සයිටම් හොර උපාධි කඩයක් වෙන්නේ ඇයි?


1.වෛද්‍ය පීඨයක් පිහිටුවීමට BOI අවසරයක් නොමැතිවීම (අවසරය ලබාදී ඇත්තේ Technology and management කොටස් වෙනුවෙනි , මුල් නමට අනුව).

2.South Asian Institue of Technology & Management යන්න South Asian Institue of Technology & Medicine ලෙස හිතුමතේ වෙනස් කිරීම

3.වෛද්‍ය සභාවේ අනුමැතියක් නොමැතිවීම. ( වෛද්‍ය සභාවක අනුමැතියක් නොමැති ව වෛද්‍ය පීඨයක් ආරම්භ කල හැකි වුවද එයින් බිහිවන් වෛද්‍ය වරුන්ට මෙරට වෛද්‍ය වරු ලෙසට සේවය කල නොහැක )

4. සායනික කටයුතු සදහා ශික්ශන රෝහලක් නැතිවීම ( සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නෙවිල් ප්‍රනන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිලි ගෙන නොමැත).

5.එකම සුදුසුකම ලක්ශ 120 පමනක් වීම(සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුබෙරු කමිටු වාර්තාව අනුව උසස් පෙල අසමත් සිසුන් මෙහි අද්‍යාපන ය ලබයි).

6.එකම කන්ඩායමක් සදහා එක වසරක intake දෙකක් සිදුකරන ලොව එකම වෛද්‍ය පීඨය වීම.මොවුන් උපාධිය ලබන්නේ එකම දිනක බැවින් එවිට මුලින් බදවා ගත් කන්ඩායම සහ දෙවෙනුව බදවාගත් කන්ඩායම උපාධිය සම්පූර්ණ කල කාල සීමාවේ වෙනසක් ඇත.(වෛද්‍ය සභාවේ වාර්තාවේ ඇත).

7.ගත් මුදලට උපාධිය ය ලබාදිය නොහැකි වීමම කඩයට ටත් වඩා අන්ත වීමට හෙතුවක් නොවේද?

8.ERPM / act 16 ලියන්න අවශ්‍ය නොමැති බව, කිසිවෙක් ගේ අවසරයකින් තොරව දැන්වීම වලින් පලකිරීම.

9.රුසියානු විශ්ව විද්‍යාලයකට අනුබද්ධ (affiliated) බව කීවත් මොවුනට ඇත්තේ එය සමග එකගතාවක් පමනි (MOU එකක් පමනි). එවැනි දිව්ත්ව උපාධි වෛද්‍ය සභාව මගින් පිලිනොගනි.

10. 2009 පටන් ගන්නා ආයතනය රෝහලක් ඉදිකරගන්නේ 2013 දීය(එයද ශික්ෂන රෝහලක් ලෙස පිලි නොගනියි). එවිට මුල්ම කන්ඩායම් වසර හතරක් යනතුරු සායනික පුහුනුව ලබා නැත(රජයේ වෛද්‍ය පීඨ වල දෙවෙනි වසරේ සිට සායනික පුහුනුව ලබා දෙයි)

11.එස්.බී දිසානයක ඇමතිවරයා උපාදි ප්‍රාදානය කරන බලය ලබා දෙන්නේ 2012 වසරේ නිකුත් කරනු ලබන ගැසට් පත්‍රයක් මගිනි. එය 2009 වසරේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.සාමාන්‍යයෙන් එසේ ආපස්සට බලපැවැත්වෙන පරිදි ගැසට් නිකුත් නොකරයි.තනිකරම දේශපාලන හිතවත්කම් උඩ සිදුවූවකි. ගැසට් පත්‍රය නිකුත්කරන විට මෙයට රෝහලක් වත් නැත.

12. පෞද්ගලික ආයතනය කට මල සිරුරු තබා ගැනීමේ හැකියාවක් නැතිවුවත් මෙම ආයතනයට සිසුන් ගේ අද්‍යාපන කටයුතු සදහා මල සිරුරු තබා ගැනිමට ඉඩ ලැබී ඇත.

