මව් කිරෙන් දිනන ලොව


asammathaya

පුරා දස මස් හොවා මා කුස
දරා දස දුක් බිහිකෙරූ පුත
කරා මා ලෙය කිරි සයුර ලෙස
උරා බලපන් මව් සෙනේ පුත

දිනන්නට ලොව මගේ පුතුන් හට
ගුණ නැණෙන් පරතෙරට යන්නට
රුහිරු කිරි කර දෙන්නෙ නුබ හට
කිරෙන් මුලු ලොව දැනුම ගන්නට

උරන තන පුඩු වලින් වැගිරෙන
කිරෙන් නුබෙ දිවි ගමන ජය වෙන
මව් පියන් අප සතු හොදම දම් ගුණ
තවත් දෙන්නම් පුතුනි මගෙ වන

රෝහණ කේ අමරකෝන්

Advertisements

​ගැහැනිය..


දෙවියන්වහන්සේ ගැහැනිය නිර්මාණය කිරීමෙ කාර්ය යේදී  සය වන දින මධ්‍යම රාත්‍රීයත්  එලැඹින..

දේවදුතයෙක් ඔහු වෙත පැමින “ඇයි මෙතරමි කාලයක් මෙි වෙනුවෙන් ගත කරන්නේ ..?”
“ඔබට අනුමාන කල හැකිද  මැයව කෙතරමි සංකීර්ණ පිරිවිතර (specifications ) ප්‍රමාණයක් අඩංගු කරමින් එකලස් කරාද කියලා.?”
“මැය ඔනෑම දුශ්කර තත්වයක් ,අවස්ථාවක් මැද්දේ උවත්  ක්‍රීයාත්මකයි..

මැයට එකවර දරැවන් කිහිප දෙනෙකු උවත් වැලද ගත හැකියි..

මැයගේ එක් වැලදගැනීමකින් තැලුනු දනහිසේ සිට බිදුනු හදවත දක්වා සියල්ල සුවපත් කල හැකියි..

මෙ සියලු  කල යුත්තේ ඇයගේ අත් දෙකෙන් පමනයි..

ලෙඩවූ විට ඇයම පිලියමි කරගනිමින් දිනකට පැය 18ක් වැඩ කරියි…”
පැහැදීමට පත් දේවදූතයා  “මෙ සියල්ල මැයගේ අත් දෙකෙන් පමනක් ..? හිතාගන්න වත් බෑ.!! එකකොට මෙ සමිමත ආකෘතියක් (standard model ) ද..???”
දේවදූතයා මදක් ලංවී ඇයව ස්පර්ශ කලේය.. “මැයව මෙතරමි මෘදු ස්වභාවයෙන් නිර්මාණය කලේ ඇයි සමිඳාණන්වහන්ස..?
“ඔවි.. ඇය මෘදුයි ..ඒත්, මම ඇයව ශක්තිමත් කර තිබෙනවා. ඇයට මුහුණ දී ජයගත හැකි දේ ඔබට හිතාගන්න වත් බෑ ”
“ඇයට සිතන්න පුලුවන්ද ?” දේවදුතයා විමසීය.
“ඇයට සිතන්න පමණක් නොව ඇයට තර්කානුකූලව කරැනු ඉදිරිපත් කරන්නත් පුලුවං”
දේවදුතයා ඇයගේ කමිමුල් ස්පර්ශ කලේය.. “ස්වාමීනි, මේ නිර්මාණයෙන් යමක් කාන්දු වෙනවා පෙනවා!  ඔබ මැය මත බොහෝ බර තබා ඇති නිසා විය හැකියි”
දෙවියන්වහන්සේ එය නිවැරදි කරමින් ” ඒ කදුළු”
” ඒ කුමක් වෙනුවෙන් ද?”
“කඳුළු යනු ඇගේ ශෝකය ,ඇයගේ සැක සංකා, ඇගේ ප්‍රේමය, ඇගේ තනිකම, ඇගේ දුක් වේදනා සහ ඇගේ අභිමානය ප්‍රකාශ කිරිමක් වේ.” …
දේවදුතයා තව තවත් පැහැදීමට පත් වි “සමිඳාණන්වහන්ස .. ඔබෙි බුද්ධීප්‍රභාව ශ්‍රේෂ්ඨයි.. ඔබ සියල්ල කල්පනා කළා.කාන්තාවක් නියත වශයෙන්ම විශිෂ්ටයි ”
“ඇත්ත වශයෙන්ම ඇයට පිරිමියෙකු පුදුමයට පත් කල හැක…

ඇයට දුක් කරදර කන්දරාවක බර රැගෙන යාමේ හැකියාව ඇත.

