සමන් එදිරිමුණි උබ මිනීමරුවෙක්


කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෙක් වෙනුවෙන් ගහගන්න පටන් ගත්තේ දෙවෙනි ඉනිම එකේ වලිය දැක්කාට පසුවය. ඊට කලින් මේ රටේ කොල්ලන් කෙල්ලන් කෙල්ලන් නිසා ගහගෙනම නැත.

මාතර මිණීමැරුමට මුල් ම චූදිතයා සමන් එදිරිමුණිය. අනේ බං එදිරි මොන රෙද්දකට උබ දෙවෙනි ඉනිම නාට්ටියේ වලියක් නිර්මාණය කලාදැයි මට නොතේරේ. දැන් උබ නිසා මාතර කොල්ලෙක් මියගොස් ඇත. බුකියේ උසාවිය නඩු අසා අර මිනීමරුවෙක් වූ කොල්ලා නිදොස්කොට නිදහස් කර ඇති අතර උබ එල්ලුම්ගස් නියම කොට ඇත.

නිකන් අතපය විසිකරගන්නා වලියක් නාටියට දැම්මේ උබගේ හැකියාවට නොව වාසනාවකට වන්නට පුළුවන්. උබ නිකමට වගේ දෙමල චිත්‍රපටයක් බලා ඒ විදිහට කඩු, පිහි, පොලු, පිස්තෝල එක්ක නාට්ටියේ වලිය ලිව්වානම් මේ වනවිට මුලු මාතරම මලගෙවල් 25-30ක් වෙන්නට පුළුවන්.

මීට පස්සේ උබ නාට්ටියක් ලියද්දි වලි දාන්න එපා. පුළුවන් තරම් ආගම දහමට බරව ලියන්න.සමල්කා මෙහෙනියක් වූවා මෙන් හැමෝම සසර ගමන කලකිරී සාසන ගත වෙන්නට ආසාවක් ඇතිවෙන විදිහට ලියන්න. මහන වෙන්න ආසා අය මහන වෙයි, බැරි අය හතර පෝයට සිල් ගන්න, බොදු පිලිවෙතින් ජීවත් වෙන පන්සිල් රකින යහපත් දරුවන් පිරිසක් බිහිවීමට එය හේතුවනු ඇත.

මචන් එදිරි උබ ලියූ සිදූ නාට්ටියෙන් උබ අයින් වෙච්ච එක හොදය. මොකද නැත්නම් මේ රටේ නිදන් හාරන පුරාවිද්‍යා ස්තාන වනසන හැටියට උබට ඒවාටත් වරද බාරගන්නට සිදුවේවි.

මේ රටේ කොල්ලන් නාස්තිවී ඇත්තේ රට්ටු කියන විදිහට උබ ලියන දෙවෙනි ඉනිම නිසාය.

මාතර ප්‍රදේශයේ උසස් පෙළ සිසුවෙක් විසින් තවත් සිසුවෙක් පිහියෙන් ඇන ඝාතනය කරන ලද අනුවේදනීය පුවත ආසන්නතම සිදූවීමයි.

නමුත් උබ දෙවෙනි ඉනිම ලියන බව දැනගෙනදෝ උබගේ ජීවිත කාලය තුල කොල්ලන් ගහමරා ගන්නේ කිසි හිරිකිතයකින් තොරවය. වාසනාවකට මෙන් වැඩිපුරම ගහ ගන්නේ කොලබ පාසල්වලය කොල්ලන් විසින් තවත් කෙල්ලෙක් අරබයාය. කොලබ පාරවල් වහගෙන වාහන වල, කඩවල් වල වීදුරු කඩා දමමින් සියගණන් එකට ගහගන්නේ උබගේ වැරදි ආදර්ශය නිසායි.

නමුත් ඒ වලි වලදී එකෙක් වත් මැරුනේ නැත. උබගේ දෙවෙනි ඉනිම ගැන දැනගෙනදො පාසල් ලමයි පිහි ඇනුම්, මිනීමැරුම් වලට උබගේ ජීවිත කාලයතුල යොමු වූ අවස්තා Sahan Kaseera Wickramasinghe ලියු ලිපියක මෙසේ ලියා ඇත.

“2002 වර්ෂය ය. සබරගමු පළාත ය. රත්නපුර කිරිඇල්ල මහා විද්‍යාලය ය. උසස්පෙළ සිසුවියක වූ දුල්මිණි ඉරෝෂිකාට පාසල් බිම තුළදීම පිහියෙන් ඇණ මරා දමන්නේ එම පාසලේ ඇගේම වයසේ ශිෂ්‍ය නායකයෙකු වන ජයතිලක නම් සිසුවාය. මරා දැමීමට හේතුව වූයේ සිසුවිය විසින් පෙම් ඇරියුම ප්‍රතික්ෂේප කිරීමය.

1999 වර්ෂය ය. බස්නාහිර පළාත ය. කළුතර දිස්ත්‍රික්කය ය. කුරුළු පිහාටු දෙන්නට අඬ ගසාගෙන ගිය මුතුමිණ සදීප ලක්ෂාන් නම් අට හැවිරිදි පාසල් සිසුවා කප්පම් ඉල්ලා ඝාතනය කරන්නේ ලක්ෂාන්ගේ ගෙදරට ගෙවල් දෙකකට ඔබ්බෙන් සිටි තරුණයෙකි.

