යුධ බිමක ඉපිද යුධ බිමක මියයන්න මොහොතකට පෙර…


BBC එවුන්ට පෙන්නන්න, මිනිස්සු අතුරුදන් වෙච්චිහැටි. Azzam Ameen ට කියලා translate කරගන්න කියන්න.

පැතුම් කර්නර් විසින් ලියූ යුදබිමක වෙදමහිම කෘතිය ඇසුරෙන්…

“අප විශ්වමඩුවද පසුකොට පුදුකුඩිඉරුප්පුවට කිට්ටුකර පාර අයිනේම වූ ස්ථානයක ඉදිරි සැරහුම් මධ්‍යස්ථානය අටවා ගත්තේ පුදුකුඩිඉරුප්පු අල්ලන සටන ලඟ ලඟ පත්තු වී තිබූ බැවිනි. සේනාංක 9ක් කොටි තෙරපමින් එල්ටීටීයේ හදවත වටා රැස් කෑවේය.
පුදුකුඩිඉරුප්පුවට තව ඇත්තේ හූ කීපයකි. ඉන් ඔබ්බට නන්දිකඩල් කලපුවය. කලපුවෙන් එගොඩ හීනි බිම් තීරැවකි. එය වෙල්ලමුල්ලිවෛයික්කාලයයි. ලක්ෂ 4ක පමණ මහ සෙනඟක් මේ කුඩා භූමියේ සිරවී ඇත්තේය. ඒ සෙනඟ වට කොටද, අතර සැඟවීද කොටිය. පුභාකරන්ය. චාල්ස් ඇන්තනිය. සුසෙයිය.

ලක්ෂ 4ක සෙනඟක් මෙහි සිරවී කෙසේ සිටියාදැයි සිතා ගැනීම අපහසුය. මූලික අවශ්‍යතාවයන් තියා දිනකට එක් වේලක් කෑමවත් ඔවුනට නොලැබෙන්නට ඇත.

මේ මහා ඛේදවාචකය මැද්දේද දරැවන් බිහිවූයේය. ගැබ කල් පිරුනු පසු යුද්ධය යැයි උහුලා ගෙන සිටිය නොහැක්කේය. එවන් දරැ උපත් කීයක් සිදුවුනිදැයි මා නොදනිමි. එහෙත් ඉතාමත් ස්වභාවික සංසිද්ධියක් වූ එය කුමන හෝ පරිසරයක සිදුවිය හැකිය.

මෙම දුක් ගැහැට හා තාඩන පීඩන ඉහිලිය නොහැකි සිවිල් වැසියන් කොටි බලයෙන් මිදී ආරක්ෂක සේනා සිටින කලාපයට හොරෙන් ඇදුනේ ටික දවසක සිටය. ඒ පැත්තෙන් මේ පැත්තට පැනීම දිවි පරදුවට තබා කරන සූදුවක් වැනි විය. පැන යන සිවිල් වැසියන් හට කොටින් වෙඩි තැබුවේය. එසේ නොකලා නම් සියලු සිවිල් වැසියන් ඔවුන්ගේ පාලනයෙන් මිදි පලා යනු ඇත. ඔවුනගේ එකම ආවරණය නැතිවීමට ඔවුන් ඉඩ දෙන්නේ නැත.

මෙම ආගමනය සිදුවූයේ රාත්‍රියේ ය. කුඩා කණ්ඩායමක් ලෙස රහසේ පිටවන ඔවුන් නන්දිකඩල් කලපුවට බැස වතුරේ ගමන් කර හමුදා ප්‍රදේශයට මෙගොඩ වෙයි. කොටි වෙඩි ප්‍රහාර වැදී සමහරැන් එතනම මිය යයි. තුවාල වෙයි. නමුත් විකල්පයක් සිතා ගැනීමට අපහසුය. ජීවිතය ලන්සු දැමූ ඔවුහු සිය අවසන් හුස්ම පොද දිනනු වස් නන්දි කඩල් තරණය කලෝය.

