පතිකුලයට යන අපේ තරුණියන්ට කාලීන විදියට දෙන්න පුලුවන් පුංචි උපදෙස් ටිකක්


පතිකුලයට යන අපේ තරුණියන්ට කාලීන විදියට දෙන්න පුලුවන් පුංචි උපදෙස් ටිකක්. පන්ඩිතකම පෙන්නන්න නෙමේ අපේ ගෙදරින් සහ වැඩිහිටියන්ගෙන් මට පෞද්ගලිකව ලැබුන උපදෙස් වල සහ දැකපු දේවල් වල මුසුවක්.

1. ගෙදර වියදමට සහයෝගය දෙන්න. සමහර තරුණියෝ “මම ඉතින් ඉගනගත්තෙ නෑ නේ අපේ මහත්තයා තමා ඉගන ගත්තේ ඒ නිසා එයා තමා රස්සාවක් කරන්නේ” කියල ගෙදරට වෙලා ඉන්නවා. ඒත් ඔබ හැමෝම ඕලෙවල් වෙනකම් හරි පාසල් ගියානේ. කන්තෝරුවක රස්සාවට නොගියට ගෙදර ඉදන්ම සල්ලි ටිකක් හොයාගන්න අද කාලෙ ඕන තරම් ක්‍රම තියනවා. සැමියට ඔක්කොම බර පටවන්නෙ නැතුව පොඩි මුදලකින් හරි සහයෝගය දෙන්න.

2. ගෙදර දොර ලොක් කරල සද්ද නැතුව ඉන්න එපා. මේක අපේ ලග ගෙවල් වල දැක්ක දෙයක්. හවසට සැමියා ගෙදරට ඇවිල්ලත් දොර අරින්නෙ නෑ ගේ වටේම කෑගහ ගහ පැයක් විතර ඒ මනුස්සයා ඇවිදිනවා. තරහක් තියේ නම් ගෙදෙට්ට ආවට පස්සේ ඒක කතා කරගන්න. මහන්සි වෙලා ගෙදරට එද්දි ගේට්ටුව අරිනව ඇහෙනකොට දොර අරින්න.

3. ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න. ඩ්‍රයිවින් කරන්න බැරි ලෙඩක් මුකුත් නැත්නම් ඔයත් ලයිසන් එක ගන්න. අනේ ඔව්ව පිරිමි වැඩනේ කියල හොඳට වාහනේට නැගල ඔහේ යන්න එපා. දුර ගමනක් යද්දි දෙන්නම මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කරන්න.

4. රස කෑමක් හැදුවාම, නැත්නම් හම්බුනාම තමන්ගෙ සැමියටත් කොටසක් තියන්න. මම ගොඩක් තැන් වල දැකල තියන දෙයක් මේක. ගෙදර ඉන්න ගෑනු අය දෙයක් හම්බුනාම හරි හැදුවාම හරි ලමයින්ට කවල එයත් කාල ඉන්නවා. එහෙම නෙමේ සැමියටත් කොටසක් තියල තියන්න. පුරුද්දක් විදියට අපේ අම්මා ඔෆිස් එකේදි දෙයක් හම්බුනත් තාත්තට කොටසක් අරන් එනවා. කොච්චර ‍රස දෙයක් උනත් ඔක්කොම කන්නෙ නෑ.

5. ගෙදරට බඩු ගේන්න කියල දිග ලිස්ට් එකක් අතට දෙන්න එපා. ලිස්ට් එකක් ලියාගෙන ඔයත් යන්න. දෙන්නම ගිහින් ගෙදෙට්ට ඕන කරන දේවල් අරන් එන්න.

6. දරුවොන්ගෙ දේවල් බදාගෙන කරන්න එපා. තාත්තලත් ආසයි තමන්ගෙ දරුවො එක්ක ආදරෙන් ඉන්න. බත් ටිකක් කවන්න, නාවන්න, හුරතල් කරන්න සැමියටත් දෙන්න. සමහර අම්මලා අපෝ ගෑනුලමයි තාත්තල එක්ක වැඩිය ඉන්න හොඳනෑ කියලා බොරු මතයක් හදනවා. වෛද්‍ය විද්‍යාවෙන් කියනවා විශේෂයෙන්ම ගෑනු ලමයි තමන්ගේ තාත්තා එක්ක ඉන්න එකෙන් ඒ දරුවාට යහපතක් වෙනව කියලා.

