කන්තලේ කදුළු කතාව


ඔබත් කන්තලේ පැත්තෙ ගියොත් ඇවිත් බලන්න සිදුව ඇතිව විනාශය.. 🥺😢

ඔයත් ත්‍රිකුණාමලේ ඇවිත් කෝනේස්වරම් වැදලා , නිලාවේලි රැල්ල පාගලා යනගමන් මේ ජාතික අපරාධය බලලා යන්නත් අමතක කරන්න එපා..! 😕

ලංකාවට 1960 හම්බුන තැග්ගක්ලු,
ඒක ආසියාවේ ලොකුම එකලු,
මහා බාන්ඩාගාරයට ලොකු හයියක්ලු,
1993 පුද්ගලික කරාලු,
සේවකයෝ වැඩවර්ජන කරාලු,
අවුරුදු 30දැන් වහාලාලු,
(හෙක්ටයාර් 22000 ක්
සේවකයන් 5000ක්))
දවසක්, දෙකක්,සතියක් තිබුන
විසදුමක් නැතිවිමව දැන් අවුරුදු 30 ක්

යකෝ ඕකෙ මම සභාපති උනානම් රටටම සීනි දෙනවා

Social Media Influencers ලා සහ රට බොරු


අම්මියෝ මේ දවස් ටිකේ social media infulencers ලා සමහක් අයට හැංගෙන්න තැනක් නැතුව ඉන්නේ WhaleBoost Scam එක එයාල promote කරපු නිසා.

තමන්ට සල්ලි ලැබෙනවානම් නැත්නම් තමන්ට දෙයක් නිකන් ලැබෙනවානම් කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව තමන්ගේ followers ලාට තමන් කියන ඕනි දෙයක් පිලිගන්න ඕනි කියලා හිතන් හිටපු අයගේ රෙදි ගැලවෙලා ඉවරයි.

ඇදුමක් සෙරෙප්පු දෙකක් ඉදලා කන කෑම එකට පාවිච්චියට ගන්න ඕනිම භාණ්ඩයක් වගේම අන්තර්ජාල සේවාවන් ගැන උනත් ටිකක් හොයලා බලලා ඉන්න ඕනි තමන් ඒක promote කරන්න කලින් ඒක ගන්න මිනිස්සුන්ට යහපතක් වෙනවද කියලා.

අන්තිමට තමන් promote කරපු දේකින් තමන් follow කරන අහිංසක නොදැනුවත් මිනිස්සුන්ට සල්ලි නැතිවෙලා නැත්නම් ලෙඩරෝග හැදිලා අමාරුවේ වැටිලා ඉන්න උනාම උන් සාප කරන්න ඔය promote කරපු උන්ගේ හත්මුතු පරම්පරාවටම එක්ක.

අමුතු මගියා


ඒ කියන්නේ මෙයාලම පිලිගන්නවා මේ වෙලාවේ රට කියන ගුවන් යානය ගෙනියන්නේ නිකන්ම නිකන් සුදුසුකමක් නැති මගියෙක් කියලා.

මේ කියන මගියා රට කියන ගුවන් යානය සුදුසුකම් තියෙන ගුවන් පාලක කෙනෙක් වන IMF එක කියන දේ අහලා බිමට ගෙනත් දෙයි. හැබැයි රට කියන ගුවන් යානය නැවත ගුවන් ගත කරලා රටට ඕනි සේවය දෙන්න නම් නැවත සුදුසුකම් තියෙන ගුවන් නියමුවෙක්ටම දෙන්නම වෙනවා.

