ඔබත් ඉදිරියේදී Flemingo ලගෙ පිංතූර ගන්න යන්න බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේක අනිවාර්‍යයෙන් කියවන්න.


ඔබත් ඉදිරියේදී Flemingo ලගෙ පිංතූර ගන්න යන්න බලාපොරොත්තු වෙනවාද? එහෙනම් මේක අනිවාර්‍යයෙන් කියවන්න.

දැනට ලංකාවෙ flemingo ල බලන්න පුලුවන් තැන් කිහිපයෙන් පහසුවෙන් සහ හොඳට බලන්න පුලුවන් තැන ගැනයි මේ කියන්නෙ.එතන නම කිවුවෙ නැතුවට ගොඩක් අය මේ වෙද්දි එතැන ගැන දන්නව.
පසුගිය දවසක දී අපි Flemingo ලා බලන්න ගිය ගමනකදි ලබපු අත්දැකීමක් මේ..

අපි එතනට යද්දි පාන්දර 4.30 යි.ඒ වෙද්දිත් එතනට flemingo ල පොඩි flock එකක් ඇවිත්.සමහරවිට උන් ටික රෑ එතනම හිටිය වෙන්නත් පුලුවන්.එ වෙලාවෙ තවම කලුවර හින්ඳ උන්ට නොපෙනී අපිට උන් ඉන්න තැනට කිට්ටුවෙන්න පුලුවන්වෙයි කියල හිතල ටිකක් කිට්ටුවට යන්න හැදුවත් අපිට තේරුනා උන් අපිව දැක්ක කියල.ඒක හින්ඳ අපි එතනම නැවතිලා ටිකක් එලිය වැටෙනකල් බලන් හිටිය පිංතූර ටිකක් ගන්න.එලිය වැටීගෙන එද්දි තව පොඩි පොඩි flemingo flock දෙක තුනකුත් එතනටම ආව. උදේ 6.15 – 6.20 විතර වෙද්දි Army එකට අයත් කලු පාට KDH වෑන් එකක ආපු දෙන්නෙක් වාහනෙන් බැහැල කෙලින්ම අපි හිටපු කිට්ටුවටම ඇවිදගෙන ආව.එක්කෙනෙක් ඇඳගෙන ආවෙත් රතුපාට ජැකට් එකක්.Flemingo ල ටික ඉගිලිලා ගියා.ඊටපස්සෙ ඒ ආපු දෙන්නත් ගියා.

ආයෙ පැය 1/2 කින් විතර තව Flemingo flock එකක් ඇවිත් අපිට ටිකක් දුරින් වැහුව.දුර වැඩිවුනත් අපි ඉස්සරහට ගියොත් උන් ටික ආයෙ ඉගිලිලා යාවි කියල හිතල අපි හිටපු තැනම ඉඳල පිංතූර ගන්න ගත්ත.ඊට ටිකකට පස්සෙ සුදු සහ කලු කාර් දෙකකින් ආපු කට්ටියක් කිසිම ආවරණයක් නැතුව කලපුවෙ බැහැල ඇවිදගෙන කෙලින්ම flemingo ලා ගාවට ගියා.එතනිනුත් දෙන්නෙක් ඇඳගෙන ඇවිත් තිබුනෙ තනි සුදු ඇඳුම්.ඒ Flemingo ටිකත් ඉගිලිලා ගියා.

ඊටපස්සෙ අපි එදා හවසයි පහුවදා උදේ 10.00 වෙනකලුත් එතනට වෙලා හිටියට එක flemingo කෙනෙක්වත් ආවෙ නෑ.නිදිමරාගෙන කිලෝමීටර් සියගානක් ගිහින් කට්ට කාලා හොඳ පිංතූර ටිකක් ගන්න තිබ්බ අවස්ථාව ආත්මාර්ථකාමී සහ තමන් පිංතූර ගන්න සත්තුන්ගෙ හැසිරීම පිළිබඳව කිසිම අවබෝධයක් නැති කිහිප දෙනෙක් හින්ඳ අපිට නැතිවුනා.ඒ වගේම එදා සහ පසුවදා විශාල දුරක් ගෙවාගෙන flemingo බැලීමටම පැමිණි කණ්ඩායම් දහයකට පමණම flemingo ලා නොදැක ආපසු යාමට සිදුවුනා.ඒ ක්‍රියාව සිදුකල අයගෙ පොටෝ මේකේ දාන්න පුලුවන්කම තිබුනත් එහෙම නොකර මේ විස්තර ටික විතරක් දැම්මෙ මේක දැකලවත් එයාලටම එයාල කරපු වරද තේරුම් ගනී කියල..