7. ගෙවල් ලග ගෑනු අය එක්ක සැමියගේ දොස් කියන්න එපා. මේකත් ගොඩක් වෙලාවට දකින දෙයක්. “අපෝ අපේ එක්කෙනා මෙහෙමයි” කිය කිය ගෙදර සැමියගේ අඩුපාඩු කිය කිය හිනා වෙනවා. ගෙයි ගිනි පිට දෙන්න එපා කියලා කියන්නේ ඕකට. ගෙදර දේවල් පිට අය එක්ක කියන්න එපා.

8. සැමියගේ පවුලෙ අයට සලකන්න එපා කියන්න එපා. මේකත් ගොඩක් ගෙවල් වල දකින දෙයක්. සැමියා නැන්දම්මට හරි ඒ පවුලේ අයට හරි සලකනවට බිරිඳ කැමති නෑ. ඔහු ඔබේ වෙන්න කලින් තවත් අම්මා තාත්තා දෙපලකගේ දරුවෙක්. ඔවුන් ගොඩක් මහන්සියෙක් ඒ පුතා උස්මහත් කලේ. ඔවුන්ට සලකන්න එපා කියන්න ඔබට කිසිම අයිතියක් නෑ. පුලුවන් විදියට සැමියා දිරිගන්වන්න වයසක අම්මා තාත්තට සලකන්න කියලා.

9. සල්ලි නාස්ති කරන්න එපා. ඔබ සල්ලි හම්බ කරත් සැමියා කරත් සල්ලි සල්ලිමයි.බොරුවට නිරපරාදේ දකින දකින දේ ගන්න එපා. මුදල් ඉතිරි කරන්න. අනාගතය කියන්නේ කාගෙවත් ස්ථිර දෙයක් නෙමේ. ඒ නිසා ඉස්සරහට කීයක් හරි ඉතිරි කරන්න.

10. පිරිසිදුව ඉන්න. මේක ඇත්තම කිව්වොත් දික්කසාද දක්වා යන දරුණු දෙයක්. උදේට නැගිටිනකොට අදින ඇදුමෙන් රෑ වෙනකන් ඉන්න එපා. ඒ වගේම ලස්සනට ඉන්න. බැන්දා කියලා ඔබ නිකන් වැරහැලි ඇදගෙන ගෙදර වැඩ කරන්න එපා. රෑ වෙද්දි හොදට නාලා අලුත් ඇදුමක් ඇදගෙන ප්‍රසන්න විදියට ඉන්න. රූ සපුව ගැන හිතන්න. මේ කියන්නේ උදේට රෑ වෙනකන් සැලොන් යන්න කියල නෙමේ ඒත් කෙල්ල කාලේ ඉදපු විදිය එකපාරටම වෙනස් කරන්න එපා. හැමදාම පිලිවෙලට ලස්සනට ඉන්න. ඒක විවාහ ජීවිතයට අනිවාර්‍යෙන්ම බලපාන දෙයක් මොකද අපි හැමෝම මිනිස්සු. කවුරුවත් කැමති නෑ ගදගහන අපිරිසිදු කෙනෙක් එක්ක ඉන්න. ඒක යතාර්ථය.

11. රණ්ඩුවක් උනා කියලා ගෙවල් දාල යන්න එපා. මේකත් ගොඩාක් අපි දකින දෙයක්. පොඩි රණ්ඩුවක් උන ගමන් ගොඩක් කාන්තාවො ගෙදරින් යනවා. එහෙම නෙමේ දෙන්නම එක්ක හිමීට කතා කරලා ප්‍රශ්නේ විසදගන්න. දරුවො දාලා සැමියා දාල ගියා කියලා ප්‍රශ්න විසදන්න බෑ.

12. ලමයි ලැබුනා කියලා සැමියට ආදරේ කරන එක අඩුකරන්නවත් නවත්තන්නවත් එපා. මේකත් ගොඩක් ගෙවල් වල වෙන දෙයක්. බබාලා ලැබුනාම ජීවිතේ වෙනස් වෙනවා තමයි. වැඩ ගොඩයි තමයි. ඒත් කාලය කලමනාකරණය කරගෙන ඔයාලා දෙන්නගේ ආදරයටත් වෙලාවක් වෙන් කරන්න. විවාහ ජීවිත කඩාකප්පල් වෙන්න ලොකු හේතුවක් ඕකත්.

