කන්තලේ කදුළු කතාව


ඔබත් කන්තලේ පැත්තෙ ගියොත් ඇවිත් බලන්න සිදුව ඇතිව විනාශය.. 🥺😢

ඔයත් ත්‍රිකුණාමලේ ඇවිත් කෝනේස්වරම් වැදලා , නිලාවේලි රැල්ල පාගලා යනගමන් මේ ජාතික අපරාධය බලලා යන්නත් අමතක කරන්න එපා..! 😕

ලංකාවට 1960 හම්බුන තැග්ගක්ලු,
ඒක ආසියාවේ ලොකුම එකලු,
මහා බාන්ඩාගාරයට ලොකු හයියක්ලු,
1993 පුද්ගලික කරාලු,
සේවකයෝ වැඩවර්ජන කරාලු,
අවුරුදු 30දැන් වහාලාලු,
(හෙක්ටයාර් 22000 ක්
සේවකයන් 5000ක්))
දවසක්, දෙකක්,සතියක් තිබුන
විසදුමක් නැතිවිමව දැන් අවුරුදු 30 ක්

යකෝ ඕකෙ මම සභාපති උනානම් රටටම සීනි දෙනවා

අමුතු මගියා


ඒ කියන්නේ මෙයාලම පිලිගන්නවා මේ වෙලාවේ රට කියන ගුවන් යානය ගෙනියන්නේ නිකන්ම නිකන් සුදුසුකමක් නැති මගියෙක් කියලා.

මේ කියන මගියා රට කියන ගුවන් යානය සුදුසුකම් තියෙන ගුවන් පාලක කෙනෙක් වන IMF එක කියන දේ අහලා බිමට ගෙනත් දෙයි. හැබැයි රට කියන ගුවන් යානය නැවත ගුවන් ගත කරලා රටට ඕනි සේවය දෙන්න නම් නැවත සුදුසුකම් තියෙන ගුවන් නියමුවෙක්ටම දෙන්නම වෙනවා.

එහෙම කියලා කලින් මේ ගුවන්යානය පදවලා ගුවන්යානයට හානි කරපු ගුවන් නියමුවෝ හොයල එයාලට ගෙනියන්න දෙනවද? අළුත් සුදුසුකම් තියෙන ගුවන් නියමුවෙක්ට දෙනවද කියන එක රටේ ජනතාව තීරණය කරන්න ඕනි

රෝහණ කේ අමරකෝන්

බදු ගෙවන අපේ පව්කාරකම


අපි අපේ පඩියෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවලා අනික් බිල් ඔක්කොමත් බදු එක්කම ගෙවද්දි

226උන් බදු ගෙවන්නෙත් නෑ අපේ බදු මුදලින් පඩිත් අරන් උන්ගේ බිල් ගෙවන්නෙත් නෑ

නොදකින් මෙහෙම රටක ඉන්න පව්කාරකම

අරගලය අල කරන්නේ කව්ද?


අරගලයේ මුල ඉදලා ඔතන ඉන්න බහුතරයක් පිරිස තමන්ගේ ජාතිය,ආගම, දේශපාලනය පැත්තක දාලා තමන්ට පුලුවන් හැම වෙලාවෙම එතනට ආවා තමන්ගේ රැකියාවෙන් තමන්ට ලැබෙන ආදායම් මාර්ගයෙන් පවා පොඩ්ඩක් නිවාඩුවක් අරන්. ඒ වගේම හැමදාම හවසට ඔතනට එන බහුතරයක් මිනිස්සු එන්නෙත් නිර්පාක්ෂිකව. අන්න ඒ නිසා මේ අරගලයට නිර්පාක්ෂික උන් එන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