ඇයට ආදරය සතුට සහ අදහස් සිරකරගෙන සිටීමෙ හැකියාව ඇත..

කැමොරදීමට සිතෙන විට සිනාසීමෙ හැකියාව ඇත..

හඩන්නට සිතෙන විට ගීතයක් මුමුනයි..

සතුටක් ඇතිවු විට හඩයි.. බියක් ඇතිවු විට සිනා සෙයි..

ඇය විශ්වාස කරන දේ සඳහා සටන් වදියි.

ඇගේ ආදරය කොන්දේසි විරහිත වේ.

ඥාතියෙකු හෝ මිතුරෙකු මිය ගිය විට සිත බිදී යන මුත් ඇය ජීවිතය ඉදිරියට ගෙන යෑමට  ශක්තිය ලබා ගනියි ” දෙවියන්වහන්සේ කීය..
“එසේ නමි මැය පරීපුර්ණ කෙනෙක්.. ”
” නැත .. මෙහි එක් දුර්වලතාවයක් ඇත…. ඒ  ඇයට නිතරම අමතක වෙනවා තමන් කෙතරමි වටීද යැයි කියා !!  ”
“උපුටා ගැනීමකි”

ඔබ කවුද 


​ලස්සන කෙල්ලන් ‍රූසපුව කේවල්කර සල්ලිකාර කොල්ලන් සමග මිතුරු වෙති
සල්ලිකාර කොල්ලන් මුදල් විසිකර ලස්සන කෙල්ලන් වසගයට ගනිති
ලස්සන නොවන දුප්පත් උන්ට අන්තිමට ඉතිරිවූ උගත්කම විකුනා සල්ලිත් ලස්සනත් මිලදි ගනිති
එසෙ නොවන උන් ජීවිතය වරද්ද වරද්දා ජිවත් වෙන්න උත්සාහ කරති
 ඔබ ඉන් කවුද ඔබම තිරනය කරන්න

පේරාදෙනිය වල සහ වේදිකා නාටක


කෞෂි ගේ ‘දුටු තැන අල්ලනු’ නාට්යවයට පේරාදෙණියේ හූ කියා, ගල් මුල් වලින් ද ගසා එය රඟදක්වන්නට නොදී නවත්වා තිබේ. සිවුරු ඇඳගත් එකෙකු පැමිණ ‘වල’ පෙන්වමින්, ‘මේක ශුද්ධ භූමියක්!’ යැයි තර්ජනය කර ද තිබෙයි. පේරාදෙණියේ ‘වලේ’ නාට්යලක් රඟ දක්වා ‘හූ’ සංග්රිහයක් නොලැබ පැමිණීම එවක නාට්ය්ය පිළිඹඳ ප්රිමිති සහතිකයක් ලෙස සැලකුණි. නාට්යාන් කරුවෙකු ලෙස බෞතීස්ම වීමට ‘වලේ’ අභියෝගය ජයගත යුතුව තිබුණි. එහිදී හූ සංග්රකහ ලැබූවන් අතර සයිමන් නවගත්තේගම, මනෝරත්න, ආදීහුද වෙති. ඒ හූව ආශාව්දනීයය. සයිමන් සුභ සහ යස රංග දක්වද්දී තරමක් ‘පදම’ වෙනස්වී දෙබස් අමතක වූ විට හූ කියමින් දෙබස් කියා ඇත්තේ නරඹන්නන් ය. මනෝ නාට්යියක තාලයට පා තබමින් යන විට ඉදිරි පෙළක සිටි අයෙකු කකුලෙන් අල්ලා නවතා තිබෙයි. මේවා නාට්යතය සමඟ ප්රේාක්ෂකයි ගේ ඉතා රසවත් මැදිහත් වීම් ය. වලේ නාට්යතයක් රංග දැක්වීම අභියෝගයක් වූයේ එබැවිනි. මගේ ද ‘භූමිකා’ නාට්ය්ය ‘වලේ’ රංග දැක්වූ යේ මා විශ්වවිද්යාසල සිසුවෙකුව සිටියදීය. ප්රටධාන භූමිකාවක් රංගන ශිල්පියෙකු ගේ නොපැමිණීම පුරවන්නට මට ද රඟපාන්නට සිදු විය. එය කොතරම් ලොමු ඩැහැගන්වන අත්දැකීමක් වූයේද යත් මතක් වන විට තවමත් ඇඟේ හිරිගඩු පිපෙයි. ‘හූ’ නොඅසා බේරුනේ වාසනාවකටය.


