Oh My God 1.0 ( Katharagama Version)


මම සාමාන්‍යයෙන් දේවාල වලට ගොස් වැදුම් පිදුම් නොකරන කෙනෙක්. ඒකට හේතුව මම මේ ලිපිය පසුවට පැහැදිලි කරන්නම්. කොහොම හරි මම දේවාල වලට යන්නෙනෑ කියල තීරණය කරේ මම 5වසරේ ඉන්න කාලෙදි විතර. නමුත් අම්මලා මම වෙනුවෙන් බාර හාර උනා කිව්වම විතරක් නම් ඒක ඔප්පු කරන්න ඕනි නිසා ගියා. නමුත් මගෙනුත් අහල නෙවෙයි එයාලා එහෙම දෙවියන්ට බාරවෙලා තියෙන්නේ.

කොහොමහරි මම අද මේ ලිපිය ලියන්නෙත් කතරගම පූජා නගරයේ ඉදලා. මේපාර කතරගම ආවෙත් මගේ නෑදෑ පිරිසක් එක්ක, එයාලට මාව එක්ක එන්නම ඕනිලු, ඉතින් මම හිත් රිද්දන්න බැරි නිසා ආවා. ඒත් මගේ හිතේ පුන්චි සතුටක් තිබුනා මට හිතේ හැටියට කිරි වෙහෙර වැදපුදාගන්න අවුරුදු 7කට පස්සෙ විතර ලැබෙනවා නේද කියලා.

එහෙනම් මම අද දවසෙදි කතරගම පූජාභුමියට ඇවිත් කරපු කියපු දැකපු දේ ඔයාලත් එක්ක බෙදා හදාගන්නම්. ඒතුලින් ඔයාලටත් යමක් ජීවිතයට ගන්න පුළුවන් වේවි කියල මම හිතනවා. මේ ලිපිය මධ්‍යස්ථ මනසකින් කියවන්න, නැතුව දේව භක්තියෙන් අන්ධවෙලා මට පොල් ගහන්න මිරිස් අබරන්න, සාප කරන්න එපා. මොකද මම දෙවියන් විශ්වාස කරනවා නමුත් වර්ථමාන දේව වන්දනාව නම් පිලිකුලෙන් හෙලාදකිනවා.

අපි වන්දනා නඩය කතරගමට ආවේ දවල් 2 ට විතර, ‍රැට නවතින්න තැනකුත් හොයාගෙන අපි මුලින් මහන්සිය නිවාගෙන පිරිසිදුවෙලා හවස පූජාවට එන්න පිටත් වුනා. ඒ අතරේ මහා ධාරානිපාත වැස්සකුත් වැ‍ටුනා. මිනිස්සු කියන හැටියට මාස 5ක විතර නියගයකට පස්සෙලු වැස්සක් ආවේ.

කොහොමහරි අපි ආපු වාහනය පාක් එකකට දාන්න හැදුවා විතරයි, මෙන්න කොහෙද ඉදපු කොල්ලො කුරුට්ටො ටිකක් දුවගෙන ඇවිත් අපිව වටකරගත්ත. මම හිතුවේ අපිට මොකක් හරි වැ‍රැද්දක් වෙලා ඇති, මුන් අපිට කෙලින්න බලාගෙන තමයි වටවුනේ කියලා. මොකද සමහර කොල්ලෝ අතේ පිහි එහෙමත් තිබුනා.

මෙන්න උන් කියාපි වාහනේ ඉස්සරහට ගන්නලු, එයාලගේ පලතුරු කඩේ ගාව නවත්තන්නලු, පුදුම ආදරයක්. මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ එතකොට. මුන් පිහි අරන් ඇවිත් තියෙන්නේ පලතුරු වට්ටියට පලතුරු කපන ගමන්මයි. මම හිතුවේ අපි වාහනෙන බැස්සම අපිව ඉබලා කරෙත් තියගෙන දේවාලේ ගාවට යාවි කියලා. පුදුම ආදරයක් තියෙන්නේ ලොකු වාහනවල එන පින්වතුන්ට. මොකද ලොකු පලතුරු වට්ටියක් හදාවාගන්නවා කියලත් දන්නවානේ. හැබැයි බස් එකේ එන පොඩි පින්වතුන්ට ඔය සැලකිලිනෑ අයි බොවන්ඩ.

