මම රහත්! ඇයි ඔයාට අවුල්ද?


එක එක කාලෙට එක එක පලාත් වලින් එක එක ජාතියේ භික්ෂූන් යැයි කියාගන්නා පුද්ගලයෝ සහ ඔහුගේ අනුගාමිකයෝ පිරිසක් ඇවිත් මම රහත් මම අපේ හාමුදුරුවෝ රහත් කියලා මහා සද්දයක් දාලා සමාජයේ මහා කැලඹ්මක් ඇති කරනවා.

සමහරු ඒක පිලිඅරන් අනික් සියල්ල අත්හැරලා දාලා ඒ රහත් කියන කෙනා පස්සේ යනවා. තවත් සමහරු ඒ රහත් කියන කෙනාගේ හැසිරීම ප්‍රශ්න කරනවා.

ඔය ප්‍රශ්න කිරීම් වලට තරහ ගිය අර රහත් කියන කෙනා සමාජයටයි ඩමාජ මාද්‍යජාලා වලටයි රහත් බව පැත්තක තියලා අම්මා මුත්තා මතක් කරලා බනින්න ගන්නවා. අන්න එතකොට හොර රහත් බව එලිවෙනවා.

ඉතින් මේවගේ හොර රහත් අය ගේ හොර බොරු ඔක්කෝම එලි කරා වගේ රහත් නොවුනත් පන්සල් වල ඉදන් බිස්නස් කරන, බීලා පිස්සු කෙලින, හොර ගෑනු තියාගෙන ඉන්න, පන්සලට එන මින්ස්සූ සූරා කන දුසිල් මහනුන් එලි කරන එකත් අපි හෑමෝම කරන්න ඕනි.

ඊට පස්සේ අපේ ඉන්න මහානායක හිමිවරුන්ට බල කරලා කියන්න ඕනි වහාම විනය සංඝායනාවක් කරලා දුසිල් මහනුන් සාසනයේන් පන්නලා දාලා මේ බුද්ධ සාසනය මතු පරපුරටත් රැක ගන්න දැන් දැන්ම වැඩ පටන් ගන්න කියලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න