හිතට දැනෙන ආදරේ


ආදරේ කියන්නේ වැඩිපුරම හිතට දැනෙන අඩුවෙන් ගතට දැනෙන හැගීමක් කියන එකට හොදම උදාහරණයක් මේක.

අදකාලේ ගොඩක් අයට ආදරේ කියන්නේ ගතට දැනෙන හැගීමක් නිසා තමයි රටේ මෙච්චර ගබ්සා කිරීම්, දිවිනසා ගැනීම් වැඩි.

ඒ වගේම දැන් ඉන්න කෙනාට වඩා හොද, ලස්සන, සල්ලි තියෙන, හොද රස්සාවක් කරන, ජනප්‍රිය කෙනෙක් හම්බ උන ගමන් ඒ මනුස්සයා පස්සෙන් දුවන්නේ ඉන්න කෙනා අත ඇරලා.

නැත්නම් දැන් ඉන්න කෙනා ඉද්දිම අනියම් සම්බන්ධතා පවත්වන්නේ හිතට වඩා ගතට ආදරේ හොයන්න ගිහින්.

හිතට දැනෙන ආදරේ කියන්නේ රූපය, මිල මුදල්, රැකියාව, ජනප්‍රිය කම මත තීරණය වෙනස් නොවෙන දෙයක් කියන එකට හොදම උදාහරණයක් මේක.

පහන්තුඩාවේ පොලීසිය


ඉශාලිනි වගේම තවත් දහස් ගණනක් දැරියන්ටත්


සාමනේර හිමිවරුන්ට සහ දරුවන්ටත්


ලිංගික අපචාර සිදුකරන අය වෙනුවෙන් ක්‍රියාත්මක නොවන නීතිය


වෙන වෙන කාරනා සදහා ඉතා ඉක්මනින් ක්‍රියාත්මන වෙන අයුරු

සත්ව අවිහිංසාවාදීන් සහ නොබෙල් සාම ත්‍යාගය


පෙරහැර කාලෙට අලි නෙවෙයි බං වැඩිපුර කුලප්පු වෙන්නේ මිනිස්සු

මානවයා කියන එකා වදුරගෙන් වෙන්වෙච්ච දවසේ ඉදලා අද වෙනකන් කලේ අනික් සත්තුන්ට කෙලවපු එක.

මුලින්ම කන්න දෙයක් නැතිපාර අහු උන එකා මරාගෙන කෑවා උන්ගේ හම් වලින් ඇදුම් හදාගත්තා, පස්සේ උන්ට ඉන්න තිබ්බ තැන්වල ගෙවල් හැදුවා, වගාබිම් හැදුව.

ඊට පස්සේ උන්ගෙන් වැඩ ගන්න පටන් ගත්තා. ලස්සන සත්තු හුරතලේට හදන්න පටන් ගත්තා.

පස්සේ සත්තු නටවලා ආතල් ගන්න ගත්තා වගේම් උන්ව දුවවලා කොටවලා සූදු කෙලින්න ගත්තා.

තව කොටසක් සංස්කෘතිය කියලා එකක් අස්සේ පෙරහැරවල් වල එක්කන් යන්න ගත්තා. තව සෙට් එකක් ආගම වෙනුවෙන් සත්තු බිලි දෙන්න ගත්තා.

තව කට්ටියක් එක එක ශෝස් හදාගෙන තමන්ගේ සතා අනික් එකාට වඩා මරු කියලා පෙන්නන්න තරග තියලා තෑගි ගත්තා.

අපි කරන හැම වැඩක්ම සත්තුන්ට කරන හිංසනයක් තමයි.

එහෙනම් දැන් කරන්න ඕනි අපිට පුළුවන් උපරිමයෙන් සත්තුන්ට කරන හානිය හිංසාව අවම කරන එක.

ඒකට මස් මාළු බිත්තර කිරි පාවිච්චි නොකර වීගන් වෙන්න පුළුවන්,

නැත්නම් සත්තුන්ගේ හම් පිහාටු හරි මොනාහරි පාවිච්චි කරලා හදන බඩු භාවිතා නොකර ඉන්න පුළුවන්,

එහෙමත් නැත්නම් කන්න කෑම ටිකක් දීලා බඩ පුරවන්න පුළුවන්,

ලෙඩ උන සතෙක් හිටියොත් බෙහෙත් කරන්න පුළුවන්

ගෙදර ඉන්න මැස්සෝ මදුරුවෝ මකුණෝ මීයෝ හූනන්ගේ ඉදලා නොමරා සහයෝගයෙන් ඉන්න පුළුවන්,

ඇගේ ඉන්න ඇහැට පේන උකුනාගේ ඉදලා බඩේ ඉන්න පනුවා දක්වා අනුකම්පා කරලා බෙහෙත් නොබී නොගා ඉන්න පුළුවන්

ටිකක් එක්ස්ට්‍රීම් වෙනවානම් ආපහු ගල්ගුහා වලටම යන්න පුළුවන් අපි සත්තු එක්ක උන්ගේ බිම සහයෝගයෙන් බෙදා ගන්නවා කියලා. එහෙම අමාරුනම් අර කැලේ ඉදලා ගම් වදින් සත්තුන්ට විදුලි වැටවල් නොගහ හක්ක පටස් නොතියා වෙඩි නොතියා වත්තේ තියෙන දෙයක් කාලා ඉදපල්ලා කියලා ආතල් එකේ ඉන්න පුළුවන්.

ඔය හැම එකාගෙම සත්ව කරුණාව සාපෙක්ෂයි බං. ඉපදිච්ච දවසේ ඉදලා අපි ඔක්කෝම සත්තුන්ට කෙලවලා දැන් කරන්නේ අපිට දැනෙන සතාට විතරක් පව් කියන එක.

ඔච්චරටම සත්තුන්ට ආදරේ එකෙක් ඉන්නවනම් වරෙන් මට උඹට නොබෙල් සාම තෑග්ග අරන් දෙන්න

අම්මාවරුන්ගේ දිනය


365 දවසම අම්මා ගැන සොයාබලන අම්මාගේ සතුට ගැන හිතන දරුවන්ට අමුතුවෙන් අම්මාවරුන්ගේ දින ඇවැසි නැත.

ඔබව දස මසක් කුසතුල තබාගන්න, මෙලොව එලිය දකින්නට වදන්න, මෙලොවට වැදගත් පුද්ගලයකු ලෙස හදන්න තම දිවියම කැපකල ඇයට සවියක් වෙන්න, සිනහවක් ගේන්න, ඇය ගැන සොයා බලන්න එක් දිනයක් ඇයි?

රෝහණ කේ අමරකෝන්

ඔබ ඔබේ විදියට සුන්දරයි.!