එහෙම කියලා කලින් මේ ගුවන්යානය පදවලා ගුවන්යානයට හානි කරපු ගුවන් නියමුවෝ හොයල එයාලට ගෙනියන්න දෙනවද? අළුත් සුදුසුකම් තියෙන ගුවන් නියමුවෙක්ට දෙනවද කියන එක රටේ ජනතාව තීරණය කරන්න ඕනි

රෝහණ කේ අමරකෝන්

රටේ අළුත්ම ජාතික සංකේත


රටේ ජාතික සංකේත ගැන රජය ආපහු සලකලා බලන්න තීරණය කරලාලු

රෝහණ අමරකෝන් වන මගේ යෝජනාව නම්

  • ජාතික සත්වයා – මී හරකා (රටේ බහුතරයක් ඉන්නේ මුන් නේ)
  • ජාතික පුෂ්පය – නියගලා (මේ යන විදියට කන්න වෙන්නේ මේවා තමයි)
  • ජාතික ශාකය – කන්සා (රටේ වැඩි හරියක් ඉන්නේ මේවා ගහලා වගේනේ)
  • ජාතික රෝගය – ලාදුරු (රටේ වෙන කිසි දෙයක් ගැන බහුතරයකට ගානක් නෑනේ)
  • ජාතික පානය – කසිප්පු (බේබද්දෝ වැඩිහරියක් දැන් බොන්නේ මේවනේ)
  • ජාතික ආහාරය – අමු (මේවා කාපු උන් වගේ නේ හැසිරෙන්නේ)
  • ජාතික ක්‍රීඩාව – අයිස් ගැසීම (අම්මියෝ වැඩක් කරගන්න ගියාම මේ ගැන කවර කතාද?)
  • ජාතික උරගයා – ගැරඩියා (බහුතරයක් නයි ඇරියට හැසිරෙන්නේ ගැරඩි වගේනේ)
  • ජාතික පක්ෂියා – බකමූණා (රටේ බහුතරයක් ඉන්නේ හැම එකටම හුම්ම් ගාගෙන නේ)
  • ජාතික වර්ණය – සුදු (දැන් සුදු කොඩි පේන්න පටන් අරන් තියෙන්නේ ගොඩක් අයට)
  • ජාතික ඇදුම පිරිමි – චීත්තය (තාමත් රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කාන්තා ගෘහ සේවයනේ)
  • ජාතික ඇදුම ගැහැණු – චීත්තය (තාමත් රටේ ගැහැණු උදවිය එකාට එකා ඉරිසියයිනේ ඕපදූප නම් ආය ලෝකෙන්ම එක)

මට මිස් උන් දේවල් තියෙනවා නම් කියන්න

දරුවෙකු වැදීමේ අයිතිය


දරුවෙකුට දරුවෙකු වැදීමේ අයිතිය දෙන ගබ්සා නීතිය
————————————————————•••••

ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත් වීම ගබ්සාව කියලා හදුන්වනවා. මේ ක්‍රියාවලිය ආකාර දෙකකට වෙනවා. එකක් ස්වාභාවික ලෙස අනික තමන්ගේ උවමනාවට හෝ වෙනත් අයෙකුගේ බල කිරීමක් මත සිඳු කරන සාපරාධී ගබ්සාව. සාපරාධී ගබ්සාව ලංකා නීතියට පටහැණී. නමුත් දිනකට 650ත් 1000ත් අතර ලංකාවේ අනාරක්ෂිත ගබ්සා සිඳු වෙනවා. නීතියට පටහැණි නිසා ගබ්සා මධ්‍යස්ථාන කියන්නෙ මර උගුලක් වගේ. ප්‍රමිතියක් නැහැ ඒ නිසා ශල්‍යකර්ම කරද්දි ජීවිත අනතුරේ.

පෙර සඳහන් කරා වගේ ගැහැණියකගෙ කුස තුල විතරමද කලලයක් හට ගන්නේ..? නැහැ අද වන විට අපි දකිනවා දූෂණයට ලක් වීම නිසා අවු.12,13 වයසැති ගැහැණු දරුවන්ටද අවාසනාවන්ත ලෙස මව් පදවිය ලැබැනවා. ඒ නිසා උඩ තියන අර්ථ දැක්වීම ගැලපෙන්නෙ නැහැ.
ඒ කොහොම උනත් අද සමාජයේ සැළකිය යුතු ප්‍රතිශතයකින් ළමා මව්වරුන් බිහි වීම ඉහළ ගිහින් තියනවා ඉතින් මේ ගැන අපි මීට වඩා හිතන්න ඕනි නැද්ද..