පළතුරු වට්ටිය එතනින් හදාගන්න ගියාමත් වාහනේ දිහා බලලා තමයි එයාලා තීරණය කරන්නේ මොකක්ද ප්‍රමාණය සහ ගාන කියලා. අපි අඩු එකක් ගන්න ගියොත් කියන්නේ අපෝ මහත්තයා ලොකු වාහනේකින් ඇවිත් ලෝබ වෙන්න එපා දෙයියෝ ඉස්සරහ කියලා. ලැජ්ජාවට හරි ලොකු ගාණක පූජාවට්ටීයක් ගන්න එන අය පෙළබෙනවා.

පූජාවට්ටියක් අපිම අපි ගෙනාපු පළතුරු වලින් හදාගන්නවා කිව්වොත් විනාශයක් වෙන්නේ. එහෙනම් බිස්නස් පාඩු නොකර වාහනේ වෙන තැනකට ගෙනියන්න කියලා තර්ජනය කරන්නෙත් එතන ඉන්න අර මුලින් ආදරෙන් අපිව එතනට ගෙන්න ගත්ත අයියලාම තමයි. ඒනිසා ඔයලා පූජාව කරන්න ඔයාලම පූජාවට්ටියක් හදනවානම් වාහනේ පොදු රථ ගාලක දාලා යන එක තමා හොදම වැඩේ.

ඊලගට තමා හොදම වැඩේ එයාලම කියනවා පූජාවට පූජාවට්ටිය ගෙනියන්න කාවඩි නටන කණ්ඩායමක් දෙන්නද කියලා, අපි ආපු වාහනේ ලොකු වාහනයක් නම් ඒකත් අපි කරන තැනටම පත් කරනවා. බැරිම නම් ලොකු පූජා වට්ටිය ගෙනියන්න කෙනෙක් සෙට් කරලා ඒකෙනුත් ගානක් කඩා ගන්නවා. පුළුවන් කමක් තිබ්බත් අපිට ගෙනියන්න දෙන්නේම නෑ.

හොදම වැඩේ තියෙන්නේ දේවාල වලට ගෙනිච්ච ගොඩක් පළතුරු, තැඹිලි සහ බුලත් දේවාලේ කපු මහත්තයා අරගෙන හොර පාරෙන්ම ආපහු පූජා වට්ටි කඩ වලට සල්ලි වලට දෙන එක. මේ සියල්ලම ඉතා සංවිධානාත්මකව සිද්ද වෙන දේවල්. දෙයියෝ විකුණලා හරි සල්ලි හම්බකරන් කන මිනිස්සු එක්ක සාධාරණයක් බලාපොරොත්තු වෙන්න අපිට බෑ.

ඒ නිසා ඔබට කරන්න පුළුවන් එකම සහ හොදම දේ ඔබගේ විශ්වාසය සහ ඇදහිල්ල අනුව ඔබ කරන පූජාව ඔබ විසින්ම සකස් කර පූජා කරන එකයි. එතකොට ගණුදෙනුව ඔබ සහ දෙවියන් අතර විතරයි. අතරමැදියන් ඕනි වෙන්නේම නෑ.

දෙවියන් වැදීම යැදීම සග පගාව දීම ගැන තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

◄◄◄ ඔබගේ වල් කම පරික්ෂා කර බලමුද? ►►►


ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද?

නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද?

ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.

කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩ…ා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත…

උඹත් පිං පඩි කාරයෙක්ද?


ඔබ රැකියාවක් කරන කෙනෙක්ද? එහෙනම් ඔබ රැකියා ස්ථානයේදි ඔබගේ රාජකාරිය ඔබ 100% ම ඉටු කරනවාද?