මේ ඉන්නෙ අපණ්ණකා කුළියාපිටිය. වෘත්තීයෙන් ගුරුවරියක්. ඇය රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුණා. .

රුසියානු කලාපයේ යුක්‍රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් තරගකාරීන් රැසක් මෙම තරගය සඳහා එක්වෙලා තිබුණා. නොවැම්බර් මාසයේදී ඇරඹලා තිබුණ මේ තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරී පත්වන්නට අපේ අපණ්ණකා සමත් වුණා. මෙම තරගාවලියේ අවසන් වටය සඳහා තේරී පත්වූ තරගකාරීන් අතර කළු හමක් සහිත තරගකාරියක වූයේ අපණ්ණකා විතරයි..

වැදගත්ම දේ අපණ්ණකා නංගි කියපු මේ කතාව..

” ලංකාවේදී මට අනන්ත ප්‍රශ්න වුණා. හිත් රිදුණ ඒවා තමා වුණේ. හම සුදු කරගන්න ක්‍රම හොයලා බලන්න කිව්වා. නමුත් මම කැමති මගේ ස්වාභාවික විදිහට යන්න. මම කළුයි. ඒත් මට කවදාවත් සුදුවෙන්න ඕන වුණේ නෑ. මගේ දත්වලට පවා චෝදනා කරපු අවස්ථා තිබුණා. දත් හදාගෙන එන්න කිව්වා. නමුත් මෙහෙ මට ස්වාභාවික විදිහට ඉස්සරහට යන්න ඒක තමා හොඳ කිව්වා. මම මාව හැටියටම ඒ අය පිළිගත්තා. මාව වෙනස් කරලා ගන්න දිනුමක් මට වැඩක් නෑ .”

මෙම තරගාවලිය රුසියාව, ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි රටවල වාර්ෂිකව පවත්වන තරඟයක්. මෙවර තරගාවලියේ අධ්‍යක්ෂ ලෙසින් ඇලෝනා රොෂෙල් නැමති අය කටයුතු කරලා තිබුණා.. පහුගිය 24 වෙනිදා තමයි තරඟය තිබිලා තියෙන්නෙ.. සිය උසස් අධ්‍යාපනය හදාරමින් රුසියාවේ පිටර්ස්බර්ග්හි දිවිගෙවන අපණ්ණකා නැගණිය අපට හොඳ අාදර්ශයක් සහ පණිවිඩයක් දීලා තියෙනවා.

කවදාවත් තමන්ගෙ හමේ වර්ණය ගැන පසුතැවෙන්න එපා. සුදු කරන්න විවිධ විෂ වර්ග ආලේප කරගෙන හෝ ශරීරගත කරගෙන පිළිකා වලට ගොදුරු වෙන්නත් එපා.!

ඔබ ඔබේ විදියට සුන්දරයි.!

පූර්ණිමා චාරුණී බණ්ඩාර

රොටියාගේ ආදර කතාව


එක එක වැඩ වැටුන නිසා
දින හතේම වැඩත් නිසා
කොල්ලා හරිම බිසි නිසා
කතා ලිව්වේ නැ එනිසා

ඉස්කෝලේ පරණ කතා එක එක අය කියන්නේ
පරණ කතා රස කර කර හරියට හිනැහෙන්නේ
වස ලැජ්ජා උනානේ කියලා සමහරු බනිමින්නේ
රොටියාගේ ආදර කාතාවයි මින් මත්තට එන්නේ

කෙල්ලෙක් හිටියේ බටු ඇට දෙකකින් වත් උස නෑලු
ඉන්නෙ වැලිමඩයි කිව්වාට බෝඩිම මහ උල්පතලු
රොටියා ට්‍රයි කරත් කොච්චර ඒකි හරි ගනන්ලු
යාළු කරගන්න රොටියා ගහන ප්ලෑන ලොකුලු

අට වසරේ මුලදි ඕක හිතේ තිබ්බා කියලා
නාට්ටියේ මහෝෂධට රග පෑවා කියලා
අඹ ගහයට පන්ති ටිකට එනකම් යයි සිතලා
තැන ගත්තා හැම සමිතියේම බොහො දුර දිග හිතලා

කොල්ලෙක් ට්‍රයි කරයි රොටියගේ මේ කෙල්ලට
අප්පා ආගමයි ඌගේ කියා දුන්නේ නිතරම අපිට
දක්වා සිල්ප බෑ ගනු කෙල්ලගේ කැමත්ත අතට
ගත්තා පුරුෂ දහිරිය යන්නට මම සටනට

සිකුරාදාක ඌ දිව එන්නේ මගෙ දෙසට
රොටියා බඩ්ඩක් තියේ උඹ එනවද උදව්වට
හිත ගිහිල්ලා තියෙන්නේ මගේ කෙල්ලෙක්ට
අහමුද අදම හෙට නිවාඩු මාසෙකට

මහෝෂධට රග පෑ වාසනාවට
නුවණක් පහළ උනි මගේ හොද වෙලාවට
නොකියා හිටියමුත් ඇගේ ආලේ මෙමාහට
අදනම් දනිමි නුඹ ආලෙද නැද්ද මට

අඹ ගහ යටදි කෙල්ලව අල්ලා ගන්නේ
ටවුමට යනතුරුම ඈ පාගමනින් යන්නේ
යාළුවා ඉස්සරහා කොට මම පස්සෙන් යන්නේ
ධර්මාශෝකේ ලගදී හද ගිනි ගන්නේ

ලොක්කෙක් උනත් ආදරයෙදි වෙයි පැරදි
යාලුවෙක් නිසා වෙන්නට යයි වැරදි
කෙල්ලත් එක්ක යාළුවා ගොඩගියොත් දුකදි
ඉන්නේ කොහොමදැයි ඉවන්සන් හෙට දිනදි

සරසවිය ලගදි කොල්ලා වචනය ඇහුවේ
කෙල්ලත් ඒ අසා හොදටම හොල්මන්වේ
දැන් දැන් හද පැලි යයි තනියම හීනලොවේ
කෙල්ල බලයි මාදෙස ඇස් කෙලින්ම වේ

ඔයා මගේ පන්තියේ ඉන්නා හින්දා
හිතුවේ යාළුවෙක් හොද යයි සැමදා
ඉන්නවා කෙනෙක් මගේ හිතේ සදා
සමාවෙන්න මට බෑ ඒහින්දා

කෙල්ලගේ උත්තරේ මට නම් නෑසෙන්නේ
බොම්බයි මොටයි වූ මූනෙන් ඌ එන්නේ
අම්මපා ඇත්ත බැ කියලා සුවර් මනේ
කෙල්ලගේ හිතේ කව්දැයි දැන් මම දන්නේ

වචනෙන් ආදරය ගැන කියන්න ඕනිමද?
ලියුමෙන් ආදරය ගැන කියන්න ඕනිමද?
කයියෙන් ආදරය ගැන කියන්න ඕනිමද?
හැගුමෙන් ආදරය ගැන කියන්න බැරි මන්ද?

