැන් මේ යන වසංගතය ට හේතුව den2 කියන වයිරස් ප්‍රභේදය සක්‍රිය වීම. ඒ නිසා ආසාදිතයින් ගොඩක් අයට රෝග ලක්ශණ මතු වෙනවා.
අනිත් කාරණය මදුරුවෙක්ට වයිරස් එක සම්ප්‍රේෂණය වෙන්න නම් viemia කියන තත්වය තියෙන්නම ඕනෙ. ඒ කියන්නෙ සක්‍රිය වයිරස් එක රුධිරයේ එක්තරා මට්ටමකට වඩා උඩින් තියෙන්න ඕනෙ. එහෙම viremia එකක් තියෙනවා නම් ගොඩක් වෙලාවට රෝග ලක්සණ මතුවෙන්නම ඕනෙ. අඩුම තරමෙ එක දවසක උණක් හෝ එන්න ඕනෙ. ඒ නිසා රෝගය සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියන අය අඳුන ගන්න ලේසිම ක්‍රමය “උණ ” තත්වය.. මේ අයව වෙන්කරලා මදුරුවන්ට දෂ්ට කරන්න නොදී බේරගත්තොත් වැඩේ ගොඩ..
16. (අවධාරණය කරමින් ) මේ වනකොට කරගෙන යන මදුරුවො බෝ වෙන තැන් හඳුනගෙන විනාශ කරන වැඩේ දිගටම කරගෙන යන්න
© වෛද්‍ය හසින්ත උදලාගම

සමනල අඩවිය සුරකිමු කසල සුද්ද කිරීම 2017


siripada clean up

 

සිරීපාදය කියන්නේ ලෝකවාසි බොදුනුවන්ගේ ඉහලම ගරුබුහුමනට ලක්වුන පුදබිමක්, ඒ වගේම ජෙව විවිධත්වය අතින් බොහෝම ඉහල තැනක්. ඒ පුදබිම වන්දනා කරන්න ගිය ඔයා වගේම අනිත් අයත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා ගෙනිච්ච කඩදාසි, කෑම වගේ දිරා යන දේවල් විතරක් නෙවෙයි නොදිරන ප්ලස්ටික්, පොලිතීන් වගේ දේවල් ඒ පරිසරයට විසිකරලා ඇවිත්. ඒවා එහෙම තියෙන්න හැරියොත් සිරිපාද පරිසර පද්ධතියට ලොකූ හානියක් වෙනවා.

 

ඔන්න Green Map Sri Lanka සමූහයේ අපි WasteBusters Sri Lanka සමූහය එක්ක එකතු වෙල මේපාට සිරිපාද වන්දනා සමය අවසන් වුනාට පස්සෙ සිරිපාදේ තියන ඔයලා දාලා ආපු කුණු එකතු කරන්න යනවා මැයි මාසේ 27 – 28 සති අන්තයේ. ඔයාලත් කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න. එන අය අපේ FaceBook Event එකට ගිහින් එනවා කියලා සටහනක් දාන්න පුලුවන් නම් අපිට ලේසි ඔයාලට ඕනි පහසුකම් ටික ලෑස්ති කරන්න.

 

අපි ඔයාලගෙන් රුපියල් 500ක් නම් එකතු කරනවා. ඒ ඔයාලට ඒ ගමන යන්න ඕනි ප්‍රවාහන පහසුකම් වෙනුවන්, ඒ වගේම අපි ඔයාලට සියලුම කෑම බීම සපයනවා නොමිලයේම. ඔයලා එනවානම් වැඩිපුර වතුර බොතලයක්, කුඩයක්, Rain Coat 1 අරන් එන්න. අනිත් හැමදේම අපි දෙනවා.