13.මෙම ආයතනයේ උපකුලපති වරයා සුප්‍රසිද්ධ වසීම් තජුඩීන් නඩුවේ මරන පරික්ශනයේදී අස්ථි කොටස් හිතාමතාම අතුරුදහන් කල අයෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අදිකරනයට දන්වා ඇත.එ පිලිබදව වෛද්‍ය සභාවේ විමර්ශනයක් සිදුවන අතර ඔහුව අතඅඩ0ගුවට නොගන්නා ලෙස අදිකරනයට මොසමක් ඉදිරිපත් කර ඇත.

14. ආයතනයේම අද්‍යාපන ය ලැබූ සිසුන් විශාල පිරිසක් එයින් ඉවත්ව ඇත. එහි ඉගනගත් සිසුන් පිරිසක් ආයතනයට එරෙහිව ගොනුකල නඩුවක් කඩුවෙල දිසා අදිකරනයේ මේ වනවිටත් විභාග වෙමින් පවති.( හොර කඩයක් නොවේ නම් එසේ වන්නේ නැත)

15.සිසුන් බදවා ගැනිම වහාම නවතන ලෙස දන්වා තිබියදීත් සිසුන් ඇතුලත් කරගනී(දේශපාලන බලය භාවිත කර).

16.උපාධි ය මුදලට ලබාදීමට ප්‍රතිපත්තියක් ලෙස අපි විරුද්ධ වීම. මන්ද මෙය අද්‍යාපන පෞද්ගලිකකරණය ක්‍රියාවලියේ නියාමන ව්‍යාපෘතියයි. උසස් අද්‍යාපන ඇමතිවරයා ම කියන පරිදි සයිටමයට අනුමැතිය ලද පසු තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පහක් මෙරටට පැමිනීමට නියමිතයි.

ඔබ කවුද 


​ලස්සන කෙල්ලන් ‍රූසපුව කේවල්කර සල්ලිකාර කොල්ලන් සමග මිතුරු වෙති
සල්ලිකාර කොල්ලන් මුදල් විසිකර ලස්සන කෙල්ලන් වසගයට ගනිති
ලස්සන නොවන දුප්පත් උන්ට අන්තිමට ඉතිරිවූ උගත්කම විකුනා සල්ලිත් ලස්සනත් මිලදි ගනිති
එසෙ නොවන උන් ජීවිතය වරද්ද වරද්දා ජිවත් වෙන්න උත්සාහ කරති
 ඔබ ඉන් කවුද ඔබම තිරනය කරන්න

​ඉන්ජිනේරුවනේ තොපිලා බුදිද ?