කවියෙන් කියුම මම මෙතනින් නවතන්නේ
මම හැර අනික් අය ගැන සමහරු දන්නේ
අපි තුන් දෙනා තුන් තැන දැන් සැන සෙන්නේ
පරණම කතන්දර දැන් රස වෑහෙන්නේ

නැවත හමුවන තුරු…..

රෝහණ කේ.

පෙම්වතියන්_වර්ග


  1. කුළුඳුල් පෙම්වතිය
    මේ ඔබගේ ප්‍රථම පෙම්වතියයි. ජීවිතයට අමතක නොවන මතක රැසක් හිමිකරදුන් තැනැත්තියකි. කෙසේවෙතත් මැය සමඟ ඇතිවන ප්‍රේම සම්බන්ධතාවය කෙලවී වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය. එහෙමත් එකෙක් දිගටම අල්ලාගෙන සිටීමට සමත් වේ. පසුකාලීන ප්‍රේම සම්බන්ධතාවලදී මැය නිසා කොල්ලාට බොහෝ ප්‍රශ්න කරදර වලට මුහුණ පෑමට සිදුවේ. කෙසේ වෙතත් සුන්දර එකියකි.
  2. ලොකුසීන් පෙම්වතිය
    ඉන්නේ අලි පුකෙංය. කොල්ලා මැයගේ පස්සෙං ගොස් මැයව සෙට් කරගත් නිසා ඔහුටද ගොබ්බා සේ ඉඳීමට සිදුවේ. පෙම්වතා කිසියම් අවස්තාවක ලොකු සීන් එකක් දැමීමට යන විට ‘ මම නෙමෙයිනෙ, තමුසෙනෙ මගෙ පස්සෙං ඇවිත් යාලු උනේ ‘ මැයෙන් අසාගැනීමට සිදුවේ. ඉතාමත් කෙටිකාලීන සම්බන්ධතාවක් ඇති පෙම්වතියකි.
  3. සන්තාප පෙම්වතිය
    මැය සමඟ ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතුවේ. සුළු දෙයින් පවා කම්පනය වී දොම්නසට පත්වී කඳුළු සලයි. හාවියන් වැනිය. මුහුනේ හිනාව අල්පය. සියුමැලිය. ශරීරය සීතලය. හිත බොහෝ දුරට තරමක් හොඳය. එතරම් විනෝදකාමී නොවන අතර හුදෙකලාවට පෙම්කරයි. තේරුම් ගැනීමට තරමක් අපහසුය.
  4. ලෙඩ පෙම්වතිය
    ලෙඩ පෙම්වතියන් දෙයාකාරයක් වේ. කොටසක් ඇත්තටමය අනෙකුන් පොයියට ලෙඩය. ඇත්තටම ලෙඩ උන් නම් පවුය. කෙසේ වෙතත් දෙපිරිසම අවුරුද්දේ වැඩි කාලයක් රෝගී තත්ව වලින් පීඩා විඳිමින් කාලය ගෙවයි. ආතල් දැමීමට පෙම්වතාට අවකාශයක් හිමි නොවන අතර එසේ යැයි කියා පෙම්වතියව හැරයාමට තැත් කලහොත් කිසිදු හිතක් පපුවක් නැති අසමජ්ජාතියෙකු ලෙස විරුදාවලී ලබන්නට ඔහුට සිදුවේ.
  5. නොදුටු පෙම්වතිය
    පෙම්වතා මැයව සියැසින්වත් රූපරාමුවකින්වත් දැක නැත. අන්තර්ජාලය මගින් හෝ දුරකතන මාර්ගයෙන් දෙදෙනා ප්‍රේම සන්නිවේදන කටයුතු පවත්වාගෙන යයි.
    මුණ ගැසීමට ආරාධනා කලද එම ආරාධනා කිසිවක් පිලිගන්නේද නැත. බොහෝ විට කොල්ලාව ගොනාට අන්දා ව්‍යාජ ලෙස තවත් කොල්ලෙකු විසින්ම පෙම්වතියක් සේ රඟපා බයිට් කරනවා විය හැකිය.
  6. නිශාචර පෙම්වතිය
    සෙට් කරගන්නටනම් එපාය. බැරි වෙලා හෝ යාලු උවහොත් පෙම්වතාට නිදාගැනීමට සිදුවන්නේ නැති ය. රාත්‍රී ගෙවී ගොස් පසුදා පහන් වන තුරුම පෙම්වතා සමඟ සංවාදයේ යෙදෙයි. ජංගම දුරකතනයේ night time pacage සක්‍රීය කරගෙන ඇත. Hutch සිම් එකක් භාවිතා කිරීමට වැඩි ඉඩකඩක් ඇත. වැඩක් නැති එකෙකුට මිස අනෙක් කිසිවෙකුට පෙම්වතිය කරගැනීමට යෝග්‍ය නොවේ.
  7. ෆ්‍රීඩම් පෙම්වතිය
    පවුල සමඟ සම්බන්දතාවය දුර්වලය. මැය වටා ඇති වැට ඉනි බාධක ඉතා අඩුය. පහසුවෙන් ලඟා විය හැකි ඉලක්කයකි. කියන දේකට නොපැකිලව මනාපය දෙයි. නමුත් මැය සමඟ කාලය ගතකිරීමට මිල මුදල් මනාව උවමනා වේ. පරම්පරාවෙන් උරුම වතු පිටි දේපල හෝ යාන වාහන නොමැති අයෙක්නම් මෙවැනි පෙම්වතියක් සොයා නොගත්තාට කම් නැත.
  8. දෙමාපිය පෙම්වතිය
    ගමන් බිමන් මව හෝ පියා සමඟ ය. නිදාගන්නේ මවගේ කාමරයේය. ආහාර පාන කැවීම පෙවීම, කක්ක දැමූ පසු පස්ස සේදීම ආදී සියලු කටයුතු සිදුකරන්නේ දෙමව්පියන් විසිනි. හදිසි අවස්තාවක උව දුරකතන ඇමතුමක් ලබාගතහොත් ‘ අම්ම ලඟ ඉන්නව දැං කතා කරන්න බෑ ‘ කියයි. මෙවැනි පෙම්වතියක් සමඟ කල් ගෙවීමට නම් ඔබට මනා ඉවසා දරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුය.