 

අනාගත පරපුර වෙනුවන් අපි මේ කරන වැඩේට ඔයලාට එන්න බැරි උනාට කමක් නෑ. උපකාරයක් කරන්න පුලුවන් නම් අපේ FaceBook Page එකට Massage කරන්න. ඔයාගේ පුන්චි උදව්වත් අපිට වටිනවා.

​කුණු කන්ද කුණු උනෙ ඇයි??


කොළඹ කුණු ප්‍රශනය මුලින්ම පටන්ගන්නා අවදියෙ එයට විසඳුමක් දීමට 1996 කොළඹ නගරාදිපති වශයෙන් කරුජයසුරිය මහතාත් එවකට බස්නාහිර පලාත් මහඇමති සුසිල් ප්‍රෙමජයන්ත මහතාත් ලෝක බැංකු ආධාර යටතේ පදුක්කෙ මීපේ ප්‍රදෙශයෙ විද්‍යාත්මක කසල කලමණාකරන වියාපෘතියක් ක්‍රියාත්මක කිරීමට උත්සහා කල අතර එකල දිනෙශ් ගුණවර්ධන මහතා ප්‍රමුක කොටගත් ජවිපෙ රතුවහල් පිරිස ප්‍රදෙශ වාසින් සමග එකතුව අවුරුදු දෙකක් පමණ කලයක් උද්ගෝශන කල අතර ලෝක බැන්කුව එම වියාපෘතිය අකුලාගෙන ගියෙය.එම උත්ගෝශනයෙ ප්‍රතිපලය බ්ලූමැන්ඩල් කුනු කන්ද විය.

2007 කොටිකාවත්ත ප්‍රදෙශයෙ එවකට පරිසර ඇමති පාටලි චම්පික රණවක මහතාගෙ යොජනවකට පිලිසරු කසල ප්‍රතිචක්‍රියකරන වියාපෘතියක් ලෙස විද්‍යත්මක කසල රඳවනයක් නිර්මනය කිරීමට උත්සහා කල අතර එයටත් සුපුරුදු ජනතා උගොශනයම දියත්කලෙය.අවසනයෙ එම වියාපෘතිය දොම්පෙ ප්‍රදෙශයට ග්න ගියතර එම වියාපෘතිය නිසා පරිසරය විනාස වන බවත් ජලය විනාශ වෙන බව පවසමින් මහජන උද්ගොශන දියත් කල් අතර එහෙත් එය එම ස්තානයෙ ස්තාපනය කලෙය.එම ස්තානයට ගිය පරිසර නිලදාරින්ට පවා පහරදි එලව දමා තිබුනි.අදටත් ලංකවෙ එකම විද්‍යතමක කස්ල රදවනය වන්නෙ එය වන අතර කිසිම ප්‍රශ්නයක් උද්ගතවී නැත.
2007 බ්ලූමැන්ඩල් කුණු කන්ද පුපුරා ගිය අතර එය කඩාවැටුන නිසා අධිකරණ නියොගයකින් මීතොටමුල්ලෙ අක්කර දෙකක ඉඩක් කුනුගොඩගැසිමට එවකට අරක්ශක ලෙකම් ඇතුලු කොළබ ලස්ස්න කරනවා කියා උදම් ඇනූ පිරිස මද්‍යා පන්තිකපිරිසට සැප දෙමින් කොළබ මිනිස් දූවිලි බවට පත් වූ මේ මීතොට්මුල්ලෙ ජනතාවට කුනුගොඩ පටවා අත පිසගත්තෙය. අද එම කුනුගොඩ අක්කර අටක් පුරා පැතිරගොස් අවසන්ය.