1998 වසර ය. බස්නාහිර පළාත ය. එඬේරමුල්ල ය. එවකට බාල වයස්කරුවෙක් වූ බැවින් නම සඳහන් කළ නොහැකිය. හදිසියේ මුළු නිවසම ගිනිගෙන මව , පියා සහ සහෝදරිය පිළිස්සී මිය යන විට ඉතිරි වූ දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. පෙට්‍රල් යොදා ගිනි තබා ඇත්තේ එම දරුවා විසින්ම බව පසුව හෙළි විණ. හේතුව වූයේ වෙනත් කුලී නිවෙසකට මාරු වන්නට වැඩිහිටියන් ගත් තීරණය ය. එමගින් තමා සමග සමකාමී ඇසුරක් පවත්වාගෙන ගිය අසල්වාසී වැඩිහිටියා අහිමි වේ යැයි සිතූ බාලවයස්කරුවා නිවැසියන් ඝාතනය කරන්නේ කාත් කවුරුත් නැති වූ පසු තමාට එම වැඩිහිටියා ළඟ නතර වීමට හැකි වේය යන බොළඳ සිතිවිල්ල මත ය.

එමෙන්ම ; උසස් පෙළට පැමිණි නවක සිසුවා නවක වධයේ දී මියැදෙන්නේ ද , නැගණියගේ පෙම්වතාව ඇයගේ වැඩිමහළු සහෝදරයා විසින් පාසල ඉදිරියේදීම කෑලි කපා මරා දමන්නේ ද අපේ කාලයේ ය. වැඩිහිටියන්ගේ ඉඩම් ආරවුලක් සිතට ගෙන පැය කීපයක් මුළුල්ලේ රැක සිට ඉදිරිපස නිවසේ සිව් දෙනාම කපා මරා පැමිණ නිවසේ බූරු ඇඳේ නිදා සිටි දහසය හැවිරිදි සිසුවා ද සිටියේ අපේ යුගයේ ය.

– සහන් කසීර වික්‍රමසිංහ -”

සහන්ට කොහුවල ශාක්‍යා මිනීමැරුමත් අමත වෙලා නොව ලියන්නට ගියොත් තව බරගානක් ලියන්නට වෙන නිසා උදාහරණ කීපයක් දී ඇත. මේවාටත් වගකිවයුත්තේ උබ බව බුකියේ විනිසුරුවරුන් තීන්දුව අරන් ඇත. දැන් උබට ගොඩ යාමක් නැත.

දඩුවම් ලැබෙනතුරු මින් මත්තට ලියන නාටියක් බොදු බැතිය ඉතිරෙන, සමජීවත්වීම, එකිනෙකාට උපකාර කිරීම, ආදරය, සාමය,සහජීවනය ගැන කියවෙන ඉන්දියානු ටෙලිනාට්‍ය ආදර්ශයට ගෙන ලියන්න.

මම රෝහණ කේ අමරකෝන්

Advertisements

රැල්ලට ගස් හිටවන්න කලින් පොඩ්ඩක් පරිසරය ගැන හිතලා බලමු


මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ප්‍රතිරෝපණය, විශේශයෙන් විල්පත්තුවේ ප්‍රතිරෝපණය ගැන Udaya Dewamulle සර්ගේ ඉල්ලීම මත සිදු කරන මේ ක්ශේස්ත්‍රයේ විද්වතුන්ගේ අදහස් එකතු කිරීමක්.

පලමු කාරණය, ලංකාව සහ ඉන්දියාවේ දකුණු ප්‍රදේශය ආසියාවේ bio hotspot එකක්. ඒ කියන්නේ ජීවී විවිධත්වය, ආවේණික ජීවී විශේශ අදික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඒ විවිධත්වයට හානි සිදුවන ප්‍රදේශයක්. ඒ හේතුව නිසා අපිට කරන්නන් වාලේ කිසිම වෙනස්කමක් පරිසර පද්දතියකට සිදුකර නොහැකි…

ලංකාව ප්‍රදානව කලාප තුනකට බෙදෙනවා, තෙත්, වියලි සහ අතරමැදි කියලා. ඒ ඒ කලාප වල ලක්ශන වෙනස්, ශාක විශේශ, ආවේණික විශේශ වෙනස්. අවුරුදු මිලියන ගනනක් තිස්සේ ස්වභාවික වරණයට ලක්වෙමින් තමා අද තත්වයට පත්වෙලා තියෙන්නේ. වන විනාශය කියන්නෙ මිනිස් බලපෑමක් වගේම නැවත වනාන්තර සිටුවීමත් එවැනිම ක්‍රියාවලියක්.

දෙවනුව, පොදුවේ විද්‍යාත්මක පසුබිම බලන විට, පරිසරය පද්ධතියක් සංවේදි, ඒ නිසා හායනයට ළක්ද් වූ පරිසර පද්ධතියක් පුනුරුත්තාපනය කරනකොට විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරන එක වඩාත් වැදගත්. වනහරනයක් වූ තැනක ගස් සිට වූ පමණින් වනාන්තරයක් වෙන්නෙ නෑ. වසර තුන් හාරසියකින් පසු සංකීර්ණ ස්ථීර වනාන්තරයක් බවට පත් වෙන්න කාලයක් යනවා. ඒ නිසා මූලික අවස්ථාවේදි නිසි අධ්‍යයනකින් පසුව ප්‍රතිරෝපණය කරලා ශාක ස්ථාවර වන තුරු වසර ගණනාවක් අවධානය යොමු කරන්න ඕන.

