වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..


(1) ගෙදරින් පිටත්වීමට පෙර… ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න
(2) කලිසමේ සිප්එක දිහා බලන්න 😛
(3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න
(4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න
(5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න
(6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න
(7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි )
(8) ටවුමට ගිය පසු නෝනා බාරදුන්නු අනිවාර්ය රාජකාරි සියල්ලම කරාදැයි ලැයිස්තුව පිරික්සන්න
(9) 70ට වැඩිනම් තමන් ආසා කෑම බීම ඕනෑම එකක් පොඩි පාලනයක් ඇතුව කන්න
(10) තමන්ට ඇති දේපල තමන් මියගිය පසුව පමණක් අයිති වන ලෙස ළමයින්ට සාධාරණව බෙදා දෙන්න
(11) තමන් ඉතිරි කර ඇති මුදල්සියල්ලම දරුවන්ගේ වැඩ වලට වියදම් නොකරන්න (ඉතාම වැදගත්)
(12) ලොකු TV එකක් අරං තමන් කැමති දෙස් විදෙස් චිත්‍රපටි බලන්න, සංගීතයට සවන් දෙන්න පොත් කියවන්න. (ඩිප්රෙෂන් ලොවෙත් හැදෙන්නේ නැත, තනිකමක් දැනෙන්නෙත් නැත)
(13) හැකි තරම් පැරණි මිතුරන් හමුවන්න. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඇහුන්කම් දෙන්න
(14) දිනපතා ඇවිදින්න
(15) බයිසිකලයක් ගන්න කෙටි දුරවල් බයිසිකලයෙන් යන්න. එය (ඔබේ නම්බුවට බාධාවක් නොවේ)
(16) පාන්පිටි ආහාර ඔබට තහනම්ය. පාන්,බත් කොත්තු, පරාටා, ගෝදම්ඹරොටි, රෝල්ස්, මාළුපාන්, පේස්ට්‍රි,කේක්,අයිස්ක්‍රීම්, පැණිරස කැවිලි ජාති, කිඹුලා බනිස් කෑමෙන් සම්පූර්ණ යෙන්ම වැළකෙන්න. සීනි යනු භයානක වස වර්ගයකි. පාන්පිටි, බත් සහ අධික සීනිභාවිතය හෘද රෝග වලට මූලික හේතුවකි. බිත්තර, බේකන්, බටර් ඔබට කිසිසේත්ම අගුණ නැත. ඒවා නිසා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැත (නවතම පර්යේෂණ අනුව). ඒවා දිනපතා රසවිඳින්න. බිත්තර දැන් සැලකෙන්නේ සුපිරි ආහාරයක් වශයෙනි දිනපතා උදේට දෙකක් කෑවත් වරදක් නැත. මාගරීන් කන්න එපා.
(17) දවල් කෑමවේල සම්පූර්ණ යෙන්ම මග හරින්න. දවසෙම කොම්පියුටරෙයි ෆෝන් එකෙයි ලැගලා ඉන්න එකෙකුට බත් පිඟන් තුනක් හොඳටෝම වැඩිය. බඩ නෙරා එන්නේ ඒකය. බර වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑමවේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්ය. දවල්ට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තමන් කැමති පළතුරක් කන්න (පීප්ප වැනි බඩගෙඩියන්ට විශේෂයි). කෑම වේලේ ඇති බත්ප්‍රමාණය අඩුකර එළවළු,මාළු ප්‍රමාණය, වැඩිකරන්න. මෙසේකලොත් බඩගෙඩිය බලන් ඉද්දී අඩුවනු ඇත.
(18) ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත.
(21) තමන්ට විසඳීමට බැරි ප්‍රශ්ණ ගැන සිතමින් ලත නොවන්න. ගුප්තශාස්ත්‍ර පකීර්ලාට ඒවා විසඳාදිය නොහැකිය. ඒවා කාලය විසින් විසඳනු ඇත.
(22) දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න (වයසට යනවිට ආහාර වල ඇති විටමින් ශරීරයට උරාගැනීම අඩුවෙයි)
(23) මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting )
(24) රෑට මත්පැන් ඉතාම ස්වල්පයක් හෝ වයින් ටිකක් බොන්න. සුව නින්දක් ලැබෙනු ඇත (කණපැලෙන්න බොන්න එපා යකෝ).
25) දුම්බීමෙන් වලකින්න
(26) තමන්ගේ වැඩිහිටි දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න.
(27) මුණුපුරු මිණිපිරියන් සමග හැකිතරම් කාලයගතකරන්න. ඔබගේ ජීවන අත්දැකීම් ඔවුන්ට කියන්න. ඔවුන්ට ඒවායින් පාඩම් ඉගෙනගන්න කියන්න. ඔබේ දැණුම ගුරුමුෂ්ඨි ඔවුන්ට දෙන්න.. මේ සමාජයේ ඇති විෂඝෝර වනසතුන් වැනි මිනිසුන්ගෙන් බේරී ජීවත්වන අන්දම ඔවුන්ට කියාදෙන්න
(28) කිසිම කෙනෙකුට ණයට මුදල් නොදෙන්න. දේපල උගසට තබා බැංකුවලින් විශාල ණය ගෙන අවදානම් ආයෝජන නොකරන්න. එසේ කළහොත් අන්තිමට ඉන්නවෙන්නේ කොට්ටම්බා ගසක් යටය.
(29) වැඩකට නැති සමිති සමාගම් වලින් ඉවත්වන්න. ඉතාම සීමිත යහළුවන් නෑයින් කිහිපදෙනෙක් පමණක් ලඟින් ආශ්‍රය කරන්න. වැඩකට නැති හාල්පාරුවන් කපාහරින්න
(30)ආගමික අන්ධ බැතිමතුන් බුකියේ දේශපාලණ බයියන් සමග දීර්ඝ වාද වලට නොපැටලෙන්න. එල්ලී එල්ලී එනවිට අන්ෆ්රෙන්ඩ් කරන්න
(31) කිසිම දවසක නොගිය තැන් සහ අතීත මතක සැමරුම් ඇති තැන් බලන්නට යන්න. මුදල් යහමින් තිබේ නම් මේ යක්ෂ දූපතෙන් එලියට ගොස් සංචාරය කරමින් ජීවිතයේ ඉතිරි කොටස රස විඳින්න
## Some People Are Born Old ##
Dr. Sarath wimalasurya -(උපුටා ගැනීමකි )