මේ ආන්ඩුව මෙ අවුරුදු දෙක පුරා මේ ඉලිබදව කුමක් කලෙද අසන පිරිසට මැද ඇගිල්ල දිගුකරමින් කියන්නෙ නොදන්න මගුල් කතා නොකර සිටින ලෙසයි.මේ කුනු ගොඩ දවස් දෙකෙන් ඉවත්කල නොහැක මෙය ඉවත්කිරීමට යන අඩුම කාලය අවුරුදු 10කි.ඒ සඳහා මේ වනවිට ආයොජකයන් සොයාගෙන වියාපෘති සකසා අවසන්ය මුලික අධියරය ක්‍රියත්මක කිරිමට අවුරුදු තුනක් ගතවෙයි. මුලින්ම මේ කුනුගොඩ වර්ධනය වීම නැවැත්විය යුතුය එමෙන්ම කසල ප්‍රතිචක්‍රියකරනයට යොමුකිරීමට වියපෘතියක් මේවන විට ක්‍රියත්මක අතර එම නිසා කසල වෙන්කර ලබදෙන මෙන් මහජනතාව්ගෙන් ඉල්ලා සිටී.එහෙත් එය කරන්නෙද ඉතා අඩුවෙනි. 

කොලඹ කුනුගොඩවිමට ප්‍රධාන වැරදිකරුවන් වන්නෙ බොරු විරොධතා දක්වමින් නිවැරදි ක්‍රියවලියකට ඉඩ නොදෙන රතු වහලුන් සහ කලින් කලට මාරුවෙන කොල සහ නිල් වහල් ජනයින්ය.

එක එක දෙශපලකයින්ගෙ මොඩ සටන්පාටයන්ට රැවටෙන අනෙ අපි ස්වාධිනයි කියමින් පරිසරය පිලිබදව අනියත බියක් ඇත්කරමින් හැසිරෙන උන් මුලින්ම මෙම විරොධතා අකල්ප වලින් ඉවත්විය යුතුය.විරොදතා නිස කලහැක්කක් නොමැත.
උපුටා ගැනීම :- දසුන් රුක්ෂාන් ගෙනි….

​මීමුරේ විනාශයි වගකිව යුත්තේ කවුද?


මීට දෙවසරකට පෙර මීමුරේ පිළිබඳ ලිපියක් ලියන්නට ගිය අපට දැනුණේ අසා තිබු පරිදි අමුතුම දෙයක් මීමුරේ දක්නට ඇත්දැයි යන සැකය පමණි. ගංගා, ඇළ දොළ, කඳු මිටියාවතින් ඔබ්බට නොගියාවූ ඒ ගම්මානයේ අපේ රටේ අහුමුලුවල ඇති දුෂ්කර ගම්මානවලට පමණක් සීමා වූ ඒ සුන්දරත්වය එ දවස ද රැඳී තිබුණේ අප සිත් සතුටු කරවමිනි. ගැමි සුන්දරත්වය මෙන්ම සරල සුන්දර ජීවමාන ගම්මානයක සුවඳ එදා මීමුරේ ගමනේදි මම සැබැවින්ම අත්වින්දෙමි.

කාලය බොහෝ දේට පාර කපන්නා සේ බොහෝ දේ මේ කෙටි කාලය තුළ අප කෙරෙන් දුරස්ව ගොස් හමාර ය. මෙදා මම මීමුරේ ගමට නොගියෙමි. එදා සිට සමීප හිතුමිතුරන් වූ මීමුරේ ගමේ පාසල් ගුරුභවතුන් දකින්නට නැවත වරක් මීමුරේ යන්නට මා සිත් වුවද, ගමනේ දුෂ්කර බව ඒ ආසාවන්ට ඉඩ දුන්නේ නැත. එහෙත් පසුගිය දිනක ඔවුහු අහම්බෙන් මා සොයා පැමිණියහ. ගමනේ විස්තර පවසන්නට පෙරාතූව මගේ හිත රැඳි මීමුරේ ගම ගැන විමසන්නට මට සිතුණේ ගම පිළිබඳ පසුගිය කාලයේ මා සවනතට වැටුණු යම් යම් දේ නිසාවෙනි.
“දැන් මීමුරේ ගමේ එදා තිබුණු ලස්සන නැහැ. සංචාරකයෝ ඇවිත් අපේ ගම විනාශ කරලා…..” මා ලද පිළිතුර එසේ විය. මම තව තවත් ඒ ගැන තොරතුරු විමසුවෙමි.
“ ගමේ මේ විස්තර කිව්වට වැඩක් නැහැ. හෙට අනිද්දා දවස් තුනක නිවාඩුවක් එනවා. ඇවිත් ඇස් දෙකෙන්ම බලන්න ගමට වෙන දේ…. සති අන්තයේ ගමට බස් දෙතුන් සියයක් එනවා. මේ අය ඇවිත් ගමේ ලස්සන තැන් විඳිනවා නෙවේ විනාශ කරලයි යන්නේ. ඒත් දැන් මේ ගමේ මිනිස්සුත් මේ දේවල්වලට හුරුවෙලයි ඉන්නේ. එදා ගහක් කොළක් හිටවලා කීයක් හරි හම්බ කරගත් උදවිය අද මේ ක්‍රමයෙන් පහසුවෙන් සල්ලි හම්බ කරනවා.