එහෙමත් නැත්නම් රස්සාව කරන්න ගිය වෙලාවේ ඉදලා පැය ගණන් තේ බොන්න, කන්න, පත්තර කියවන්න, ඕපදූප කියවන්න, ශොපින් කරන්න එහෙමත් නැත්නම් ආයතනයේ රාජකාරිය පැත්තක දාලා ඔයාගේම බිස්නස් වැඩක් කරන කාලකන්නියෙක්ද?

තමන්ගේ ආයතනයේ රාජකාරි හරියට නොකර ඒත් මුළු පඩියම අරන් ගෙදර යන ඔයාට කියන්නේ පින් පඩි කාරයෝ කියලා.

ඉතින් ඔයත් හිතල බල්න්න පින් පඩි කාරයෙක් වෙලා ආයතනයෙන් සේවය ගන්න එන මිනිස්සුන්ගෙන් බැනුම් අහන කෙනෙක් වෙනවද?

නැත්නම් හරියට රාජකාරිය කරලා සාධාරණව පඩියක් අරගෙන මිනිස්සුන්ගෙන් හොද නම අහන කෙනෙක් වෙනවද කියලා?

රට බේරගන්න අන්තිම සති කිහිපය අපි සාමකාමීව ගෙදරටම වෙලා ඉමු.


කොරෝනා මුල්ම රෝගියා හම්බ වෙච්ච දවසේ ඉදලා වැඩි හරියක් අළුත් කොරෝනා රෝගීන් හම්බ උනේ නිරෝධායනයට යොමු කරපු තැන්වලන්.

තමන්ට කොරෝනා කියලා සැක හිතුන රෝගීන් වගකීමක් ඇතුව රෝහල් ගතවෙලා තමන්ගෙන් කොරෝනා තමන්ගේ පවුලට වගේම සමාජයට බෝවෙන එක අවම කලා. එයාලගේ පවුල්වල අය ඇසුරු කරපු අයත් එයාලගේ ගෙවල් වලම නිරෝධායනට ලක් වුනා.

මුල්ම ටිකේ ගෙවල් වල හැංගිලා උදලා මැරෙන්න ඔන්න මෙන්න රෝහල් ගත උන උන් ටික නිසා උන් ඇසුරු කරපු උනුත් බලෙන් නොරෝධායන කදවුරු වලට යවන්න සිද්ද උනා.

ඒ දෙගෙල්ලගෙන්ම තමයි අලුතෙන් මේ හම්බ වෙන කොරොනා රෝගීන් එන්නේ. ඒ කියන්නේ ඔවුන්ගෙන් සමාජයට මේ ලෙඩේ බෝ වෙන එක නතර වෙලා තියෙන්නේ.

ඒක ගොඩක් සතුටට කාරනාවක් මොකද නිරෝධායන කදවුරුවලින් ඉන්න අය අඩුවෙන ගාන වැඩි වෙනකොට ලෙඩේ බෝවෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ කියන්නේ මේ ඇදිරි නීතිය සහ සියළු නීති රීති අවම කරලා සාමාන්‍ය ජන ජීවිතය ඉක්මනට දෙන්න පුළුවන් වෙයි.

හැබැයි පුතෝ ගෙවල් වලට වෙලා ඉන්න බැරි ඌරෝ සෙට් එකක් ඉන්නවනේ මොනාහරි ජරාවක් හොයාගෙන එලියට බහින. අන්න ඕකුන් කොරෝනා තිබ්බ කාව හරි එක්ක ඉදලා ලෙඩේ බෝ කරගෙන හැංගිලා හිටියොත් නම් මේ පාලනය කරගෙන යන කොරෝනාව ආය කනපිට හරවන්න පුළුවන්. එහෙම උනොත් ඇමරිකාවට වෙලා තියෙන දේට වඩා ගොඩක් දරුනු විදිහට අපිට බලපාන්න පුළුවන්.