Advertisements

නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී


මව් පදවිය අභිමුව සිටියදීත් රට වෙනුවෙන් කැප වූ වීර සෙබළියක්…

අදට වසර 24කට පෙර 1995 වසරේ කුරිරු යුද්ධයේ දරුණුම මොහොතක මමත් දුමින්ද දිසානායක සහෝදරයාත් ( වර්තමානයේ මාතලේ මහනගර සභාවේ සේවයේ නියුතු ) ත්‍රීකුණාමලය සිට මහසොරොව් වැව ගම්මානය බලා යතුරුපැදියෙන් පිටත් වුවේ අනාරක්‍ෂිත ගමක ජීවන සටහනක් ඉරිදා ලංකාදීප වෙනුවෙන් ලිවීමේ අපේක්‍ෂාවෙනි.

මොරවැව,ගෝමරන්කඩවල තෙක් කිලෝමීටර් හැටක් පමණ ගොස් තාවුල් වැව සිට මහසොරොව්වැව දක්වාවූ හැතැප්ම අටක ඝන කැලෑවක් මැදින් වූ අතිබිහිසුණු ගමන ගැන යම් චකිතයක් හිතේ මෝදුවෙමින් තිබුන අවස්ථාවක හදිසියේ මා නෙත ගැටුනේ “බඩ දරු අම්මා “කෙනෙකි. ඒ නිළ ඇදුමක් ලාගත් මොරවැව මාර්ගය අසළ බංකරයක රාජකාරි කරන නිළ දරුවෙකි. යතුරු පැදිය පසෙකින් නවතා ඇය හා දොඩමළු විය.