කොච්චරද කිව්වොත් කිසිම දුරකතන පහසුකමක්වත් නොතිබුණු මී මුරේ ගමේ ඇත්තෝ අද මේ ව්‍යාපාරයට බැහැලා තියෙන්නේ අන්තර් ජාලයත් හවුල් කරගෙන. ඒත් මේ අය දන්නෙ නැහැ මේ පිටිපස්සෙන් ගමට අැතිවෙලා තියෙන හානිය…….” එය දිගු කතාවක මූලාරම්භයක් පමණි. දුරකනතනයක් නොමැති ගමේ අන්තර්ජාලයෙන් අද බොහෝ දේ සිදුවෙන අයුරු මම පිරික්සුවෙමි. ගැමි සුවඳ වහනය වන මී මුරේ ගමේ නොසිතු නොමැති ප්‍රතිරූප අන්තර් ජාලය පුරාම විසිරි ඇත්තේ අපූරු ආකාරයට ය.
පහසුවෙන් සල්ලි
‘Stay at night ‘Meemure’, you have stay in ‘Tent’ over the night’ ඒ එක් තැනකය. තවත් තැනක මෙසේ විය. ‘Yaman, soorya arana water world tour, ‘ Hike to Lakegala’,’Nawarathna water fall tour’ මීමුරේ ගමේ සජීවත්වයෙන් තොර බොහෝ දර්ශන ඇතුළත් කරමින් වෙබි අඩවි පුරා පිටු පිරවී ඇත්තේ සංචාරකයන්ගේ මන දොළ පිනවන චාරිකා ය. රාවණා දඬු මොනරෙන් පිටත්ව ගිය ඉතිහාසයක් ඇති මීමුරේ ගම සැබැවින්ම අලංකාරය.
එදා බොහෝ සෙයින් හු‍ෙදකලා වු මේ ගම්මානය ටිකෙන් ටික ලෝකයාට විවර වෙන්නට වූයේ ගමට ඇති පදමට දුන් ප්‍රසිද්ධියත් සමඟ ය. පසුව සූර්ය අරණ ළමා චිත්‍රපටයට මෙහි දර්ශන පසුතල ඇතුළත් වූයෙන් රට ගැන නොතකා මුදල් ඉපයීමේ අභිලාෂයෙන් කටයුතු කළ සමහරුන්ගේ උකුසු ඇස් මේ දෙසට යොමු වූයේ නිරායාසයෙනි. එහෙත් මේ හු‍ෙදකලා ගමේ සංචාරක කර්මාන්තයක් කරගෙන යෑමට තරම් කිසිදු විශේෂත්වයක් නැති බව දන්නේ මේ ගමට එක් දවසක්වත් හෝ ආගිය අයෙකු පමණි.
“2014 මැද භාගයේ සිට තමයි මේ ගම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තේ. අද මේ ගමේ සංචාරක කර්මාන්තය කෙරෙන්නේ තරගෙකට වගෙයි. එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙ‍වැනි ආකාරයෙන්. ගමේ අය වගේම පිට පළාත්වලින් අයත් ඇවිත් මේ සංචාරක කර්මාන්තය බොහෝම ජයට කරගෙන යනවා.
අද මීමුරේ ගම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා නොවේ, විනාශ වෙලා කිව්වොත් හරියටම හරි. එදා මේ ගමේ මිනිස්සු තරම් ආගන්තුක සත්කාරයට කැමති අය කොහේවත් නැතුව ඇති. ගමට කෙනෙක් ආවොත් බත් වේලක් නොදී යවන්නේ නැහැ. ඒත් අද මේ ගමේ බත් වේලත් විකුණන තත්ත්වයට පත්වෙලා. අද කෑම වේලක් දෙන්නෙත් රුපියල් 200 කට. විශේෂයෙන්ම සති අන්තයේ මේ ගමේ අස්සක් මුල්ලක් නෑර මස් පුච්චනවා.