2016 අගෝස්තු 1 දින නිකුත් කරන ලද 2016 ජූලි 29 දින ගැසට් පත්‍රයට අනුව ශ්‍රී ලංකාව තුල ඉංජිනේරුවරුන්ගේ සභාවක් (ඉංගිරිසි පරිවර්තනයේ සදහන් වන්නේ Engineering council යනුවෙනි) ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙහි බලතල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සතු බලතලවලට සමාන්තර වේ. 
මේ අරුම පුදුම කවුන්සිලයකි. සාමාජිකයන් 17 දෙනකි. ඉන් 4 දෙනකු නිල බලයෙන් පත්වේ (ඉංජිනේරු පීඨවල පීඨාධිපතිවරුන්  3 දෙනකුද ඇතුළුව). ඉතිරි සාමාජිකයන් 13 දෙනාම පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයාය (76%). එපමණක් නොව කවුන්සිලයේ සභාපතිවරයා පත් කරන්නේද අග්‍රාමාත්‍යවරයාය. සභාපතිවරයා ඉවත් කිරීමට බලය ඇත්තේද  අග්‍රාමාත්‍යවරයා ට ය. අග්‍රාමාත්‍යවරයා සාමාජිකයන් එක්කෙනකු, දෙදෙනකු පත් කළා නම් ඉවසා සිටිය හැක. මෙහි 17න් 13ක්  අග්‍රාමාත්‍යවරයා පත් කරයි (එහෙත් වෛද්‍ය සභාවට අග්‍රාමාත්‍යවරයාට  නියෝජිතයන් පත් කල නොහැකිය. 25 ක් සිටින කවුන්සිලයේ 4 දෙනකු පමණක් (16%) සෞඛ්‍ය අමාත්‍යවරයාට පත් කල හැක). 
මේ රටේ ප්‍රබල වෘත්තිකයන් පිරිසක් වන ඉංජිනේරුවන් සිය ග්‍රහණයට ගැනීමට දරන මේ වෑයම අතිශයින් පිළිකුල් සහගතය. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ තවත් නොයෙක් දේ ගැන නං දොඩවන තුට්ටු දෙකේ උගතුන් මේ ගැන පවසන්නේ කුමක්දැයි අපි  බලා සිටිමු. 
තවද ඉංජිනේරුවන් අතර රටට දැයට හිතවත් බොහෝ දෙනකු සිටින බව මම අත්දැකීමෙන්ම දනිමි. අපේ සරසවි කාලයේ (පේරාදෙණියේ)  ඔවුහු උරනුර ගැටෙමින් අප සමග වැඩ කළහ.ඊට පසුව ද බොහෝ ජාතික ප්‍රශ්න වලදී නොපැකිලව ඉදිරියට ආ ඉංජිනේරු සහෘදයෝ බොහෝ ය. මේ නිහඬ කරවන්නට තැත්  කරන්නේ ඔවුන්ගේ හඬ නොවේද?
අතුරුදහන් වුවන්ගේ කාර්යාල පනතක් ගෙනවිත් කූඨ ලෙස සම්මත කර ගත අයුරටම ඉංජිනේරුවරුන්ගේ කවුන්සිලයත් සම්මත කර ගන්නට නොවේද මේ උත්සාහ දරන්නේ.
ඉංජිනේරු මිතුරනේ තොපිලා බුදිද? මේ අසාධාරණයට එරෙහිව නැගී සිටපල්ලා. අපට පුළුවන්  සහායක් උඹලාට දෙනවා.
චන්න ජයසුමන

පේරාදෙනිය වල සහ වේදිකා නාටක


කෞෂි ගේ ‘දුටු තැන අල්ලනු’ නාට්යවයට පේරාදෙණියේ හූ කියා, ගල් මුල් වලින් ද ගසා එය රඟදක්වන්නට නොදී නවත්වා තිබේ. සිවුරු ඇඳගත් එකෙකු පැමිණ ‘වල’ පෙන්වමින්, ‘මේක ශුද්ධ භූමියක්!’ යැයි තර්ජනය කර ද තිබෙයි. පේරාදෙණියේ ‘වලේ’ නාට්යලක් රඟ දක්වා ‘හූ’ සංග්රිහයක් නොලැබ පැමිණීම එවක නාට්ය්ය පිළිඹඳ ප්රිමිති සහතිකයක් ලෙස සැලකුණි. නාට්යාන් කරුවෙකු ලෙස බෞතීස්ම වීමට ‘වලේ’ අභියෝගය ජයගත යුතුව තිබුණි. එහිදී හූ සංග්රකහ ලැබූවන් අතර සයිමන් නවගත්තේගම, මනෝරත්න, ආදීහුද වෙති. ඒ හූව ආශාව්දනීයය. සයිමන් සුභ සහ යස රංග දක්වද්දී තරමක් ‘පදම’ වෙනස්වී දෙබස් අමතක වූ විට හූ කියමින් දෙබස් කියා ඇත්තේ නරඹන්නන් ය. මනෝ නාට්යියක තාලයට පා තබමින් යන විට ඉදිරි පෙළක සිටි අයෙකු කකුලෙන් අල්ලා නවතා තිබෙයි. මේවා නාට්යතය සමඟ ප්රේාක්ෂකයි ගේ ඉතා රසවත් මැදිහත් වීම් ය. වලේ නාට්යතයක් රංග දැක්වීම අභියෝගයක් වූයේ එබැවිනි. මගේ ද ‘භූමිකා’ නාට්ය්ය ‘වලේ’ රංග දැක්වූ යේ මා විශ්වවිද්යාසල සිසුවෙකුව සිටියදීය. ප්රටධාන භූමිකාවක් රංගන ශිල්පියෙකු ගේ නොපැමිණීම පුරවන්නට මට ද රඟපාන්නට සිදු විය. එය කොතරම් ලොමු ඩැහැගන්වන අත්දැකීමක් වූයේද යත් මතක් වන විට තවමත් ඇඟේ හිරිගඩු පිපෙයි. ‘හූ’ නොඅසා බේරුනේ වාසනාවකටය.


