තව ටික දවසකින් මට වෙන්නේ හිරේ යන්න


ගමේම උන් කතාවෙනවලු “අරු ගෙදරමයි ඉන්නේ රස්සාවත් නැති වෙලාද කොහෙද? ඒත් ඌ ආතල් එකේ ඉන්නවනේ. අනික සමහරදාට බයික් වලින් එක එක පාර්සල් දීලා යනවා” කියලා.

නෑදෑයෝ හිතන් ඉන්නේ මට රස්සාව නැතිවෙලා කියලා.

මමනේ දන්නේ ගෙදරට වෙලා ඔපීසියෙ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉදලා හිටලා නෝනාගේ තාත්තා අහලින් පහලින් යන ගමන් කන්න මොනා හරි ගෙනත් දෙනවා.

මේ යන විදිහට මාමයි බෑණයි දෙන්නම පොලීසියට කුදලන් යනවා ෂුවර්.

අවුලක් නෑ පොලිසියෙන් පර්සලේ දිග ඇරියම තියෙන දෙයක් පොලිසියත් එක්ක බෙදාගෙන කාලා ආපහු එන්නයි තියෙන්නේ

සුද්දන්ගේ ගූ කෑම හෙවත් හෙල


ගොඩක් අය හිතන් ඉන්නෙ මම කොරෝනා පැණිය දිගටම සායනික පරීක්ෂණ කරන්න කියලා කියන නිසා මම බටහිර විද්‍යාවට කඩේ යන අපේ රටේ දේවල් ගැන හීන මානයක් තියෙන සුද්දන්ගේ ඕනි ගූ ගොඩක් කන එකෙක් කියලා.

කොරෝනා බෙහෙත පාරම්පරි හෙල ආයුර්වේද වෙදමහත්තයෙක් හරි ආයුර්වේද වෙදකම ගැන විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගෙන උපාධියක් ගත්ත වෙදමහත්තයෙක් හරි හොයාගත්තානම් මේ ගැන සැකයක් ඇතිනොවෙන්න තිබ්බා.

එහෙම නැතුව කලින් වඩුවැඩ කරපු පස්සේ කාලි දේවලායක් දාගත්ත කපුවෙක්ට කාලි අම්මා බෙහෙත කිව්වා කියලා කිව්වාම ලොකු සැකයක් එනවා මොකද කලින් ඔහොම කියපු අය ගොඩක් කලේ මහා වංචා නිසා.

ඒ නිසා මට කිසිම හීන මානයක්වත් සුද්දන්ගේගේ ගූ කන්නවත් කිසිම උවමනාවක් නෑ.

මම අදටත් කියන්නේ අපේ රටේ හදන්න පුළුවන් හැමදේම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව හදන්න අවස්ථාව, ආධාර සහ සහයෝගය සෑම රජයකින් දෙන්න ඕනි වගේම එහෙම හදන දේවල් “ගන්න අපේ දේ” “Made in Sri Lanka” වගෙ සංකල්ප හරහා මිනිස්සු අතර ජනගත කරලා මිනිස්සුන්ට දේශීය දේවල් ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතුව මුලින්ම ගන්න පොළබවන්න ඕනි.

විදේශීය ආදේශක දේවල් ගෙන්වන එක නවත්වන්න හෝ අධික බදු අයකරන්න ඕනි. එහෙම උනාම තමයි දේශීය ව්‍යාපාර ගොඩ නැගෙන්නේ රටෙන් පිටට ඩොලර් යන එක අඩු වෙන්නේ. අපේ නිශ්පාදනවලට ජාත්‍යන්තර වෙළද පොළට යවන්න අවස්ථාව දීලා විදේශ ව්නිමය ගේන්න උදව් කරන්න ඕනි.

ඕක මැජික් නෙවෙයි සිම්පල් දෙයක්. හැබැයි අපේ අවස්ථාවාදීන් ඉන්නවා ඕනිම දෙයක් අඩු ප්‍රමිතියකින් යුතුව හදලා original එකේ ගානටම විකුණන්න බලාගෙන ඉන්න. අන්න ඒ අය තමයි මේ කොරෝනා වෙලාවෙ පාවිච්චි කරපු මාස්ක් හෝදලා අයන් කරලා ආය විකුණන්න ගත්තේ. එහෙම උන් තමා මේකට තාම බෙහෙතක් නෑ කියලා දැන ගත්තාම බෙහෙත් දෙන්න පටන් ගත්තේ.