ගමේ ක්‍රමයට මස් මාළු බාබකියු කරනවා කියලා එන අයට මස් පුච්චලා දෙනවා. මේ නිසා සති අන්තයේ ගමට කුකුල් මස් කිලෝ දෙතුන් සියයක් විතර ගේනවා. අද මේ ගමට මත්පැන් වගේම විවිධ මත්ද්‍රව්‍ය ගේන්නත් පටන් අරගෙන. විශේෂයෙන්ම කුඩු ගංජා, කේරල ගංජා වගේ දේවලුත් ගේන්න පටන් ගත් නිසා උඩුදුම්බර පොලිසිය හුන්නස්ගිරියෙ පොලිස් මුර පොළක් දැම්මා.
මෙතැනින් වාහන පරීක්ෂා කර ගමට ආවත් ඒවාත් විධිමත්ව කෙරෙන්නේ නැහැ කියල තමයි චෝදනාව. දුම්කොළයි පුවකුයි එකතු කරගෙන හදන බාබුල් කියන බුලත් විටත් මේ ගමේම විකුණනවා. මේවා මේ විදියට කරන්නේ ගමේ අයත් මේවට කිසිම විරුද්ධත්වයක් නැති නිසා. ඒ අයටත් මේක හොඳ සල්ලි හොයන ක්‍රමයක් වෙලා……” එසේ පැවසූයේ ගමට හිතැති ගමේ අයෙකි.