ප්‍රතිරෝපණ ප්‍රදේශයේ පරිසරයේ භෟතික ලක්ෂණ,ජීවී විශේශ, පසේ ස්වභාවය, පසේ රසායානික ලක්ෂණ වගේ දේවල්, දේශගුණික ලක්ෂණ අධ්‍යනයේදී වර්ෂාපතන රටාවන්ගෙ ක්‍රියාකාරිත්වය පිළිබදව නිසි අධ්‍යනයක් කරන්න වෙනාවා. ඊළගට එන්න පුලුවන් අන්තර් මෝසමක් පමණක් ඉළක්ක කරමින් ප්‍රති රෝපණය කිරීම සුදුසු නෑ.

අනෙක් කාරණය රක්ෂිත ප්‍රදේශයට පවතින දුර ආසන්න බව වගේ සාධක සළකා බැලීම වැදගත්. ඒ අනුව ඒ පරිසර පද්ධතියේ සංවේදී බව හදුනා ගනිමීන්, පවතින ජීව ප්‍රජාවට හානී නොවන ආකාරයෙන්, පවතින ශාක විශේෂ වලට සමන්තරව, නිරෝගී ශාක තෝරා ගනිමින් වැඩ සටහන ක්‍රියාත්මක කළ යුතු අතර එය දීර්ඝ කාලීන වැඩසටහනක් ලෙස වගකීමකින් හා වගවීමකින් යුතුව නිසි අධීක්ෂණයකින් සිදු කළ යුතුයි.

විල්පත්තුව සහ කුඹුක් ගත්තොත්,
කුඹුක් කියන්නේ ජල මූලාශ, ගංගා වැව් අමුණු ආශ්‍රිතව වැවෙන විශේශයක්. විල්පත්තුව පරිසර පද්දතියට වගේම කදුකර වනාන්තර ගත්තත් කුඹුක් කියන්නේ නොගැලපෙන ශාක විශේශක්. විල්පත්තුව විල්ලුවක් නිසා එහි වැඩි වශයෙන් තියෙන්නේ තෘණ වර්ග. විශාල වශයෙන් ශාක නැහැ. ඒ පරිසරික දේශගුණික සාදක වලට අනුවයි ඒ ඒ පරිසර පද්දතියක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ පරිසර පද්දතියකට නොගැලපෙන ශාක විශේශයක් හදුන්වා දෙනවා කියන්නේ එක්තරා ආකාරයකට ඒ පරිසර පද්දතියේ ජීවී විවිධත්වයට හානි කිරීමක්. කදුකර ජල පෝශක වනාන්තරයක හෝ බෆර් සෝන් එකක කුඹුක් සිටුවීම කිසිසේත් නොකල යුත්තක්. කුඹුක් ජල මූලාශ ආශ්‍රිතව හොදින් වර්දනය වන නිසා එය අනෙකුත් කදුකර ශාක සහ ආවේනික ශාක සමග තරග කර ආක්‍රමණික තත්වයක් දක්වා වර්දනය වීමේ හැකියාවක් තියෙන්වා. එවිට ඒ සම්පූර්ණ පද්දතියේම විනාශයට, ජීවීන් නශ්ට වීමට දේශගුණික විපර්‍යාස වලට ඒක හේතු වෙන්න පුලුවන්.

විල්පත්තු විල්ලුවක් නිසා වැඩි හරියක් තියෙන්නේ තෘණ භූමි. ඒ තෘණ භුමි තමයි අලි ඇතුළු විශාල සත්ව ප්‍රජාවකගේ අහාර සපයන්නේ. ඒවායේ විශාල ගස් වැවූනොත් ඉර එලිය බිමට පතිත වෙන එක අඩු වෙලා තෘණ වැවෙන එක අඩු වෙනවා. එහෙම උනොත් තෘණ බුදින සත්තුන්ගේ (primary consumers) ගහණය විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. primary consmers ලා අඩු උනාම ඊට ඉහලින් trophic level එකේ ඉන්න සත්තුන්ට අහාර හිඟ වෙනවා.
එහෙම උනොත් හාවා, මුවා ගේ සිට අලියා කොටියා දක්වා සත්තුන්ට බලපෑමක් වෙනවා.

කුඹුක් ගස් 2000 ක් නිසා අහිමි වෙන තෘණ භුමි ප්‍රමාණය කොච්චරද? සහ ඒ තෘණ භුමි වලින් සපයන අහාර ප්‍රමාණය කොච්චරද? ඒ නිසා බලපෑමට ලක්වෙන සත්තු වර්ග සහ ප්‍රමාණය කොච්චර ද කියන දේවල් සලකලා බලන්න ඕන.

අනික, විල්පත්තුව ඇතුළත ගස් 2000ක් හිටේව්වට ඒවා එකක්වත් වැවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි.
සාමාන්‍යයෙන් කැලයක් තුළ තියෙන කුඹුක් ගසකින් ඇට ලක්ෂයක් විතර වැටෙනවා.එහෙත් පැළ වෙන්නේ එකක් දෙකක්.එක තමයි ස්වභාවික ක්‍රමවේද ය.එයට විවිධ දේ බලපානවා. විල්ලුවක් ජලජ පරිසර පද්ධතියක්. සරලවම කියනවා නම් එහි වැඩිපුර ඉන්නේ ජලජ හා අර්ධ ජලාබුද ජිවීන්. ජලජ පක්ෂින්. ඇතැම්විට එම ජලජ පක්ෂින් සිය ගණනක් එහි ලැඟුම් ගන්නවා. ඔවුන් විල්ලුවලට එන්නේ විශේෂ තත්ත්ව නිසා. ඒනිසා මෙවැනි අත්හදා බැලීම් මෙවැනි කලාපවල කිරීම අවශ්‍ය නැහැ.