දැනටමත් මිනිස්සු රස්සා කරගන්න විදිහක් නැතුව අතේ සල්ලි නැතුව හෙම්බත් වෙලා ඉන්නේ. තව සතියක් දෙකක් අමාරුවෙන් අල්ලගෙන ඉදිවි. ඊට පස්සේ මිනිස්සු ඔය මොන ඇදිරිනීතිය දැම්මත් එලියට බහිනවා කන්න දෙයක් හොයාගන්න රස්සාවක් කරන්න.

ඊට කලින් අපි මේ ලෙඩේ ගොඩ දාගත්තේ නැත්නම් මේ රට තවත් ඇමරිකාවක් වෙන එක නවත්තන්න මොන දේ කරත් බෑ.

ඒනිසා අපි ගෙදරටම වෙලා තව ටික දවසක් ඉමු. කොරෝනා ගැන සැක සහිත අය ගැන පොලීසියට හමුදාවට කියමු. රට බේරගන්න අන්තිම සති කිහිපය සාමකාමීව ඉමු.

කෝරෝනා මම උබට ආදරෙයි අහස තරම්


කෝරෝනා උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට ගොඩක් දේවල් අත් දකින්න ලැබුනා අපිට


# නිකමට මාස්ක් එකක් නොදාපු අපිට මාස්ක් නැතුව එලියට බහින්න බැරි කලා
# පෝලිමට පිලිවෙලට ඉන්න බැරි අපිට පෝලිමට ඉන්න පුරුදු කලා


# එකාට එකා පෙල්ලගෙන ඉස්සරහට යන්න හදපු අපිට දුරින් ඉන්න පුරුදු කලා


# සුපර් මාකට් එකෙන් බඩු ගත්ත අපිට ගෙදර ලගටම බඩු ගෙනත් දෙන ක්‍රමයක් හැදුවා


# වෙනදට පොශ් තැන්වලට ගිහින් අස්ප ගනන් දීල කෑම අරන් පොටෝ දාපු අපිට ගෙදර හදපු කෑම වල පොටෝ දාන තැනට වැඩ සිද්ධ කලා


# මල් පැලයක් වත් ගෙදර හදපු නැති අපිට ගෙදර එලවළු පැලයක් හදන තැනට ගෙනාවා


# උදේටයි හවසටයි විතරක් දැකපු අම්මා තාත්තා පවුලේ අය එක්ක පැය විසි හතරම ඉන්න වෙලාවක් හදලා දුන්නා


# මෙච්චර කල් උයන්න බැරිවෙලා හිටපු කෙල්ලොන්ට අම්මලා අත්තම්මලා ගෙන් කුකරි කෝස් එකක් නොමිලේම හම්බ උනා


# රෑට ජ්ම් ගිහින් ඇවිත් පුකට අව්ව වැටෙනකන් නිදන් හිටපු කොල්ලොන්ට ගෙදර වත්තේ ජිම් එකේ ශෙඩුල් එක තාත්තලා දුන්නා


# මේකප් නැතුව උනත් ගෑනු ළමයින්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියන එක ඔප්පු කලා


# හැමදාම රෙදි හෝදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි කියලා කොල්ලොන්ට ඔප්පු කලා


# බුලත්විට කාගෙන තැන තැන කෙල ගහන උන්ට ආය ජීවිතේට කෙල ගහන්න බය හිතෙන තැනට වැඩ කලා


# සිගරට් අරක්කු කුඩු ගංජා බිව්වාම ඇබ්බැහි වෙනවා කියපු උන්ට සති මාස ගනන් ඒවා නොබී ඉන්න පුළුවන් කියලා ඔප්පු කලා


# අපි වෙනුවෙන් රට වෙනුවෙන් චන්දේ ඉල්ලන්න ඉන්න එකෙක් වත් කරදරයක් උනාම උබල අපි ගැන බලන්නේ නෑ කියලා ඔප්පු කලා


# කොච්චර දේවාල පස්සේ ගියත් පිහිටක් ගන්න අන්තිමට දෙයියොන්ටත් අපේ පිහිට ඕනි බව ඔප්පු උනා


# ග්‍රහලෝක අස්සේ හැංගිලා කේන්දර වල අපල කියලා උබලා රවට්ටපු ජෝතිශවේදියෝ පට්ට හොරු ටිකක් කියලා ඔප්පු කලා


# උතුරේ වෙනම රටක් ඉල්ලපු හමුදාව පන්නන හදපු දෙමළ ජාතිවාදියෝ ටිකට අන්තිමට හමුදාවෙම සහයෙන් ජීවිත බේරගන්න උනා


# කොච්චර විද්‍යාව දියුණු උනත් සමහර ආගම්වල ඉන්න ගොබ්බ පූජකයෝ නිසා මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරවලා කියලා ඔප්පු උනා