බොරුවට පෙරලි පෙරලි වදිනවාට වඩා මේවා ගොඩක් වැදගත් වේවි. ඔයාලට මතක් වෙන දේවලුත් මේකට එකතු කරන්න. කාලීන විදියට හැමදේම වෙනස් වෙනවා. ඒක අපි කාටවත් නවත්වන්න බෑ. විශේෂයෙන්ම බෞද්ධයන් විදියට අපි පිලිපැදිය යුත්තේ බෞද්ධ සිරිත් විරිත්. ඒ අතරට කාලීනත්වය ගැන හිතලා අවශ්‍ය අලුත් දේ එකතු කරගන්න ඕන.

උපුටාගැනීම අශිනි ජයසිංහගේ බුකියෙන්

Advertisements

මම ශ්‍රී ලාංකිකයෙකි


මම ශ්‍රී ලාංකිකයෙකි.

මම මෙරට කීර්තිය සහ අභිවුර්ධය උදෙසා, මා හැකියාවන් සහ ශ්‍රමය යොදවන්නෙකි.

මම සම්ප්‍රදායික ලෙස දැන් පවත්නා පක්ෂ සහ පවුල් දේශපාලුවන් හට ගැතිවන, නිවට ගති ඇත්තකු නොවෙමි – ඔවුන් ගේ පිහිට කිසිදා නොපතමි.

පරිසරයද, ධරණිය සංග්වර්දනය ද, මහජන ඓතින් සුරකින පරම සත්‍ය පදනමකින් මහජන සේවයේ යෙදෙන පරාර්ථකාමී නායකයින් සොයන්නෙමි.

එසේ කරන ලෙසින් දැන් ඉන්නා සොරුන් හට එලෙස ඉන්න දෙන්නේ ද නැත, ඔවුන් නිලතල වලින් දුරුකොට නිසි දඬුවම් දීමට ප්‍රමුක පෙළ ගන්නෙමි.

මම මෙසේ සිතුවක්, සබඳ ඔබ සහය සහ අනෙක කැපකිරීම් ද නොමැතිව අප රට මේ ප්‍රේතයින් ගේ ග්‍රහණයෙන් මුදවා ගැනුමට නොහැකිය.

උපුටාගැනීම අචල අරුණළු

​මම ට්‍රිප් යන හැටි


Option 1: sudden attacks 
‍යාලූවා : මචන් හෙට ගෙදරද? 

මම : ඔව්

යාලුවා : අද රෑ 8 වෙද්දි ලෑස්ති වෙයන් හෙට මෙහෙ යනවා.
Option 2: planned trips

යාලුවා : ලබන long weekend එකට මෙහෙ යමුද?

මම : යමු
Option 3 : low budget trips

යාලුවා : සල්ලිත් නෑ ඕයි කොහෙවත් යන්න

මම : තියන ටිකෙන් යමු 
මේ ට්‍රිප්  එක ගිහින් ඇවිත් 

යාලුවා : ලැජ්ජයි ඕයි. මෙච්චර ට්‍රිප් එකකුත් ඇවිත් හොදට කාලත් ලොකු ගානක් ගිහින් නෑනේ.

මම : දැන් ගාන අඩු උනාම ඒකට වැරදි අපිද?
Option 4 : charity

මම : ලමායි අහවල් දවසේ donation එකක්. යන අය වියදමට සල්ලි අරන් එන්න

ලමයි : හා…
Option 5 : volunteering 

භාරකරු : මචන් මෙහෙ මෙහෙම volunteering වැඩක් තියෙනවා අහවල් දවසේ. එන්න පුලුවන් ද?

මම : හා…
Option 6 : family

අම්මා : අපි මෙහෙ යනවා වරෙන් යන්න

මම : හා..
Option 7 : Feeling Alone

මම : අද කම්මැලි, බෝඩිමට වෙලා කරන්න වැඩකුත් නෑ
යන්න ඕනි කොහේහරි
Option 8 : Official visits

මම : වැඩේ ඉවර උන ගමන් පොඩ්ඩක් රවුමක් ගහලා එන්න ඕනි. Conference උනත් වැඩිය අහන් ඉන්න හොද නෑ. ඔලුවට බර වැඩි

හිගන අලි සහ වැනසෙන අපේ වන සතුන්


ඊයේ ජූලි 22 2017, මම අම්මයි අප්පච්චි එක්ක කතරගම ගියේ කතරගම පෙරහැරට කලින් අලුත් සහල් මoගල්යට අපේ ගෙදරිනුත් අලුත් හාල් පූජා කරලා, මීට සති දෙකකට කලින් අපේ අතරින් වියෝවූ අපේ අත්තම්මාට පින් පමුණුවන්න කිරිවෙහෙරට පුදපූජාවන් කරලා එන්න.