එහෙත් මෙවර සිදු වී ඇත්තේ ඉතාම අප්රැසන්න සිදුවීමකි. පුද්ගලික විශ්ව විද්යාඩල වල ප්රනමිතිය පිළිඹඳ කෑ මොර දෙන, ඒවා ඇතිවෙනවාට විරුද්ධව පෙළපාලි යන අයගේ ප්රයමිතිය විදහා දැක්වීමකි. අද ආණ්ඩුවේ විශ්ව විද්යාඹල වලට එන්නේ රටේ සිසු සම්පතේ ‘ක්රීෙම්’ එක යයි කීම මිත්යාවවකි. ඔවුන් මහන්සි වී ඉගෙන ගෙන එනවාට වඩා එන්නේ, බෝධිපූජා තබා, පිරිත් නූල් බැඳගන, සෙත් ශාන්ති මෙන්ම හදි හූනියං ද කර, හැකි නම් පගා දී ප්රනශ්නපත්තර ද පන්නාගන හැකි තාක් කට පාඩම් කර විභාගය ලියා එන අයය. ඔවුන් ගේ කිසිදු නිර්මානාත්මක බවක් නැත. පාසල් ශිෂ්ය අවධියේ සිටම මාරාන්තික සටනක එදෙන්නේ විශ්ව විද්යාිලයට රිංගා ගන්නටය. නාට්ය යක්, චිත්රැපටයක් නැරඹීම, නවකතාවක් කෙටිකතාවක් කවියක් කියවීම, සංගීතයක් රස විඳීම මේ බොහෝ දෙනෙකු නොවැදගත් සේ සලකා මග හරින දේවල් ය. ඒ වෙනුවට ෆෙන්ෂුයි පූජාවට, සාස්තර බැලීමට, ඊනියා හාමුදුරු සුපර් ස්ටාර්ස් ලා ගේ වැදි බන ඇසීමට ජාතික කොඩියේ සුළු ජාතික පටි ගැලවීමට, අනෙකාගේ සතුට ට කෙලවීමට, ගෙදර එකතුවන කුණු ටික පාරේ හලා යාමට, කක්කුස්සි බිත්ති වල ලියු දේවල් මුහුණු පොතේ ලිවීමට ඕන තරම් වෙලාව තිබෙයි. ‘වල’ ශුද්ධ භූමියක් වුයේ වන්දනා මාන කරනවුනට, සිප ගන්නා රංගනයක් ඉවසන්න ට විනයක් ශික්ෂණයක් නැති ගෝත්රිටක ප්රාජාවකට නොවේ. නාට්ය කරුවන් සහ රසිකයිනට ය. ඒ ශුද්ධ භූමියේ නාට්යයයේ මුල්පොත කියවූ අයෙකි කෞෂි ගේ අම්මා. ඒ බව ‘මේක ශුද්ධ භූමියක්’ යයි කෑ ගැසූ සිවුරු දාගත් ශුද්ධවන්තයාට කියා දෙන්නට ආචාර්ය මණ්ඩලයේ කිසිවෙකු නොසිටියේද යන්න අපට ඇති ගැටලුවයි.


මේ අද දිවිහිමයෙන් රැක ගන්නට හදන රජයේ විශ්ව විද්යාිල වල ප්ර මිතිය දැයි අසන්නට සිදු වීම භයානක සරදමකි.

 

උපුටාගැනීම

අශෝක හදගම