“ඔහොම රාජකාරි කරන්න අපහසු නැද්ද පුතේ?”

“මවු පදවිය කියන්නේ උතුම් දෙයක්.අද රට රකිනවා කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක්නේ… ”

(ප්‍රිය සබඳ මොහොතක් සිතන්න කුරිරු ත්‍රස්‌තවාදයෙන් මේ රට මුදාගන්න ඉහළ සිට පහළට වූ රණවිරුවන් මොන තරම් කැප කිරීමක් කර ඇද්ද කියා)

ඇගේ මේ උතුම් පැතුම ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව නිසි අවසරයක් ලබාගත්පසු මම ඇගේ චායාරුප කිහිපයක් ගතිමි.

ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරී කළ ඇය නමින් ලාන්ස් කෝප්‍රල් ගීතා ප්‍රියදර්ශනී නම් විය.

මා ලබාගත ඡායාරුප 1995 සැප්තැම්බර් 03 වෙනි දින ඉරිදා ලංකාදීප සහ SUNDAY TIMES පුවත්පත් වල මුල් පිටුවේ ප්‍රධාන චායාරුපය ලෙස පළවිය.

මේ පුවත්පතේ පළවූ සහ මුල් චායාරුප වේ

එදා ඇය බිහිකළ ළදරුවා අද වනවිට විසිතුන් වියැති යෞවනයෙක් හෝ යෞවනියක් විය යුතුයි………

(ඩිලන්ත හෙට්ටිගේ )

මාධ්‍ය වගකීම සහ මහජන අයිතිය


මාධ්‍යට මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ. නමුත් සියලු තොරතුරු නැත්තම් යම් මාතෘකාවක ‘කළු සහ සුදු’ කියන දෙකම මිනිස්සුන්ට කියන්න.ඒක මාධ්‍යකරුවන්ගේ වගකීමක්.

තීරණ ගන්න එක මිනිස්සුන්ට කරන්න දෙන්න.
ඒක මිනිස්සුන්ගේ අයිතියක්.
……………………………

කියවන පුද්ගලයා බුද්ධිමත් කියල කියන කතාව සම්පූර්ණ බොරුවක් යම් අවස්තාවලදී. කේශ්ත්‍රර දැනුමක් නැතුව, ඔහේ පත්තරේට headline එකක් දාගන්න ලියන පුද්ගලයෙක් ලියන එක හරි, programme එක hit කරගන්න වැරදි මතයක් short clip කරලා market කරන ඒවා කියවන බලන, ඒ අනුව සමස්ථ කතාවම සාරාංශ කරගන්න මිනිස්සු, කොහොමද බුද්ධිමත් වෙන්නේ මිනිස්සු?

කියවන සහ බලන දේ පිළිබඳව තර්ක කරන, තවත් මූලාශ්‍ර බලල මේක ඇත්තද, නැත්තද කියලා හොයන පුද්ගලයයි බුද්ධිමත්.

මාධ්‍ය ඔබට නොදැනෙන්න ඔබේ තීරණ වලට සෑහෙන බලපෑමක් කරන තත්වෙට ඇවිත් තියෙනවා. මොකද මිනිස්සු අහනවා, බලනවා හැබැයි ප්‍රශ්න කරන්නේ නෑ.

ගන්න සබන් එකේ, toothpaste ඉඳලා ඔබේ දේශපාලන මතය වෙනකන්ම ‘ මේක තමයි හොදයි මේක නරකයි’ කියන දේ මිනිස්සුන්ගේ ඔලුවල තැන්පත් කරන්න පුළුවන් තත්වෙට මාධ්‍ය ශක්තිමත් වෙලා. මේක මහජනයාගේ ස්වාධීන තීරණ ගැනීමට බාධාවක්. මේක ඇත්තටම කිවිවොත් දේශපාලකයින්ට කඩේ යන අයගේ තත්වයටත් වඩා බරපතලයි.

media මිනිස්සු ගේ ඔලුව හදනවා, මතයන් හදනවා, එක් එක් පුද්ගලයින්ට චරිත සහතික දෙනවා, තව කෙනෙක්ට මඩ ගහනවා, ඔබට නොදැනෙන්නම ඔබ එයාලා කියන හැම එකම අවිවාදයෙන් පිළිගන්න තැනට ගේනවා.