විල්ලුවලත් ගස් තිබෙන ස්ථානවලත් දරා ගත හැකි ගස් ධාරිතාවක් තියෙනවා.ඒනිසා එය අපට අවශ්‍ය ලෙස වෙනස් කරන්න බැහැ.මෙහිදි වෙන්නේ මේ කුඹුක් ගස් 2000න් ඉතාම වැඩි ප්‍රතිශතයක් මිය යාම.පසුවිපරම් කිරීම අපහසු නිසා මේ තත්ත්වය තවත් ප්‍රබල වෙනවා.එක තමයි වනයේ නිතිය.
අනිත් කාරණය විනාශ නොවුණු වනයක් ඇතුළත ඇයි ගස් සිටුවන්නේ.විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුළතම තියෙනවා ප්‍රදේශ කිහිපයක්,මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වු.එහෙත් එම ප්‍රදේශවලත් මුල් අවස්ථාවේ තිබුනේ පතන් වනාන්තර.

විල්පත්තු ජාතික වනෝද්‍යානය ස්වභාවික පරිසර පද්ධතියක් නිසා ඒකේ ස්වභාවික චක්‍රයට අත පොවන එක හොඳ වැඩක් නෙමෙයි. පුලුවන්නම් ඔය ගස් හිටවන වැඩේ රිෂාඩ් බදුර්දීන් විසින් කපල දාපු විලත්තයිකුලම්, විල්පත්තුවේ ප්‍රේරක කලාපයේ හා අරැවක්කාලු ප්‍රදේශයේ ගස් සිටු විය හැකි සිටුවිය යුතු ස්ථාන ගණනාවක්ම තියෙනවා. ඒ නිසා එවැනි තැනක් බැලිය හැකි නම් වඩා වැදගත්….

ඒ ගැන දැනුවත් සංවිදාන හෝ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා යමක් කරන්න උත්සාහ ගන්න. මොකද යමක් නොකරනවාට වඩා කරන එක හොද නිසා. නමුත් අවබෝධයක් සහිතව එය කලයුතුමයි නොඑසේනම් වෙන්නේ අවැඩක්. #අපි_කල_යුතු_හොදම_දේ_හරි_විදියට_කරමු.

(මුලාශ්‍ර :- සුරකිමු ශ්‍රි ලංකා සංවිදානය.)

එල්ලා මැරීම


දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි.

වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය.

“හලෝ යාළුවා ඔයාට කොහොමද”

එහා සිර කුටියේ සිටි සිරකරු අලුතින් මාරු උනු සිරකරුගෙන් ඇසුවේය.

අලුතින් මාරු උන සිරකරුවාට පුදුම සතුටක් දැනුනේය.

ඒ තමන්ගෙ අවසාන දින කිහිපයේ හරි කතා කරන්නට කෙනෙක් හමුවීම ගැනය.

මෙලෙස මේ දෙදෙනා ඔවුන්ගේ විස්තර කතා කලහ.

කල වැරදි පාපොච්චාරණය කලහ.

” මට ඔබවත් කතා කරන්න හම්බුණ එක හොඳයි,
වසර 10කින් මං ඉර එලියක් දැකල නෑ,
හැමදාම හිටියේ අඳුරු කාමරවලමයි, වෙලාවක්වත් හරියට මං දන්නෑ”

මාරුවුණ සිරකරුවා එසේ පැවසීය.

“මගෙ සිර කුටියේ තියෙනව පොඩි සිදුරක්,
මට මේකෙන් පුලුවන් බලන්න පිටත ලෝකය.
දුක් වෙන්න එපා මිත්‍රයා මං ඔබට මේකෙන් බලල මං දකින දේ කියන්නම්”

පරණ සිරකරු අලුත් සිරකරුට පිළිතුරු දුන්නේය.

“සුභ උදෑසනක් මිත්‍රයා,
දැං උදේ 6ට විතර ඇති,
පුංචි ලමයි දෙන්නෙක් ස්කෝලෙ යනවා,
ඈතින් ඉර පායාගෙන එනවා හරිම ලස්සනයි,
ඈත තියෙන අඹ ගහක කුරුල්ලෙක් අඹ ගෙඩියක් කනවා”

මෙලෙස පරණ සිරකරු ඔහු දකින දේවල් අලුත් සිරකරුවාට පවසන්නට විය.

අලුත් සිරකරු ඒ සියල්ල නොදුටුවත් ඔහු කියන දේවල් අසා සිතින් මවාගන්නට විය.

ඔහුට පුදුම සැහැල්ලුවක් දැනිනි.

“දැං රෑ වෙලා,
අද පෝය දවසක් ඈත කන්දෙන් හඳ ලස්සනට පේනව,
සුදු ඇඳගත්තු මිනිස්සු ඈතින් පන්සල් යනව පේනව”

ඒ එදින රාත්‍රියයි.

“අද නම් වැහි දවසක්,
මුලු අහසම අඳුරු කරල,
ආ ආ ඈතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කුඩයක් අස්සෙන් යනව තුරුල් වෙලා,
කෙල්ල රතුයි කහයි බෝල ගවුමක් ඇඳල”

ඒ දෙවැනි දිනයයි.