ලංකාවෙ ගැහැණියකට ගබ්සාවෙ නීත්‍යානුකූල අයිතිය ලැබෙන්නෙ දරු ප්‍රසූතියක දි තමන්ගෙ ජීවිතයට හානියක් වෙන වෙලාවකදි විතරක් ප්‍රයෝජනයට ගන්න. හදිසියේ හරි තමන් අවු.14,16ක දරුවෙකු වෙලා නැතිනම් අවු.25ක තරුණියක වෙලා දූෂණයට ලක් වෙලා ගැබ් ගත්තොත් ගබ්සාවක් සිඳු කිරීමට අයිතියක් නැහැ. අකමැත්තෙන් හෝ නරුමයෙකුගෙ ළමයෙක් වදන්න තමන්ට සිදු වෙනවා. කවදාවත් තමන්ට ඒ පිළිකුල් මතක අමතක කරන්න 1883 ගබ්සා නීතිය ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේමයි උපත් පාලනය ගැන අවබෝධයක් නැතුව සිඳුවෙන ගැබ් ගැනීමකදි වූවත් ගබ්සාව සිඳු කිරීම සම්පූර්ණයෙන් තහනම්. තමන් වදන දරුවට මාරාන්තික උපත් ආබාධයක් තිබුණත් ගබ්සාව කිරීමට මවට අයිතියක් ලැබෙන්නේ නැහැ.

කුමන හෝ ක්‍රියාවකින් සාපරාධි ගබ්සාවක් සිදු කරගන්න ගියොත් දණ්ඩ නීති සංග්‍රහයෙ 303 වගන්තිය යටතෙ ගබ්සාව සිඳු කරන තැනැත්තට අවු.03ක සිරඳඬුවමක් ලැබෙනවා. ඒ වගේම දරුවා බිහි වීමට ආසන්නයේදී ගබ්සාව සිඳු කළොත් අවු.07ක සිරගත කිරීමකට යටත් වෙනවා ඒ විතරක් නෙවෙයි ඉපදෙන්න ඉන්න දරුවා මොනයම් ක්‍රියාවකින් මළ දරු උපතක් කළොත් 306 වගන්තිය යටතෙ අවු. 10ක සිරගත කිරීමක් ලැබෙන්න පුලුවන්. ඉතින් සාපරාධී ගබ්සාවකට අතපසුවීම හෝ තමන් ලිංගික අතවරයකට ලක් වුණු කෙනෙක් කියලා නීතියෙන් සමාවක් දීලා නැහැ.

ආගමානුකූලව ගබ්සාව මිනී මැරුමක් ලෙස ගත්තත් එළිපිට මිනී මරණ ඈයොත් ගබ්සාවට විරුද්ධයි. 2500ක ප්‍රෟඩ ඉතිහාසෙකට උරුමකම් කියන රටකට ගබ්සාව ගැලපෙන්නෙ නෑ කියලා කවුරුහරි කියනව නම්, සංස්කෘතිකත්වයෙන් ඉහළටම ගිය ආගම් රොත්තක් තියන ඉන්දියාවත් ගබ්සා නීතිය තරමක් දුරට ලිහිල් කරලා තියෙන්නෙ. අපේ රටේ කාන්තා සංවිධාන වලින් ගබ්සා නීතිය ලිහිල් කරන්න සමාජ කතිකාවන් නිර්මාණය කළත් කාන්තා දේශපාලඥයින් හුම් සද්දයක් නැහැ. ඔව් ඉතින් සනීපාරක්ෂක තුවා වලට පැනවූ බදු ගැනවත් කතා නොකරපු අය ගබ්සාව ගැන කොහොම කතා කරන්න ද..?