එහෙත් මෙවර සිදු වී ඇත්තේ ඉතාම අප්රැසන්න සිදුවීමකි. පුද්ගලික විශ්ව විද්යාඩල වල ප්රනමිතිය පිළිඹඳ කෑ මොර දෙන, ඒවා ඇතිවෙනවාට විරුද්ධව පෙළපාලි යන අයගේ ප්රයමිතිය විදහා දැක්වීමකි. අද ආණ්ඩුවේ විශ්ව විද්යාඹල වලට එන්නේ රටේ සිසු සම්පතේ ‘ක්රීෙම්’ එක යයි කීම මිත්යාවවකි. ඔවුන් මහන්සි වී ඉගෙන ගෙන එනවාට වඩා එන්නේ, බෝධිපූජා තබා, පිරිත් නූල් බැඳගන, සෙත් ශාන්ති මෙන්ම හදි හූනියං ද කර, හැකි නම් පගා දී ප්රනශ්නපත්තර ද පන්නාගන හැකි තාක් කට පාඩම් කර විභාගය ලියා එන අයය. ඔවුන් ගේ කිසිදු නිර්මානාත්මක බවක් නැත. පාසල් ශිෂ්ය අවධියේ සිටම මාරාන්තික සටනක එදෙන්නේ විශ්ව විද්යාිලයට රිංගා ගන්නටය. නාට්ය යක්, චිත්රැපටයක් නැරඹීම, නවකතාවක් කෙටිකතාවක් කවියක් කියවීම, සංගීතයක් රස විඳීම මේ බොහෝ දෙනෙකු නොවැදගත් සේ සලකා මග හරින දේවල් ය. ඒ වෙනුවට ෆෙන්ෂුයි පූජාවට, සාස්තර බැලීමට, ඊනියා හාමුදුරු සුපර් ස්ටාර්ස් ලා ගේ වැදි බන ඇසීමට ජාතික කොඩියේ සුළු ජාතික පටි ගැලවීමට, අනෙකාගේ සතුට ට කෙලවීමට, ගෙදර එකතුවන කුණු ටික පාරේ හලා යාමට, කක්කුස්සි බිත්ති වල ලියු දේවල් මුහුණු පොතේ ලිවීමට ඕන තරම් වෙලාව තිබෙයි. ‘වල’ ශුද්ධ භූමියක් වුයේ වන්දනා මාන කරනවුනට, සිප ගන්නා රංගනයක් ඉවසන්න ට විනයක් ශික්ෂණයක් නැති ගෝත්රිටක ප්රාජාවකට නොවේ. නාට්ය කරුවන් සහ රසිකයිනට ය. ඒ ශුද්ධ භූමියේ නාට්යයයේ මුල්පොත කියවූ අයෙකි කෞෂි ගේ අම්මා. ඒ බව ‘මේක ශුද්ධ භූමියක්’ යයි කෑ ගැසූ සිවුරු දාගත් ශුද්ධවන්තයාට කියා දෙන්නට ආචාර්ය මණ්ඩලයේ කිසිවෙකු නොසිටියේද යන්න අපට ඇති ගැටලුවයි.


මේ අද දිවිහිමයෙන් රැක ගන්නට හදන රජයේ විශ්ව විද්යාිල වල ප්ර මිතිය දැයි අසන්නට සිදු වීම භයානක සරදමකි.

 

උපුටාගැනීම

අශෝක හදගම