ඔබත් Flemingo ලා පිංතූර ගැනීමට යාමට අදහස් කරන්නේ නම් මේ කරුණු ටික සිතට ගන්න.

  1. Flemingo ලා බැලීමට යාමට ප්‍රථම උන්ගේ හැසිරීම් ගැන මූලික අවබෝධයක් ලබාගන්න – Flemingo ලා ඉතාමත් සංවේදී පක්ෂී විශේෂයක්.මිනිසුන් ඔවුන්ට ආසන්න වෙනවට ඔවුන් ටිකක් අකමැතියි.සාමාන්‍යයෙන් flemingo ලා උන්ගේ ඔලු වතුර තුල ඔබාගෙන කැම සොයමින් සහ හිස් ඉහලට ඔසව එකිනෙකා හා දබර කරගනිමින් හැසිරෙන අතර අනතුරක ඉව වැටුන විට රන්චුවම එකම දිශාවක් දෙස බලාසිටින අතර රංචුවම එක දිශාවකට ගමන් කරනවා.අනතුර පහව නොගියොත් රංචුවම එකවරම ඉගිලී ඈතට යනවා.මේ රංචුවේ ඇවිදීමට අපහසු ආබාධිත පක්ශීන් දෙන්නෙකුත් සිටිනව.උන්ට නිතරම ඉගිලෙන ගොඩබාන එක ගොඩක් අමාරුයි.ඒ ගැනත් ටිකක් හිතන්න.
  2. සති අන්ත මගහරින්න – දැනට Flemingo ලා දැකිය හැක්කේ කුඩා ප්‍රදේශයක පමණක් නිසා සති අන්තයේදී බොහෝ දෙනෙක් එහි පැමිණෙනවා.කට්ටිය වැඩිවෙනවිට Flemingo ලාට සිදුවන බාධාකීරීම් වැඩිනිසා උන් ඉගිලිලා යනව.දෙතුන් පාරක් එහෙම බාධා වුනහම දවසක් දෙකක් යනකල් ආයෙ උන් එතනට එන්නෙ නෑ.
  3. උදේ 5.30 ට කලින්වත් එතනට යන්න – flemingo ල ගොඩක් වෙලාවට උදේ 6.00 වගේ වෙද්දි එතනට එනව.ඒ එද්දි උන් ඈතතියාම අපේ movement දැක්කොත් උන් එතන land කරන්නෙ නෑ.
  4. ඔබට කලින් එහි ගොස් සිටින අයට ගෞරව කරන්න – ඔබට කල් වේලා ඇතුව එතනට යන්න බැරිඋනානම් ඔබට උන් අසලට ගිහින් උන්ව එලවන්න කිසිම සාධාරන අයිතියක් නැත.මොකද ඔබට කලින් පැමිණි අය එම සථානයේ සිටින නිසා.
  5. වටපිටාව අපවිත්‍ර කරන්න එපා – Flemingo ල ගොඩබසින ඒ ස්ථානයට අපි මුලින්ම යද්දි එතන ස්වභාවික ගල් මුල් හැරෙන්නට කෘතීම අපද්‍රව්‍ය මොකුත්ම තිබුනෙ නැති තැනක්.ඒත් පස්සෙ එතනට යද්දි එතනත් වනසල flemingo බලන්න ආපු අයම.මඩේ ඇවිදල මඩ පිහපු ටිෂූ ටික එතනම විසිකරල,තව ප්ලාස්ටික් බෝතල්,ශොපින් උර,මාස්ක් තැන තැන.
  6. ගමේ අයගෙන් උදව් ලබාගන්න – Flemingo ල කලපුවේ ඈත සිටින වෙලාවට එම ගමේ සිටින තරුණයන් කීප දෙනෙක් ඔරු හෝ බෝට්ටු මගින් ඔවුන් කිට්ටුවට ගමන් කිරීමට සේවාවක් සපයනවා.එම සේවාව ලබාගන්නේ නම් ඔවුන්ට සාධාරන මුදලක් ලබාදීමට කාරුණික වෙන්න.

