මගෙන් උදව්වක්


ඔයාලා තමයි මගේ වටිනම රසික පිරිස, ඉතින් ඔයාලා මගේ blog එක කියවලා වැදගත් දෙයක් ඔයාලගේ ජිවිතයට ගන්නවා වගේම, සතුටු වෙනවානම් මගේ ලිපි ගැන මට ගොඩාක් සතුටුයි. ඒවගේම ඉදිරියටත් ඔයාලා මගෙත් 1ක දිගටම රැදිලා ඉන්වා ලියලා මම  දන්නවා.

ඒත් ඔයාලගේ ජිවිතයෙදි මොනාහරි ප්‍රශ්ණයක් උනාම කියන්න කෙනෙක් ඉන්නවානම්, දුක බෙදාගන්න කෙනෙක් ඉන්නවානම් හොදයි නේද?එහෙම කෙනෙක් නැති උනාම අපිට දරාගන්න බෑ, ඒ වගෙම අපිට ඒ ගැටළුවෙන් ගොඩ එන්න මගක් හොයාගන්නත් අමාරුවෙනවා, ඒනිසා තමයි මම හිතුවේ විතරක් ලියලා මදි මට පුළුවන් හැටියට ඔයාලගේ ප්‍රශ්ණවලට උපකාරයක් කරන්න ඕනි කියලා. ඒ වගේම ඒ හා සමාන ප්‍රශ්ණ තියෙන අනිත් අයටත් උදව්වක් වේවි ඒවට අපි උත්තර හොයපු විදිහ බැලුවාම. ඒනිසා ඔයාලට තියනා ඕනිම ප්‍රශ්නයක් මට මෙතනින් කියන්න. අතිශය පෞද්ගලික කාරණා සහ ගැටළු මෙහි පල නොකරණ ලෙස කල  ඉල්ලිම්  පමණක් මම මෙහි පලකරන්නේ නැහැ. මෙගෙන් උදව් ඕනි අයගේ දුකට මගෙන් සහනයක් අද සිට……

7 thoughts on “මගෙන් උදව්වක්

  1. පහුගිය මාසේ මගේ හොදම යාළුවෙක්ට මම ලොකූ උදව්වක් කරා එයාගේ පෙම්වතියට එයාව සෙට් කරන්න. වැඩේ කියන්නේ දෙන්නාම මගේ හොදම යාළුවෝ. පොඩ්ඩක් හරි වැඩේ අල උනොත් දෙන්නටම අවුල්, මට ඉට වඩා අවුල්. ඒත් මගේ මොලේ ටිකක් වෙහෙසවලා වැඩේ ගොඩදාලා දුන්නා. දැන් ඒ දෙන්නා සතුටින් ආදරයෙන් ඉන්නවා, මාත් ගොඩගියා කපුකමක් කරාලා. තව ටිකක කාලෙකින් කපුවා කපෝති වෙන්න කලින් ඒ දෙන්නව ගොඩදාන්න ඕනී

  2. ඇත්තටම මචන් මට පුළුවන් හැටියට කාටහරි උදව්වක් කරන්න ලැබෙනවනම් මට ලොකු සතුටක් ඒක.ඒනිසාමයි මම මේ තීරුව පටන් ගත්තේ.
    මගෙන් දැනට ප්‍රශ්න වලට උත්තර අහල ගොඩක් යාළුවෝ e mail කරලා තිබුනා. ඒත් මේ බ්ලොග්1 පලකරන්න එපා කියලා ඉල්ලීම නිසා මට පල කරන්න බැරිවුනා. ඒ නිසා අපි බලමුකෝ ඉස්සරහට මොනවාහරි දෙයක් අවසර ඇතුව දාන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න