“මටත් මතක් වෙනවා ඉස්සර මං මගෙ ගෑණු ලමයත් එක්ක පාරවල් වල ඇවිදපු හැටි”

අලුත් සිරකරු පිළිතුරු දුන්නේය.

“අද නම් ස්කෝලෙ පොඩි ළමයි පෙරහැරක් යනව,
චූටි චූටි ළමයි මල් අරං කොඩි අරං පෝලිමට යනව හරිම ලස්සනයි මිත්‍රයා”

ඒ තෙවැනි දිනයි.

මෙලෙස පරණ සිරකරු තමන්
දකින සෑමදෙයක්ම අලුත් සිරකරුට පැවසුවේය.

අලුත් සිරකරු සියල්ල සිතින් වින්දේ පරණ සිරකරුට ස්තුති කරමිනි.

ඒ වසර ගණනාවක් නොදුටු ලෝකය ගැන අසා හෝ සතුටුවන්නට ඔහුට අවස්තාව ලැබුනු බැවිනි.

මේ ආකාරයෙන් හයවැනි දිනය උදාවිය.

අලුත් සිරකරු සිය මිතුරා ඇමතීය.

“යාලුවා ඔබට අද මොනවද පේන්නේ”

නමුත් පැරණි සිරකරුගෙන් පිලිතුරක් ලැබුනේ නැත.

ඒ නිසා ඔහු කෑම ගෙනත් දීමට පැමිණි ජේලර්වරයාට මෙසේ කීවේය.

“අසනීපයක්වත්ද එහා පැත්තේ සිරකරුවාට ඔහු කතාවත් කරන්නෑනේ”

“එයාව අද උදේ එල්ලල
මැරුවා”

ජේලර්වරයාගේ පිළිතුරෙන් සිරකරුවා අන්දමන්ද විය.

මන්ද පරණ සිරකරු එල්ලාමැරීමට නියම වූවෙක් බව ඔහු කිසිදා නොසිතීය.

“අනේ එහෙනම් මාව ඒ කුටියට දාන්න පුලුවන්ද”

ඔහු ජේලර්වරයාගෙන් ඉල්ලා සිටියේය.

“ඒ මොකටද”

” ඒ කුටියේ පොඩි සිදුරක් තියෙනවලු මට අද දවස විතරක්වත් ඉර එලියක් දැකගන්න ආසයි”

එසේ පවසා සිරකරු විසින් පහුගිය දවස් කිහිපයේ අනිත් සිරකරු පැවසූ දෑ ජේලර්වරයාට පැවසුවේය.

මෙය අසා සිටි ජේලර්වරයාගේ ඇස් වලින් කඳුලු කඩා වැටිනි.

” ඒ කුටියේ එහෙම සිදුරක් නෑ,
මේ සිරගෙදර තියෙන අපිරිසිදුම කුටිය ඒක,
ඒ වගේම ඒ හිටපු සිරකරුවගෙ ඇස් 02ම පේන්නෑ,
ඔහු කරල තියෙන්නේ අවුරුදු ගනනකින් ඔබ වටපිටාව දැකල නෑ කීව නිසා ඔබේ හිත හදන එක,”

………………………………………………………………………………

මොහොතක් සිතන්න.

අපිට ජීවිත කාලය තුලදී තමන්ගේම අයගේ සතුට වෙනුවෙන් යමක් කිරීමට කොපමණ අවස්තා ලැබී තිබෙනවාද?

නමුත් අපි ඒ අතරින් උත්සහ කර ඇත්තේ කීවතාවක්ද?

එසේනම් අන් අය,පිට මිනිසුන් ගැන කවර කතාද?

කෙනෙකුගේ සිතක් හැදීමට ඔහුගේ දැනහැදුනුම්කම් වලින් වැඩක් නැත.

වැදගත් වන්නේ අපිට පුලුවන්කම තිබියදීත් එය කලාද නැද්ද යන්නයි.

එය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව තම ආත්ම තෘප්තිය වෙනුවෙනි.

තවකෙකුට උදව්කිරීම යනු මුදල්ම නොවේ.

ඔබෙන් ලැබෙන එක සිනහවක්,එක වචනයක් තවකෙකුට ඒ මොහොතේ වටිනාම දෙය විය හැකිය.

ඔව් අපි සබරේ අම්බානකට රැග් උනෙමු


ඔව් අපි සබරේ අම්බානකට රැග් උනෙමු

හොස්ටල් වෙනුවට ගමේ කුකුල්කූඩු වැනි පොඩි ගෙවල් වල එකෙකුට හැරෙන්නට මදි කාමරයේ 4ක් ජීවත්වී රැග් උනෙමු

හැතැම්ම 2-3 ඈත් හොස්ටල්වල සිට බස් නැති පාරවල්වල ගාටමින් ලෙක්චර් එන්නට රැග් උනෙමු

වතුර නැතිකාලයට හොස්ටල් එකට දවස් දෙකකට සැරයක් වතුර බවුසරය එනතුරු නාන්නට රෙදි හෝදන්නට පමනක් නොව පුක හෝදන්නට වතුර එන තුරු බලා සිට රැග් උනෙමු

සමනල වැව විදුලි බලාගාරය හදන්නට පැමිනි විදේශිකයන් ඉදිකල 20-25 ක් ඉන්නට හැකි කුඩා ශාලාවල 60-70ක් ගාල්වී අම්බානකට රැග් උනෙමු

ලෙක්චර් කරන්නට ගුරුවරු නැතිකොට මාස ගනන් ලෙක්චර් හෝල් එකට ගොස් හැරී ඇවිත් රැග් උනෙමු

Visiting Lecturer කෙනෙක් ආ දවසට ලෑලි පුටුවේ පැය 10-12 එක දිගට ඉදගෙන රැග් උනෙමු

කැන්ටිම වැසූ දවසට ගමේ කඩෙන් දෙගුණයක් මුදල් දී කෑම අරගෙන ගන්නට බැරිඋන් එක්ක එක පත බෙදාගෙන කා රැග් උනෙමු.