  9. ලිංගික පෙම්වතිය
    ( අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. ඔබේ යටි සිතට දැනෙන දේ මා කීවා යැයි සිතා ගත්තාට කම් නැත. )
  10. අමද්‍යප පෙම්වතිය
    තරමක් සැර එකියකි. පරුෂ වචනද දනී. මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව විරුද්ධය. එසේ උවද මැයට සෙට් වන්නේම අමු බේබද්දන්‍ ය. සෙට් කරගත් පසු ඔහුට නානාප්‍රකාර කරදර බාදක හින්සා පීඩා තර්ජන වලට මූණ පෑමට සිදුවේ. බාදක මැඩගෙන ගේම ගසන උන් බහුතරයක් මැද මැය වැන්නියන් නිසා මත්ද්‍රව්‍ය සටන අතහැර සිරිමත් වැනි යහපත් දරුවන් වන පෙම්වතුන්ද සිටියි.
  11. පම්පෝරි පෙම්වතිය
    නැති දෙයක් නැතිය, නොදන්නා දෙයක්ද නැතිය. සෑම දෙයින්ම අග තැන්පත්‍ ය. හැම දෙයකම හොඳම ඒවා ඇත්තේ ඇගේ පවුලේ උන්ටය. උන් බෙට්ටක් දැම්මත් එයද ඉස්තරම් ය. මැයගේ පම්පෝරියේ අයුරට කසාදයක් කරගන්නවානම් ඇයට ගැලපෙන්නේ ඩිකැප්‍රියෝ වැනි එකෙකි. පෙර ආත්ම වල පාපකර්ම සිදුකල පුද්ගලයන්ට සෙට් වේ.
  12. සංවත්සර පෙම්වතිය
    එක්තරා ආකාරයක බෝම්බයකි. අහු උනොත් කුඩු ය. අති විශිෂ්ට ඝණයේ මතක ශක්තියක් ඇති එකියකි. බෙල්ල පලමුව සිපගත් දිනය, දෙදෙනාම එකට ලැට් එකට ගිය දිනය, මංගල බොක්ස් චිත්‍රපට දර්ශනය ආදී එකී මෙකී නොකී දහසක් දින වකවානු ඔලුවේ තබාගෙන ඒවා සැමරීමට අවශ්‍ය යැයි මැසිවිලි නගයි. ‘ බබා ඔයාට මතකද අද දවස මොකද්ද කියලා ? ‘ යන්න නිතර දෙවේලේ උදේ පාන්දරට අසනා පැනයකි. මේ කිසිවක් මතකයේ තබා නොගන්නා පෙම්වතා ඉතාමත් අභාග්‍යසම්පන්න ඉරණම් වලට ගොදුරු වේ.
  13. ෂොපින් පෙම්වතිය
    ඉතා සුලබ සත්ව විශේෂයකි. බොහෝ විට හොඳ සල්ලිකාරයෙකු සමඟ සෙට් වේ. ඉතින් එදා පටන් සතියට අවම හතරපස් වතාවක්වත් කඩසාප්පු වන්දනාවේ යෙදෙයි. පෙම්වතාව ඉතාමත් චාටුවෙන් හා ප්‍රීතියෙන් තබාගැනීමට ගුප්ත හැකියාවක් ඇත. පෙම්වතා මොක කෙරුවත් කිසිවිටෙක බනින්නේ නැත. ඒ ඇයගේ දීමනා කපාහරී යැයි බියෙනි. කෙසේ වෙතත් මැය වැන්නියක් සෙට් උවහොත් ජංගියේ සිට නියකටර් එක දක්වා ඇයට අවශ්‍ය සියළුම දේ ඔබටත් නොදැනී ඔබගෙන් ගලවාගනී.
  14. විචිකිච්චා පෙම්වතිය
    සෙට් ඌවොත් සැනසිල්ල සහමුලින්ම නැතිවී චුත වී බොක වී වියැකී යයි. ඔබ මොක කෙරුවත් සැකය. කුමක් පැවසුවත් ඇය සිතන්නේ ඔබ ඇයට වංචාවක් බොරුවක් කරනවා කියා ය. හැබැයි පුතේ ඔබේ අල්පෙනිත්තක තරම් හෝ වැරැද්දක් ඇය සොයාගත්තොත් එදාට ඔබට බඩු බනිස් ය. මේ සම්බන්දතාවයේදී ඔබට ප්‍රේම කිරීමට වඩා තර්ක කිරීමට සිදු වේ.
  15. බඳිනකල් බෑ පෙම්වතිය
    තම ආත්මගරුත්වය පිලිබඳ නොසෑහෙන හිතනා පෙම්වතියකි. ඔබ මොන දේ කිරීමට අවැසි යැයි පැවසුවද ඇය කියනුයේ බැන්දට පස්සෙ කරමු කියාය. කොටින්ම කෙටි පණිවිඩයකින් ආදර හාද්දක් එවීමටද ඇයට හැකියාවක් පවතින්නේ කසාදයෙන් පසුවය. බාගදා ඊට හේතුව පෙම්වතා පිලිබඳ පවතින සැකය විය හැකිය. කෙසේ වෙතත් විවාහය තෙක් ඇය සමාජයේ සිටිනා වෙනම ගැහැණියක් හා ඔබ වෙනම පිරිමියෙකි.
  16. FCID පෙම්වතිය
    පුතේ සෙල්ලම් කරන්නටනම් හදන්න තියා හිතන්නවත් එපාය. යටිකූට්ටු ගේම් විශාරද පෙම්වතියක් ය. තමන්ගේම යහලුවෙක් ලවා ආදර ලීලාවෙන් තම පෙම්වතාට පණිවුඩ යවා ඊට ඔහුගේ ප්‍රතිචාර බැලීම ප්‍රසිද්ධ උපක්‍රමයකි. දෙයියනේ කියා මැයවැන්නියන්ට සෙට් වන්නේද එවැනි ගෝත වැඩ වලට පටස් ගාලා හසුවන බූරුවන් ය. එදාට ඉතිං සදා සොත්ති ය.
  17. බොලඳ පෙම්වතිය
    ලව් කිරීමට නම් අගනේය. හරිම ගොං ය. සාමාන්‍ය දැනීම බිංදුවකි. සත පහක සමාජ අවබෝධයක් නැති ය. මවක සේ පියෙකු සේ සෑමදේම ඔබ විසින් පහදා දිය යුතුය. එසේ පහදා දුන් පසු ඔබටද ඇර වෙනකෙකු හා යෑමට ඉතා ඉහල සම්බාවිතාවක් ඇත. ප්‍රවේසමෙන් ගනුදෙනු කිරීම මැනවි.