භයානක ක්‍රියා
මේ ගමට එන පිටස්තරයන්ට රැයක් පහන් කරන්නට තරම් ඉඩකඩ මේ ගමේ නැත. මේ නිසා තැන නොතැන බලා එන සංචාරකයන්ට පහසුකම් සපයන්නට සිදුව ඇත්තේ ගමේ කෙතේ ය. නැතිනම් ගමේ දේවාලය අසලය. බර ගණන්වලට මේ පැකේජ විකුණා ගෙන කන මීමුරේ සංචාරක මඟ පෙන්වන්නන් නැති දේ ඇති කර පෙන්නමින් අපූරුවට මුදල් ගරා ගන්නා ආකාරය විස්මිත ය.
“ගමට එන මේ අයව දිය කැරැල්ල, ලකේගල නග්ගනවා බස්සනවා කියනවා. සූරිය අරණ ගඟේ කිමිද්දෝනවා කියනවා. ඒත් මෙවා හරිම භයානක ක්‍රියා. මේ අයට කිසිම ආරක්ෂාවක් නැහැ. මේ ළඟදි ලකේගලින් වැටිලා කෙනෙක් මැරුණා. තවත් අයෙක් බීලා එන අතර මඟදි තෙහෙට්ටුවට මැරුණා. තවත් කෙනෙක් ඔයේ ගිලිලා මැරුණා. සමහරු ඇඩ්වෙන්චර් කියලා කිසිම ජීවිතාරක්ෂක පුහුණුවක් නැතුව ගමේ ඇවිදිනවා.
මොනවා හරි කරදරයක් වුණොත් මේ අයට ප්‍රථමාධාර දෙන්න විදියක් නැහැ.රෝහලකට ගෙනියන්න පැය තුනක් විතර යනවා. ජීවිතාරක්ෂක පුහුණු ගම ඇතුළේ නැහැ. එන අය එන්නේ මේ කිසිත් නොදැන. මේකට මූලිකම හේතුව අද ගම ගැන මවලා තියෙන්නේ අමුතුම ආකාරයේ ප්‍රතිරූපය. එදා හු‍ෙදකලාව තිබුණ ගම අද අමුතුම සද්දයකින් පිරිලා. ගොඩාක් අය නාන්න යන්නේ ගමට ගැළපෙන ඇඳුම් ඇඳගෙන නෙවේ.
එදා කුඹුරු කොටාගෙන වේල පිරිමහ ගත්තු උදවිය අද කුඹුරේ කබානා ගහලා කුඹුරෙම තාවකාලික වැසිකිළි පවා ගහගෙන. අන්තිමට මේ උල්පත්වල වතුර යන්නේ ඔයට. සමහර වෙලාවට පිරිමි ළමයි එක්ක තරුණ ගෑනු ළමයි දෙතුන් දෙනෙක් එනවා.
ඇවිත් මොනවා කරනවද කියලා කිසිම කෙනෙක් නැහැ හොයලා බලන්න. අපිට දුක ඒ අය ගැන නෙවේ. මේවා නොදැකපු ගමේ ළමයිනුත් අද ගොඩාක් වෙනස් වෙලා. ගුරුවරු ගොඩාක් වෙහෙස වෙලා ඉගැන්වුවත් අද ගමේ දරුවෝ පාසල් යනවා එනවා හොරයි. මේ දරුවෝ ගයිඩ් වැඩේ කරගෙන යනවා, පාසල් එන්නැතුව. ඒකෙන් කීයක් හරි අතමිට මොළවා ගන්නවා. මේ නිසා මවුපියනුත් මේවට එකඟයි……..” ගමේ වත්මනෙහි සිදුවන දේ ගැන සංතාපයට පත් ගැමියෙක් අප හා පැවසීය.
මීමුරේ ගම මුල් කර ගෙන ඇති මෙම සංචාරක කර්මාන්තය නිසා අද ගමේ පාසල් දරුවන් පත්ව ඇති තත්ත්වය ශෝචනීයය. දිය කඳුරුවලට බැස ලුණු පොට්ටනියෙන් කූඩැල්ලන් කඩමින් සැතැපුම් ගණනක් මහ මඟ ගෙවා මේ පාසල් දරුවන්ට අකුරු කරන්නට ගුරු භවතුන් යන්නේ ගමේ දරුවන්ට යහපත් අනාගතයක් උරුම කරන්නටය. එහෙත් අතොරක් නැතුව ගමට ගාටන්නා වූ නන්වැදැරුම් සංස්කෘතිය නිසා අද මේ සෑම දේම කණපිට පෙරළෙන්නට ගතවන්නේ සුළු මෙහොතකි.
“මේ ගමේ පාසල් තුනක් තියෙනවා. ඇත්තෙන්ම මේ දරුවන්ට පොත පතින් හිඟයක් නැහැ. ඒත් සමහර එන්.ජී.ඕවලින් මේ දරුවන්ට උදවු කරන්නට එනවා. පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කරනවට අපිත් කැමැතියි. ඒත් මේ එන්.ජී.ඕ විවිධ අයහපත් දේට සම්බන්ධ අය.
මේ පළාතේ කෑම්ප් සයිට් කරන අය තමන්ගේ කෑම්ප් වලට කවුරු හරි ආවහම කරන්නේ මේ ගමේ දරුවන්ට උදවු කරන්න කියලා ඉල්ලන එකයි. මේ අය ළඟ විවිධ දේ තියෙනවා. ගුරුවරු විදියට අපිට මේ දරුවෝ මේවා කියන්නේ නැහැ. මේ ළමයි හරි දක්ෂයි රහස් ආරක්ෂා කරන්න. සමහර දරුවෝ තමයි මේ ගමට එන අයට මත්පැන් අලෙවි කරන්නේ. ඒ අය හයර් එකට රුපියල් 2000 ක් අරගෙන ටවුමෙන් මත්පැන් ගෙනත් දෙනවා.
ඉස්සර මේ ගමට විදුලිය තිබුණේ නැහැ. ඒත් දැන් ගමට විදුලිය ඇවිත් තියෙන නිසා ගමේ කඩ දෙකේ අයිස් පැකට් විකුණනවා. මේ නිසා දැන් ගමේ ළමයින්ගේ දත් පවා දිරාපත් වෙලා. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ කඳවුරු බිම් ගණනාවක් තියනවා. ඒත් මේවා කරන්නේ කුඹුරුවල. ප්‍රාදේශීය සභාවෙන් මේවා නතර කරන්න කිව්වත් තවමත් මේවා කුඹුරුවල කරගෙන යනවා. මේවා වැඩ කරන්න පුළුවන් කුඹුරු. ගමේ කඩ දෙකක් තියෙනවා. මේවායේ විකුණන්නේ ගමේ හාල් නෙවේ.