කැම්පස් එකට පහසුකම් ලබාදෙන්න කියා ඉල්ලමින් පිකටින් කර අව්වේ වැස්සේ අම්බානකට රැග් උනෙමු

කැම්පස් එකට සමත් උනත් දුර නිසා එන්න බැහැකියන, පහසුකම් නෑ කියා එන්න බැහැ කියන එවුන් වෙනුවෙන් පලාතෙන් පලාතට ගොස් වැඩමුළු පවත්වා උන් කොහොමහරි කැම්පස් ගෙන්නා ගන්නට අතේ පිච්චිය වියදම් කරගෙන රැග් උනෙමු

සාමාන්‍ය පෙල උසස්පෙල විභාගයන්ට දුශ්කර පාසල් වලට ගොස් සම්මන්ත්‍රණ පවත්වා උන්ට විභාගය ගොඩයන්නට උදව්කරන්න අම්බානකට රැග් උනෙමු

ආර්ථික අපහසුතා ඇති සහෝදර සිසුන්ට ඉගෙනගන්නට මහපොලට අමතරව මුදලක් ලබා දෙන්නට, කලා උලෙලවල් කරන්නට කැට හොල්ලමින් පාරේ රැග් උනෙමු

උපාධිය ලබාගත් පසු රස්සා හොයන්නට ගියාම සබරේ කියූ පමනින් අපිව reject කරන ආයතනවලට අපේ හැකියාව සහ දැනුම කුමක්දැයි පෙන්වා අමාරුවෙන් රස්සාවක් හොයාගන්නට අම්බානකට රැග් උනෙමු

රස්සාවක් හොයාගත් පසු අපේ හැකියාව පෙන්වා අපේ පොඩි උන්ටත් අපේ ආයතනවලට උන්ටත් තැනක් ලබාදෙන්න රැග් උනෙමු

එහෙව් රැග්වූ අපිට අලුතෙන් කැම්පස් එකට එන එකාට අලුතෙන් රැග් දෙන්නට ඇවැසි නැත. මොකද එන එකාටත් අපි රැග්වූ තරමටම නැතත් ඊට පොඩ්ඩක් අඩුවෙන් වත් අපි රැග්වූ දේටම රැග් වෙන්නට වන බව අප දන්නා නිසාය.

මහාලොකුවට රැග් ගැන අද කතාකරන සමහර අය අපිට අම්බානකට ආණ්ඩු, පරිපාලනය රැග් කරද්දී කොයි ලෝකයේ සිටියාදැයි අපිත් හොයන්නෙමු.

අපි රැග් උනෙමු ඒත් ඒක ඉවරය සබරේ ඉන්න උන් තාමත් රැග් වෙති.

ලංකාව දැන් දකුණු ඉන්දියාවේ කොටසක්


ඉස්පිරිතාලෙදි ලෙඩෙක් මැරුනම දොස්තරට පොල්ලෙන් ගහල ඉස්පිරිතාලෙ කුඩුකරනවා
===================================
තහනම් දැල් දාලා මත්ස්‍ය සම්පත වනසන උන්ව අල්ලගත්තම වනජීවී නිලධාරීන්ට ගුටි දීලා වනජීවී කන්තෝරුව කුඩු කරනවා
===================================
දුම්රිය සේවකයො වර්ජනයක් කලාම උන්ට වටකරල ගහන්න පන්නලා ස්ටේෂන් ටික කුඩු කරනවා
===================================
ඉස්කෝලෙ ගුරුවරයෙක් ලමයෙක්ට පාරක් ගැහුවම ගුරුවරයගෙ කන පලලා ඉස්කෝලෙ කුඩු කරනවා
===================================
පුරාවිද්‍යා එකේ නිලධාරීන් ගිහින් පුරාවිද්‍යා ස්ථාන වනසන උන්ව නීතියේ රැහැනට අල්ල ගන්න ගියාම ඒ නිලධාරීන්ට බඩකට පුරා නෙලලා පුරාවිද්‍යා කන්තෝරුව කුඩු කරනවා
===================================
ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ගිහින් අනවසර ගල් කොරියක්,අනවසර ඉදිකිරීමක්,අනවසර පතල් කැනීමක්,⁣අනවසරයෙන් සිදුකෙරෙන මොන යම් දෙයක් හරි නතර කලොත් ප්‍රාදේශීය ලේකම්ට ගුටි ඇනලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ කුඩු කරනවා
====================================

මේ ඔක්කොම කරලා එක්කො මේවා කරනකම් දැක්කෙ නෑ වගේ සද්ද නැතිව ඉඳලා අන්තිමේ පලුයන්ඩ බනිනවා “මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ” කියලා..