නොදන්න දෙයක් දැක්කොත්, ඇහුනොත් හිතන්න පතන්න බැරි මිනිස්සු වගේ බහුතරයත් එක්ක කෑගහන්නේ නැතුව, බුද්ධිමත් මිනිස්සු වගේ හොයලා බලලා ඉගෙන ගෙන කතා කරන්න. ජිවිත කාලේම හොඳ අධ්‍යාපනයක් ලබලා දුක් විදලා සත්තු හොයාගෙන (මොකද හූනා ළඟට එන්නෙ නෑනේ, ‘මම දුර්ලභ සතෙක් කියලා’) නම් කරද්දී මොලේ නැති විදිහට කරයිද? මේක උදාහරණයක් විතරයි.

මේ රටේ මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය මිනිස්සුන්ගේ සිතීමේ සහ තර්කන ශක්තිය හීන කරලා තියෙන්නේ. ඒක මේ සිද්ධියෙදී විතරක් නෙමෙයි දේශපාලන මාතෘකා, ආර්ථීකය ගැන වේවා පත්තරේ තිබුනොත් හරි නැත්තම් පැය ගානක් TV එකේ කවුරුහරි කෑගහුවොත් අපේ මිනිස්සුන්ට එක තමා හරි.

උදාහරනයක් කිව්වොත්- පාරේ යන මනුස්සයෙක්ගෙන් ඇහුවොත් ආර්ථිකේ කොහොමද කියලා. කියයි ‘ආ ඒක කඩන් වැටිලානේ’. එතකොට රුපියල’? ‘එකත් බාල්දු වෙලා වෙලා දැන් නම් ටිකක් හොදයි නේද?’.

නිකමට අහන්නකෝ ආර්‍ථිකේ කඩන් වැටිලා කියන්නේ මොකක්ද? මොකද දැන් වෙලා තියෙන්නේ ඉතින් කියලා?
මිනිස්සු දන්නේ නෑ. හැබැයි හොයලා ඉගෙන ගන්නෙත් නෑ.

මිනිසුන්ට කාලය නැති නිසා හෝ වේවා නැත්තම් වෙන ඉගෙන ගන්න විදිහක් නැති නිසානේ අපි මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය භාවිත කරන්නේ. ඒ නිසා මීට වඩා මාධ්‍ය වගකීමෙන් වගේම සදාචාරාත්මකව හැසිරෙන්න ඕන. මාධ්‍යට මිනිස්සු වෙනුවෙන් තීරණ ගන්න අයිතියක් නෑ. නමුත් සියලු තොරතුරු නැත්තම් යම් මාතෘකාවක ‘කළු සහ සුදු’ කියන දෙකම මිනිස්සුන්ට කියන්න.ඒක මාධ්‍යකරුවන්ගේ වගකීමක්.
තීරණ ගන්න එක මිනිස්සුන්ට කරන්න දෙන්න.
ඒක මිනිස්සුන්ගේ අයිතියක්.

© Suu Weerathunga
————————————————————————–

#FreelankanMedia #FreelankanFolitics

අහෝ හනිමූන් එක


අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය….
කොහොමෙන් හරි මඟුල් දවස ආවේය..

පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත… ඇය ආවාය… ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය… තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. “මේ මොකාද??” ආයෙමත් උලනවාය…. පාට පාට ගාන්නීය… ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කුය..
තැල්ල තියන නැකතට මව් පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්ද මන්දය…. හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය.. මූණේ ⁣බර ග්‍රෑම් 920 කින් පමණ වැඩි වෙලාය.. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්‍රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්‍රෑම් 1200 ක් පමණ වැඩි වෙලාය… උදේ හයහමාර පමණ වන විට කිලෝ එකහමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය…
බෙල්ලට දෙවියන්ගේ පිහිටය…

එයින් ගැළවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්‍රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය… “මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ… අපට වෙලාවත් මදි වෙනවා… උන්ගේ දෝස් මුරේය”

එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාළයාව කොනිත්තල දුවන්න, මන මාළයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියනක් ගහල එන්න… කෙළවරක් නැති නියෝගය….
අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල් වලට බුදුසරණය.. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය….

පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකිවිය… හරියටම කොළා නම් පැයක් හමාරක් යනවාය… හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පෑණි බීම වීදුරු වල ලුණුය.. නොදකින්ය… ඒ රැග්ය.. හද්දා බඩගිනි වුවත් කන්නට බැරිය..

නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරුය.. හැඳි ගෑරැප්පු නම් කරුමයක්ය… කන්නෙත් ජායාරූප සිල්පියාට ඕනෑ විදියටය… කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය… ඒ අස්සේ කපල් ඩාන්ස්ය… සෙකන්ඩ් වෙන්නත් බැරිය… උලව් නැටුම් නටන්නත් බැරිය..

හත්මුතු පරම්පරා දෙකකටම
වැඳලා වැඳලා ⁣වැඳලා කොන්දෙ පොට ගොහින්ය… දැන් කොන්ද නිකමුත් නැවෙනවාය… යන නැකත ආවත් මුන් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තරඟෙට පම්පෝරි කතන්දරය.. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලිය… අඩන්නත් පණ නැත.. ඇඬෙන්නේ ඇඟේ රුදාවටය…” නැකත කිට්ටූයි…”

කාටදෝ පිංසිද්ධ වෙන්ඩ
බොහොම අමාරුවෙන් පැන ගත්තෝය..
කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය..

කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය… මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය… දැනටම හොඳ පණ ගොහින්ය…. කකුළ් ඉදිමිලාය….කොන්දක් අැතුවා නැතුවා සේය…බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය….

පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය… ඒ මදිවාට හද්දා බඩගින්නක්ය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියක⁣ට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය…

දැන් මොන පළමු රැයද,
පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය….

උපුටා ගැනීම – පුර්ණිමා චාරුණි බණ්ඩාර

මන්දපෝෂණය, මළ ළදරුවා හා පවුල


මළ ළදරුවා හා පවුල ගැන බුකි ටෝක් නොදෙමි. එවන් සමාජයක ප්‍රශ්න හා ඍජුව ගැටෙමින් සිටිනා හෙයින් මා දකින පැත්ත ලියමි.
————————

ඔය වගේ මිනිස්සු ඉන්න ගමක ළමයි එක්ක, වැඩිහිටියො එක්ක අවුරුදු පහක් ඉන්න අත්දැකීමෙන් කියන්නෙ,
ඔය මිනිස්සුන්ට ළමයි හදන්න උවමනාවක් නෑ ඉබේ හැදෙනවා
ළමයි උස් මහත් කරන්න උවමනාවක් නෑ උන් ඉබේ උස් මහත් වෙනවා
රජයෙන් නොමිළේ දෙන දේත් ඔය ගොඩක් මිනිස්සු විකුණගන්නවා
සමහර පිරිමි ගෑණු, ළමයි ලවා හම්බකරගෙන ඒ සල්ලිවලින් බොනවා

ඕක තමා යතාර්ථය

ඇරත් එන්නත්කරනයට, සැසිවලට යන්න වෙලාවක් කලාවක් ඔය මිනිස්සුන්ට නෑ.. මොකද ජීවන අරගලේ ඊට වඩා තදින් දැනෙනවා. බස්වලට දෙතුන්පාර වියදම් කරන්න සල්ලිවත්, පයින් පාරවල්දිගේ ගාටන්න කාලෙවත් නැති නිසා අතපසිකර හෝ අමතක කර ඉන්න එක තමා ඔය මිනිස්සු වැඩිමනත් කරන්නෙ.