ඒ යන අතර මගදි වෙනදා වගේම බුත්තල කතරගම පාරෙදි යාල කැලේ මැද දි හමුවන අලි හිගන්නා 35 කිලොමීටර් කනුව අසලදි හමු උනා. දැන් වසර 5-6 ක ඉදලා මෙතන මේ තරුණ අලියා රැකගෙන ඉන්නවා පාරේ යන වාහන වලින් දෙන කෑම කන්න. ඒ, පහසුවෙන්ම ඌට ඕනි කෑම මහන්සියකින් තොරව හොයාගන්න පුලුවන් නිසා. මොකද වන අලියක්ට දිනකට ඕනි කෑම හොයාගන්න ඌට කිලෝමීටර් ගානක් ඇවිදින්න ඕනි.

මේ කෑම හිගාකන වැඩේ අපේ මිනිස් හිගන්නො කරනවා වගේම තමයි අලිත් කරන්නේ, අපේ මිනිස්සු පින් සලකලා හරි අනුකම්පාවට හරි හිගන්නොන්ට උපකාර කරනවා, නමුත් උන් ඒක බිස්නස් එකකට කරනවා. අලියත් මහන්සියකින් තොරව කෑම ලැබෙන නිසා පාර අයිනට වෙලා හොඩේ පානවා කෑම ඉල්ලලා.

මම ඒත් කල්පනා කලා මෙහෙම කෑම දෙන එකන් අලියා ලෙඩ වෙන එක දැන දැනත් වනජීවී එක මේ අලියාව මෙතනින් ඉවත් කරන්න උත්සාහ නොකරන්නේ ඇයි කියලා.

මොකද පලවෙනි කාරනේ මිනිස්සු දෙන පලතුරු, බිස්කට් වල තියන සීනි නිසා මේ අලියට දියවැඩියාව ඉතා පහසුවෙන් හැදෙන්න පුලුවන්.මොකද අලි නිතරම කන්නේ ගස්වල කොල සහ තනකොල. ඒවගේ සරල නමුත් පෝෂනීය කෑම වේලක් තුලින් ලැබෙන විටමින් සහ අනික් පෝෂන ගුණ මේ මිනිස්සු දෙන කෑම නිසා නොලැබී යනවා. මොකද අලියට බඩ පිරුනාට පස්සෙ ආය තනකොල කන්න උවමනාවක් නෑනේ. ඒ වගේම තනකොල වලින් ලැබෙන සෙලියුලෝස් අඩු නිසා අහාර දිරවීම අඩුවෙනවා කාලයත් එක්කම.

දෙවෙනි කරණය තමයි අලියා කෑම පහසුවෙන් ලැබෙන නිසා දවස පුරාම එකම තැනක ඉන්න එක. අපි හැමෝම දන්නවා කම්මැලි කමට එක තැනකට වෙල මොකුත් නොකර හිටියාම මොකද වෙන්නේ කියලා. ශරීරයට වි‍යායාම නොලැබෙන නිසා අලින්ට උනත් හන්දිපත් රෝග, අධික රුධිර පීඩනය සහ වෙනත් රෝග පහසුවෙන් හැදෙන්න පුලුවන්.

තුන්වෙනි කාරණය තමයි, මිනිස්සු කෑම දෙන්නේ පොලිතීන් එක්ක සමහර වෙලාවට. අලියට අපිට වගේ පොලිතීන අයින් කරලා කන්න අමාරුයි. එයාලා පොලිතීන් එක්ක තමයි දෙන ආහාර ගන්නේ. ඉතින් අලි බෙටිවල තියන පොලිතීන් ගොඩ දැක්කම හිතෙනව මිනිස්සු මෙච්චරම ගොන්ද සත්තුන්ට පොලිතීන එක්ක කෑම දෙන්නේ කියලා. බෙට්ටත් එක්ක එලියට එන්නේ කන පොලිතීන් වලින් පොඩ්ඩයි. ගොඩක් පොලිතීන් අහාර මාර්ගයේ හිරවෙනවා. ඔයාලට මතක ඇති පොලොන්නරුවේ අලියෙක් මැරුනා ආහාරමාර්ගයේ පොලිතීන් හිරවෙල දාවස් ගානක් දුක් විදල.