ඒ වගේම ගොඩක් අය කියන විද්‍යාව බටහිර නැගෙනහිර කියලා දෙකක් නෑ. එක විද්‍යාවයි තියෙන්නේ ඔය මොන රටේ බෙහෙතක් හැදුවත් යන්ත්‍රයක් හැදුවත් apply වෙන්නෙ එකම chemistry එක එකම physics. ඒක රටින් රටට වෙනස් වෙන්නේ නෑ.

සීගිරිය ගල උඩ මාලිගා හැදුවේ, ඒ ගල උඩ ජල තටාක වලට වතුර ගෙනාවේ, යෝධ ඇලේ සැතපුමකට අගලක බැස්මට හැදුවේ, ජේතවනාරාමය වගේ මහා ස්ථූප, ලෝවාමහාපාය වගේ නව මහල් ප්‍රාසාද හැදුවේ හෙල ඉන්ජිනේරු තාක්ෂණයෙන් මිසක් යක්කු හරි දෙයියෝ හරි නෙවෙයි මිනිස්සු.

හෙල වෙදකමත් එහෙම තමයි. බුද්ධදාස රජතුමා හෙල වෙදකම නිසා විදේශ වලත් ප්‍රචලිත උන රජ කෙනෙක්. මහා රෝහල් රට පුරාම ඇතිකරපු කෙනෙක්. බෙහෙත් පුස්කොළ පොත්වල ලියලා අනාගත පරපුරට දායද කල කෙනෙක්. ඒ බෙහෙත් කිසි දෙයක් යක්කු දෙයියෝ දුන්න ඒවා නෙවෙයි.

ඒ කරපු හැම දෙයක් ම කරපු හැටි අදටත් විද්‍යාව තුලින් පහදන්න පුළුවන් ඕනි රටක කෙනෙක් ට.

එහෙම නැතුව කිසිම background එකක් නැතුව දෙයියෝ යක්කු බෙහෙත් කිව්වා කියලා බෙහෙත් දෙන මිනිස්සු පස්සේ හෙල වෙදකම කිය කියා දුවන උගත් මෝඩ හරක් රැලක් නූගත් අසරණ මිනිස්සුත් රැවටෙනවා.

හෙල දේවල් අගය කරන්න ඕනි ඒවා මතු පරපුරට ගෙනියන්න ඕනි. ඒ කියලා හොර තක්කඩි වාසි බලාගෙන කරන විගඩම් වලට තාර්කික බුද්ධියක් නැති මීහරක් වගේ අන්ධයෝ වගේ පස්සෙන් ගිහින් කෙලවා ගත්තාට පස්සේ ඔය එක බල්ලෙක් නෑ ඒ අසරණ වෙන මිනිස්සුන්ට උදව් කරන්න.

අපි මේවා කියන්නේ කාලයක් තිස්සේ අහපු දකපු දේවල් නිසා.

කෝ ඒකාලේ ඔහොම නාඩගම් නටපු රුවන් වැල්ලේ වෙදා? කෝ රටටම පිරිත් පැනින් ආශ්චර්යය කරපු දොලුකන්දේ හාමුදුරුවෝ? තව කියන්න නම් හොරු ගොඩයි. අන්න ඒවගේ ගොබ්බයෝ නිසා අද මේ වගේ හම්බ වෙන හැම එකාම හොදට හොයලා බලලා කරන්න ඕනි.

1955 – 2020 මෝඩ මිනිස්සු


1955 සූර්යග්‍රහණය වෙලාවේ ලස්සන වෙන්න කියලා වදකහ සුදිය බීපු අපේ ආච්ච්ලා සීයලා එක්ක අපේ කාලේ මිනිස්සුන්ගේ මෝඩකමේ කිසිම වෙනසක් වෙලානෑ.

ඔය මොකෙක් හරි කියන ඕනි එකක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පිලිගන්නවා. හෙළ, රාවණා, පිරිත්, දෙයියෝ, විශ්ව ශක්තිය කියන වචන පොඩ්ඩක් ගෑවිලා තිබ්බානම් ඇති.

ෆෙන්ෂුයිගේ පාන්ගෙඩියේ මැජික්
දොළුකන්දේ පිරිත් පැන් බව්සර්,
මංජුලගේ කතරගම දෙයියෝ,
උම්මා දේවිගේ මුට්ටිය
වගේ එකී මෙකී නොකී විගඩම් නිසා

කෑගල්ලේ සදික්කා පැණියත් පස්සෙන් දුවන පිරිසක් ඇතිවෙලා ඔන්න තව පැණි ගොඩාක් ඇවිත් වගේම එන්නත් තියෙනවා.