  18. ධාර්මික පෙම්වතිය
    ඉතාමත් සංවරය විනයගරුකය ප්‍රියමනාපය. ඔබට ඔබගේ ජීවිතයට නොමනා අවවාද අනුශාසනා නිරන්තරයෙන් පාහේ ලබාදේ. දැඩි මතදාරී ඇත්තියකි. පන්සලට පල්ලියට කෝවිලට පෙම්වතාද කැටුව යයි. සාමකාමී සැහැල්ලු ආදර සම්බන්ධතාවයක් මැය සමග පවත්වාගෙන යාමට හැකිය.
  19. පටිපාටිගත පෙම්වතිය
    සෑම ක්‍රියාවක්ම සිදුකරන්නේ කාල වකවානුවකට අනුව පටිපාටිගතවය. සෙට් වනවානම් ඔබගේ ටයිම් මැනේජ්මන්ට් අංශය ඉතා ඉහළ ස්තානයක තිබිය යුතුය. දවසේ සෑම වෙලාවකම ආදරය නොකරන අතර කාලසටහනකට අනුව යොදාගත් වේලාවන්හීදී පමණක් පෙම් සුව විඳීමට හැකිය.
  20. අන්දොස් පෙම්වතිය
    ඇයද ඔබට ලව් ය, ඔබද ඇයට ලව් ය, දෙදෙනාම සෙට් වීද සිටින්නේ ය. නමුත් ඔබ දෙපලට කතා කිරීමට හෝ මුණ හැසීමට හෝ පණිවුඩ හුවමාරු කරගැනීමට කිසිදු හැකියාවක් නැත. දෙදෙනා දෙපසකට වී අර මගේ එකා යැයි පවසමින් ඔහේ වාසය කරයි. බොහෝ විට අමතර පංති වල මෙවැනි පෙම්වතියන් බහුලව වාසය කරයි.
  21. සමාජ මාද්‍ය පෙම්වතිය
    රිලේශන්ශිප් ඉස්ටේටස් දමා, යන එන සෑම තැනකදීම යුගල චායාරූප ගෙන, ඒවා ප්‍රසිද්ධ මාද්‍යට මුදාහැර ලෝකයාට ෂෝ දැමීමට මෙන් ආදරය කරයි. බොහෝ විට මැය එසේ හැසිරෙන්නේ මැයගේ පරණ පෙම්වතෙකුට රිදවීමට හෝ මැයගේ යහලුවන්ට ඊර්ශ්‍යා සිතීමටය. ඇය එසේ සිතුවත් අනෙකුන් ඒවා පඩේකට මායිම් කරන්නේ නැත. සමාජයට විහිළුවකි.
  22. රිලේශන්ශිප් ගෝල්ස් පෙම්වතිය
    එක හා සමාන යුගල ඇඳුම්, යුගල හිස් වැසුම්, යුගල දත් බුරුසු ආදී නොයෙක් බහුබූත දේ යුවල බාවිතා කරයි. එය ඇයට ෆුල්ම ආතල් එකකි. මීට් වීමට පැමිනෙන්නේද දෙදෙනාම එකම වර්ණයෙන් යුත් සළුපිලි වලින් සැරසීමෙන් ය. රැල්ලට සුද්දන් සිදුකරන සෑම පුකක්ම තම පෙම්වතා හා අත්හදාබැලීමට අවැසි එකියකි. ජීවිතයට සුන්දර මතකයන් රැසක් එකතු කරනා පෙම්වතියකි.
  23. ඩබල් ගේම් පෙම්වතිය
    ( නම කියූ සැනින් ඔබට අවබෝධයක් එතැයි සිතමි. එනිසා අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටිමි. )
  24. වියදම් පෙම්වතිය
    සෙට් කරගන්නවානම් බඩු මේවාය. පෙම්වතාගේ සෑම දෙයටම නොපැකිලව ලොස් නැතුව වියදම් දරන්නීය. ඇඳුම් පැලඳුම්, පංති ගාස්තු, රීලෝඩ් එකේ පටන් බස් ටිකට් එක දක්වා සියළුම වියදම් පිරිමහන්නේ මැය විසිනි. එලකිරි කෙල්ලන් ය.
  25. බේබදු පෙම්වතිය
    තවත් එක්තරා ආකාරයක එලකිරි පෙම්වතියන් විශේෂයකි. වර්තමානයේ බහුලව දකින්නට හැකියාව ඇත. දුම් පානයේදී ඩන්හිල් පමණක් බොයි. වයින් බීමට වැඩි කැමැත්තක් දක්වන අතර බියර් ද බොන උන් සිටියි. බේබදු පෙම්වති තනතුරේ උපරිමේටම පිය නැගූ පෙම්වතියන් ගල් අරක්කු උව පැකිලීමකින් තොරව භාවිතයට ගනියි. ජීවිතේ ආතල් සොයනා උන් ය.
  26. ට්‍රැවලිං පෙම්වතිය
    ඔබට වාහනයක් හෝ තැපැල් නයින්ටියක්වත් නොමැතිනම් සෙට් කර නොගත්තාට කමක් නැතිය. ට්‍රැවලිං ඊස් ලයිෆ් ය. ඔබට ආදරේ කරන්නේ ට්‍රැවලිං වලට පසුවය. සති අන්තයේ කොහේ හෝ දුර ඈත පලාතක අස්සකට රිංගීමට අවශ්‍යය. ඔබ ඇයගේ අවශ්‍යතාවය ඉටු කිරීමට අපොහොසත් උවහොත් හැකි එකෙක් සොයාගෙන ඇය සංචාරය කරයි.
  27. මෝටිවේශනල් පෙම්වතිය
    හොඳ එකියන් ය. ජීවිතේ නස්පුක් වන අයුරින් කෙලවාගත් උන් සමග සෙට් වේ. පසුව ඔවුන්ට අවවාද අනුශාසනා ලබාදී ඔවුන්ගෙ ජීවිතය සාර්ථකත්වය කරා ලඟාකරගැනීමට වෑයම් කරයි. එය ඇයට ආත්ම තෘප්තියකි. සෙට් පී ගොඩ යන උන් සේම සෙට් වී මැයටද යනේන මං නැති කරන සුපිරි ඩයල් සිටී.
  28. තරහ පෙම්වතිය