මෙසේ ආ කණ්ඩායමක කුඩා බිලින්දෙකු තුරැලු කරගත් පියෙක්ද තවත් දරැවෙකු වතුරට ඉහලින් සිටින සේ කරපින්නා ගත් මවක්ද විය. මේ හතර දෙනාගෙන් යුත් ලපටි පවුල දිවි පරදුවට තබා දියට බැස තිබුනේය. එහෙත් යුද්ධය කාරැණික නැත. උණ්ඩයට හදවතක් නැත්තේය. ඔවුනටද වෙඩි ප්‍රහාර එල්ලවූයේ තවත් එක කඳුලු කතාවක් ඉතිහාසයට එක්කරමිනි. මවගේ කරමත වූ දරැවා කෙලින්ම වෙඩි කෑවේය. ඔහුගේ සිරැරවත් ගොඩ බිමට නොආවේය. මව තවමත් නිරැපද්‍රිය. ඊළග උන්ඩය පියාගේ පපුව සිදුරැ කරන් පිටවූයේය. පියා පපුවට තුරැලු කරන් සිටියේ කිරිසප්පයෙකි. සති කීපයකට කලින් වෙල්ලමුල්ලිවෛයික්කාලයයෙහිම ඉපදුනු මේ කිරිසප්පයාගේද පුංචි පපු කුහරය සිදුරැ කරන් උන්ඩය පිටවී ගියේය. දරැවා මව අතට දී පියාද වැඩිමහල් දරැවාද නන්දිකඩල් දියේ සැඟවී ගියේය. මව තවමත් කායිකවද මානසිකවද ශක්තිමත් ය. පපුව සිදුරැවුවද පණ රැකි ඇති බලාපොරොත්තුව ඇය රැකිය යුතුය. වෙඩි වරැසාව ඇයගේ අධිෂ්ඨානයට වඩා දුර්වල වූයේය. ඇය මෙගොඩ දැක්කේය.

ඊළඟ මිනිත්තු කීපය ඇතුලත ඇයද දරැවාද මා ඉදිරියේය.

දරැවා යන්තමට ඔලුව උස්සන වයසේය. යන්තම් මාස දෙකක් හෝ තුනක් වන්නට ඇත. වෙඩි උන්ඩය දකුණු පෙනහල්ලට මැදට ටිකක් උඩින් වැදි ඇතුලුව පිටව ගොසිනී. අක්මාවට ඉහලින් ඇති මේ ප්‍රදේශයේදී තුවාල වන්නේ පෙනහල්ල පමනි. අධික රැධිර වහනයක් සිදුවීමට අවස්ථාවක් නැත. ඔහුට වැටෙන පුංචි හුස්මෙන් භාගයක් පුපුරපු බැලුමකින් හුලං පිටවෙනවාක් මෙන් තුවාල සිදුරැ වලින් පිටවූයේ සද්දයද සමඟිනි. හදවත කම්පා විය. මොහොතක් ගල්වී සිටියෙමි. නමුත් කාලයක් නැත. මේ බිළිඳු ජීවිතය රැකිය යුතුය. මට පුලුවන්. එක සිතට එහෙම සිතුවෙමි.

මේ වැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී තුවාල දෙක මසා සීල් කර පපුකුහරයට බටයක් දමා underwater seal එකක් සෑදිය යුතුය. මෙවැනි බට දවසකට කීපයක් දමන නමුත් වැඩිහිටියන්ට දමන ප්‍රමාණයේ බට කිරිසප්පයෙකුට දැමිය නොහැක්කේය.

වැඩිහිටියෙකුකේ උරස්කටු දෙකක් අතරින් ඇඟිල්ලක් පමන වූ බටය උරස් කුහරයට යොමු කිරීම ඒ දවස් වල විනාඩියකට අඩුකාලයකින් කල හැකි සුලු සැත්කමකි. එහෙත් මේ දරැවා…..

බටයක් සොයා ගත යුතුය. මනස සංවර කරගතිමි. මොහොතක් දෙනෙත පියා ගතිමි. සිතුවෙමි. නූවණ පහල වූයේය. මුත්‍රා බැගයක් ගතිමි. එහි බටය කපා අවශ්‍ය දිගට සූදානම් කලෙමි. සේලයින් බෝතලයක් කපා එය රැඳවීමට මෝටාර් උන්ඩ පෙට්ටියක ලෑලි යොදන් ස්ටෑන්ඩ් එකක් සෑදුවෙම්. සෙමින් කුඩා පපුකුහරය විවෘත කර මුත්‍රා බෑගයේ බටය ඇතුල්කර තුවාලද මසා නිමකර පපුව සීල් කලෙමි. බටයේ අනිත් කොන සේලයින් බොතලයට ඔබා underwater seal කලෙමි. වැඩේ හරිය. හුස්ම එලියට ලීක් වීම නතර විය. බටයෙන් කෙලවරක් නැතුව බුබුලු පිටවී යයි. දරැවාට පහසුය. ඉක්මනින් මවගේ පපුවට තුරැලු වී කිරි ⁣බී නින්දට වැ⁣ටුනේය. දින ගනන් බඩ ගින්නේ සිටියත් ඇයගේ දෙතන හිස් නොවීය.