අප්‍රිකානු රටවල්වල මිනිස්සු කොරෝනා වලට ඩෙටෝල් අමුවෙන් බිව්වෙත් ඔහොම අන්දයෝ වගේ හැසිරෙන නිසා තමයි.

මේ බෙහෙත් සියල්ලටම හරියට සායනික පරීක්ෂණ කරලා
තවුරු කරන්න ආණ්ඩුව ඉක්මනින් වැඩපිළිවෙළක් යොදන්න ඕනි. දැනට දවසට 700-800 හම්බ වෙන එකේ ඉක්මනින් ලැබෙන පරීක්ෂණ ප්‍රතිඵල මත දේශීය බෙහෙත් සුදුසුනම් එය ලබාදීමටත් දේශීය බෙහෙත් හොද නැත්නම් විදේශීය බෙහෙත් ඇනවුම් කිරීමත් කළ යුතුය.

මීයාගේ විස්තරය 🐀


මීයා (🐁) ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය

(😊). ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රදානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය.

(😊) මීයා තනියම කරන සියලු ක්‍රියාකාරකම් සුද්ධ සිංහලෙන් ප්‍රකාශ කරන විට මම වලින් පටන්ගෙන මී වලින් අවසන් කළ යුතුය.

(😊) මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මීමුරේ වේ.

(😊) එහෙත් මීයෝ ගොඩක්ම ඉන්නේ මීගොඩ ය.

(😊)මීයාට ලග්නයක් ඇත, උන්ගේ ලග්නය මීන ය.

(😊)මීයන්ට සෑදෙන වණ මීවණ වන අතර

(😊) මීයන්ගේ සම මීසම වේ.

(😊)මීයෝ නාන්නේ බක්මී වැවේ ය.

(😊) මීයන් මැහුම් ගෙතුම් වලටද දක්ෂය. ඒ සඳහා යොදාගන්නා කතුර මී කතුර ලෙස හඳුන්වනු ලැබේ.

(😊)මීයන්ගේ හොටුවලින් මී ඉටිද,

(😊) පැණි හලන මීයන්ගෙ පැණි වලින් මී පැණි ද,

(😊) මීයාගේ කිරි වලින් මී කිරි ද නිෂ්පාදනය කරනු ලැබේ.

(😊) මීයන් පාවිච්චියට ගන්නා තෙල් මී තෙල්ය.

(😊)කඳුකරයේ වෙසෙන මීයන් ඉඳහිට දුමක් පිට කරයි..එයට මීදුම යයි කියනු ලැබේ.

(😊) මීයා අරක්කු නිෂ්පාදනයට සමත්ය. ඒවා මීවිත, මීරා වැනි නම් වලින් හැඳින්වේ.

(😊) සමහර මීයන් බොහෝ හික්මුණු ගති පැවතුම් ඇත්තෝය. ඔවුන් හික් මීයන් ලෙස හදුන්වනු ලැබේ.

(😊)සමහර මීයන් අනුන්ට කරදරකාරී ලෙස ජීවත් වේ, ඔවුන් මී වද ලෙස හැඳින්වේ.

(😊)එළවලු වවන මීයන් බටු මීයන් (🐀) ලෙසද, සත්ව පාලනයේ යෙදෙන මීයන් ඌරු මීයන් (🐀) ලෙසද හඳුන්වනු ලැබේ.

(😊)මීයාට නෑයන් වෙන ඉගිලෙන මීයන් විශේෂයක් ද ඇතඒ මී මැස්සෝ ය.(🐝)

(😊)මීයගේ යාලු සතා මී මින්නාය.

(😊)බොහෝ මීයෝ උණ කාරයෝ ය. උන්ට මී උණ ඇතයි සමහරු කියති.

(😊)මීයා ගේ ගැහැණු සතා ගේ නම මීනාය. (🙆) මීයාගේ සීයා මීමුත්තා ය. ආච්චි මීආච්චි ය. මාමා මී මාමාය.

(😊)මීයෝ පාටි දාන්න එක්රැස් වෙන්න කැමතිය ඒවාට කියන්නේ මීටින් කියා ය.