මේ කඩ වලටත් ටවුමෙන් නාඩු, සම්බා ගේනවා, එන අයට උයලා දෙන්න. කඳවුරු බිම් වල රෑ 10 – 11 වෙනකම් සද්ද. ඩොලැක්කි සංස්කෘතිය ගම පුරාම. ගමේ මස් නැති නිසා සමහර කඩ කිලෝ ගණනින් මස් මාළු ගෙනත් තැන්පත් කරනවා. මේ නිසා මේවා හොඳ තත්ත්වයෙන් නැහැ. මේවා තමයි එන අයත් කන්නේ. මීමුරේ ගම හොයාගෙන එන අයට සමහරු නිවැරැදි තොරතුරු දෙන්නැහැ. සමහරු හයර් එක ගන්න එන පිරිස් ඩැහැ ගන්න හදනවා. මේ නිසා ගම බලන්න එන අය අප්‍රසාදයෙන් යන අවස්ථා ඕනැ තරම්………..” අප හා එසේ පැවසුවේ ගමේ විදුහල්පතිවරයෙකි.
මුදලට වඩා රට ගැන , ගම ගැන තකන්නෝ අද මේ මීමුරේ ගමේ විරලය. සති අන්තයේ ගමේ පන්සලේද නවාතැන් සපයන්නට සිදුව ඇත්තේ නැවතත් පැමිණෙන්නවුන් හරවා යැවීම මිනිසත්කමට නොවටිනා දෙයක් නිසාය. කිතුල් ගසකට ගොඩ වී රා කළයක් පෙරාගෙන පැවැති සංස්කෘතිය අද මේ ගමේ දක්නට නැත. කිතුල් මලක් කපා කිතුල් පැණි ටිකක් කිතුල් හකුරු ටිකක් වක් කළ කාලයට ඔවුන් ආයුබෝවන් කියා ඇත.