# වෙන රටවල් කොරෝනා වලින් මැරෙන ගාන නිවුස් වලට කියද්දි අපේ රටේ ඇදිරි නීතිය කඩලා හිරේ ගිය ගාන කියන තැනට වැඩ සැලැස්සුවා


# එක ගොනෙක් නිසා රැලක්ම මැරෙන්න පුළුවන් කියලා ඔප්පු කලා


# හැමදේම ගොඩ ගහන් හිටපු අපිට අල්ලපු ගෙදර මනුස්සයා කාලද බීලද කියලා හොයලා අඩුපාඩු මග හැරගන්න බෙදා හදා ගන්න පුරුදුකලා


# කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ කෙල උනාම හැමෝටම කොතනදිත් එකම විදිහට සලකන තැනට වැඩ පත්කලා


# සමහර ලෙඩ හැදෙන්නේ දුප්පත්ද? පෝසත්ද? මොන ජාතියේද? මොන ආගමේද? මොන පලාතෙද? ගෑණුද? පිරිමිද? සුදුද? කලුද? උසද? කොටද? කෙට්ටුද? මහතද? කියලා නෙවෙයි කියලා ඔප්පු කලා


ඉතින් කොරෝනා උඹනම් අපිට ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන්ම කියලා දුන්න නියම පොරක් බං


Rohana K Amarakoon

වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..