“ලංකාව දැන් දැන් දකුණු ඉන්දියාවෙ කොටසක් බවට පත්වෙන ලකුණු පහල වෙනවා” කියනවට වඩා “ලංකාව දැන් දකුණු ඉන්දියාවේ කොටසක්” කියල කියන එක තමා වඩාත් නිවැරදි..

නීතිය විසින් ජනතාව පාලනය කරනවා වෙනුවට ජනතාව විසින් නීතිය පාලනය කරන රටවල් වලට අත්වෙලා තියන කාලකණ්ණි,
දුක්ඛිත,මරණීය ඉරණම ඉන්දියන් සාගරයේ මුතු ඇටයටත් සිද්ධ වෙන්ට වැඩි කාලයක් නෑ…

උපුටාගැනීම -මාලින්ද ඩයස්-

ශ්‍රී ලංකා මෝසම් බහුත් අච්චා


ශ්‍රී ලංකා මෝසම් බහුත් අච්චා … මෝසම් ම්ම්ම් ම්ම්ම් ගූ…ඩ්

අගනුවරට ආසන්න නගරයක අඩක් නිමකොට ඇති , යම් හේතුවක් නිසා ඉතිරි වැඩ නැවැතී ඇති අට මහල් බිල්ඩිමකි.

මම ඒ නගරයේ පදිංචි වී සිටි කාලයේද දැන් ද ඒ ඉදිරිපිට යන හැම විටම මේ ගොඩනැගිල්ල දෙස අපරාදේ කියා බලමින් යමි.
මෑතක එහි යම් වෙනසක් දුටිමි.
පහල පෙර සේම ටකරං ලෑලි වලින් අවුරා ඇති මුත් ඉහල මහල් වල මෙට්ට තොග ගොඩ ගසා ඇත. හපුටු පාට ෂර්ට්, කලිසම් සිය ගානක් සෝදා වැල් වැල් එල්ලෙමින් තිබේ.
වසර ගානක් වසා දමා තිබූ මෙතන සිදුවූ වෙනස කුමක් ද ? අසම්මත නීති විරෝධී වැඩ කරන අය රහසේ එකතු වීමට මෙතන තෝර ගෙනද ? ඒත් එලිපිට ඇඳුම් එල්ලලා ?

වෙන දා නැති මුර කරුවෙක් ද ටකරං දොරක්ද විය.

ඒ අවට කොහොමත් කාලය මිඩංගු කිරීමට සිදුව තිබූ බැවින් මා ඔහුට කිට්ටු කළෙමි.

මම : “කවුද මෙතන ඉන්නේ ? මේක හදන එක නැවතිල නේද තිබුනේ ?”

ඔහු: “මේක XX කොම්පැණිය බෝඩිම ට අරන්. මේකෙ 250 ක් 300 ක් දෙනා නිදා ගන්න ව . රෑට මේක පිරෙනව.
ඔක්කොම කොළඹ උස බිල්ඩිම්, අැලවෙන බිල්ඩිං වල වැඩ කරන අය. ඔක්කොම අරන් එන්නේ ඉන් දියාවෙන්.
කට්ටියක් යන කොට තව අය එනව. ”

“අර මෙට්ට ගොඩගහල ඇයි ? ”
” ඒ තව එනවලු , උන්ට නිදා ගන්න දෙන්න ගෙනැත් දැම්මා කොම්පනියෙන්. කෑම ඔක්කොම කොම් පැනියෙන් දෙනව. ඕටී දෙනව. ඇත්තදාක් විතර අම්බ වෙනවලු.
ඕටී එක්ක 80 ක් විතර ගෙවනව ලු. ”

මෙවිට එතැනට විත් මඳ හිනාවක් දමා වාඩි වූයේ ටිපිකල් ඉන්දියන් මූනක් ඇති එකෙකි. (මූන දැක්ක ගමන් අඳුන ගන්න පුලුවන් බව මැද පෙරදිග ටික කලක් හෝ ගත කල අය දන්නවනේ. )

මුරකරු: “මෙයා මෙ අද ඕටී කරන්නෙ නැතුව ඇවිත්. ”

මිනිහා මා දිහා බලා ඉන්නව. මම ඇහුවා “ශ්‍රි ලංකා ගුඩ් ? ”
මුරකරු: “මේ ගොල්ල සිංහල ඉංග්‍රිසි දන්නේ නෑ. හින් දි විතරයි.”

ඔහු: සලරි නෝ ගුඩ් ශ්‍රී ලංකා මෝසම් ගූඩ් මෝසම් ගූඩ්
මම “මෝසම් ගුඩ් ? ” (මොකක්ද ඒ ? )

ඔහු:”මෙන් සවුදි වර්ක් කරො, කටර් වර්ක් කරො හෝට් හෝට් ඉන් දියා ගුජරාටි හෝට්…. ශ්‍රි ලංකා මෝසම් ගූඩ් ගූඩ් අච්චා ” කියමින් අතින් පවන් සලයි.
“ලයික් ස්‍රි ලංකා මෝසම් ලයික් ගූඩ් , ශ්‍රි ලංකා මෝසම් ගූඩ් …”

(සවුදි වලසේවය කළා, කටාර් හිටියා එහේ රස්නෙයි. තමන් ගෙ ගුජරාටි වලත් උනුසුම. ලංකාවේ දේශගුණය සනීපයි. )
මම ඉතින් කල්පනා කරල කරල හින් දියෙන් මේ ‘මෝසම්’ කියන්නේ දෙශගුනේට බව මතක් කර ගත්ත.