ඉතින් මේ කියන්නෙ ගබ්සාව සම්පූර්ණයෙන් නීතිගත කළ යුතුයි කියලා නොවෙයි. නමුත් දූෂණය කිරීම වැනි දෙයක දී යම්තාක් දුරට ගබ්සාව නීතිගත කළයුතු නොවේද..? නැතිනම් දරුවෙකුට තවත් දරුවෙකු බලාගැනීමට ඉඩ හැරිය යුතුද..?

— හේෂානි කරුණාරත්න

පූජිත ජීවිත


ලංකාවටම ඉන්නේ සංස්කෘත මහාචාර්යවරු තුන් දෙනයි එයිනුත් ලංකාවට ඉන්න එකම එක සංස්කෘත මහාචාර්යවරිය තමයි මේ පුංචි කාන්තාව රත්නා හන්දුරුකන්ද මැතිණිය

අනෙක් කාන්තාව සිංහල භාෂාව පිළිබද පිලිබද මහාචාර්යවරියක මෙන්ම සම්මානනීය ලේඛිකාවක වූ පියසීලි විජේමාන්නයි

ඔවුන්ගේ සාරිය,සෙරෙප්පු දෙක බෑග් එක අපිළිවෙළ හිසකේ ලෝකයාට වැඩක් නැත

උගත්කම,නිහතමානී කම ,චාම් බව ලොවක් දන ගසන්නට වුවද පුළුවන් අතර මොවුන් ගෙන් රටේ අධ්‍යාපනයට ඉහල සේවයක් ලබාගැනීම වයෝවෘද්ධ ඔවුනට වෙහෙසක් නොකර ලබාගත යුතුය.

බදු ගෙවන අපේ පව්කාරකම


අපි අපේ පඩියෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවලා අනික් බිල් ඔක්කොමත් බදු එක්කම ගෙවද්දි

226උන් බදු ගෙවන්නෙත් නෑ අපේ බදු මුදලින් පඩිත් අරන් උන්ගේ බිල් ගෙවන්නෙත් නෑ

නොදකින් මෙහෙම රටක ඉන්න පව්කාරකම

මේරි ඇතින්නිය එල්ලා මැරීම


මේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේදි….මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද කියලා ඔයාලම තේරුම් ගන්න..

මේරි කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්..ඇත්තටම ඇය වහල් සේවිකාවක් කීවොත් තමා හරි….ඇගේ ශ්‍රමය ඇත්තටම සූරා කන්නේ Sparks World Famous Shows කියන සර්කස් කන්ඩායම…ඉස්සර මේ සර්කස් කන්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධයි කියලා තමයි කියන්නේ ..

ඇත්තටම මේරි බෙහෙවින් කීකරු ඇතින්නියක් ….දවසක් ඇය පාරේ යමින් ඉද්දි කොමඩු ගෙඩියක් දැකලා යන ගමන පැත්තක තියලා කොමඩු ගෙඩිය ගන්න යනවා..

නමුත් ඇගේ පිට මත උන්නු ⁣නුපුහුණු ඇත්ගොව්වට අවබෝධයක් තිබුන් නෑ ආපහු මේරිව පාර පැත්තට හරව ගන්න..ඔහුට ඇත්තටම ඇතින්නක් ආම්බාන් කරලා පලපුරුද්දක් නැ..ඔහු හෝටල් රැකියාවක් කල කෙනෙක්..

ඇතින්නව හරියට පාරට ගන්න බැරි වෙද්දි ඔහු ලඟ තිබුණ හෙන්ඩුවෙන් මේරිගේ කන පිටි පස්සට අනිනවා..එයින් ඇය විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබල වෙනවා..ඇය හොඬ වැලෙන් ඇත් ගොව්වාව අරගෙන පොලවේ ගහනවා…ඇත් ගොව්වාව බිම පාගලා ඔළුව චොප්ප කරලා එතනම මරා දානවා..