හැබැයි ඔතන උදේ දවල් රෑ පැල් බැදගෙන අරගල භූමියේ සති ගණන් ඉන්න සමහරු ගැන පොඩ්ඩක් හොයලා බලන්න. උන්ට කන්න බොන්න ඔතනින් හම්බ උනාට ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා ඔතනම ඉදලා. එක්කෝ උන් දේශපාලන පක්ෂයක් විසින් එවපු ගෙවීම් ලබන පිරිසක් නැත්නම් ඇත්තටම කරන්න රස්සාවක් නැතුව එදා වේල පිරිමහගන්න එන පිරිසක්. ඔන්න ඔය පිරිසගෙන් තමයි අරගල භූමිය බේරගන්න ඕනි හොදට හොයලා බලලා. මොකද අරගලයේ මූලික අරමුණ gota gohome, gohome rajapaksha’s, give our stolen money back (මේකට 225 ම අදාලයි)

හැබැයි දැන් ඒ අරමුණු වලින් දෙවෙනි එකේ කොටසක් වෙලා තියෙනවා. අනික් ඒවා තාම එහෙමම කරගන්න තියෙනවා.

එහෙම තියෙද්දි දැන් ඔය සමහරක් අරගලේ අළුතෙන් පැලපදියන් වෙච්ච අය අරගලයේ මූලික අරමුණු අතරේ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න යනවා.

මුලදි අරගලය පටන් ගනිද්දි ආපෝ අපි එකෙක් වත් ඔය අරගලයට නෑ ඒක ජනතාවගේ නිර්පාක්ෂික අරගලයක් කියලා statement දීපු අය දැන් දැන් කියන කතා පොඩ්ඩක් බලන්න. අන්න ඒ කතා වලට තමයි hijak කරන්න හදනවා කියන්නේ.

ඒ වගේම රනිල් සහයෝගය දෙනවාලු අරගලයට. ඒ ඌට ජනාධිපති වෙන්න තියෙන කෑදර කමට. මේ වෙලාවේ ගෝථාභය ගියොත් එයා ජනාධිපති ඒනිසා එයාහේ හෙන්චයියෝ දැන් අරගලයට අහසින් පාත්වෙලා ඕක නග්ගලා ගන්න හදයි.

කෝ අරගලය භූමියේ රනිල් වගේ මහබැංකු හොරකම කරපු රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාලා මිනිස්සු සියගණනක් මරන්න වක්‍රාකාරයෙන් උදව් කරපු මිනිහට ලොකු විරෝධයක් නෑනේ.

දැන් අරගලය ගෝථාභයට ලඝු වෙලා තියෙනවා. හරිනම් වෙන්න ඕනි අරගලය තවත් ශක්තිමත්ව ranil go home කියන එකත් ඔතනට ගන්න එක.

රටේ අගමැති කම ජනාධිපති කම අරන් රට කරන්න 225න් අඩුවෙන්ම හොරකම් කරපු රටම පිලිගන්න එකෙක් දෙන්නෙක් හොයාගන්න පුලුවන් වෙයි. අන්න උන් පාර්ලිමේන්තුවේ නැත්නම් රටේ මිනිස්සු පිලිගන්න හොරෙක් නොවන කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් දාලා හරි හොරෙක් නොවන රට කරන්න පුලුවන් කෙනෙක් තෝරාගන්න පුලුවන්. ඒත් ඒකට බල කිරීමක් වෙන බවක් නම් පේන්න නෑ.

ගෝටාගෝගම නිර්පාක්ෂිකම වියයුතුය. ඩීල් නැති වියයුතුය. මේ කාරනා ඇත්තටම වියයුතුද නැද්ද යන වග තේරුම් ගැනීම ඔබ සතුය.

අරගලයේ මුලික අරමුණු ජයගන්නා තෙක් අරගලය පැවතිය යුතුය. එයට අපි සියල්ල එකා මෙන් ආගම, ජාතිය, දේශපාලනය පසෙක දමා එකතු විය යුතුය.