රජයේ නිලධාරීන් ගැන කතා කරනවනම්, දුශ්කරතාව වැඩි වෙන්න වෙන්න සිස්ටම් ක්‍රමවත් නැති වුණත් කවුරුත් නොකර අත් හරින් නෑ. (එහෙමට කෙනෙක් දෙන්නෙක් හැර) ඒ නිසා අපිට කවර පාර්ශවයකටවත් ඇඟිල්ල දික් කරන්න බෑ කෙලින්ම.

උපත් පාලන ක්‍රම ඔයවගේ මිනිස්සුන්ට හඳුන්වාදෙන් නැද්ද ඇහුවට වැඩේ කියන්නෙ ළමයි තම උවමනාවට නූවමනාවට හැදුණත් ඔය මිනිස්සු ඕව වෙනුවෙන් රස්තියාදු වෙන්න යන්නෙ නෑ.

මටමම් මේ ඉන්න පැත්තත් එපා වෙලා තියෙන්නෙ දෙමව්පියන් විසින් නොසලකාහරින වල්වැදුණු ළමයි එක්ක දවස ගෙවද්දි අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණු කරා යන්න බැරි වෙද්දිට වඩා මේ ළමයි ඔහේ කාලකණ්නි වෙනව ඇස් පනාපිට දකින්න වෙවී ඉද්දි.

මං ටීචින් ආපු අලුත අවුට් වුණ මගේ සමහර ගෝලයෝ දැන් අවුරුදු කීපෙක ළමයි ඉන්න අම්මලා. පෙළක් උන්ට අප්පලාවත් ඉන්නවද කියන්න අපි දන් නෑ. ඒත් තාම ඒ අම්මලාට වයස අවුරුදු විස්සක් නෑ

ඔය චක්කරේ කැරකෙන ළමයෙක් අම්මෙක් අප්පෙක් ගැන තමා පහුගිය කාලෙ කතාව වුණේ

ශාමේන් වෝල්කර්

සංඝාඥාවට විළිරුදා ඇති කරනොගන්න!


කිසියම් දේශපාලකයින් පිරිසකට ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථානවලට පැතුල්වීම වලක්වාලමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ශාසන බලමණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත. එය එකී දේශපාලකයෙකු විසින් විවේචනයට බඳුන් කර කියා තිබුණේ බුද්ධකාලිනව දෙව්දත් භික්ෂුවටවත් විහාරස්ථාන තහනම් නොවූ බවත්, එවැනි අමනෝඥ කාර්යයක් කළ ‘මෝඩ වහන්සේලාට නිදුක් වේවා!’ කියා ය.

මේ වැදිබණ එහෙයියාවෙන් ශ්‍රවණය කරන අප හිතවත් රැකේ පුඩිකල්, ලිබරල්, නියෝ ලිබරල්, කොන්සර්වේටිව් උන්නැහේලා මහත් උත්කර්ෂයට හා ප්‍රීතිප්‍රමෝදයට පත් ව ළාමක ආතල් එකක් ගනිමින් සිටිනු ද දිටිමි!

කන්න උවමනා වූ කල කබරයා ද තලගොයා කරගන්නා අප හිතවත් රැකේ පුඩිකල් නව පරපුරේ ගොම්බෙට්ටන් ට මෙවැනි අභද්ද වචන මාත්‍රයක් වුව අල්ලාගෙන බුද්ධශාසනයට, භික්ෂු මූලික බෞද්ධ සම්ප්‍රදායට අම්මමෝ නැතිව ගල් ගැසීමට පුදුමාකාර මෙව්වා එකක් තිබේ!