මේ සිද්ධිය නගරේ මිනිස්සු ඇස් දෙකටම දැක්කා..ඔවුන් කලබල වෙනවා..මේරිට විරුද්ධව හැමෝම හඬ නැඟුවා..

“මේරිව මරන්න”

හැමෝම එක හඬින් කීවා..

මිනිස්සුන්ගේ විරෝධය වැඩි වෙද්දි හාම්පුතුන් කලබල වෙනවා..මේරිව නඩු ව්භාගයකින් නැතිව එල්ලා මරන්නැයි හැමොම එක හඬින් කියනවා..

මේ විරෝධතා එක්ක Sparks සර්කස් කන්ඩායම අන්තිම අඩියට වැටෙද්දි මේරිව නගරයේ බලධාරීන්ට බාර දෙනවා….අන්තිමට ඇයව එල්ලා මරන්න තීරණය කරනවා..

ඇයව එල්ලා මරන්න ඔවුන් යොදා ගන්නෙ දොඹකරයක්….ඇත්තටම මේරි හීලැ ඇතින්නියක් ..එල්ලලා මරන්න දම්වැල් බෙල්ලට දාද්දිත් ඇය නිසොල්මනේ ඉන්නවා…අන්තිමට ඇය දොඹකරෙන් උඩට ගනිද්දී බෙල්ල හිර වෙද්දි ඇය කලබල වෙනවා…පලවෙනි පාර මේරි බිමට වැටෙනවා…ඇගේ කොඳු ඇට පේලිය බිඳෙනවා..ඇය වේදනාවෙන් කෑ ගහන්න ඇති…ඇත්තටම මේරි කෑ ගහලා…එයින් නොනැවතුන ඔවුන් දෙවැනි පියවර සාර්ථක කරගෙන ඇයව එල්ලා මරනවා🐘🐘🐘🐘🐘

🔗🔗🔗🔗🔗🔗🔗

මම මේ විස්තරේ කියෙව්වේ පත්තරෙන්…ඇත්තටම හිතට පුදුම කම්පනයක් දැනුනා…..අන්තර්ජාලයෙන් විස්තර හෙව්වා…මේ කතාව ඇත්ත…මේරිව ඝාතනය වුණේ එර්වින් හිදි….ඔය පිංතූරේ ගත්තේ අන්තර්ජාලයෙන් ..

එදත් අදත් මිනිස්සු කොච්චර කෲරද….අමානුෂික විදිහට සලකලා මේරිගෙන් සල්ලි හම්බ කරගෙන අන්තිමට මරලා දානවා…මේරිට වෙච්ච අසාධාරණේ කාටවත් පෙනුන් නැ…අදටත් එහෙමයි…සත්තුන්ට මිනිස්සුගෙන් වෙන අකටයුතුකම් වලට කතා කරන්න කිසිම උසාවියක් නෑ😥😥

උපුටා ගැනීමකි ….

අරගලය අල කරන්නේ කව්ද?


අරගලයේ මුල ඉදලා ඔතන ඉන්න බහුතරයක් පිරිස තමන්ගේ ජාතිය,ආගම, දේශපාලනය පැත්තක දාලා තමන්ට පුලුවන් හැම වෙලාවෙම එතනට ආවා තමන්ගේ රැකියාවෙන් තමන්ට ලැබෙන ආදායම් මාර්ගයෙන් පවා පොඩ්ඩක් නිවාඩුවක් අරන්. ඒ වගේම හැමදාම හවසට ඔතනට එන බහුතරයක් මිනිස්සු එන්නෙත් නිර්පාක්ෂිකව. අන්න ඒ නිසා මේ අරගලයට නිර්පාක්ෂික උන් එන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක්.