(😊) මීයන් ගේ ගමන් දුර මනින්නේ මීටර් වලින්ය. එහි විවිධ ප්‍රභේද ඇත ඒවා මිලි මීටර්, සෙන්ටි මීටර් සහ කිලෝ මීටර් ලෙස තව ගොඩක් ඇත.

(😊)මීයන් විසින් සොයා ගත් වායුවක් ඇත. එහි විද්යාත්මක නාමය මීතෙන්ය.

(😊)මීයන්ගෙන් රෝගද බෝවේ, #මීමැස්මොරය ඉන් ප්‍රධානය.

(😊)මීයා අකමැතිම ආහාරය මීපාසානාම් ය.

(😊) මී බබාලා උන්ගේ අම්මලාට ආදරේට කියන්නේ අම්මී හෝ මමී කියලාය.

(😊)මීයා කගේ හරි පස්සෙං යනවිට ෆලොමී කියාද ,

(😊) කාගෙන් හරි අවසර ගන්නාවිට එක්ස්කියුස් මී කියාද,

(😊) කතා කරන විට ටෙල් මී කියාද,

(😊) සමහර අවස්ථා වල මීයාට කේන්ති ගිය විට කිල්මී කියා කෑගසයි.

(😊) මීයාට ආදරය සිතුන විට ලව් මී කියාද, ටිකක් ආදරය වැඩි වුන විට කිස්මී කියාද කියනු ලබයි. (අනික් මී ටික හිතාගන්න)

(😊) මීයාට උදව් අවශ්‍ය උනාම හෙල්ප්මී කියා කියනු ලබයි.

(😊) මීයා ගේ කැමතිම ගීතය #මී_පිරුණු_සුවඳ_මල්_වනේ ය.

(😊) මීයාගේ favorite ආහාරය කොත්තුමී වේ.

(😊) එමෙන්ම මීයා අතුරුපස ලෙස මී අඹ කෑමට කැමිතිය.

😂😂😁

A330


✈️එයාර් ලංකා සමාගම විසින් නඩු දමා තනම් කෙරූ A330 ටෙලි නාට්‍යය
🚫ගුවන් සේවිකාවන්ට අපහාස වේ යැයි කියා තහනම් කෙරූ ටෙලිනාට්‍යක් ගැන ඔබ මීට පෙර අසා තිබේද .. ඒ ගැනයි මේ.
2014 වර්ෂයේදී ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙමින් තිබියදී චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණ්‍යක් සහ විනිල් මැණික් හී නිෂ්පාදනයක් වූ A330 ටෙලිනාට්‍යය හිටිගමන් විකාශය අත් හිටුවනවා.


යාය 4, අයාල්, පියවි වැනි කැපී පෙනෙන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කල චාමර ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ මෙතෙක් කතා බහට ලක් නොවූ ගුවන් සමාගමක් තුල දිවෙන උප සංස්කෘතිය පිලිබඳ මෙම නිර්මාණයෙන් කතා බහට ලක්වූ අතර එහිදී ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන් ගේ ඇතුලාන්තය පිලිබඳ හෙළිදරව්වක් සිදුකොට තිබුණි.
මෙම ටෙලිනාට්‍ය මුලදී නම්කොට තිබුනේ අව්රෝරා ලෙසින් වන අතර පසුව එය A330 ලෙස වෙනස් කරන ලද්දේ ස්වාධීන රූපවාහිනිය මගින් සිදුකල බලපෑමකින් අනතුරුවය.


මෙම ටෙලි නාට්‍යයේ ගුවන් නියමුවන් සුරූපී ලඳුන් සමග පවත්වන සම්බන්ධතා ඇතුලත් දර්ශනද එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ ස්වාධින රූපවාහිනිය මගින් එය විකාශය කිරීමට පෙර ටෙලි නාට්‍යය බැලූ විද්වත් මණ්ඩලය විසිනි.


කෙසේ වුවත් එයාර් ලංකා සමාගම ලබාගත් අධිකරණ නියෝගයට අනුව එම ටෙලි නාට්‍යයේ පුර්ව ප්‍රචාරක පට පවා විකාශය කිරීම තහනම් කෙරුණා
ඒ අනුව මේ ටෙලිනාට්‍යය ප්‍රදර්ශනය කිරීම නවතා දමන්නට ස්වාධීන රූපවාහිනියට සිදුවනවා.