දවසට හත් අට වරක් වත් වලියක් දාගනියි.ගේම ඉල්ලා තරහා වීම ඇයගේ ආතල් එකයි.එසේ නොවන දවසක් තිබුණහොත් එය ඇගේ ජීවිතයේ අසම්පූර්ණ දවසක් සේ දැනෙයි. පෙම්වතාටත් මෙය හුරුය. සම්බන්ධතාවය දීර්ඝකාලීන එකක් දක්වා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

  1. ඉංග්‍රීසි පෙම්වතිය

අපේ අම්මේ අහලකින්වත් යන්නට එපා ය පඩ ෂෝ ලෝකයකි අහන්නේ ඉංග්‍රිසි සින්දු ය. කන්නේ නම් දැරූ තැන්වලිනි. සරලකම ලැජ්ජාවක් සේ දකියි. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. ඉතා ශබ්දනගා පිරිස ඉන්නා තැන්වලදී කතා කරයි.වටේ ඉන්න මිනිසුන් “මේ මොන හුත්තක්ද” ආකාරයේ බැලුම් හෙලයි. වලියක් ගිය පසු පෙම්වතාට බනින්නේද ඉංග්‍රීසියෙනි. “යු නො බබා. අයි රියලි හේට් ඉට් බබා. ප්ලීස් ලීව් මි එලෝන්” ගගා පෙම්වතාට නිතර පාහේ තපලයි

  1. තහංචි පෙම්වතිය

ඔබත් සමග සෙට් වන්නේ නීති රීති හා රෙගුලාසි මාලාවකට ඔබ ඔබගේ අවනතභාවය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එතැන් පටන් ඇගේ කීමට ඔබට නටන්නට සිදුවනවා ඇත. ඇයට අවැසි විට එම නීති ඇයට වාසිදායක ලෙස සංශෝධනයන්ට භාජනය කරයි. සෙට් වුණා යනු ඔබ හිරේ විලංගුවේ වැටුනා හා සමානය. ඈත්වී සිටීම යෝග්‍ය ය

  1. මනෝ පෙම්වතිය

මැය කොල්ලෙකුට ලව්ය. එම කොල්ලාද මැයට ලව් ය. එහෙත් දෙදෙනාට දෙදෙනා තවමත් එකිනෙකාට අදහස් හුවමාරු කරගෙන නොමැති නිසා දුරින් හිඳ සිතින් පමණක් පෙම් කරයි. වෙන එකෙක් හා සෙට් වන්නේද නැතිය. බොහෝ විට අවසානයේ ආදර කතාව ගොළුවතින්ම නිමවී යයි. සමාජය තුළ වැඩියෙන්ම පාහේ දැකින්නට ලැබෙන පෙම්වතියන් කොටසකි

උපුටාගැනීමකි ☹️😋

එයාට ඒඩ්ස්


කියව
ඉතා රූමත් යුවතියක්, මනෝ චිකිත්සකයෙකු වෙත ගියාලු…..
යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට ආකර්ශනය විය…
එ් නිසාම ප්‍රතිකාර සඳහා ඔහු ඇයව කාමරයෙ සයනය මතට කැඳවා ගන්නවලු…
“දැන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ…? ” ඔහු ඇය ඇඳ මත වාඩි කරවා ගනිමින් ඇසිය.
“ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බැන්නා…” ඇය දුකින් කිවාය.
“පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් ඒ වගේ වචනයක් නම් කියන්න හොද නෑ. එ්ත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපැයි…” මනෝ චිකිත්සකවරයා කීවේය.
“එයා මාව සිප ගත්තා…” ඇය බිම බලාගෙන කීවාය.
“ඒ කියන්නේ මේ විදිහටද…?”
අසමින් ඔහු ඇගේ මුහුන සිප ගත්තේය.
“ඔව් ඒ විදිහට තමා…” ඇය කිවේය.
“ඒ උනාට අර තරම් වචනයක් කියන්න එතන වැරැද්දක් මට පෙන්නේ නෑ” ඔහු කීවේය.
“එයා මාව අත ගාන්න පටන් ගත්තා…” ඇය කීවේය.
“මේ විදිහට ද?”
චිකිත්සකවරයා ඇයව ස්පර්ෂ කරමින් ඇසිය.
“ඔව් එහෙම තමයි”
“එ්කත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ…”
“එ්ත් ඊට පස්සේ එයා මගේ ඇඳුම් ගැලෙව්වනේ…”
“මේ විදිහටද…?”
අසමින් චිකිත්සකවරයා ඇගේ ඇඳුම්
ඉවත් කලේය.
“ඔව් ඒ විදිහට තමා…” යුවතිය
ලැජ්ජාවෙන් කීවාය.
“ඉතින් ඒකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ…”
“එයා මගෙත් එක්ක අඹු සැමි සබඳතාවයක් පැවැත්තුවා…”
“මේ විදිහටද…” අසමින්
මනෝ චිකිත්සකවරයා ඇය සමග අඹු සැමි සබඳතාවයක් පැවත්තුවාලු.
“ඔව් එහෙම තමයි…” යුවතිය පිලිතුරු දුන්නාය.
“ඉතින් එ්කත් බනින්න තරම් හේතුවක් නෙමේනේ…”
“එ්ත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස්
හැදිලා තියෙන්නෙ කියලා…” ඇය මහත් දුකෙන් කීවාය.
“කාලකන්නි_ මූසලී”
මනෝ චිකිත්සකවරයා බෙරිහන්
දුන්නේය.

නූතන මව්වරු


ඇන්දෙ නෑ රෙදි හැට්ට හරි නැද්ද මන්දා
බැන්දෙනැහැ ගෙඩිකොන්ඩ කොන් වෙයිද මන්දා
නිදි මරනු බැරි හින්ද පැම්පර්ස් දැම්මා
ලේත් කිරි කරන් බර දස මසක් වින්දා

වඩාගෙන යන්නෙ නැහැ වැඩි දුරක් නුඹව
ගෝකාර්ට් එක ගත්තා විසි දහයි ගණන
පහසුවයි මන් බැලුවෙ හැමවිටම නුඹට
අනේ මොන කෝලම්ද ඇහුන මගෙ කනට

නොතිබ්බට මුව පුරා කළු පාට මොට්ටු
නොලිව්වට ගේ පුරා බාලගිරි මට්ටු
එල්ලුවේ නැතිඋනත් අඹ කොහොඹ අතු
හැබැයි නුඹ රකිමි මම පන තියනතුරු

අත් කකුල් බකල් බව නැන්දලා කිව්වා
අත ගගා අඹරවා ඇද අරිනු බැලුවා
අනේ ඔය පුංචි අත් රිදෙයිදෝ සිතලා
නැන්දලා එද්දි නුඹ නිදි කරව ගත්තා

රෑට නුඹ නැගිටලා හොඳටෝම ඇඬුවා
තනියෙන්ම නිදියන්න මන් පුරුදු කෙරුවා
නින්දෙනුත් යටි හිතින් නුඹ ගැනම සිතුවා
අනේ මුන් අම්මලද නැන්දලා ඇහුවා