(1) ගෙදරින් පිටත්වීමට පෙර… ඇඳන් ඉන්නේ ටීෂර්ට් එකේ නිවැරදි පැත්ත දැයි බලන්න
(2) කලිසමේ සිප්එක දිහා බලන්න 😛
(3) ගෙදරින් පිටත්වනවිට පර්ස් එක ෆෝන් එක ගත්තා දැයි බලන්න
(4) ගෙදර එන්නට පෙර පර්ස් එක ෆෝන් එක තිබේදැයි බලන්න
(5) ගෙදර ආපසු ඔයදෙක තියන්නට නිශ්චිත තැනක් හදාගන්න
(6) ATM එකෙන් කාඩ්එක ගත්තාදැයි බලන්න
(7) උදන්ම කරන්නට ඇති වැඩ ලැයිස්තුව ලියාගන්න (මම දිනපතාම කරන වැඩකි )
(8) ටවුමට ගිය පසු නෝනා බාරදුන්නු අනිවාර්ය රාජකාරි සියල්ලම කරාදැයි ලැයිස්තුව පිරික්සන්න
(9) 70ට වැඩිනම් තමන් ආසා කෑම බීම ඕනෑම එකක් පොඩි පාලනයක් ඇතුව කන්න
(10) තමන්ට ඇති දේපල තමන් මියගිය පසුව පමණක් අයිති වන ලෙස ළමයින්ට සාධාරණව බෙදා දෙන්න
(11) තමන් ඉතිරි කර ඇති මුදල්සියල්ලම දරුවන්ගේ වැඩ වලට වියදම් නොකරන්න (ඉතාම වැදගත්)
(12) ලොකු TV එකක් අරං තමන් කැමති දෙස් විදෙස් චිත්‍රපටි බලන්න, සංගීතයට සවන් දෙන්න පොත් කියවන්න. (ඩිප්රෙෂන් ලොවෙත් හැදෙන්නේ නැත, තනිකමක් දැනෙන්නෙත් නැත)
(13) හැකි තරම් පැරණි මිතුරන් හමුවන්න. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට ඇහුන්කම් දෙන්න
(14) දිනපතා ඇවිදින්න
(15) බයිසිකලයක් ගන්න කෙටි දුරවල් බයිසිකලයෙන් යන්න. එය (ඔබේ නම්බුවට බාධාවක් නොවේ)
(16) පාන්පිටි ආහාර ඔබට තහනම්ය. පාන්,බත් කොත්තු, පරාටා, ගෝදම්ඹරොටි, රෝල්ස්, මාළුපාන්, පේස්ට්‍රි,කේක්,අයිස්ක්‍රීම්, පැණිරස කැවිලි ජාති, කිඹුලා බනිස් කෑමෙන් සම්පූර්ණ යෙන්ම වැළකෙන්න. සීනි යනු භයානක වස වර්ගයකි. පාන්පිටි, බත් සහ අධික සීනිභාවිතය හෘද රෝග වලට මූලික හේතුවකි. බිත්තර, බේකන්, බටර් ඔබට කිසිසේත්ම අගුණ නැත. ඒවා නිසා කොලෙස්ටරෝල් හැදෙන්නේ නැත (නවතම පර්යේෂණ අනුව). ඒවා දිනපතා රසවිඳින්න. බිත්තර දැන් සැලකෙන්නේ සුපිරි ආහාරයක් වශයෙනි දිනපතා උදේට දෙකක් කෑවත් වරදක් නැත. මාගරීන් කන්න එපා.
(17) දවල් කෑමවේල සම්පූර්ණ යෙන්ම මග හරින්න. දවසෙම කොම්පියුටරෙයි ෆෝන් එකෙයි ලැගලා ඉන්න එකෙකුට බත් පිඟන් තුනක් හොඳටෝම වැඩිය. බඩ නෙරා එන්නේ ඒකය. බර වැඩ නොකරන කෙනෙකුට දිනකට කෑමවේල් දෙකක් හොඳටම ප්‍රමාණවත්ය. දවල්ට කෙසෙල් ගෙඩි දෙකක් හෝ තමන් කැමති පළතුරක් කන්න (පීප්ප වැනි බඩගෙඩියන්ට විශේෂයි). කෑම වේලේ ඇති බත්ප්‍රමාණය අඩුකර එළවළු,මාළු ප්‍රමාණය, වැඩිකරන්න. මෙසේකලොත් බඩගෙඩිය බලන් ඉද්දී අඩුවනු ඇත.
(18) ලෙඩ රෝග තිබේනම් ඒගැන අන්තර් ජාලයේ ඇති නවතම කරුණු පිරික්සා බලන්න. බොහොමයක් ලංකාවේ චැනල් මුදලාලිලාට තම දැනුම අප්ඩේට් කරගැනීමට වෙලාවක් නැත. ඔව්හු වට්ටෝරු වෙද්දුය. ඔවුන් නියම කරන බෙහෙත්ගැන අන්තර්ජාලයේ විමසීමක් නොකර එක දිගට නොගන්න. ඔව්හු බෙහෙත් වල භයානක අතුරු ප්‍රථිපල ගැන ඔබට කිසිවක් කියන්නේනැත.
(21) තමන්ට විසඳීමට බැරි ප්‍රශ්ණ ගැන සිතමින් ලත නොවන්න. ගුප්තශාස්ත්‍ර පකීර්ලාට ඒවා විසඳාදිය නොහැකිය. ඒවා කාලය විසින් විසඳනු ඇත.
(22) දිනපතා මල්ටි විටමින්, ෆිෂ්ඔයිල් කැප්සියුල් එකක්, ඇස්පිරින් පෙති බාගයක් ගන්න (වයසට යනවිට ආහාර වල ඇති විටමින් ශරීරයට උරාගැනීම අඩුවෙයි)
(23) මාසෙකට අඩුම තරමින් දිනක් දෙකක් උපවාසයේ යෙදෙන්න (ශරීරයේ තැන්පත්වී ඇති මේදය දහණය වීම සඳහා intermittent fasting )
(24) රෑට මත්පැන් ඉතාම ස්වල්පයක් හෝ වයින් ටිකක් බොන්න. සුව නින්දක් ලැබෙනු ඇත (කණපැලෙන්න බොන්න එපා යකෝ).
25) දුම්බීමෙන් වලකින්න
(26) තමන්ගේ වැඩිහිටි දරුවන්ගේ වැඩවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවන්න.
(27) මුණුපුරු මිණිපිරියන් සමග හැකිතරම් කාලයගතකරන්න. ඔබගේ ජීවන අත්දැකීම් ඔවුන්ට කියන්න. ඔවුන්ට ඒවායින් පාඩම් ඉගෙනගන්න කියන්න. ඔබේ දැණුම ගුරුමුෂ්ඨි ඔවුන්ට දෙන්න.. මේ සමාජයේ ඇති විෂඝෝර වනසතුන් වැනි මිනිසුන්ගෙන් බේරී ජීවත්වන අන්දම ඔවුන්ට කියාදෙන්න
(28) කිසිම කෙනෙකුට ණයට මුදල් නොදෙන්න. දේපල උගසට තබා බැංකුවලින් විශාල ණය ගෙන අවදානම් ආයෝජන නොකරන්න. එසේ කළහොත් අන්තිමට ඉන්නවෙන්නේ කොට්ටම්බා ගසක් යටය.
(29) වැඩකට නැති සමිති සමාගම් වලින් ඉවත්වන්න. ඉතාම සීමිත යහළුවන් නෑයින් කිහිපදෙනෙක් පමණක් ලඟින් ආශ්‍රය කරන්න. වැඩකට නැති හාල්පාරුවන් කපාහරින්න
(30)ආගමික අන්ධ බැතිමතුන් බුකියේ දේශපාලණ බයියන් සමග දීර්ඝ වාද වලට නොපැටලෙන්න. එල්ලී එල්ලී එනවිට අන්ෆ්රෙන්ඩ් කරන්න
(31) කිසිම දවසක නොගිය තැන් සහ අතීත මතක සැමරුම් ඇති තැන් බලන්නට යන්න. මුදල් යහමින් තිබේ නම් මේ යක්ෂ දූපතෙන් එලියට ගොස් සංචාරය කරමින් ජීවිතයේ ඉතිරි කොටස රස විඳින්න
## Some People Are Born Old ##
Dr. Sarath wimalasurya -(උපුටා ගැනීමකි )