කුට්ටම් මාරුව


2002 ඉදලා 2022 වෙනකන් අපි කරලා තියෙන්නේ

මහින්ද එලවලා රනිල් ගෙනාපු එකයි
ඒ ආපු රනිල් එලවලා ආපහු මහින්ද ගෙනාපු එකයි විතරයි

උන් දෙන්නම කරලා තියෙන්නේ මාරුවෙන් මාරුවට රටේ සල්ලි හොරාකාපු එක විතරයි

යකෝ අපිම ගිහිල්ලා අපිටම ගහගෙන අපිම බේරේ වැවට පනින්න ඕනි අපි මේ කරගත්ත දේට

හිල් ඇති කලේට වතුර පුරවමු


වතුර බෝතලේ හිලක් තියෙනවා කියලා වතුර පුරවන්නේ නැතුව හිටියොත් බෝතලේ තියෙන වතුරත් හිලෙන් එලියට ගිහින් බොන්නවත් වතුර නැති නිසා මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ.

බෝතලේ හිල වහනකන් හරි අලුත් බෝතලයක් ගන්නකන් හරි තියෙන බෝතලේට වතුර දාන්නම වෙනවා ජීවත් වෙන්න ඕනි නම්. මොකද වතුර නැතුව ජීවත් වෙන්නම බෑ.

බෝතලේ හිල වහන්න එකපාර බෑ. ජනාධිපති අයින් උනා කියලා ආයෙමත් තාවකාලික ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්. ඊට අස්සේ අළුත් ජනාධිපති කෙනෙක් පත් වෙන්නෙත් පාර්ලිමේන්තුවෙන්ම තමයි.

දැන් 225ම එපා කිව්වාට මේ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ විසුරුවා හැරියත් මාස කීපයක් යනවා අළුත් පාර්ලිමේන්තුවක් හදන්න. ඒකට කෝටි 1000ක් විතර වියදම් වෙනවා. මැතිවරණයක් තියලා මේක විසදනකන් අපිට මේ තියෙන ක්‍රමයට යන්න වෙනවා.

එතකන් රටේ ආනයන වියදම් වලට ඕනි මුදල් ලංකාවට නැත්නම් මීට වඩා දරුණු තැනකට ලංකාව පත් වෙනවා.

ඒ නිසා ලංකාවට ඩොලර් එන මාර්ග ඔක්කෝම මේ වෙලාවේ පුලුවන් තරම් සක්‍රීයව තියාගන්නම වෙනවා

ඔය හිල් වහනකන් අපි වතුර පුරවමු. නැතනම් හිල වැහෙනකන් වතුරත් නැති නිසා මිනිස්සුන්ට මැරෙන්න වෙන එක අනිවාර්යයි.මොකද දැනටමත් රෝහල් වල බෙහෙත් නෑ. තව ටික දවසකින් බලශක්තිය නැති නිසා රටේ නිෂ්පාදනය බිද වැටෙනවා. අපනයන ආදායම අඩුවෙනවා. හැබැයි රටට තියෙන ආනයන වියදම ගෙවන්න ඩොලර් නෑ.

කසාවත් සහ වොශින් මැශීන්


අරගල බිමට පැමිණෙන සියළුම කසාවත් බුද්ධ පුතුන් නොවේ

දේශපාලකයන්ගේ වොශින් මැශීන්ද පැම්ණ කලබල ඇතිකල හැක.

එමනිසා ඔවුන්ට අනුකම්පා කරන්න ඔවුන්ට සිනහවකින් තේ කෝප්පයකින් පමනක් සංග්‍රහ කරන්න

අපි අපේ මේ සටන ජයගන්නාතුරු අවිහිංසාවාදය පවත්වාගමු

අරගලයට ජය

“2089 වෙද්දි ලංකාව කොහොම තියෙයිද? “


අද අගමැති ජාතිය අමතමින් : අපි යුද්ධේ ඉවර කරපු නිසා තමයි අද උඹලා මෙහෙම හරි උද්ඝෝෂණ කරන්නේ, ඒ නිසා 2024 ආයේ ගෝඨට දෙන්න. කලගුණ අමතක ජාතියක් වෙන්න එපා.