හැබැයි ඔතන උදේ දවල් රෑ පැල් බැදගෙන අරගල භූමියේ සති ගණන් ඉන්න සමහරු ගැන පොඩ්ඩක් හොයලා බලන්න. උන්ට කන්න බොන්න ඔතනින් හම්බ උනාට ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා ඔතනම ඉදලා. එක්කෝ උන් දේශපාලන පක්ෂයක් විසින් එවපු ගෙවීම් ලබන පිරිසක් නැත්නම් ඇත්තටම කරන්න රස්සාවක් නැතුව එදා වේල පිරිමහගන්න එන පිරිසක්. ඔන්න ඔය පිරිසගෙන් තමයි අරගල භූමිය බේරගන්න ඕනි හොදට හොයලා බලලා. මොකද අරගලයේ මූලික අරමුණ gota gohome, gohome rajapaksha’s, give our stolen money back (මේකට 225 ම අදාලයි)

හැබැයි දැන් ඒ අරමුණු වලින් දෙවෙනි එකේ කොටසක් වෙලා තියෙනවා. අනික් ඒවා තාම එහෙමම කරගන්න තියෙනවා.

එහෙම තියෙද්දි දැන් ඔය සමහරක් අරගලේ අළුතෙන් පැලපදියන් වෙච්ච අය අරගලයේ මූලික අරමුණු අතරේ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න යනවා.

මුලදි අරගලය පටන් ගනිද්දි ආපෝ අපි එකෙක් වත් ඔය අරගලයට නෑ ඒක ජනතාවගේ නිර්පාක්ෂික අරගලයක් කියලා statement දීපු අය දැන් දැන් කියන කතා පොඩ්ඩක් බලන්න. අන්න ඒ කතා වලට තමයි hijak කරන්න හදනවා කියන්නේ.

ඒ වගේම රනිල් සහයෝගය දෙනවාලු අරගලයට. ඒ ඌට ජනාධිපති වෙන්න තියෙන කෑදර කමට. මේ වෙලාවේ ගෝථාභය ගියොත් එයා ජනාධිපති ඒනිසා එයාහේ හෙන්චයියෝ දැන් අරගලයට අහසින් පාත්වෙලා ඕක නග්ගලා ගන්න හදයි.

කෝ අරගලය භූමියේ රනිල් වගේ මහබැංකු හොරකම කරපු රටේ ජාතික ආරක්ෂාව බල්ලට දාලා මිනිස්සු සියගණනක් මරන්න වක්‍රාකාරයෙන් උදව් කරපු මිනිහට ලොකු විරෝධයක් නෑනේ.

දැන් අරගලය ගෝථාභයට ලඝු වෙලා තියෙනවා. හරිනම් වෙන්න ඕනි අරගලය තවත් ශක්තිමත්ව ranil go home කියන එකත් ඔතනට ගන්න එක.

රටේ අගමැති කම ජනාධිපති කම අරන් රට කරන්න 225න් අඩුවෙන්ම හොරකම් කරපු රටම පිලිගන්න එකෙක් දෙන්නෙක් හොයාගන්න පුලුවන් වෙයි. අන්න උන් පාර්ලිමේන්තුවේ නැත්නම් රටේ මිනිස්සු පිලිගන්න හොරෙක් නොවන කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් දාලා හරි හොරෙක් නොවන රට කරන්න පුලුවන් කෙනෙක් තෝරාගන්න පුලුවන්. ඒත් ඒකට බල කිරීමක් වෙන බවක් නම් පේන්න නෑ.

ගෝටාගෝගම නිර්පාක්ෂිකම වියයුතුය. ඩීල් නැති වියයුතුය. මේ කාරනා ඇත්තටම වියයුතුද නැද්ද යන වග තේරුම් ගැනීම ඔබ සතුය.

අරගලයේ මුලික අරමුණු ජයගන්නා තෙක් අරගලය පැවතිය යුතුය. එයට අපි සියල්ල එකා මෙන් ආගම, ජාතිය, දේශපාලනය පසෙක දමා එකතු විය යුතුය.