ඉගෙන ගත්තත් නැතත් කොලුවට දෙන්න නම් ගුටි එපා කිසිදා


පුතා ඇවිදින් කදුලු පෙරමින් අම්මේ මට බඩගිනී කීවා
දෙල් බෙදා ඇති පොල් ටිකක් මට තියලා කාපන් මමත් කීවා
අම්මා කවනවා නම් තමයි මං කන්නේ අම්මේ පුතුත් කීවා
නාකි හුරතල් නොවී කාපන් මමත් පුතු හට සැරම වූවා

දෙඅත් සගවා පසුපසට කොට අම්මේ මට කවපන්කෝ කීවා
බංකුවේ ඉද ගන්න කීවම හිටගෙනම මම කනවා කීවා
ඉදන් කන්නට බැරි මොකද මම ටිකක් සැරවී උගෙන් අහුවා
පුපුරු ගහනා අත් දෙකම මට කදුලු පුරවන් වසන් කෙරුවා

පන්තියේ සිංහල උගන්නන ටීච මට හෙට එන්න කීවලු
පන්තියේ ඉන්නා වූ නරකම ලමයගේ මව මමයි කීවලු
පන්තියේ පාඩම් සියල්ලම එකම පොතකම ලියලා තිබුනලු
පන්තියේ ඔක්කෝම ඉදිරියේ වේවැලෙන් මගේ පුතුට තැලුවලු

අන්තීමේටම තිබුනු පිටුවේ පැන්සලෙන් පන්සලක් ඇදලලු
ඊට පිටු කීපයකට පෙර ඉංගිරීසි එක්කලා දෙමල ලියලලු
මුල්ම පිටුවල සිංහලින් ලියු රචනාව කියවලා තරුත් ලැබිලාලු
ටීච පොත පෙරලා බලලා යක්ෂයා ආරූඪ වීලලු