අධිකරණ නියෝගයක් මගින් එම සමාගම පවසා තිබෙන්නේ ගුවන් සේවක සේවිකාවන්ගේ ඇඳුම් සහ එයාර් ලංකා සමාගමේ ලාංඡන ටෙලිනාට්‍යෙයන් ඉවත් කරන ලෙසටයි. කෙසේ නමුත් නිෂ්පාදනය කොට අහවරව ප්‍රදර්ශනයත් ඇරඹි පසු එසේ කිරීම අපහසු බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.


එය යලිත් කිසිදා අපට බැලීමට නොහැකි වන සේ තහනමට ලක් වන්නේ ඒ අයුරිනි.


සටහන ප්‍රශාන් මලිත්

සුපර් මාර්කට් වල Cut Fruits, Cut Vegetable වල ඔබ නොදන්න ඇත්ත


අපි ගොඩ දෙනෙක් සුපර් මාර්කට් යන්නේ එක්කෝ හදිසියට සේරම බඩු ටික ඉක්මනට ගන්න ඔ්න නිසාා..නැති නම් පොඩි ක්ලාසි ගතියක් මේන්ටේන් කරන්න ඔ්න නිසා.. කොහොම උනත් සූපර් මාර්කට් එකට ගියාම මාර ලස්සනට බඩු අහුරලා තියෙද්දි ගන්නමයි හිතෙන්නේ..ඒක තමයි ඒකේ රහස..නොගන්න ගිය දෙයක් උනත් ගන්නවා..ඒ අතර ඔය එලවලු පලතුරු කපල ලස්සනට පැක් කරල තියල තියනවා නේද..අපිත් ඉතින් පොඩ්ඩක් ලාභ නිසාත් එහෙමම කන්න පුලුවන් නිසාත් Cut Fruits, Cut Vegetable ගන්නවා..අද මං කියන්නේ ඒක අස්සේ තියන කටුක ඇත්ත..

කැම්පස් එකේ අන්තිමට අපි ප‍්‍රැක්ටිකල් ටෙ‍්‍රිනින් එකක් කවර් කරන්න ඔ්න..ඔ්කට මං ගියේ නුගේගොඩ තියන දැනට ජනප‍්‍රිය සුපර් මාර්කට් එකට..මාස හය හතක් මං ඔ්කේ වැඩ කරා..ඒකෙදි ඔය සුපර් මාර්කට් වල තියන ජරා සෙල්ලම් ටික සේරම දැන ගත්තා..

සුපර් මාර්කට් එකේ ස්ටෝර්ස් වලට ගියාම සමහර වෙලාවට මාර අප්පිරියවක් දැනේනේනේ..සමහර වෙලාවට එලවලු පලතුරු ඉදිලා..තැලිලා..පොඩි වෙලා..මොනා කරන්නද ඒවයේ නරක පැත්ත කපලා දානවා..ඊට පස්සේ ලස්සට පැක් කරලා ලස්සන නමක් ඒ කියන්නේ ඊසි පැක් ෆැමිලි පැක් වගේ දාලා චිල් එකේ ලස්සනට පේන්න තියනවා..අනේ ඉතින් මේ මගුල් නොදන්න කස්ටමර්සලා සුපර් මාර්කට් එකේ සුපිරි බඩු කියා කෙල හල හල කනවා..අනේ අපොයි..😂

අනික තමයි මස් මාලු වලට කරන සෙල්ලම..දැකල තියනව නේද ඔය උයපු මාලු මස් ඉස්සෝ ඩෙවල් වගේ දෙවල් තියනවා..ඒව හදන්නේ මෙහෙමයි..නරක් වෙච්ච මස් මාලු තියනවනම් ඒවට කරන වැඩ කීපයක් තියනවා..මස් මාලු ඉස්සෝ ඩෙවල් දානවා..නැතිනම් ග‍්‍රිල් කරලා එහෙමන නැතිනම් බාබ කිවු දාලා වගේ විකුණන්න දානවා..ඉතින් හොද කාර් වලින් ලස්සනට ඇද පැලද ගත්ත අඩි උස සපත්තු දාපු නහය කඩන් යන සෙන්ට් පවුඩර් ගහපු ඉංගිරිසි බස බස ගාලා කතා කරන නෝනල ඇවිල්ලා අර කුණු වෙච්ච මස් මාලු ඉස්සෝ හරි උජාරුවට අරන් යනවා..

මට ඒ දවස්වල ඔ්ව දැකල හිකෙන් පුනා…🤣

Janaka Hewage