2024 ස නැවත ජනපති

2029 ස’ ජාතිය අමතමින් : අපි යුද්ධේ ඉවර කරපු පරම්පරාවේ මිනිස්සු. එදා අපේ අයියත් මේ දේවල් මතක් කරා. අපි යුද්ධේ නිසාමත් නෙවේ මෙතන ඉන්නේ. මිනිස්සුන්ට ආදරේ නිසා. ඒ නිසා ඔයාලා 2029 බැසිල්ට දෙන්න

2029 බැසිල් ජනපති

2034 බැසිල් ජාතිය අමතමින් : මේක කලගුන දන්න රටක්. යුද්ධේ ඉවර කරපු අපේ අයියලා දෙන්නම දෙපාරක් ජනාධිපති වුනා. මේ වෙලාවේ රටේ තරුණයන් පාරට බහින එක වැරදි, ඒ නිසා මේ පාරත් මට දෙන්න

2034 නැවත බැසිල් ජනපති

2039 ලොක්කලා තුන්දෙනාම හැරමිටෙන් ඇවිත් ජාතිය අමතමින් : අපි යුද්ධේ ඉවර කරලා මේ ලොකේ දාලා යන්න හදන්නේ. හැබැයි අපි යුද්දේ දිනපු එක උඹලා අමතක කරන ජාතියක් වෙන්න එපා. ඒ නිසා අපේ නාමල් පුතාට චන්දේ දෙන්න

2039 නාමල් ජනපති

2044 නාමල් ජාතිය අමතමින් : අපේ තාත්තලා අද ජීවතුන් අතර නෑ. මෙතන ඉන්න ළමයින් ඔයාලගේ අම්මලගෙන් අහලා බලන්න අපේ තාත්තලා යුද්ධේ දිනපු හැටි. ඒ නිසා මෙදාපාරත් මට දෙන්න

2044 නාමල් ජනපති

2049 නාමල් ජාතිය අමතමින් : අපේ තාත්තා ජනාධිපතිවෙලා ඒ බැටන් එක දුන්නේ මල්ලිට. අපි යුද්ධේ දිනපු පරම්පරාවක් හැටියට ඒක දිගටම පවත්වගන්න ඕන. ඒ නිසා 2049 යෝශිත චන්දේ දෙන්න

2049 යෝෂිත ජනපති

2054 යෝශිත ජාතිය අමතමින්: බලන්න අපි පරම්පරාවක් විදිහට මේ එන ගමන. යුද්ධේ දිනපු අපිට කවදාවත් මිනිස්සු අගෞරව කරලා නැහැ. දෙපාරක් අපිව ජනපති කරා. ඒ නිසා මේ පාරත් මට චන්දෙ දෙන්න

2054 ආයේ යෝෂිත ජනපති

2059 යෝ ජාතිය අමතමින් : අපිට නම් බල තණ්හාවක් නැහැ. යුද්ධේ කාලේ අපි ජිවිත පරදුවට තබලා සටන් කරේ. ඒ නිසා 2059 අපේ චිචී මල්ලිට චන්දේ දෙන්න

2059 චිචි ජනපති

2064 චිචී ජාතිය අමතමින් : ගතවූ වසර 55 ම මේ රට රජකලේ රාජපක්ශලා. ඒ තමයි යුද්ධේ දිනපු හයිය. අපි පසුබහී කියලා හිතනවා නම් විහිලුවක්. ලංකාවේ මිනිස්සුන්ට එහෙම ලේසියෙන් යුද්ධේ අමතක කරන්න දෙන්න බෑ. ඒ නිසා මට ආයේ චන්දෙ දෙන්න.

2064 චිචී නැවත ජනපති

2069 චිචී, යෝ, නාමල් හැරමිටෙන් ස්ටේජ් නැගලා ජාතිය අමතමින් : අපිට බල තණ්හාව නෑ. අපි බලය ගත්තෙ යුද්ධේ ඉවර කරන්න ඕන නිසා. අපි අද විශාම යනවා. ඒ නිසා චිචීගෙ පුතා නිර්වාන්ට චන්දේ දෙන්න.