එදා මීමුරේ තරම් ඉස්තරම්ම කිතුල් පැණි හෝ කිතුල් හකුරු සෑදූ ගමක් තවත් තිබුණේ නැත. එහෙත් අද සංචාරක කර්මාන්තය නිසා ගම්මුන් මේ රැකියා අතහැර බොහෝ කල් ය. එහෙත් පැමිණෙන අයගේ අවශ්‍යතා උදෙසා ඔවුහු බාල හෝ කලවම් වර්ගයේ කිතුල් රා, කිතුල් පැණි මෙන්ම කිතුල් හකුරු සාදා වැඩි මුදලට විකුණති.
එළිවෙනකම් සද්ද
“ රා බෝතලයක් හොයා දෙන්න. ඒකට අරක්කු බෝතලයක් දෙන්නම්” යන තත්ත්වයට මේ ගැමියන් වැටී ඇත්තේ සිය සාම්ප්‍රදායික දේ ඔවුන් විසින්ම බැහැර කළ නිසාවෙනි. ඉඳහිට විදේශිකයෙකු සුන්දර පරිසරය අත්විඳින්නට පැමිණියද බොහෝ දේශීය සංචාරකයන් පැමිණෙන්නේ හුදු විනෝදය තකා ය. නැතිනම් අන්තර් ජාලයේ අතිශයෝක්තියෙන් කර ඇති වර්ණනාව නිසා මය.
මී මුරේ ගමට නැවතත් යා යුතුමද? මම දෙවරක් සිතා බලන්නට තීරණය කළෙමි. නැවත වරක් මා යතොත් මාද කරන්නේ ඒ වරදම ය. හු‍ෙදකලා වූ මීමුරේ ගමක් නැවතත් අපට දැකිය නොහැකිය. එය සක් සුදක් සේ පැහැදිලිය. එහෙත් ඒ ගමේ වැසියන්ට තවදුරටත් නිදහසේ දිවි ගෙවීමට ඇවැසි ය.
ගමට උරුම වු සංස්කෘතිය රැක ගැනීමට අවැසිය. ගමේ වෙල් යායේ පැහෙන සුවඳැල් හාලෙන් ඉදෙන බතේ රස බලන්නට ඔවුනට ඇවැසිය. දිය කඳුරුවලින් එතෙර වී ලුණු පොට්ටනියෙන් කූඩැල්ලන් ඉවත්කරමින් පාසල් යන යුගය ඔවුනට ඇවැසිය. එසේනම් මීමුරයට යන්නවුන් එහි යායුත්තේ පා සටහන් පමණක් ඉතිරි කරමින් සිතුවිලි පමණක් ආපසු රැගෙන එන ලෙසින් බව අප අමතක නොකළ යුතුය.
මම නැවතත් අතීතයට පියමං කළෙමි. ඒ ලිපිය අවසන් කරන්නට ප්‍රථම මේ ගමේ සුවිශේෂත්වයක් පමණක් සටහන් කරන්නටය. මීමුරේ දරුවන්ගේ එකම ඉල්ලීම මීට වසරකට පෙර සිළුමිණ අපි මහක් ආසාවෙන් ඉටුකළේ ඒ දරුවන්ගේ පාසල් දිවියට හෝ මිමුරේ ගමට දශමයකින් හෝ හානියක් නොවන්නටය.

එදා මීමුරේ පාසල් දරුවන්ගේ කොළඹ චාරිකාව සංවිධානය කළ සිළුමිණ අප හා එම සංවිධායක කණ්ඩායම මේ දරුවන්ගේ ජීවිතයේ තිබූ එකම ආසාව වූ කොළඹ පෙන්වා තෑගිබෝග දී ගමට නැවතත් සේන්දු කෙරුවෙමු. එදා මේ ගමේ මවුපියන් කොළඹ ගොස් පැමිණි මේ දරුවන් පිළිගත්තේ කිරිබත් කැවුම් උයා දෙපා තවමිණි. මෙවන් සිරිත් විරිත් මීට පෙර අප අසා තිබුණේ නැත. එවන් අසමසම සංස්කෘතියකට උරුමකම් කියන්නාවූ මීමුරේ ගම රැකීම අපගේ ද යුතුකම හා වගකීම වන්නේ ය.

උපුගැනීමකි : සුභා­ෂිණි ජය­රත්න (Silumina – සිත්මල් යාය)