මම අප සතුවූ CDMA දුරකතනය හරහා මා හට ලමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගැන්වු වෛද්‍ය මලික් සමරවික්‍රමයන් ඇමතුවෙමි. “සර් මම ලයින් එකේ ඉඳං කතා කරන්නේ. මේ පැතුම්. හදිසියි. පොඩි එකෙකුට ලේ දෙන්න තියෙනවා. ප්‍රමානය කොච්චරද?” සර්ගේ උපදෙස් පිට සේලයින්ද, රැධිර පාරවිල්‍යනයද ලබා දුන්නෙමි.
“කොප්‍රල් විජේ , චොපර් එකක් ගෙන්නන්න. අපි මෙයා වව්නියා යවමු” විජේට කියු මම දරැවා ගිලන් රථයට ගොඩ කෙ⁣රැවේ හෙලි පෑඩ් එක දෙසට යෑවීමටය. විනාඩි 40 කින් පැමිණි බෙල් 212 යානය දරැවා රැගෙන පියෑඹුවේය.

මම ඇඳ සිටින්නේ කොටකලිසමක් පමනි. නින්දේ සිට අවදිවී පැමිනි ආකාරයෙන් තවමත් සිටින බව තේරැනේ සියල්ල අවසානයේය.

දරැවා වවුනියාවටද ඉන් අනතුරැව කොළඹ ලමා රෝහලටද මාරැ වී තිබින. දැන් ඔහුගේ වෛද්‍ය වරයා මලික් සමරසිංහ මහතාමය. දෛවය තව ගැලපීමක් මතකයට එක් කලේය.

ඌ ජීවත් වෙයි…. මට විස්වාසය….”

Submarine Cables – මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි


ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia – Middle East – West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables – තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 – මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 – මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 – මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

4) Dhiraagu – මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka – මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) – මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නෙ.

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් [4වන සහ 5වන රූප] වල තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ.
[6වන රූපය]

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ..

සටහන
-රෙහාන් මෙන්ඩිස්

ටැබ් දෙන්නට පෙර


අකිල ඔයා ටැබ් දෙන්න කලින් මෙන්න මේ බරපතල වැරදි ටික හදලා හරියට පොත් ටික දුන්නා නම් මේපාර ගෙදර යන්න වෙන්නේ නෑමෙම වසරේ 3 ශ්‍රේණියේ ඉංග්‍රීසි වැඩ පොත ලිවීම් පොත හා පෙළ පොත යන පොත් තුනම දෝෂ සහිත වීම නිසා රුපියල් පනස් ලක්ෂ හැත්තෑ දෙදහසක් වටිනා පොත් විසිහත්දහස් දෙසිය හැත්තෑපහක් භාවිතයෙන් තොරව ඉවත්කිරීමට සිදු වී ඇත.එමෙන්ම මෙම වසරේ දී කොළඹ ප්‍රදේශයේ පාසල් එකොළහකට ප්‍රමාණය ඉක්මවා පෙළ පොත් 10545ක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් වැඩිපුර නිකුත් කරනු ලැබ තිබේ.මේ බව අනාවරණය වන්නේ විගණකාධිපතිවරයාගේ අලුත්ම වාර්තාවෙනි. එම වාර්තාවට අනුව මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි තුන්සිය පනහක් පමණ වටිනා පොත් වර්ග 419ක පිටපත් කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ඇමැති මණ්ඩලය ප්‍රසම්පාදන කමිටුවේ අවසරයකින් තොරව රාජ්‍ය ආයතන දෙකකින් හා පෞද්ගලික මුද්‍රණකරුවන් විසිහත් දෙනෙකුගෙන් මුද්‍රණය කර ඇත.පෙළ පොත්වල දීප්තිය වෙනස් වන්නේ නම් මුද්‍රණකරුගෙන් දඩ අය කිරීම වාර්ෂිකව සිදු කෙරෙන නමුත් 2018 වසරේ මුද්‍රිත පෙළපොත් සම්බන්ධයෙන් එවැනි කිසිදු පරීක්ෂණයක් දෙපාර්තමේන්තුව සිදු කර නැතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=1b778cb1&imageview=1

ගෑනුන්ට මොනවද ඕන …? 18+


ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා..
එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා.
ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා.
හැබැයි කොන්දේසියක් පිට..
අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.

ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද …?

ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා.
පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් … මේ හැමෝගෙන්ම ඇහුවා.
උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල.
ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.

ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා .
මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරි හම්බ වෙන්න.
ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.

මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න.
ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි.
රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.

ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.

ඊට පස්සෙ කසාදෙ කෙරුනා .. මන්තර කාරි උත්තරෙත් දුන්නා ..
උත්තරේ උනේ මෙන්නෙ මේක :ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම ..
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.

රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ.
ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.

සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා.
මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.

ඔයා කවුද ?
මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.

බයවෙන්න එපා. ඒ මමම තමයි.
ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ?
දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ? (මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.

සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ….

ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ….
ටිකක් හිතල බලන්න …
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??

සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි. (හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න)
.
.
.
.
.
.
.
.
.
.
.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා. ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි කියලා.

ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.

ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න. එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා…

ප.ලි:
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා

1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක් ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

හැබැයි එහෙමයි කියල, වටේටම අල්ලල හුකාගෙන එනකන් බලං ඉන්න නම් එපා.

©තිමිර තේනුවර

බොරුව සහ ඇත්ත


🔺බොරුව : මට මන්දිර නෑ…ඉන්නේ පොඩි මහල් නිවාසෙක.

🔹ඇත්ත : මොහු ජීවත්වන්නේ ලංකාවේ අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ලෙස සැලකෙන රාජගිරියේ ඇති රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ ය. එහි ලිපිනය අංක 11/01, B කුළුණ,රෝයල් පාක් නිවාස සංකීර්ණය, ලේක් ඩ්‍රයිව්,රාජගිරිය වේ.

🔺බොරුව : මම ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවෙනවා.

🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා ජනතා සුබසිද්ධිය උදෙසා කිසිදු පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.

🔺බොරුව : මට කඩියා වගේ වැඩ කරන්න පුළුවන්.

🔹ඇත්ත : 2017 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තුව දින 236 ක් රැස්කර ඇතත් මොහු පැමිණ ඇත්තේ දින 72 ක් පමණි.

🔺බොරුව : මට ඔක්කොම විභාග සහතික තියෙනවා.

🔹ඇත්ත : මොහු ලංකාවේ හෝ වෙනත් රටක සාමාන්‍ය පෙළවත් සමත්ව නැත.

🔺බොරුව : මට සුපිරි දැනුමක් තියෙනවා. මාත් එක්ක වැඩකරන්න කාටවත් බෑ.

🔹ඇත්ත : මොහු යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2018 ඔක්තෝබර් මාසය වන විට රුපියල් මිලියන 3,307 ක පාඩුවක් ලබා ඇත ( 2015 වසරේ රුපියල් මිලියන 709, 2016 වසරේ රුපියල් මිලියන 958, 2017 වසරේ රුපියල් මිලියන 740, 2018 වසරේ රුපියල් මිලියන 900 වශයෙන් )

🔺බොරුව : වසර 2025 වනවිට ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ සැමට නිවසක් ලබා දෙනවා.

🔹ඇත්ත : මොහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විහාරමහාදේවී ගම, විභූති ගම , සඳදිනූ ගම, ජන්මඅභිමානීගම වැනි ගම්මාන වල ඉදිකර ඇති නිවාස 126 කින් 80 ක් පානීය ජලය නොමැති නිසා අත්හැර දමා ඇත.

▪️ඔබ මෙවැනි අසාර්ථක, අකාර්යක්ෂම පුද්ගලයෙකු රටේ ජනාධිපති ලෙස තේරීපත් වෙනවාට කැමතිද?

© සොනාල ගුණවර්ධන

පෑඩ් ගැන


ඔසප් වීම් ගැන පෑඩ් ගැන ගැහැණුන්ට අපහාසාත්මක ලෙස කතා කරන උන් මව්කුසකින් ආපු එවුන් වෙන්න බෑ. ප්‍රතිපත්තියට අකමැති නම් සජිත්ට බැනපල්ලා, ඒක දේශපාලනිකව විවේචනය කරපල්ලා. UNP එක පට්ට ගහපල්ලා.

අම්මලට, තමන්ගේ දුවලට, තමන්ගේ ගෑණිට අපහාස වෙන විදියේ කතා කියලා සමාජය කිළිටි කරන්න එපා.

උඹලා ඡන්දේ කාලෙට විතරයි පාක්ෂිකයෝ. ඒ නිසා පාක්ෂිකයෙක් විදියට විතරක් නෙවෙයි පුරවැසියෙක් , පුතෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, අඩුම ගාණේ යාළුවෙක් විදියටත් හැසිරියල්ලා.

ඉරිච්ච පාංකඩ රෙදි හෝද හෝද හැංගි හැංගි අඳින වේදනාවෙන් ඉන්න ගෑණියෙක් දැක්කොත් උන්ව තේරුම් ගන්න තරම් උඹලට සංවේදී භාවයක් තිබ්බ නම් ඔහොම කියන්නෙ නෑ.

පාක්ෂිකයෙක් වෙයන් සහාසිකයෙක් නොවී…

© පැතුම්.

කුණු කන අලි


කෝච්චියට හැප්පිලා
වෙඩි කාලා
නෙවෙයි මේ
ඔයාලා අපි දාන කුණු කාලයි
දැන් ගොඩක් අලි ඇතුන් මැරෙන්නේ

ප්ලස්ටික් පොලිතීන් වලින් මිදෙන්න

කසළ හරියට කළමනාකරණය කරන්න

දැන් අපිට කාලය හරි