මේ පොලිතීන් එක්ක කෑම දෙන එක නිසා අලි මැරෙනවා කියන එක මම මුලින්ම කිව්වේ 2011 දී උඩවලවේ අලින්ට කෑම දෙන එකක් දැකලා. වනජීවී එකෙන් ඊට පස්සෙ තිබෙන අලි වැටට අමතරව තවත් අලි වැටක් ඉදිකලා වල් අලින්ට සහ මිනිස්සු අතර තියන සම්බන්ධය අවම කරන්න. ඒක සාර්ථක උනා, අලින්ට කෑම දෙන්න අපහසුව නිසා මිනිස්සු කෑම දෙන එක අවම කලා. අලින්ට කෑම ලැබෙන එක අඩු උන නිසා උන් ආයෙත් පාරවල් අයිනේ හිගාකන එක නැවැත්තුවා.

මේ තියෙන්නේ මම ඒ ලියපු බ්ලොග් පෝස්ට් එක. ඒකත් කියවලා බලන්නකෝ, මීට අවුරුදු 6කට කලින් ලියපු එකක්.

අලියෙකු මරණ පව්කාර මිනිසෙකු දුටිමි..

මම හොයලා බැලුවා වනජීවී එකේ ඉන්න මගේ මිත්‍ර ඉහල නිලධාරි මහතෙක් ගෙන්. ඔවුන් විවිධ උත්සාහයක් දරලා තියනවා මේ අලියා යාල කැලයේ වෙනත් තැනකට යවන්න. ඒත් මේ අලිය නැවතත් මේ තැනට එක එක නතර කරන්න බැරි වෙලා තියනවා. ඒවගේම යාල කැලය මැදින් බුත්තල කතරගම මාර්ගය තියන නිසා උඩවලවේදි වගේ අලි වැටවල් ගහන්න බෑ පාර දෙපැත්තේම. මොකද අලි පාර හරහා කැලය තුල එහා මෙහා මාරුවෙන්න ඕනි නිසා. ඊට පස්සේ දැන් කරලා තියෙන්නේ පාර දෙපැත්තේ දිගටම “වන සතුන්ට කෑම දේමන් වලකින්න” කියල මේ අලියගේ රූප දාලා බෝඩ් දලා තියන එක.

හොදම වැඩේ කියන්නේ මේ අලියා තනියම නෙවෙයි දැන් හිගාකන්නේ. එයගේ පෙම්වතිය ඊට කිලෝමීරට 20ක් ඈතින් 53-55 කිලෝමීටර් කණුව අතර හිගාකන්න පුරුදු කරලා තමයි එයාගේ වැඩේ කරන්නේ.

මේ බ්ලොග් පොස්ට් එක කියව්න ඔයාලට කරන්න පුලුවන් ලොකූ උදව්වක් තියනවා. ඔයලා යාල හෝ කතරගම යනවානම් මේ පාරේ ඉන්න අලි දෙන්නාට කෑම දෙන්න එපා. ඒවගේම අනිත් අයවත් දැනුවත් කරන්න මෙහෙම කෑම දෙන්න ගියාම ඒ අය කරන විනාශය.

මේක යාල ඉන්න අලි හිගන්නො දෙන්නාට විතරක් නෙවෙයි. කැලෑවල් වල ඉන්න කිසිම සතෙක් ට කෑම දෙන්න එපා. ඒක යාල සහ අනිත් කැලෑවල් වල ඉන්න අලි, හෝර්ටන් වල ඉන්න ගෝන්නු වගේ හැම සතෙක්ටම පොදුයි. ඔයලත් මේ සතුන් අනාගත පරපුරට රැකදෙන්න එකතුවෙන්න.

Me and me


​උබලා හැමදාම දැකපු සහ දකින මගේ සිනහව ඇතුලේ කවදාවත් මම විදපු මම විදින දුක් පෙන්නුවේ නෑ….
ඒවෙනුවට හැමදාමත් මම කලේ මටත් වඩා දුක් විදින තව එකෙක්ව සතුටින් තියන්න උත්සාහ කරපු එක.
හෙට මැරෙයිද කියලා නොදන්න ජීවිතයේ ඉන්න තත්පරයක් ගානෙ ජීවිතය විදිනවා මිසක විදවන්නේ නෑ මම.
පැමිණි දුක් පැනි රසක් කරගත් මට තිත්ත දැනෙන්නේ නැති විම සතුටක්

ටෝස්ට් පාන්


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

“මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී ” ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

“දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ”

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

“ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් ” යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.

 

උපුටාගැනීමකි

ජීවිතය ගැන


ජීවිතය ගැන ,
ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්,
ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්,
ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්,
ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්,
ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්,
ජීවිතය පුරාවටම තාමත්,
ජීවත් වෙන්න වෙරදරනවා,
ඒ වෙන කවුරුවත් නෙවෙයි,

……………………