තවත් සඳහන් කලයුතු කරුණු රාශියක් තිබෙන බැවින් සවිස්තරාත්මක ලිපියක් සැකසීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

පැතුම් බංඩාර

රාස්සිගේ අවුව සහ ගොම්මන් අදුර


Golden hour Blue hour Twilight

Landscape ෆොටෝස් ගන්න හොද වෙලාවල් ටිකක්

Evening Golden hour

ඉර සිතිජ රේඛාව පසු කර බැස යන්න අංශක 6කට කලින් තමයි මේ Golden hour එක පටන් ගන්නේ මේක අවසන් වෙන්නේ සිතිජ රේඛාව පසු කර අංශක -4 ගියාමයි. නමෙන් කියවන ආකාරයටම මේ වෙලාව පරිසරයට රතු, තැබිලි මිශ්‍ර කහ පැහැති උණුසුම් වර්ණ සහිත ආලෝකයක් මුදා හරිනවා. මේ වෙලාව Landscape ෆොටෝස් ගන්න හොදම වෙලාවක්. මේ කාලයේදී පතිතවෙන හිරුරැස් තරමක් soft. තද highlight සහ shadows නැති නිසා ෆොටෝස් වල ෆ්ලැට් ගතිය අඩුයි.

ඉර සිතිජ රේඛාව පසු කරනවත් සමගම Twilight/ ගොම්මන් අදුර ආරම්ඹ වෙනවා.

Evening Twilight

මෙය අංශක 0 සිට -18 දක්කවා පවතින අතර ප්‍රදාන කලාප 3කට බෙදා දක්වන්න පුළුවන්

1) Civil Twilight 2)Nautical Twilight 3)Astronomical Twilight

Evening Civil Twilight

මෙය ඉර සිතිජ රේඛාව පසුකර අංශක -6 දක්වා පවතිනවා. මෙහි අංශක 0 සිට -4 දක්කවා Golden hour එකටත් ඉතුරු අංශක 2ක Blue hour එකටත් අයත් වෙනවා. මෙහි මුල් අදියර අහස බොහෝ විට තද රතු පැහැයකට හෝ දම් මිශ්‍ර විචිත්‍ර පැහැයකට හැරෙනවා. මේ Landscape ෆොටෝ එකකට සුන්දරම අහසක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. ඉර බැස ගිය ගමන් කැමරා අකුලාගෙන එන්න පිටත් වෙන්නේ නැතුව තව ටික වෙලාවක් ඉදල මේ සුන්දරත්වයත් කැමරාවට හසුකරගන්න. Civil Twilight එක අවසාන වෙන්න ලං වෙනකොට තමයි නගර වල light ඒවගේම වාහන වල light සාමාන්යෙන් on කරන්න පටන් ගන්න.

Evening Blue hour

මෙය Civil Twilight තුල පවතින අතර ඉර සිතිජ රේඛාව පසු කර අංශක -4 කින් ආරම්ඹ වෙනවා. මේ අවස්ථාවේදී දීප්තිමත් නිල පැහැයකින් අහස පිරි යන අතර Landscape ෆොටෝස් ලබා ගැනීමට හොදම වෙලාවක් ලෙස හදුන්වන්න පුළුවන්. Blue hour කිවුවාට මේක ලංකාවේදී නම් පැයක් පවතින්නේ නැහැ එත් ලෝකේ විවිද රටවලට මේ Blue hour එක පවතින කාලය වෙනස් වෙනවා.