එහෙත්, දේවදත්තයා පෙරදැරි කරගත් දේවදත්ත නිකායේ රැකේපුඩිකල් සභාවේ එක් හොටුකෑල්ලක්වත් බෞද්ධ සම්ප්‍රදායවත්, විනය සූත්‍රාදියවත්, ඓතිහාසික භික්ෂු දේශපාලනයවත් සම්බන්ධයෙන් අකුරක්වත් හදාරා නැති අමු-හිපි කැලක් බව මා මීට පෙර ද කියා තිබේ!

එකී ගංගොරකයන්ගේ දැනුම්වත්භාවය පිණිස මෙසේ ලියා තබන වගනම්,

කරුණු අටක් කරණ කොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් උදෙසා අනුදැනවදාළ පත්තනිකුජ්ජන කම්මය/කර්මය නම් කාරණයක් වන්නේ ය.

“පත්ත” යනු පාත්‍රය යි. “නිකුජ්ජන” යනු අනෙක් පිට හැරවීම යි. එනම් ‘පාත්‍රය අනෙක්පිට හැරවීම’ යි. කරුණු අටක් මුල්කරගෙන දායකයා කෙරෙහි දඬුවම් පිණිස, නිග්‍රහ පිණිස පත්තනිකුජ්ජන කම්මය, සංඝ සම්මුතියෙන් කළ හැකි යැයි සූත්‍රපිටකයේ, අංගුත්තර නිකායේ, අට්ඨකවග්ගයේ, (9) 4 සති වග්ගයේ එන ‘පත්තනිකුජ්ජන සූත්‍රය මගින් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

(1) භික්ෂුන්ට අලාභ කිරීම
(2) භික්ෂුන්ට අවැඩ කිරීම
(3) භික්ෂුන්ට ස්ථාන අහිමි කිරීම
(4) භික්ෂුන්ට නින්දා පරිභව කිරීම
(5) භික්ෂුන් භේදභින්න කිරීම
(6) බුදුරජාණන් වහන්සේට නුගුණ කීම
(7) සද්ධර්මයට නුගුණ කීම
(8) ආර්ය මහාසංඝයාට නුගුණ කීම

කිසියම් දායකයෙකු/ගිහියෙකු මේ කරුණු අටෙන් ශාසන සම්ප්‍රදායට හානි කරන්නේ නම් ඔහු කෙරෙහි පත්තනිකුජ්ජන කර්මය සංඝ සම්මුතියෙන් සිදුකරන්නට බුදුරජාණන් වහන්සේ විසින් ම අනුදැන ඇත.

ලංකා ඉතිහාසයේ පත්තනිකුජ්ජන කම්මය කළ අවස්ථා ගැන අපට අසන්නට ලැබේ. මහාවිහාරය බිඳුවා උඳු වැපිරූ මහාසේන රජුට ද, පීතෘඝාතන කර්මය කළ පළමුවැනි කාශ්‍යපට ද එරෙහිව පත්තනිකුජ්ජනය කරමින් මහාවිහාර වැසි සංඝයා පාත්‍රා නොපිට පෙරළා විරෝධය දැක්වූහ.

ඒ වූ කලි, භික්ෂුන්ගේ බලය යි. චිරාත් කාලයක් පුරා ශොභන වූ භික්ෂු සංස්ථාවෙහි දණ්ඩන විධිය යි. එය අනභියෝගී යි. අල්ලාහ්ගේ වචනය අනුව එන ෂරියාව තහනම් කළහොත් ඉස්ලාමිකයන්ගේ ආගමික අයිතිය නැතිවන්නේ යැයි තෙපරබාන ගොමමුට්ටි දේසපාලුවන් හා ඔවුන්ට ගොම්පස් අල්ලන නියාලු රැඩිකල් හොටුකෑලි තමා කියන දේ ගැන දෙවතාවක් නොව සියවතාවක් සිතන්නට කාලය එළැඹ ඇත.

මහා සංඝයා වහන්ස, මේ බුද්ධාඥා අනුව සංඝාඥා පවත්වා දැය සමය රැකිය යුතු කාලය යි!

නිමේෂ තිවංකර සෙනෙවිපාල