2069 නිර්වාණ් ජනපති

2074 නිර්වාන් ජාතිය අමතමින් : අපේ සියා යුද්ධේ ඉවර නොකලා නම් උඹලට අද මෙහෙම රැස්වීම් වලට එන්න බැහැ. අපේ තාත්තලා බාප්පලා මහන්සිවුන හැටි ඔයාලගේ අම්මලගෙන් අහලා බලන්න. ඒ නිසා මේ පාරත් මට චන්දේ දෙන්න.

2074 නිර්වාණ් නැවත ජනපති

2079 නිර්වාණ් ජාතිය අමතමින් : අපෙ සීය ගැන ඔයාලා අහලා ඇති. එයා තමයි මේ රටේ යුද්ධේ ඉවර කලේ. එයා බලය දීලා ගියා එයාගේ මල්ලිට. අනික අපේ තාත්තා. එයාට වුනත් ජනපතිකම හිමිවුනේ අපේ බාප්පගෙන්. යුද්ධේ දිනපු අපි පලා ගිහින් නෑ. ඒ නිසා 2079 මගේ සහෝදරයා වන කේසරට චන්දේ දෙන්න

2079 ඛේසර ජනපති (නාමල්ගේ පුත්)

2084 ඛේසර ජාතිය අමතමින් : මට දැන් වයස 65 යි. මන් තාම තරුණයි. අපේ සීයලා යුද්ධෙට ගියෙත් මෙහෙම වයසක. අපි වුනත් ඉදිරියේදි යුද්ධයක් ආවොත් ඒකට මුහුණ දෙන්න යුද්ධේ දිනපු නායකයින්ගේ ලෙ තියන නායකයෙක් පත් කරගන්න ඕන. ඒ නිසා මට චන්දේ දෙන්න.

2084 ඛේසර නැවත ජනපති.

2089 ඛේසර ජාතිය අමතමින් : මීට අවුරුදු 100 කට කලින් ඔයාලට මතක ඇති. ඔයාලගේ ආච්චිලගේ ආච්ච්චිලගේ ID නැතිවුනා. ඒ යුගය නිමා කරේ අපේ පරම්පරාව යුද්ධේ කරලා. ඒ නිසා …See More

සටහන : Hamza Haniffa

අරගලය කරන්නන් වාලේ නොකරන්න


මේ වෙලාවේ රටට ඉක්මනින්ම ඕනි මේ අර්බූදය විසදගන්න IMF, World Bank, Asian Development Bank සහ අනෙක් මූල්‍ය, ණය ලබාදෙන රටවල් සහ ආයතන සමග විශ්වාස වන්තව වැඩ කරන්න පුලුවන් ජනාධිපතිකෙනෙක් සහ ඇමැති මණ්ඩලයක්. ඒ නිසා ඒ අය පත්කරගන්න එක සති දෙකක් තුනක් ඇතුලත කරගන්නම වෙනවා. ඒ වගේම ඒ අය පත්කරගන්න වෙන්නෙත් මේ ඉන්න 225න්ම තමයි.

එහෙම නැතුව පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා ජන බලය සමග ඇවිත් රට හදන්නම් කියන සජිත්ගේ මෝඩ ආතල් මේ වෙලාවේ හරියන්නේ නෑ. මොකද මැතිවරණයක් තියලා ආණ්ඩුවක් හදන්න තව මාස තුනක් වත් යයි.

මේ තියෙන ප්‍රශ්න ටික විසදගන්න අපිට තියෙන්නෙත් සති දෙකයි උපරිම තුනයි. මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලන්නේ රටේ තත්වය ගැන අබමල් රේණුවක තරම් වත් දැනුමක් නැති ගොන්නු ටිකක්.

කෙටිකාලයකින් විසදන්න ඕනි ප්‍රශ්න ටික විසදලා ඉවර වෙලා මැතිවරණයක් තියලා ආණ්ඩු පස්සේ හදන්න පුලුවන්. එතකන් මේ සති දෙක තුන ඇතුලත විසදන්න ඕනි ටික විසදන්න කියලා බල කරමු