එවර මුර කරු කියනව : “මෙයා හැම වෙලේම කියන්නේ ලංකාවේ දිගටම ඉන්න හිතෙනව. මෙහේ හරි සනීපයි කියා. වැඩ කරන්න ලේසියි ලු. වැඩ කරල ආවත් ඇඟට අමාරු නෑලු.”
( සාපේක්‍ෂව සනීපෙට ඉඳල කෑම , ඉන් දුම් හිටුම් දීලා රියාල්/ඩිරාම් වලින් ගත්තත් 1800 පන්නල ලැබෙනව නෙ. )

මමත් ඉතින් ලංකාවෙ අපිත් උඹලගෙ හින් දි දන්න බව පෙන්නන්න ඕන කියල ඇහුවා “තුම් හාර නාම් කියා හේ ”
“මේරා නාම් සුන්දර් බාජි අලි” හෙ.
තව කතාවට ගියොත් හිර වෙන නිසා එතනින් නැවැත්තුව.

මං අර මුර කරු ගෙන ඇහුවා , “මෙච්චර ගානක් ගෙවනව නම් ලංකාවෙ අය වැඩට යන්නේ ගන්නෙ නැද්ද … නැත්නම් යන්නෙ නැද්ද ? ”

ඔහු: “කොහෙද සර්… මෙහෙ කොල්ලො වීල් කට්ටක් ගන්නව ඒකෙ වාඩි වෙලා ඉන්නව. ඇඟ මහන් සි වෙන වැඩට යන්නෙ නෑ. අපේ උන් කම්මැලියි. ”

“කොහොමද සර් ඒකෙත් වැඩේ ? ”

මං: “අැයි ?”

“ඇයි සර්, ඉන් දියවෙ රුපියල් ලක්‍ෂයක් යන්නෙ නැතුව ඇති ඕන හදන්න. ටකරන් පෙට්ටියකට එන් ජිමක් තියල වගේනෙ.

ඊට පස්සේ මෙහාට එවනව එකට එකක් ලාබ තියන්. අපේ සල්ලි කෝටි ගානක් එහේ ට අදිනව. අවුරුදු 3 ක් 4 යන කොට දිරනව. තව ගේනව.

අපෙ උන් අම්ම අප්පගෙ දේවල් උගස් තියල හරි ලක්‍ෂ ගානක් දීල ගන්නව. අරන් ඒවගෙ වාඩි වෙලා ඉන්නව.
ඉතින් මෙහේ වැඩක් කරන්න මිනිස්සු නැති වෙනව. වෙන කරන්න දෙයක් නෑනේ ඔන්න ඒක නිසා දැන් ඉන් දියාවෙන් මිනිස්සුත් එවනව දාස් ගණන් ලංකාවෙ වැඩට. ඔය උස බිල්ඩින් ඇතුලේ ඔක්කොම වෙඩ කරන්නෙ ඒ මිනිස්සු.
උනුත් මෙහෙන් පඩි අරන් ඒවත් ඉන් දියාවට යවනව.
කොහොමද සර් ඒ වැඩේ ?

ඔන්න කුමන් ත්‍රණ. (ඔහු බුලත් විට කහට පිරුන දත් වලින් සිනාසෙයි)
ත්‍රී වීල් විකුණනව. ඒ නිසා වැඩට මිනිස්සු නැති උනා. දැන් මිනිස්සුත් එවනව.
සල්ලි දෙක දෙක එහේ යනව.”

මගේ ඇස් උඩ ගියා.
වතු ආශ්‍රිත පෙදෙසකින් ආ මේ දෙමළ මුරකරු තුමා ගේ දැක්ම කොහොමද ? ආර්තික උපාධියක් තබා නගර බද පාසලකවත් අද්‍යාපනය නොලබපු, උගත් යැයි සම්මත සමාජ ආශ්‍රයක් හෝ නැති මනුස්සය ගේ දැක්ම කෙතරම් පුලුල් ද ?
ඔහු මෙය කෙතරම් දුරට පුළුල් ව ඇනලයිස් කරලද ?

මට එවෙලේ එක වරම හිතුනේ මෙන්න මේ මනුසයා අපේ රටේ අගමැති වෙනව නම් දැන් ඉන්න එකාට වඩා දහස් වාරයක් රටට හොඳ වනු ඇති බවයි.

ඔහු තව දුරටත් කියනව :
“අපේ වතුවලත් දැන් ලමයි නෑ. කොල්ලො කොලඹ ශෙඩ් වල. කෙල්ලො මෙහේ සුපර් මාකට් වල වැඩ. සිංහල කොල්ල එක්ක යාලු වෙලා බැඳල මෙහෙම ඉන්නව. වත්තට යන්නෙ නෑ. පරන අය නාකි උනා මැරිල ගියාම වතු වලටත් තව ටික කලකින්ම ඉන් දියාවෙන් ගේන්න වෙනව ලක්‍ෂ ගානක්. එතකොට අපේ වතුවල ආදායමත් ඉන් දියාවට. ”

ඒ ඉදිකිරීම් සමාගම් ඉන් දීය ඒවා බවත් ඒ නිසා ඒ අයට ඕන නම් ලංකාවෙ අය ගන්නෙ නැතුව තමන් ගේ කම්කරුවන් ගේන්න අවසර තියෙන බවත් දැන ගැනීමට ලැබුණි.

උපුටාගැනීමකි