දස මසක් නුඹ දරන් හිටපු බර හින්දා
හුඟක් බඩ ඇවිත් දැන් ලෙඩ වෙයිද මන්දා
මගෙත් තරුණම කාලෙ තව ගෙවෙන හින්දා
රෑට පැය බාගයක් ජිම් එකට දිව්වා

ළමයෙකුත් හම්බුනා නොවැයි මේ ලඟදි
තාම කෙල්ලෙක් වගේ හැසිරෙන්න නොවටී
අඳින්නෙත් ඩෙනිමමයි හරි නෑනෙ නංගී
කිව්ව තව ගෑනියෙක් පෙරේදා මගදී

දහක් දුක් විඳ උගත් රැකියාව හින්දා
තුන් මහෙන් පසු නැනී කෙනෙක් ගෙන ආවා
අප්පච්චි එක්ක මන් එක්වෙලා හොයනා
හැම සතේ නුඹේ හෙට දවසටම ලිව්වා

මමත් මගෙ ජීවිතේ සතුටින්ම විඳලා
නුඹට යහපත් හෙටක් හදනවා මතුදා
නාකි වීලා අපට වාරු නැති වනදා
අපිට අපි අද යමක් ඉතුරු කර ගත්තා

සම්ප්‍රදායෙන් මිදී ලෝකෙ දුටු හින්දා
ජීවිතේ රසමිහිර හරිහැටිම වින්දා
නාකි වී කුහකකම් නොකරන්න හිතලා
මෝස්‌තර හැම එකම අරන් මම ඇන්දා

නිදිවරන් දහ දුකක් වින්දෙ නැති හින්දා
සිව්වරම් දෙවිවරුත් තරහයිද මන්දා
පපුව පුපුරන තරම් ආදරේ පුරනා
බුදුවෙන්න පතන් නැති මම නුඹේ අම්මා… ❤️

(උපුටා ගැනීමකි)

අනියම් සම්බන්ධතාවල වගකීම් නෑ


“අනියම් සම්බන්ධයක් ඇතුලේ වගකීම් ඉටු කළ යුතුමයි කියලා කිසිම බැඳීමක් නෑ. කැමති නම් කරන්න පුළුවන්, නැත්නම් නිකං ඉන්න පුළුවන්. ඒක මාර නිදහසක්… ඔළුවට සැහැල්ලුවක්…”


කොච්චර බාධා තිබ්බත් ගොඩක් පිරිමි සහ ගැහැණු සම්මත කොටුවෙන් අසම්මත ගින්නට පනිනවා. ඒකට අපි කියනවා අනියම් සම්බන්ධතා කියල.සමහරු අනියම් සම්බන්ධතා කියන කලාව ඇතුළේ ඉන්න පිකාසෝලා. තවත් සමහරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වගේ අනියම් සම්බන්ධතා වලට ඇබ්බැහි වෙලා.

මේ අනියම් සම්බන්ධතා “අනියම්” වෙන්නෙ නීතියෙන්, සංස්කෘතියෙන් හෝ සදාචාරයෙන්. අනියම් සම්බන්ධයක් කරගෙන යනවයි කියන්නෙ පට්ට කට්ටක්. නීතියෙන් විවාහ වුණු husban / wife හෝ නිත්‍ය පෙම්වතිය/ පෙම්වතා එක්ක තියන “නියම” සම්බන්ධයට හොරෙන් තමයි “අනියම්” සම්බන්ධය හීනියට ලාවට බැලන්ස් කරගෙන යන්න ඕනෙ. මේ අනියම් නැව බැලන්ස් කරන එක හිතන තරම් ලේසි නෑ. පොඩ්ඩ ගැස්සුනොත් පෙරළෙනවා. එහෙම නැත්නම් ගිනි ගන්නවා. සදාචාරයෙනුයි නීතියෙනුත් තහනම් මේ අනියම් සම්බන්ධතා වලට කොල්ලො කෙල්ලො ගෑනු මිනිස්සු පෙළඹෙන්නේ ඇයි හත්ඉලව්වේ… මේක ගැන පොඩ්ඩක් ගැඹුරින් බලන්න ඕනේ.

ගොඩක් වෙලාවට මේ අනියම් සම්බන්ධතා sex පදනම් කරගෙන තමයි ඇති වෙන්නෙ. නිත්‍ය, නියම සම්බන්ධතාව ඇතුලේ තියෙන පීඩන, අසීමිත වගකීම්, නොගැලපීම්, පදනම් විරහිත චෝදනා, දුර්වලතා, නොලැබීම්, දරාගන්න අමාරු තැන්, කලකිරීම්, දුරස්ථ බව, sex අව්ල්, බෝරිං වීම්, අතෘප්තිය වගේ හේතු නිසා තමයි කවුරු හරි කෙනෙක් අනියම් සම්බන්ධයක් පටන් ගන්නෙ. ඊට අමතරව කුපාඩිකම, කුකුල් මානසිකත්වය, වනචරකම, සල්ලාලකම වගේ හේතුත් බලපානවා.

ඇත්තටම බැලුවොත් නියම සම්බන්ධයක වගකීම් ගොඩක් තියෙනවා. Husband ගෙන් wifeට සහ wife ගෙන් හස්බන්ට වෙන්න ඕන හක්ක දෝලනය වෙන – බොක්ක මෝහනය වෙන වගකීම් සහ යුතුකම් මාර ලෝඩ් එකක් සංස්කෘතියෙන් සහ නීතියෙන් පටවලා තියෙනවා. එතෙන්දි පවුලට අවශ්‍ය කරන භෞතික සැප සම්පත් හදාගන්න ඕනෙ. ජීවිත කාලෙටම පවුල වෙනුවෙන් මුදල් හොයන්න ඕනෙ. අනිත් කෙනා ගැන අසීමිතව හිතන්න ඕනෙ. දරුවෙක් හදන්න ඕනෙ. දරුවාගේ වගකීම් ඉටු කරන්න ඕනෙ. අනිත් එක තමයි පවුල් ජීවිතයක් ඇතුලේ හෝ නිත්‍ය ප්‍රේම සම්බන්ධයක් ඇතුලෙ තමන්ගෙ හිතුමතේට වැඩ කරන්න බෑ. අනිත් කෙනාගේ මතය ගැනත් සලකලා බලන්න ඕනේ. සමහර වෙලාවට හැමතිස්සෙම කරන්න වෙන්නෙ අනිත් කෙනා කියන දේවල්. බලාගෙන යනකොට නිත්‍ය, නියම සම්බන්ධතා කියන්නෙ මල මගුලක්නෙ යකෝ!!!!