පන්තියට රස කෑම ගෙනවිත් පුතුට නොදීම රසකරනවලු
පන්තියට අල බතල තම්බන් ආපු විට එය විසිකරනවාලු
පන්තියේ හැම කාලා බීලා බන්ඩි ගෙඩි ටික පිරිලා යනවලු
පන්තියේ අග පේලියේ පුතු හාමතේ හැමදාම සිටියලු

පොල් ගසින් බිම වැටී මා පුතු පියා මියගොස් වසර දහයයි
පොල් අතුයි මැටි බිත්ති හතරයි යන්තමට අපි හැදුවා විතරයි
මල් යහන් නොව මා පුතා හට එදා ඉදලම පැදුර උරුමයි
මල් වැටුන මගේ චීත්තය පෙරවා නිදන්නට තාම ආසයි

පියා නොමැතිව දස වසක් මම නොවිදිනා දුක් ගොඩක් වින්දා
සිගා කෑමට නොහැකි තැන එක එකාගේ රෙදි ගොඩක් හෝදා
ලැබෙන සොච්චම බොහොම අරපිරිමැස්මකින් රැකගත්තේ සැමදා
මමයි ගමේම ඇදුම් හෝදන කැකිරී හේනේ ඩෝබි නන්දා

දස වසක් මගෙ කොල්ලා සුනිමල් අනේක දුක් ගොඩක් වින්දා
අදත් හෙටටත් තවත් දහදුක් කප්පරක් විදිනට වෙයිද මන්දා
මමත් හෙට ඉස්කෝලේ ආවොත් රෑට කන්නට වෙයිද මන්දා
ඉගෙන ගත්තත් නැතත් කොලුවට දෙන්න නම් ගුටි එපා කිසිදා

රෝහණ කේ අමරකෝන්

ලංකාවේ බුකී වීරයන් ගේ පරම සතුරන් වූ එදිරි නම් ඇත්තන්


1. ලංකාවේ කෙල්ලන් වල්කමේ යන්නේ මනමේ නාට්ටිය ලියූ එදිරි කෙනෙක් නිසාය ඒ එදිරිවීර සරත්චන්ද්‍රය.

මනමේ නොලිව්වානම් අපේ රටේ කෙල්ලන් එක කොල්ලෙක් සිටියදී තවත් එකෙක් එක්ක සෙට් වෙන්නට ආදර්ශ ගන්නට විදිහක් නැත.

2. ලංකාවේ කොල්ලන් මිනීමරාගන්නේ දෙවෙනි ඉනිම ලියූ එදිරි කෙනෙක් නිසාය ඒ Saman Edirimunee ය.

දෙවෙනි ඉනිමේ වලිය ආදර්ශයක් නොවන්නට ලංකාවේ කොල්ලන් දැන් එලිපිට වලිදාගෙන කපා කොටා මරාගනී. ඊට ඉස්සර ලංකාවේ කොල්ලන් කිසිම විටෙක ගහ මරාගෙන තියා නරක වචනයකින්වත් එකිනෙකාට බැනගෙන නැත.

3. මහබැංකු හොරකම සිදුවන්නේද එදිරි කෙනෙක් දුන් ආදර්ශයක් නිසාය ඒ E.A.P එදිරිසිංහ මූල්‍ය ආයතනය කල හොරකම නිසාය.

E.A.P. එදිරිසිංහ මූල්‍ය ආයතනය හොරකමක් නොකලානම් මහබැංකු හොරකම කරන්නට ගුරුහරුකම් අර්ජුන් මාමා බෑනලාට ලැබෙන්නේ නැත.

තව රටට එදිරිවූ එදිරිලා බරගානක් ඇතිමුත් මේ නිවාඩු වැසිබර ඉරිදා මට ලියන්නට කම්මැලිය.

මම රෝහණ කේ අමරකෝන්