2)Evening Nautical Twilight

මෙය ඉර සිතිජ රේඛාව පසුකර අංශක -6 සිට -12 දක්වා පවතිනවා. අහසේ වරණය අදුරු පැහැති තද නිල් වර්ණයකට හැරෙන අතර නගර විදි අලෝකයනේ ආලෝකමත්වී තිබෙන වෙලාවක්. මෙය නගර ඡයරුප ගත කිරීමට වඩාත් සුදුසුයි වගේම long exposure photography වලටත් කදිම වෙලාවක්. long exposure photography ND filter එකක අදාරය නොමැතිව සිදුකල හැකි මට්ටමේ ආලෝකයක් පවතිනවා.

3) Evening Astronomical twilight

මෙය ඉර සිතිජ රේඛාව පසුකර අංශක -12 සිට -18 දක්වා පවතිනවා. වඩාත් අදුරු අහසක් ඇතිවීම ආරම්ඹ කරන අවස්ථාවක් වගේම long exposure photography වලට තවමත් ඉඩ තියන ආලෝකයක් පවතිනවා. Evening Astronomical twilight එකේ අවසානය අහසේ තරු පැහැදිලිව දිස්වෙන්න පටන්න ගන්න කාලයක් නිසා Milky way photography එහෙමෙ පටන් ගන්න හොද වෙලාවක්.

Magic hours = Golden hour + Blue hour

අපි අපිවම විනාශ කරගන්න හැටි


පහුගිය දවසක ආයතනය එයාලගෙ චන්ද්‍රිකා වලින් ගත්ත චායාරූප වලින් ලොකයේ විවිධ නගර සහ ප්‍රදේශවල සoවර්ධනයත් සමග සිදුවූ පාරිසරික වෙනස්විම් ක් ලෙසින් නිකුත්කලා.

ඔබත් පහත් වලට ගිහින් බලන්න. අපි කොච්චර අපේ මිහිකත් මව කෙලෙසලා විනාශ කරලා තියනවාද අපේ සoවර්ධනය නැමති පටු අරමුණු නිසා.

අද ඉදාලාවත් අපි අපේ පරිසරයට හානි අවම වන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරමු. පොලිතීන් භාවිතය අවම කරමු, පරිසරයට කැලි කසල එකතු නොකරමු, සෑම නිවසක්ම අපි හරිත උයනක් කරමු.

//players.brightcove.net/293884104/SJa0Thl7_default/index.html?videoId=5222390379001

Google Unveils 3-Decade Time-Lapse of the Earth

ගැලරිය

බලන් සබරගමු සරසවි සැදැ අහසේ සිරි අසිරි


This slideshow requires JavaScript.

මෙවන් සුන්දර පරිසරයක් සිව් වසරක් ගත කරන්නට තරම් පිනැත්තෙක් වීම පිලිබදව මම බොහෝ සතු‍ටු වෙමි. පරිසරයේ සුන්දරත්වය නිසාම ලංකාවේ සුන්දරම සරසවි දෙකෙන් එකක් වීම සබරගමු සරසවි මෑනියන් ලද භාග්‍යකි.

වනජීවී ඡායාරූපකරනයට කැමති අය ඉන්නවද? එහෙනම් මෙන්න අවස්තාවක්.


asammathayaමේක වානිජ පරමාර්ථයෙන් කරන වැඩක් නොවන නිසාත්, ඇත්තටම වනජීවී ඡායාරූපකරනය ගැන මෙවැනි ප්‍රායෝගික ක්‍රීයාකාරකම් සිදුවීම අඩු නිසාත් මේ කටයුත්ත ඔබට ගොඩාක් වැදගත් වේවි. අනේ මටනම් එන්න විදිහක් නැහැ මොකද මට කැම්පස් එකේ විභාග කටයුතු ඒ දිනවලට යෙදිලා තියන නිසා.

මට එන්න බැරිඋනාට ඔයාලට වැදගත් වෙන නිසා ඔන්න මම ඔයාලට කිව්වා. දැන් ඉතින් හොද කැමරාවක් අටවගෙන හොද පොටෝ ටිකක් ගන්න හොදට ඉගෙන ගන්න ඒ වැඩමුළුවෙන්. මම වෙන පෝස්ට්1 කින් ඔයාලට වනජීවී ඡායාරූපකරනය ගැන මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නම්කෝ…