ඒත් අනියම් සම්බන්ධයක් ඇතුලේ මේ කිසිම වගකීමක් නෑ. වගකීම් ඉටු කළ යුතුමයි කියලා කිසිම බැඳීමක් නෑ. කැමති නම් කරන්න පුළුවන්, නැත්නම් නිකං ඉන්න පුළුවන්. ඒක මාර නිදහසක්… ඔළුවට සැහැල්ලුවක්. අනියම් සම්බන්ධයක් ඇතුලේ තමන්ගෙ වගකීම් ඉටු කළේ නැහැයි කියලා මහා බරපතළ හානියක් සිද්ධ වෙන්නෙ නෑ.

අපිට නිත්‍ය සම්බන්ධයක් තියන husbandව wifeව girlfriendව boyfriendව අපි උදේ හවස දකිනවා. ඒකෙ අව්ලක් නෑ. ඒත් ඒ කෙනා ඕනවට වඩා වදයක් වේවි, ඇණයක් වෙවී, මානසික පීඩනයක් වෙවී උදේ හවස පේන්න දකින්න ඉන්නවනම් නිත්‍ය සම්බන්ධය නිට්ටාවටම එපා වෙලා යනවා. ඒත් නීත්‍යානුකූල husbandව wifeව, නිත්‍ය girlfriendව boyfriendව ඕන වෙලාවට ළඟට ගන්නයි එපා වෙලාවට ඈත් කරල තියන්නයි බෑනෙ. කැමැති වුණත් අකමැති වුණත් ළඟින්ම තියාගෙන ඉන්න වෙනවා. ඒත් අනියම් සම්බන්ධතාවක් පවත්වන කෙනාව අපිට හැමතිස්සෙම අසීමිතව මුණගැහෙන්නෙ නෑ. ඒ නිසා ඕන වෙලාවට ෂේප් එකේ ළඟට ගන්නයි, එපා වෙලාවට ෂේප් එකේ ඈත් කරලා තියන්නයි පුළුවන්. ගොඩක් වෙලාවට අනියම් සම්බන්ධය ඇණයක් වදයක්, මානසික පීඩනයක් වෙන්නෙත් නෑ. ඒ නිසා ගොඩක් අය අනියම් සුව විඳිනවා. ඩෝං. හොරෙන් කරනකොට වෙනම ආතල් එකක් තියෙනවයි කියනවනෙ.

නිත්‍ය, නියම සම්බන්ධයක් තියෙන කෙනත් එක්ක කරන්න බැරි ගොඩක් දේවල් අනියම් සම්බන්ධයක් තියෙන කෙනා එක්ක කරන්න පුළුවන්. ඩෝං. ගොඩක් වෙලාවට ලිංගික ක්‍රියාකාරකම් මේකට අදාලයි. අනියම් සම්බන්ධයක් ඇතුලේ දුරදිග බලන්නෙ නැතුව දේවල් කරන්න පුළුවන්. ඒත් නියම සම්බන්ධයක් ඇතුලේ මොකක් හරි දෙයක් කරනවා නම් අසීමිතව හිතන්න වෙනවා. ඒ නිසා නිදහසේ දේවල් කරන්න ගොඩක් අය තෝරගන්නෙ අනියම් සහකාරයාව හෝ සහකාරියව.

තමන්ගේ නිත්‍ය සම්බන්ධය පවත්වන කෙනා තමන්ගේ ළඟ නැත්නම්, ඔහු හෝ ඇය ඉන්නෙ වෙන රටක නම්, ශාරීරිකව දුරස් නම්, තමන්ගේ අවශ්‍යතා තෘප්ත කර ගන්නත් අනියම් සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒ වගේම නිත්‍ය සම්බන්ධය පවත්වන කෙනා තමන් එක්ක මානසිකව දුරස් නම්, ඒ මානසික රික්තකය පුරවගන්නත් ගොඩක් අය අනියම් සම්බන්ධතාවලට “hi” කියනවා.

“නියම” සම්බන්ධයක් සම්පූර්ණයෙන්ම නවත්තන එක ලේසි නෑ. තමන්ට අතහරින්න ඕන උනත් අනිත් කෙනාට අතහරින්න ඕනෙ නැත්නම් ගැටුමක් ඇතිවෙනවා. ඒ ගැටුමෙන් දික්විජය කරන එක ලෝක යුද්දෙකටත් වඩා අන්තයි. සොරි ඩොට් කොම් තමයි පුතා. ඩෝං!! කසාද බැඳලා නම් උසාවි යන්නත් වෙනවා. සමහරවිට වන්දි ගෙවන්න වෙනවා. ආතල් කුඩේ කුඩු වෙනවා.

ඒත් අනියම් සම්බන්ධතාවල ඔය කියන කිසිම අවුලක් නෑ. කැමති ඕනම වෙලාවක දමල ගහල යන්න පුළුවන්. එහෙම ගියයි කියලා අනිත් පාර්ශවය ලොකුවට ගේමක් ඉල්ලන්නෙ නෑ. මේ අනියම් සම්බන්ධය කොල්ලගෙ පැත්තෙන් වගේම කෙල්ලගෙ පැත්තෙනුත් අනියම්. ඒ නිසා මේ අනියම් බව ලීක් කරගන්නෙ නැතුව තියාගන්න නම් අනිත් පාර්ශවය දාලා ගියත් සද්ද නැතුව ඉන්න ඕනෙ. මෙතෙන්දි සද්දෙ දාලා ගේමක් ඉල්ලන්න ගිහිල්ලා කවුරුත් කාඩ් කුඩු කරගන්නෙ නෑ.

මේවා ඔක්කොම සලකා බැලුවහම අපිට පේනවා අනියම් සම්බන්ධයක් අත අරින්න ලේසියි කියලා. අතාරින්න විතරක් නෙමෙයි… අල්ල ගන්නත් ලේසියි. මේ අල්ලා ගැනීමේ සහ අතහැරීමේ පහසුව නිසා අනියම් සම්බන්ධය ඇතුලේ ලොකු නිදහසක් දැනෙනවා. මේ නිදහස භුක්ති විඳින්න ඕනම මනුස්සයෙක් කැමතියි. ඒ නිසා තමන්ගේ නීත්‍යනුකූල සම්බන්ධයට අමතරව අනියම් සම්බන්ධයක් හෝ අනියම් සම්බන්ධතා කිහිපයක් පටන් ගන්න මිනිස්සු පෙළඹෙනවා.

කවුරු කොහොම කිව්වත් කාලයක් යනකොට අනියම් සම්බන්ධකම් ගිනියම් වෙනවා. ඒ ගිනියම් බවින් ජීවිතය පිච්චිලා යනවා. ඒත් ගොඩක් අය පිච්චෙනවා කියලා දැන දැනම ගින්දරට පනිනවා.
උපුටා ගැනීමකි !